IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අධිවේගී මාර්ගවල වැඩි වන රිය අනතුරු

‘‘මෙරට දේශපාලකයෝ යනු හොරු වෙති.’’ යනුවෙන් වර නැගීමක් තිබේ. වාර්තාවන සිදුවීම් දෙස බලන විට එසේ  නොවේ යැයි කියා සරළව සහ පහසුවෙන්  බැහැර කළ හැකිද නොවේ. එහෙත් හොරු යනු දේශපාලකයෝම නොවෙති. පුරවැසියෝ ද එහි කොටස්කරුවෝ වෙති. එහෙයින්ම හොරුන් බවට පත් වූ දේශපාලකයන්ට ගල් ගැසීමේ ශුද්ධ වූ අයිතිය ඇත්තේ තඹ දොයිතුවක් හෝ සොරකම් නොකළ දේශපාලකයන්ට පමණි.

අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය විදුලි පාලන කුටිවල ට්‍රාන්ස්ෆෝමර්වලට යොදා තිබෙන භූගත වයර් කපා ඒ තුළ තිබෙන තඹ කම්බි සොරාගත් 22 හැවිරිදි පුද්ගලයකු බොරැල්ල සරණපාල හිමි මාවතේ දී බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත්  බවය. මෙම සැකකරු විදුලි පාලන කුටි තුනකින් සොරාගෙන තිබු රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා තඹ කම්බි තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව ද ප්‍රවෘත්තියේ සඳහන්ය.

අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඉකුත් මාස කිහිපය තුළ කොළඹ දිස්ත්‍රික්කය තුළ විදුලි පාලන කුටි කපා රුපියල් කෝටියකට අධික වටිනා තඹ කම්බි සොරා ගැනීම සම්බන්ධයෙන් විදුලි අධිකාරි මොහොමඩ් සාලි  මහතා පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති ජී.එච්. මාරපන මහතාගේ උපදෙස් මත බස්නාහිර දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලලිත් අබේසේකර මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණය කර සැකකරු අත්අඩංගුවට ගත් බවය.

තඹ කම්බි සොරකමේ වටිනාකම රුපියල් කෝටියකට අධිකය. මෙබඳු මහා පරිමාණ සොරකම් තනි පුද්ගලයකුට කළ නොහැකිය. එහෙයින් මේවා හැඳින්විය යුත්තේ සංවිධානාත්මක සොරකම් යනුවෙනි. එක් සොර කණ්ඩායමක් විදුලි පාලන කුටිවල තඹ කම්බි කපා සොරකම් කරගෙන යති. එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රදේශයේ විදුලිය බිඳ වැටීම් සිදුවේ. ඒ අවසරයෙන් තව සොරු කණ්ඩායමක් ගෙවල්වලට පැන සොරකම් කරති.

රටකට අධිවේගී මාර්ග පද්ධතියක් යනු එරටට මහරු සම්පතකි. එහෙත් ශ්‍රී ලංකාවේ තත්වය එයට වෙනස්ය. මෙරට අධිවේගි මාර්ග පද්ධතිය යනු මරණයට යන අධිවේගී මාර්ගයක් බවට පත්වී තිබේ. වෙනත් රටවල අධිවේගි මාර්ගවල ද රිය අනතුරු සිදුවේ. එහෙත් එම රිය අනතුරුවලට සාපේක්ෂව මෙරට  අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරු ප්‍රමාණය ඉතා අධිකය. අධිවේගි මාර්ග මෙරට ආරම්භ වූයේ 2011 වසරේදීය. එතැන් පටන් මෙම සටහන තබන මොහොත වන විට අධිවේගි මාර්ග පද්ධතියේ සිදුවී ඇති මාරක රිය අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 80 දෙනකු පමණ වේ. ඉකුත් වසරේ අධිවේගි මාර්ගවල සිදුවූ රිය අනතුරුවලින් මියගිය සංඛ්‍යාව සිව් දෙනකු වන අතර 2024 වසරේ දෙවැනි මාසයේ අඩක් ගෙවී යාමට මත්තෙන් මියගිය සංඛ්‍යාව පහකි.

අධිවේගී මාර්ග පද්ධතියේ රිය අනතුරුවලට ප්‍රධාන හේතුව රියදුරන්ගේ නොසැලකිල්ල වේ. එමෙන්ම  වාහනවල අබලන් බව ද ප්‍රධාන හේතුවකි. ඊට අමතරව අධිවේගි මාර්ග පද්ධතියේ රිය අනතුරුවලට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ විදුලි පහන් නොමැතිවීමය. වාහනයේ විදුලි පහන් එළියෙන් පමණක් රිය ධාවනය කිරීමට රියැදුරන්ට සිදුවී තිබේ. එය කෙතරම් මාරාන්තික දැයි යන්න වටහා ගැනීම අසීරු නොවේ.

අධිවේගී මාර්ග අඳුරේ පැවතීමට හේතුව වශයෙන් පැවසෙන්නේ එහි විදුලි රැහැන් සොරු විසින් කපාගෙන යාමය.  මෙම චෞර කප්පිත්තන් මෙරට ජනයාගේ ජීවිතවලට එල්ල කර ඇති මාරාන්තික බලපෑම අති මහත්ය.  එහෙයින් පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති සම්මත කරගෙන හෝ මෙම චෞර කප්පිත්නන්ට ඉහළම දඬුවම් දිය යුතුය.

(***)



අදහස් (2)

අධිවේගී මාර්ගවල වැඩි වන රිය අනතුරු

AB Sunday, 11 February 2024 10:52 PM

අධිවේගී මාර්ග පද්ධතියේ රිය අනතුරුවලට ප්‍රධාන හේතුව රියදුරන්ගේ නොසැලකිල්ල නම් එමෙන්ම වාහනවල අබලන් බව ද ප්‍රධාන හේතුවක් නම් මෙය රජයට අදායම් මාර්ගයක් කරගැනීමට සහ හැකියාවක් ඇත. අධිවේගී මාර්ග පද්ධතියේ වේගය 60KM Min - 100KM Max වියයුතුවේ. දෙවනුව අධිවේගී මාර්ග පද්ධතියේ වාහනවල අබලන් බව පරික්ෂ කිරීමට පොලිසිය මැදිහත්ව ක්‍රමවේදයක් සකස් කර එම වාහන පිළිසකර කිරීමට අවස්ථාව ලබාදී පිළිසකර බව සනාථ කිරීමට ළඟම තිබෙන්නා වූ පොලිසියට ගොස් බිල්පත පෙන්වා ඒබව සනාථ කිරීමට අවස්ථාව ලබාදීම සහ එම වාහන පිළිසකර කර ගන්නේ නම් රජයේ ලියාපදිංචි ගරාජයක සිදුවිය යුතු බවට (VAT) බදු සදහා ලියාපදිංචිය එම බිල්පතේ සඳහන් විය යුතුද වේ. එවිට අධිවේගී මාර්ග පද්ධතියේ රිය අනතුරු අඩුකිරීමට සහ බදු ගෙවන/ නොගෙවන ගරාජ හිමියන් පිළිබඳව යම් අධ්‍යයනයක් කළහැකි වේ. ලංකාවේ පවතින ගැටළු සඳහා විසඳුම් ලබාදෙනවා මෙන්ම එම ගැටලුවලින් රජයට ප්‍රයෝජන ගැනීමටද අවස්ථාවක් කරගත යුතුවේ. එය රජයට විවිධාකාරයෙන් කළහැකි වේ.

:       0       11

AB Sunday, 11 February 2024 10:52 PM

භූගත වයර් කපා ඒ තුළ තිබෙන තඹ කම්බි සොරාගත් පුද්ගලයින් මත්ද්‍රව්‍ය ගන්න පුද්ගලයින් විය හැකියි. එසේ නොමැති නම් තඹ කම්බි සොරාගත් පුද්ගලයින්ට දඬුවම් ලබාදීම සහ එම තඹ කම්බි සොරාගත් පුද්ගලයින්ගෙන් මිලදී ගන්න පුද්ගලයින්ටද දැඩි දඬුවම් ලබාදිය යුතුවේ. තඹ කම්බි සොරාගත් පුද්ගලයින් විකිණීමට කිසිවකු වෙත පැමිණෙන්නේ නම් පොලිසිය දැනුවත් කළයුතු වේ. මිලදී ගන්න තඹ කම්බි ප්‍රමාණයට වඩා වැඩි දඩයක් නිමවිය යුතුවේ.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site