IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


අධිවේගී මාර්ගයේ ගිය ගමනක්

දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයෙන් කොට්ටාවේ සිට ගාල්ලට අප ගමන් ඇරැඹුවේ ඉකුත් බ‍්‍රහස්පතින්දා උදේ 11ටය. කොට්ටාවේ සිට ගාල්ලට දුර කිලෝ මීටර් 104.5කි. ඒ දුර යාමට අපට ගතවූ කාලය හරියටම පැයකි. ලංකාදීප කාර්යාලයේ සිට හයිලෙවල් පාර ඔස්සේ කොට්ටාවට දුර කිලෝ මීටර් 21කි. ඒ දුර යාමට අපට ගතවූ කාලය විනාඩි 45කි. එයද වෙට්ටු දමමින් ඉදිරියට ගිය අපේ රියැදුරු සිරිල් ගේ දක්ෂතාවයටය. අපේ කාර්යාලයේ සිට කොට්ටාව අධිවේගී පිවිසුම දක්වා ඇති විදුලි සංඥා පුවරු ගණන 12කි. එක විදුලි සංඥා පුවරුවක් ළඟ විනාඩි එකක්  නතරවී සිටියත් එතැනට ගතවන කාලය විනාඩි 12කි. මහ මඟ ඇඳ තිබෙන කහ ඉරි ගණන ගණන් කිරීම ආරම්භ කළද එය කළ නොහැකි විය. කෙසේ වුවද ඒ හැම තැනකම වාහනය නතර කිරීමට සිදුවූ බව නම් මතකය. ලංකාවේ හැම පාරක්ම අධිවේගී මාර්ග බවට පත්කළ හැකිනම් කෙතරම් හොඳ දැයි දැනුණේ කොට්ටාවෙන් ගමන් අරඹා අධිවේගී මාර්ගය ඔස්සේ මද දුරක් ගමන් කරන විටදීමය. සතියේ වැඩ කරන දිනයක් නිසාදෝ අධිවේගී මාර්ගය පාළුවෙන් පිරී තිබිණි. ඉඳහිට යනෙන වාහනයකින් මිස ඒ පාළුව බිඳී නොයයි. මේ රට යනු බොහෝ සුන්දර රටක් බව කියති. කන්ද උඩරට සංචාරයකදී විනා ඒ සුන්දරත්වය හොඳින්ම දැක ගැනීමට වෙනත් අවස්ථාවක් නැත. එහෙත් දක්ෂිණ අධිවේගී මාර්ගය යනු ඒ රටට උරුම සුන්දරත්වය හැබැහින්ම ප‍්‍රති නිර්මාණය කළ මාර්ගයකි. මේ රට කෙතරම් සුන්දර රටක් දැයි වටහා ගැනීමට අධිවේගී මාර්ගයේ ගමන් කිරීමෙන් වුවද වටහාගත හැකිය. ඈතින් දිස්වන මනරම් කඳු යායක්ද සශ්‍රීක කුඹුරු යායන්ද පලාවන් ගහ කොළද රටේ සුන්දරත්වයත් සශ්‍රීකත්වයත් සිතුවමට නගමින් තිබේ. රියැදුරු පමණක් එදෙස නොබලා ඉදිරිය බලා ගමන් කළ යුතුය. මන්දයත් වේගය පැයට කිලෝ මීටර සියයට අඩුවෙන් යෑම දඩ කෑමට ලක්වන වරදක් වන හෙයිනි. පොලිස් යතුරු පැදි මෙන්ම පොලිස් ගුවන් විදුලි කාර් රථද තැන තැන රඳවා තිබේ. ඒ හදිසියකට කි‍්‍රයාත්මක වීමටය. ”රිය අනතුරු වෙන්න හේතුවක් නෑ. දැනට වාර්තා වෙලා තියෙන අනතුරු කිහිපය වුණත් අවශ්‍ය වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කිරීම නිසා සිද්ධ වෙච්ච දේවල්” පින්නදුව පොලිසියේදී හමුවූ නිලධාරියෙක් කීවේය. ඒ කතාව නම් සැබෑවක් බව අපි තේරුම් ගත්තෙමු. දක්ෂිණ අධිවේගී මාර්ගයේ අප ගිය ඉකුත් බ‍්‍රහස්පතින්දාද අනතුරක් සිදුවී තිබේ. ඒ අධික වේගයෙන් පැමිණි වාහනයක ටයරය පුපුරා යාමෙනි. රියදුරාට රථය පාලනය කරගත නොහැකිව යකඩ වැටෙහි රථය හැපී තිබේ. ”වමෙන් නොපැදවීම, වැරැදි ලෙස ඉස්සර කිරීම, බීමත්ම රිය පැදවීම ආදී පොදු වැරැුදිවලට සාමාන්‍ය රථ වාහන නීතිය යටතේ දඬුවම් කරනවා. අවශ්‍ය වේගයෙන් ගමන් නොකිරීම, අවට සිරි නරඹමින් සිටීම ආදී අධිවේගී මාර්ගයට අයත් වැරැදිවලට වෙනම දඩ ගැසීම් කෙරෙනවා.” පින්නදුව පිවිසුම් මාර්ග බාධකයේදී හමුවූ පොලිස් නිලධාරියෙක් කීවේය. කොට්ටාවේ සිට ගාල්ල දක්වා වූ අධිවේගී මාර්ගය තුළදී බල්ලන්ගේ මළකුණු පහක්  පමණ දැකගත හැකි විය. එක් තැනෙක බල්ලන් හත් අට දෙනෙකුගේ රංචුවක්ද දැකගත හැකිවිය. ඒ සම්බන්ධයෙන් අපි පොලිස් නිලධාරියෙක් විමසීමු. ”මෙහෙමයි ... ආරක්ෂක වැටක් දාලා තියෙන්නේ. ඒ නිසා බල්ලන්ට එන්න වෙන්නේ නෑ. නමුත් වතුර බැහැලා යන්න දාලා තියෙන කානුවලින් එන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අපි ගම්මුන් දැනුම්වත් කරනවා. මේ එයට ලැබුණු පිළිතුරය.කොට්ටාවේ සිට පින්නදුව දක්වා පිවිසුම් මධ්‍යස්ථාන 8 කි. ඒ  ඕනෑම තැනකින් පිවිසෙන වාහනයකට අධිවේගී මාර්ගයකදී පිළිපැදිය යුතු කරුණු කාරණා සඳහන් පති‍්‍රකාවක් පොලිසියෙන් ලැබේ. ඒ නීති රීති නිවැරැදිව අනුගමනය කරන්නේ නම් අනතුරකින් තොරව ගමන නිමා කිරීමේ හැකියාව ලැබේ. හරියටම පැයකින් අපි පින්නදුවේ සිට කොට්ටාවට පැමිණියෙමු. එතැන් සිට කොළඹ පුරහල අසල පිහිටි අපගේ කාර්යාලයට ඒමට ගත වූ කාලය පැය එක හමාරකි. විජේරාම මංසන්ධියේ පමණක් නාස්ති කළ කාලය පැය භාගයකටත් වැඩිය. කිසිදු පොලිස් නිලධාරියෙක් නැත. අවසානයේදී සාමාන්‍ය මිනිසුන් කිහිප දෙනෙකු රථ වාහන හැසිරවීමේ යෙදෙනු දක්නට ලැබිණි. හැම මාර්ගයක්ම අධිවේගී මාර්ගයක් විය යුත්තේ පිඹගෙන යෑමට පමණක් නොව නිස්කාරණේ මහපාරේ රස්තියාදු වීමෙන් වැළකීමටය.

සටහන - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන් , සේයාරූ  - ඇලෙක්සැන්ඩර් බාලසූරිය
පින්නදුව පිවිසුමේදී පොලිස් සෝදිසි කිරීම්...  



අදහස් (0)

අධිවේගී මාර්ගයේ ගිය ගමනක්

trishandr Monday, 05 December 2011 01:33 PM

හොද පැහැදිලි කිරීමක්. ඒ වගේම මේ ගැන අවතක්සේරුවෙන් හිතන හැම කෙනෙකුටම මේක හොද පණිවුඩයක්. ජයවේවා

:       0       0

කුෂ්ලාන් Monday, 05 December 2011 03:51 PM

හදිසි නැවතුම් පථයේ පරතරය මදියි. බර වාහනයක් නවත්වන්න බෑනේ?????

:       0       0

සමන්තා (from Kuwait) Monday, 05 December 2011 06:56 PM

මම ඉන්නෙ කුවේට් වල. මෙහෙ පාරවල් වල යනකොට හිතෙනවා අපේ ලංකාවෙත් පාරවල් මේ වගේ තියෙනවනම් කියලා. අපේ ජනාධිපති තුමා ඇතුලු රජය එය හැබෑ කරලා. පින්තූරු දැක්කාම ඇත්තටම ආසයි.

:       0       0

චම්පි Monday, 05 December 2011 10:33 PM

ලංකාවෙ දියුණුව දකිනකොට වාවගන්න බැරි කට්ටියකුත් ඉන්නවා.

:       0       0

ජැක් Friday, 16 December 2011 11:44 AM

ශ්‍රී ලංකාවට ජය වේවා

:       0       0

සුරංග Tuesday, 06 December 2011 01:16 PM

ශා ආසාවේ බෑ. ලංකාවට ඇවිත් වාහනයක් පැදන් යන්න හිතෙනවා. මම ඉන්නේ කුවේට්වල

:       0       0

සමන් (dubai) Thursday, 15 December 2011 05:41 PM

මම දැනට වැඩ කරන්නේ ඩුබායි වල. මම මෙහෙ අවුරුදු ගානක් වාහන පදිනවා. මම දක්ෂිණ අධිවේගී මාර්ගය දැක්කම මට හිතා ගන්න බැරි යුනා මේ අපේ රටේ තියෙන පාරක්ද කියලා. ඒක හරියට යුරෝපේ රටක තියෙන පාරක් වගේ. මට හරි ආඩම්බරයක් දැනෙනවා මගේ රට ගැන

:       0       0

පුණ්‍යා Thursday, 15 December 2011 05:48 PM

මගේ රට ගැන ආඩම්බරයි. මට හිතාගන්න බෑ ඇයි ලංකාවේ රජය ලංකාවේ මාර්ග නීති තදින් ක්‍රියාත්මක නොකරන්නේ කියලා

:       0       0

ධනේෂ් Thursday, 15 December 2011 05:54 PM

හදිසි නැවතුම් තීරුවේ නම් පෙනුමට පළල මදි වගේ. ඒක පළල මදිනම් ඒක ලොකුම ලොකු අඩු පාඩුවක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27621 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18180 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10881 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 641 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 194 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 850 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site