IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


අගවිනිසුරු කොන් කළාද?

අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව පසුගිය කාලයේ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජන විය. එයට හේතු වූයේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීම හා ඒ ඉවත් කිරීම සඳහා රජයේ පාර්ශ්වයෙන් ගන්නා ලද කි‍්‍රයා පිළිවෙතයි. අගවිනිසුරුවරයා රටේ ප‍්‍රධානම පුරවැසියන්ගෙන් කෙනෙකි. මේ ධුරය සම්බන්ධයෙන් ඇති කරවා තිබෙන අප‍්‍රසාදය නිසා අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි දෙවරක් සිතීමට රටේ ජනතාවට ඉඩකඩ සලසා ඇත. 
අධිකරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රධානම කාර්යභාරය හිමි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා ප‍්‍රධාන නීතිඥයන් පිරිසක් නව අගවිනිසුරුවරයා පිළිනොගන්නා බව ප‍්‍රකාශ කළේ ඒ පත්වීම සිදුකිරීමටත් පෙර සිටය. මෙහිදී උද්ගත වන ප‍්‍රශ්නයක් සඳහන් කළ යුතුව ඇත. ශ්‍රී ලංකා නීතිඥ සංගමය නව අගවිනිසුරුවරයා පිළිනොගන්නේ නම් රටේ ජනතාවගේ අදහස කුමක් විය හැකිද? 
 

අගවිනිසුරු තනතුර පිළිබඳ සිදුවීම, එනම් ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය තනතුරෙන් ඉවත් කිරීමත් ඒ සඳහා අනුගමනය කළ කි‍්‍රයාපටිපාටියත් පසුගිය සති දෙකක කාලය තුළ අළු යට ගිනි පුපුරක් මෙන් විය. මේ ගිනි පුපුර පසුගිය සෙනසුරාදා ඇවිලී ගියේය. ඒ ගිනි ඇවිලීම නව අගවිනිසුරුවරයා වෙත එක එල්ලේම එල්ල වී තිබිණි. ඒ නව අගවිනිසුරුවරයාගේ මූලිකත්වයෙන් පැවැත්විය යුතුව තිබූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයාගේ පදවි ප‍්‍රාප්ති උළෙල ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමයි. අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට හිමි විය යුතු ආසනය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට පිළිගන්වා තිබුණි.

නීතිඥ සංගමයේ වසර 39ක ඉතිහාසය පුරා මෙම පදවි ප‍්‍රාප්ති උත්සවවල ප‍්‍රධාන අමුත්තා වූයේ රටේ අගවිනිසුරුවරයාය. ඒ සම්ප‍්‍රදාය රීතිය නොසලකා හරිමින් නව අගවිනිසුරුවරයාට ආරාධනා නොකර ඒ වෙනුවට ශිරාණි බණ්ඩාරනායක මහත්මියට ආරාධනා කර ඇත. 
නව අගවිනිසුරුවරයා වෙනුවෙන් නීතිඥ සංගමය මගින්ද සම්ප‍්‍රදායානුකූලව උත්සවයක් (Well come) සංවිධානය කරනු ලබන නමුත් මෙවර එය ද සිදු නොවුණි. 

නීතිඥ සංගමයේ විධායක කමිටුව පත් කිරීම පසුගිය සෙනසුරාදා උදේ වරුවේ සිදු වී ඇත. එම අවස්ථාවට නීතිපතිවරයා ද සහභාගි විය. එය මීට පෙරත් සිදු වූවකි. එදින හවස නීතිඥ සංගමයේ නව සභාපතිවරයාගේ පදවි ප‍්‍රාප්ති උත්සවය සිදු විය.

එම අවස්ථාවට විනිසුරුවන් හා නීතිපතිවරයාට ද ආරාධනා කර තිබුණි. එහෙත් ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය හා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහභාගිවීමත් සමග නීතිපතිවරයා එම උත්සවයෙන් ඉවත්ව ගිය බව වාර්තා වේ.

උත්සවශ්‍රීයෙන් සම්ප‍්‍රාප්ති  උළෙල පවත්වා ඇත. උඩරට නැටුම්, මඟුල් බෙර වාදන මැද ශිරාණි බණ්ඩාරනායක මහත්මිය කැඳවාගෙන ගොස් අගවිනිසුරුවරයාට හිමි පුටුවේ වාඩි කරවා ඇත.

අගවිනිසුරුවරයා ආසනය වෙත කැඳවාගෙන ඒම සම්ප‍්‍රදායිකව නීතිපතිවරයා විසින් සිදු කරනු ලැබිය යුතු වුවත් ඒ වන විට නීතිපතිවරයා උත්සව ශාලාවෙන් බැහැර වී සිටි බව එම අවස්ථාවට සහභාගි වූ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් ප‍්‍රකාශ කළේය. 

අගවිනිසුරුවරයා සහභාගි නොවූවත් උත්සවයේ වැඩ කටයුතු ඉතා හොඳින් අලංකාරවත් ලෙස සිදු වී ඇත. 
අගවිනිසුරුවරයා සම්ප‍්‍රදායිකව සහභාගි විය යුතු උත්සවයක මූලාසනය ඔහු නොමැතිව වෙනත් පුද්ගලයෙක් වාඩි කරවා පැවැත්වීමේ සිදුවීම සුළුවෙන් සැලකිය හැකි කරුණක් ද යන්න මීළඟට ඇති වන ප‍්‍රශ්නයයි.

 

 

සටහන දයාසීලී ලියනගේ

 



අදහස් (0)

අගවිනිසුරු කොන් කළාද?

ජානක Saturday, 27 April 2013 07:58 PM

මේවා තමයි කරන්න ඕනේ. (නදී)

:       0       0

අවිශ්ක Thursday, 11 April 2013 12:56 PM

අපිට කවදාවත් දේශපාලන උප්පරවැට්ටි වලින් ගැලවෙන්න ඕනෑකමක් නැහැ (නි)

:       0       0

සමන් Monday, 08 April 2013 08:42 PM

මට නම් උපුල් මහතා කළ දේ හරි. (නි)

:       0       0

ගාමිණි Monday, 08 April 2013 09:09 PM

මොකාක් හෝ වී ඇති බව තේරෙනවා (දී)

:       0       0

සදුන් Monday, 08 April 2013 09:14 PM

මුළුමනින්ම දේසපාලන ව්‍යාපෘතියක් වගෙයි.(නදී)

:       0       0

නීල් Monday, 08 April 2013 11:43 PM

කවදාද මෙවන් ප්‍රශ්න ඉවරයක් වෙන්නේ (දී)

:       0       0

දිසානායක Tuesday, 09 April 2013 01:53 AM

වික්ටර් අයිවන් මහත්තයෝ ඔන්න තවත් රැජිනක් ඉන්නවා පුලුවන්නම් පොටක් ලියන්න.(නදී)

:       0       0

සිරි Thursday, 11 April 2013 05:41 PM

නිතියයි දේශපාලනයයි එකක් නොවෙයි දෙකක් වියයුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 111 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 280 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 834 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 548 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 423 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1740 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 716 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 185 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1221 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site