IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


අපේ ලෝක උරුම

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානය 1972 නොවැම්බර් 16 වැනි දින සම්මත කරගත් ලෝක සංස්කෘතික හා පාරිසරික උරුම රැකගැනීම පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය යටතේ ශී‍්‍ර ලංකාවේ ස්ථාන හතක් ලෝක උරුම ලෙස නම් කැර තිබේ. එහි හයවැනි සමුළුව 1982 වර්ෂයේ ප‍්‍රංශයේ පැරිස් නුවර පැවැති අවස්ථාවේදී 200 වැනි ලෝක උරුමය ලෙස අනුරාධපුර පැරැණි නගරයත්, 201 වැනි ලෝක උරුමය ලෙස පොළොන්නරුව පැරැණි නගරයත්, 202 වැනි ලෝක උරුමය ලෙස සීගිරියත් ප‍්‍රකාශයට පත් කැරිණි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ලෝක උරුම තුන බවට එම පුරාණ නගර පත්විය. ඉන් අනතුරුව දස වැනි සමුළුව බ‍්‍රසීලයේ බ‍්‍රසිල් නුවර පැවැති අවස්ථාවේදි සිංහරාජ වැසි වනාන්තරය 405 වැනි ලෝක උරුමය ව්ිය මහනුවර නගරය 450 වැනි ලෝක උරුමය බවට පත්විය. ගාල්ල  ඕලන්ද බලකොටුව හා පැරණි නගරය 451 වැනි ලෝක උරුමය බවට පත් විය. 1991 වර්ෂයේ ටියුනීසියාවේ පැවැති 15 වැනි සමුළුවේදී රංගිරි දඹුල්ල රජමහා විහාරය 561 වැනි ලෝක උරුමය ලෙස ප‍්‍රකාශයට පත්කැරිණි. ඒ අනුව මේ වන විට ශී‍්‍ර ලංකාවේ ස්ථාන හතක් ලෝක උරුම ලෙස නම් කර තිබේ. 2008 වර්ෂය වන විට ලොව පුරා ලෝක උරුම 851 ක් නම් කර ඇත. ඉන් 660 ක්ම සංස්කෘතිකමය පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වන ස්ථාන වේ. සිංහරාජය ඇතුළු පාරිසරික උරුමයන් සංඛ්‍යාව 166 කි. ඓතිහාසික හා පාරිසරික වශයෙන් වැදගත් කමක් ඇති ස්ථාන සංඛ්‍යාව 25 කි. වැඩිම ලෝක උරුම සංඛ්‍යාවක් පිහිටා ඇත්තේ යුරෝපය හා උතුරු ඇමෙරිකාව මූලික කරගනිමිනි. රටවල් 185 ක් අතර පවතින එක`ගතාව මත ලෝක උරුම පවත්වාගෙන යන අතර එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය මෙම උරුමයන් ආරක්ෂා කිරීම සඳහා කොන්දේසි ගණනාවක් පනවා තිබේ. ඒ අනුව ලෝක උරුමය රැුකගැනීම ඒවා සතු රාජ්‍යයන්ගේ වගකීමකි. ලෝක උරුමයන්හි පවතින තත්තවයට හානිදායක කිසිවක් සිදු කිරීමට හැකියාවක් නොමැත. ඒ සියලූ උරුමයන් රැුකගනු ලබන්නේ මුළු මහත් ලෝකයේම දායාදයක් ලෙස සලකමිනි. පොලොන්නරුව ගල්විහාරය සීගිරිය අනුරාධපුරය රුවන්වැලිසෑය රංගිර දඹුල්ල ගාල්ල කොටුව මහනුවර දළදා මාලිගාව  සිංහරාජ වැසි වනාන්තරය  සිංහරාජ වැසි වනාන්තරය



අදහස් (9)

අපේ ලෝක උරුම

බුවනෙක Wednesday, 18 July 2012 01:34 PM

මදර් ශ්‍රී ලංකා

:       4       15

ප්‍රනාන්දු Wednesday, 20 August 2014 04:04 PM

අපේ ලෝක උරුම රැක ගමු(අ)

:       0       11

නලින් සංජීව Monday, 19 September 2011 07:55 AM

රකිමු අපේ ලංකා

:       0       12

ලියොන් ගුනවර්ධන Friday, 14 November 2014 05:37 PM

451 වන ලෝක උරුමය ලෙස නම් පිළිගන ඇති ගාල්ලේ ඕලන්ද කොටුව සහ පැරණි නගරයේ පෟරාණිකත්වය ආරක්ෂා කර ඇති බවක් එහි නවී කර ඇති සමහර ගොඩනෙගිලි වලින් පෙනේ. (ර)

:       4       13

මධුෂාන් Thursday, 27 December 2012 11:39 AM

මේවත් හූරගෙන කන අය ඉන්නවනේ මේ රටේ. (නි)

:       10       12

Viduni Wednesday, 11 May 2022 10:46 AM

මේ මිනිසුන් එළවන්න අලුත් පාලනයක් හදමු...!

:       2       9

Katherine Thursday, 06 July 2023 06:26 PM

මෙම රචනාව වැදගත්...

:       2       9

m.n.f. fathima safrina sagu mohidin Wednesday, 06 September 2023 03:01 PM

හොඳයි...!

:       0       9

හෙසදි සවින්දයා Tuesday, 31 October 2023 12:14 PM

හොඳ පීඩිතයා එකක්...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 174 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 241 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1115 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site