IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


අභියෝගය ජයගත් තලපලකන්ද සිසු දරුවෝ

කොවිඩ් මාරක වසංගතයෙන් මෙන්ම නිමක් නැති ආර්ථික අර්බුදයෙන් බරපතළම ප්‍රහාරයට ලක්  වූයේ ජාතියේ දුවා දරුවන්ය. ගුරු වර්ජනය මෙන්ම රට හුදෙකලා කිරීම් ආදිය නිසා දරුවන්ගේ අධ්‍යාපනයට බාධා පැමිණුනි. සාම්ප්‍රදායික රිද්මයෙන් බැහැරව අධ්‍යාපනය ලැබීම පහසු කටයුත්තක් නොවන බව ඒකාන්ත සත්‍යයකි. එහෙත් මගහැර යා නොහැකි බාධාවලට කරබාගෙන මුහුණ දීම හැර වෙනත් විකල්පයක් දරුවන්ට නොවීය.

දරුවා සතුටෙන් සැහැල්ලුවෙන් සිටීමට විශේෂ කැමැත්තක් දැක්වීම ස්වාභාවිකය. කැමති කෑමක් කෑමට, රුචි බීමක් බීමට, විචිත්‍රවත් ඇඳුමකින් සැරසීමට මෙන්ම විනෝද චාරිකාවල යෙදීමට දරුවා දක්වන්නේ මහත් අභිරුචියකි.

එහෙත් ආර්ථික අර්බුදය ඒ සියල්ලම දරුවාගෙන් උදුරා ගත්තේය. මේ සියල්ලම එක් වූ විට දරුවා පසුවන්නේ ඉමහත් මානසික අසහනයෙන් බව අවිවාදිතය.

ඉහත මානසික අසහනයෙන් දරුවා ඉක්මනින්ම මුදාගත යුතුය. එහෙත් රට යථා තත්ත්වයට පත්වන තුරු එය ඉටුකර ගත නොහැකි බවද සත්‍යයකි. මෙම පරිසරය තුළ දරුවා සම්බන්ධයෙන් අසතුට රැගෙන එන පුවත් වැඩි වශයෙන් බලාපොරොත්තු වීම යථාර්ථය විනා අන් යමක් නොවේ.

කරුණු කාරණා එපරිදි වුවද මුළුමහත් දරු පරම්පරාවටම සොම්නසක් ඉපදවීමට සමත් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. එම සොම්නස් සහගත පුවත නම් දෙණියාය අධ්‍යාපන කලාපයට අයත් දුෂ්කර පාසලක්වන තලපලකන්ද කනිටු විදුහලට ඉංග්‍රීසි ක්‍රියාකාරකම් කාමරයක් නොතිබීම හේතුවෙන් පාසලේ 11 වැනි ශ්‍රේණියේ සිසුන් 11 දෙනකු එක්ව මැටි ගසා කාමරයක් නිර්මාණය කිරීමය.

ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තරම් පංති බේදය තිබෙන රටක් තවත් තිබේදැයි සැක සහිතය. ලංකාවේ තිබෙන්නේ පාසල් වර්ග දෙකකි. පළමුවැන්න සියලු පහසුකම් සහිත පාසල්ය. මෙම සියලු පහසුකම් සහිත පාසල්වලට නවීන ගොඩනැගිලි, විද්‍යාගාර, භාෂාගාර, හිඟයකින් තොරව ගුරු මණ්ඩලය, ක්‍රීඩා පිට්ටනි මෙන්ම පිහිනුම් තටාකද අයත්ය. පහසුකම් නැති පාසල්වල පන්ති කාමර ගරාවැටී තිබේ.

ඒවා කොයි මොහොතේ ඔළුවලට කඩාවැටේදැයි බිය නිසා ඉගැන්වීම් කටයුතු කෙරෙන්නේ ගස් යටය. වැහිදාට පන්තිකාමරය පිහිනුම් තටාකයකි. ප්‍රමාණවත් ගුරුවරු ඇත්තේ ද නැත. ජීවිතයේ අනාගතය දෛවයටම බාර දී සිටීමට ඒ දරුවන්ට සිදුවේ. දෙණියායේ තලපලකන්ද කනිටු විදුහල අයත් වන්නේ එබඳු පාසල් කාණ්ඩකටය.

තලපලකන්ද කනිටු විදුහලේ සිසුන් 100කට ආසන්න පිරිසක් ඉගෙනුම ලැබුවත් එහි සංගීත කාමරය, විද්‍යාගාරය හා පළමු ශ්‍රේණියේ සිට හතරවැනි ශ්‍රේණිය දක්වා පන්ති පවත්වාගෙන යන්නේ එකම ශාලාවක බවත් එහිද වහලය අබලන් වී තෙමෙන නිසා වැසි දිනවල ඉගැන්වීම අසීරු යැයි දෙමාපියන් පවසන බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. පාසලේ පැවැති ඉංග්‍රීසි කඳවුරකට සමගාමීව ගුරුවරුන්ගේ හා දෙමාපියන්ගේ උපදෙස් ඇතිව මැටි ගසා එම පන්ති කාමරය ඉදිකළ බව පාසලේ ඉංග්‍රීසි විෂය භාර ආචාරිණී එම්.ඩබ්ලිව්. හර්ෂණී මහත්මිය අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

පාසලේ සිසුන්ට ඉංග්‍රීසි ක්‍රියාකාරකම් සිදුකිරීම සඳහා ස්ථිර කාමරයක් ඉදිකිරීමට ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් මෙම සිසුන් කණ්ඩායම එක්ව දිවා රෑ නොබලා දින 14ක් තුළ මෙම පන්ති කාමරය ඉදිකර ඇති බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

සිසු දරුවන්ගේ අකම්පිත මනසින් හා නොපසුබස්නා උත්සාහයෙන් ඉදිකළ පන්ති කාමරය විවෘත කිරීමේ උත්සවයක් ඉකුත් දා පැවැත්වී තිබේ. එම උත්සවයට විදුහල්පතිනි රුවනි දහනායක මහත්මියගේ හා ඉංග්‍රීසි විෂය භාර ආචාර්යවරියගේ අරාධනයෙන් කලාපයේ ඉංග්‍රීසි විෂය සම්බන්ධ අධ්‍යක්ෂිකා උපුලි සමරපාල මහත්මිය ඇතුළු දෙණියාය කලාපයේ ගුරු උපදේශකවරුන් පිරිසක් සහ දෙමාපියන් පිරිසක් එක්ව සිටි බවද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

බාධක ඉදිරිපිට නතරවීම කළයුතු දේ නොවේ. ඒ දුබලයාගේ තෝරා ගැනීමය. විශිෂ්ටයා යනු බාධකයම සාධකය කරගනිමින් මහෝඝයක් මෙන් පෙරට ඒමය. සකල අගති කුදලා දැමීමට හැකිවන්නේ එබඳු විශිෂ්ටයන්ටය. තලපලකන්ද කනිටු විදුහලේ දරුවන් එකළොස්දෙනා යනු එබඳු විශිෂ්ටයෝ වෙති. කඳුළ මත පය ගසා වඩාත් භාග්‍යවත් අනාගතයකට සිහින තනන මෙම දරුවන් මුළු රටටම සාඩම්බර පදක්කමකි. රටේ අනාගතය ජය ගනු ඇත්තේ මෙබඳු දරුවෝම වෙති. එම දරුවන් අප මෙසේ උත්කර්ෂයට නංවනු ලබන්නේ ද එහෙයිනි.

එම පාසලට පරිගණක කිහිපයක් ලබා දීමට කැමැති පරිත්‍යාගශීලියකු සිටීනම් ඒ සඳහා ඉදිරිපත් වන ලෙස අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. සුධීමතුන්ගෙන් හිඟ නැති රටක් හෙයින් ඒ බලාපොරොත්තුව ඉක්මනින්ම ඵල දරනු ඇතැයි අපි ඒකාන්ත වශයෙන්ම විශ්වාස කරමු.

(***)



අදහස් (0)

අභියෝගය ජයගත් තලපලකන්ද සිසු දරුවෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 45 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 57 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 31 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


ජීවිතය බබළවන බුදු සිරිතේ ආදර්ශ
2025 මැයි මස 13 15 0

සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි


බුදු දහමේ නියම රසය සොයා යමු
2025 මැයි මස 13 21 0

අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්


ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 469 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1268 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1533 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site