IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


අනග රැඟුම් පෑ ඉතාලි අගමැති

  13_page_2-Rs  

 

රටක පාලන බලය සියතට ගෙන සල්ලි මඩිස්සල ගහන අතරම ඇතැම් බලවතුන් උත්සහ කරන්නේ ඇති තරම් කම්සැප විඳින්නටය. එවැනි පාලකයන් ලොව කොතෙකුත් බිහිවී ඇත. ඔවුන් ගෙන් බොහෝ දෙනා අනඟ රැඟුම් රඟන්නේ පොදු ජනතාවගේ ප්‍රශ්න අමතක කර දමමිනි.

 

sdfgdst
මෙවැනි පාලකයෝ කාමය වරදවා හැසිරීම තුළින්ද ඉමහත් සතුටක් ලබා ගනිති. ජනතාවගේ අප්‍රසාදයට පත්වන්නෝ මෙවැනි පාලකයෝය. ජනතාවට සේවය කිරීම ඔවුන්ට සතුටක් නොවේ.


අද බලවතුන්ගේ ආදර කතා තුළින් හඳුන්වනු ලබන්නේ යුරෝපයේ පැරණිම රාජධානියක හිටපු පාලකයාය. නැතහොත් හිටපු අගමැති වරයාය. ලංකාවේද බොහෝ දෙනා මේ රටට “මිල්ලෙ” සොයාගෙන ගොස් සිටිති. වතිකානුව පිහිටා තිබෙන්නේද මේ රටේය. ෆියට් කාර් හදන රටත් මෙයයි. අති සුඛෝපභෝගී ලැම්බෝගිනි සහ ෆෙරාරි වාහන නිපදවන්නේද මෙම රටේය.


එහි මුළු ජනගහණය කෝටි 6 කට මඳක් වැඩිය ලොව පිළිගත් ඉපැරණි ස්මාරක 51ක් මේ රටේ පිහිටා තිබේ. ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පී ලෙනාඩෝ ඩාවින්සි ඉපදුනේ මෙහිය. 1 වැනි ලෝක සංග්‍රාමයේදී මේ රටේ සෙබළු 6,50,000 මිය ගියහ. ජර්මනියේ හිට්ලර් මෙන් මේ රටේ බෙනිටෝ මුසලෝනි වෙනත් රටවල් ආක්‍රමණය කරන්නට ගියේය. මුසලෝනි අමාරුවේ වැටුණේ මේ නිසාය.


මා මේ ලියන්නේ රෝම අධිරාජ්‍යය ගැනය. ලොව ආර්ථික දියුණුව අතින් 8 වැනි ස්ථානය දිනාගත් රට ගැනය. නැතහොත් ඉතාලිය ගැනය. මුසලෝනිටත් වැඩි කාලයක් ඉතාලිය පාලනය කළ එහි හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි පිළිබඳවය. පෙම් සබඳතා හේතු කොටගෙන අගමැති පදවියටද ආයුබෝවන් කීමට සිදුවූ ඉතාලියේ හිටපු පාලකයා ගැනය. මෙය ඔහුගේ ජීවිතයේ ඇතුළු පැත්ත විශ්ලේෂණය කිරීමකි. ඔහුගේ කතාව මෙතෙක් අනාවරණය කළ අනිකුත් බලවතුන්ගේ ආදර කතාවලට වඩා හාත්පසින්ම වෙනස්ය.


ඉතාලියේ අංක එකේ පොහොසතා ඔහුය. “ෆෝර්බ්ස්” සඟරාව කියන පරිදි ලොව ධනවතුන් අතර 141 වැනි තැනැත්තා ඔහුය. එම සඟරාවම කියන පරිදි ඔහුට හිමිවන්නේ ලොව ප්‍රබලම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ 12 වැනි ස්ථානයයි. ඔහු සතු ධනය ඩොලර් බිලියන 8 කට වඩා අධික බව කියන්නේද එම සඟරාවයි. ඉතාලියේ “සල්ලි ගස” ඔහුය. හැට පැන්නත් වඳුරන් බිමින් ගමනක් නැතැයි කියමනක් ඇත. අද 80 වැනි වියට පත්වී සිටියත් මේ කියන බර්ලුස්කෝනි පරණ පුරුද්ද තවමත් නවතා නැත.

sdgg
මීට වසර 80 ට පෙර එනම් 1936 දී මිලානෝ නගරයේ සාමාන්‍ය පවුලක ඔහු උපත ලැබීය. ඔහුගේ පියා බැංකු ලිපිකරුවෙකි. මව රැකියාවක් නොකළාය. ඉතාලියේ හිටපු අගමැතිවරයෙකුවූ බෙටිනෝ ක්‍රාසි තරුණ අවධියේ සිටම ඔහුගේ මිතුරෙකු විය. ඉතාලියන් සෝෂලිස්ට් පක්ෂයේ සභාපතිවරයා වූයේද මේ බෙටිනෝය. ඔහුගේ ඇසුර තුළින් දේශපාලනයට රිංගා ගැනීමට සිල්වියෝට හැකිවිය. මිතුරා අගමැති වූ පසු ඔහුට මුදල් ඉපයීමේ මාර්ගය පෑදුණේය. ඔහු ඉතාලියේ අංක එකේ පොහොසතා බවට පත්වුණේ අගමැති මිතුරාගේ සහ දේශපාලනයට පින්සිදු වන්නටය.


මුලින්ම ඔහු තම ධනය යොදවා මිලානෝ නගරයේ නිවාස 4000 ක් ඉදිකර විකිණීමෙන් අතිවිශාල ධනස්කන්ධයක් උපයා ගත්තේය. මේ සඳහා ඔහුට අගමැති මිතුරාගේ සහය නොමදව ලැබිණ. ඉන්පසු ඔහු ඉතාලියේ ඇති ප්‍රධානතම රූපවාහිනී, ගුවන්විදුලි හා පුවත්පත් ආයතන මිලට ගත්තේය. මුළු මහත් යුරෝපයේ අංක එකේ මාධ්‍ය ආයතන හිමිකරුවා බවට ඔහු පත්විය. ඔහු හැඳින්වූයේ ඉතාලියේ මාධ්‍ය අධිපති වශයෙනි ඉතාලියේ අනිකුත් සියලු මාධ්‍ය ආයතන අබිබවා යමින් තම ප්‍රතිරූපය තම ආයතන තුළින්ම පුම්බා ගැනීමට ඔහුට ගතවූයේ සුළු කාලයකි. පසුව ඔහු ඉතාලියන් සෝෂලිස්ට් පක්ෂයේ මුල් පුටුවටද පත්විය. ඒ සල්ලි බලයෙනි. 


දැන් අපි සිල්වියෝගේ පෞද්ගලික ජීවිතය දෙස හැරී බලමු. ඔහු කෙළිලොල් පුද්ගලයෙකි. කාන්තාවන් කෙරෙහි බෙහෙවින් ලොල් වූ දේශපාලකයෙකි. කාන්තාවන් වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණනින් සල්ලි විසි කළේය. ඔහුගේ මුල්ම විවාහය සිදුවුණේ 1965 වර්ෂයේදී. එවිට ඔහුගේ වයස අවුරුදු 29 කි. ඔහුගේ මුල් බිරිඳ වූයේ කාර්ලා එල්විරාය.  එම විවාහයට සාක්ෂි කරුවා වශයෙන් අත්සන් කළේ එවකට ඉතාලියේ අගමැති වූ ඔහුගේ මිතුරු බෙටිනෝය. මේ වනවිට මිලානෝ නගරයේ 1973 දී ඔහු ඇරඹූ ටෙලි මිලානෝ නැමති කේබල් ටෙලිවිෂන් ආයතනය මුළු යුරෝපය පුරාම ව්‍යාප්තවී හමාරය. මුල් විවාහයෙන් ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙක් බවට පත්විය.


විවාහ දිවියට ඇතුළත් වී සිටියදීද මේ කෙළිලොල් තරුණයා තවත් කාන්තාවන් කීප දෙනෙකු සමඟ අනිසි සබඳතා පැවැත්වීය. ඔහුගේ බිරිඳටද මෙය රහසක් නොවීය. ඉතාලිය පුරා ඔහුගේ ආයතන මඟින් ඉදිකර තිබූ සුඛෝපභෝගී මන්දිරවලට ගොස් මෙම සුරූපිණියන් සමඟ අනඟ රැඟුම් පාමින් දිවි ගෙවීම ඔහුගේ ජීවිතයේ එක් අංගයක් විය.


මෙම කාන්තාවන් අතුරින් ඔහුගේ සිත වඩාත් ඇදී ගියේ චිත්‍රපට නිළියක් වූ සුරූපී වෙරෝනිකා ලරියෝ වෙතටය. ඔහුට ඇය හමුවූයේ 1980 වර්ෂයේදීය. ඔහු ආලයෙන් මුසපත් විය. වෙරෝනිකාගේ පහස ඔහුට අමෘතය බඳුවිය. වෙරෝනිකා ඔහුගේ ගත සිත දෙකම සැනසුවාය. බිරිඳ දැනුම්වත්වම ඔහු වෙරෝනිකා සමඟ වෙනම මැදුරක පදිංචියට ගියේ මුදල් පස්සේ හඹා යාම මෙන්ම කම්සැප ලැබීම ජීවිතයට මිහිරක් බව අවබෝධ කරගෙනය. පසු කලෙක ඔහු සඳහන් කර තිබුණේ තම සිතට ආදර හැඟුම් මුල් වරට ඇතුල් වුණේ වෙරෝනිකා තුළින් බවයි. 


1980 සිට 1985 දක්වා වසර 5ක් තම බිරිඳගෙන් වෙන් නොවී වෙරෝනිකා සමඟ අඹු-සැමියන් මෙන් දිවි ගෙව්වේය. ඉතාලි පාලකයා ගේ ජීවිතයේ ඇතුළු පැත්ත ගැන ලියද්දී මට සිහි වන්නේ ඇම්.ඇස්. ප්‍රනාන්දුගේ ගීතයකි. එය මෙසේය.“මී වදයකි ජීවිතේ. මී පැණි පිරීලා ඇතේ. මත්වීලා ගුම් ගුම් නද දීලා. සැනසෙමු අපි හිතුමතේ”


සිල්වියෝ බර්ලුස්කෝනි 1985 දී තම මුල් බිරිඳගෙන් නීතියෙන් වෙන්විය. ඇයට අති විශාල මුදලක් සහ මන්දිර කීපයක් වන්දි වශයෙන් දීමට ඔහුට සිදුවිය. ඔහු එම වර්ෂයේදීම තම පෙම්වතිය වූ සුරූපී කාර්ලා සමඟ විවාහ විය. සිල්වියෝ-කාර්ලා කැදැල්ලට ඊළඟ වසර කීපය තුළ දරුවෝ 3 දෙනෙක් එක් වූහ. සිල්වියෝ කාර්ලා සමඟ එක වහලක් යට දිවි ගෙවද්දීද තම සෙල්ලක්කාර ජීවිතය දිගටම පවත්වාගෙන ගියේය.


1994 සිට 1995 දක්වාත් 2001 සිට 2005 දක්වාත්, 2005 සිට 2006 දක්වාත් 2008 සිට 2011 දක්වාත් සිවු වරක් ඔහු ඉතාලියේ අගමැති තනතුර දැරුවේය. ඔහු මුලින්ම අගමැති පදවියට පත්වූයේ දෙවැනි බිරිඳවූ වෙරෝනිකා සමඟ පවුල් දිවියක් ගතකරද්දීය. ඔහු 2009 අගමැති තනතුරේ රැඳී සිටියදීම වෙරෝනිකා ඔහුට එරෙහිව දික්කසාද නඩුවක් පැවරුවාය. මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ ඔහු අගමැති බලතල උපයෝගී කරගෙන අධිකරණයට ඇඟිලි ගසා දික්කසාද නඩුවේ තීන්දුව දීම ප්‍රමාද කළ බවය. කෙසේවෙතත් 2012 දෙසැම්බර් 28 දා මේ යුවළට නීතියෙන් වෙන්වීමට ඉඩ ලැබිණි.


වන්දි වශයෙන් තම දෙවැනි  බිරිඳ වූ වෙරෝනිකාට වසරක් පතා ඩොලර් මිලියන 48 බැගින් ගෙවන ලෙස අධිකරණය මඟින් සිල්වියෝ බර්ලුස්කෝනිට නියම කරන ලදී. පෙම් පලහිලව්, දික්කසාද නඩු ආදිය නිසා ඉතාලියේ බහුතර ජනතාවගේ මතය වූයේ සිල්වියෝ බර්ලුස්කෝනි අගමැති තනතුරට නුසුදුස්සෙකු බවය.


තම පෞද්ගලික පෙම් සබඳතා නැතහොත් පෙම් පලහිලව්, සුරූපිණියන් සමඟ සුරසැප විඳීම් ආදිය අගමැති තනතුරේ කටයුතු හා පටලවා ගැනීම සිල්වියෝ බර්ලුස්කෝනිට වැරදුන තැනකි. ඉතාලියේ මාධ්‍ය ආයතන වලින් බහුතරය තමා යටතේ පැවතුණත් ඔහුට අන්තර්ජාලයෙන් ගැලවී සිටීමට නොහැකි විය. ඔහුගේ මාධ්‍ය ආයතන ඔහු නටන නැටුම් ජනතාවට වසං කළත්, අන්තර්ජාල පුවත් ඔස්සේ මේ ඉතාලි පාලකයාගේ නාඩගම් ලොව පුරා ප්‍රචාරය කළේය.
බිරියන් දෙදෙනෙකුගෙන් නීතියෙන් වෙන්වී සෙල්ලක්කාර දිවියක් ගත කරමින් සිටි සිල්වියෝ 17 හැවිරිදි තරුණියක සමඟ කාමයෙන් වෙළීම, මාධ්‍යයන්ට රහසක් නොවීය. මහලු සිල්වියෝ රාගයෙන් මත්වුණේ මේ සුරූපී කරීමා රුබීගේ පහසිනි. රට පාලනය කරනවා වෙනුවට ඔහු ගණිකාවන් පස්සේ යන බව මාධ්‍ය වාර්තාවල දිගින් දිගටම සඳහන් වන්නට පටන් ගත්තේය. පාර්ලිමේන්තුවේද සිල්වියෝගේ අයථා ක්‍රියා රැව් පිළිරැව් දුන්නේය.


ඔහු කරීමා රුබී නැමති සුරූපිනිය සමඟ රෝහල් කාමරයක සිටියදී පොලීසියට හසුවිය. පොලිසියට ඔහු පැවසුවේ ඇය ඊජිප්තුවේ හිටපු පාලක හොස්නි මුබාරක්ගේ ඥාතිවරියක බවය. මේ පෙම් පලහිලව්ව පමණක් නොව බලය අයුතු ලෙස යෙදවීම, තවදුරටත් බලයේ රැඳී සිටීම සඳහා විරුද්ධ පක්ෂවල මන්ත්‍රීවරුන් අල්ලස් දී තම පැත්තට ගැනීම, ව්‍යාජ ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම ආදී චෝදනා රැසක් ඔහුට එරෙහිව එල්ල විය. මෙම චෝදනා එල්ල වීමත් සමඟ ඔහුට ඉතාලියේ අගමැති පදවියෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.


ව්‍යාජ තොරතුරු ඇතුලත් බදු වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔහුට අවුරුදු 4 ක සිර දඬුවමක් නියම විය. 2013 ජුනි 24 දා හෝටලයකදී බාල වයස්කාර යුවතියක සමඟ අනඟ රැඟුම් වල නිරතවීමට වරදකරු වූ ඔහුට තවත් අවුරුදු 7 ක සිර දඬුවමක්ද නියමවිය. මෙම සිර දඬුවම් වලට එරෙහිව ඔහු අභියාචනයක් ඉදිරිපත් කළේය.


ඉතාලියේ හිටපු පාලකයා කාන්තාවන් දෙදෙනෙකු සමඟ විවාහ වුණේය. ඔහු ළමයින් 5 ස් දෙනෙකුගේ පියෙක් බවට පත්විය. මේ කාන්තාවන් දෙදෙනා සමඟ පවුල් කන අතරම තවත් කාන්තාවන් රැසකගේ පහස ලබා ගත්තේය. දනය, බලය, කාමය තුළ ඇලී ගැලී ජීවත්වූ මේ ධන කුවේරයා තම දියණියන්ටත් වඩා වයසින් අඩු දැරියක සමඟ සංසර්ගයේ යෙදුණේය. අවසානයේ තනතුර අහිමි වුණේය. ඔහුට අහිමි වුණේ බලය පමණකි. තවමත් ධනය හා අනිකුත් සුරසැප ඔහුට අහිමි වී නැත.


1993 වර්ෂයේදී ඔහු ඇරඹු පක්ෂයේ නම ෆෝර්ෂියා ඉටාලියා යනුවෙන් හැඳින්වේ. එහි අර්ථය “ඉතාලිය ඉදිරියට යන්න” එහි තේරුමයි. ඉදිරියට ගියේ කවුරුන්ද? සිල්වියෝ බර්ලුස්කෝනිද? නැතහොත් ඉතාලියද?

m



අදහස් (0)

අනග රැඟුම් පෑ ඉතාලි අගමැති

ටිකිරි Friday, 19 February 2016 01:42 AM

අර ටයි කෝට් ඇඳගෙන පාපැදියේ පාර්ලිමේන්තු යන ෆොටෝ දාලා තිබුනේ මෙයාගේ නේද? (නි)

:       0       0

ඉසුරු Saturday, 20 February 2016 12:26 PM

නැහැ නැහැ, මේ පාපැදියේ යන කෙනා නෙමෙයි (නි)

:       0       0

ඈන් Wednesday, 24 February 2016 06:25 PM

“මී වදයකි ජීවිතේ. මී පැණි පිරීලා ඇතේ. මත්වීලා ගුම් ගුම් නද දීලා. සැනසෙමු අපි හිතුමතේ” ගීතය ඇම්.ඇස්. ප්‍රනාන්දු මහතාගේ ගීතයක් නොව සී.ටී. ප්‍රනාන්දු මහතාගේ ගීතයකි. (අ)

:       0       0

රොහාන් Sunday, 21 February 2016 10:39 PM

රසවත් කතාවක් (නි)

:       0       0

රනා Wednesday, 17 February 2016 01:05 PM

ඩොලර් මිලියන 48ක් වසරක් පතා ලැබෙනවා කියන්නේ. (බ)

:       0       0

චතුරි Wednesday, 17 February 2016 01:28 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1830 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1480 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site