IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


අගක් මුලක් නැති ගෑස් අනතුරු

ගෑස් ළිප දැල්වීමේ දී එය පුපුරා ගිනි ගැනීමෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිවුදරු මවක් ඉකුත් සිකුරාදා රාත්‍රියේ මරණයට පත්වීමේ සංවේගජනක පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. මීට අමතරව ගෑස් අනතුරකින් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ තවත් කාන්තාවක් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද මාධ්‍ය වාර්තාවල සඳහන්ය. මෙයට පෙර ගෑස් අනතුරකට ලක්වූ මාතලේ ප්‍රදේශයේ කාන්තාවක් ද මිය ගියාය.

රට තිබෙන්නේ ගිනි කන්දකය. මේ නැගෙන්නේ එහි ගිනිදලුය. තත්ත්වය ඉතාම භයානකය. ඉකුත් ජනවාරි මාසයේ සිට නොවැම්බර් 9 දක්වා කාලය තුළ වාර්තාවී ඇති ගෑස් ආශ්‍රිත සිද්ධි සංඛ්‍යාව 250කට ආසන්නය. නොවැම්බර් මාසයේ දී පමණක් වාර්තා වූ සිද්ධි සංඛ්‍යාව 150ට වැඩිය. හිතේ ගින්දරක් නැතිව බතක් උයා ගැනීමට නොහැකි තත්ත්වයකි. ඇතැම් කාන්තාවන් ආරක්ෂිත උපක්‍රමයක් ලෙස ‘‘හෙල්මට්’’ පැළඳ මුළුතැන්ගෙයි කටයුතු කරන ආකාරය මාධ්‍ය වාර්තා කළේය. මෙය එක් අතකින් අමු විහිළුවකි. අනෙක් අතට ඛේදවාචකයකි.

ගෑස් මිල ඉහළ දමන්නැයි ගෑස් සමාගම් ඉල්ලා සිටියේය. රජය පළමු වටයේ දී එයට ඉඩ නුදුන්නේය. රටේ බරපතළ ගෑස් හිඟයක් ඇති විය. සමාගම් ඉල්ලූ ගණනට නොව ඊට ආසන්න ගණනකින් මිල වැඩි කිරීමට රජය ඉඩ දුන්නේය. එම මිල තිබූ මිලට දෙගුණයකට ආසන්නය. මේ පුපුරා යමින් තිබෙන්නේ ඒ ගෑස්ය. මේ වනවිටත් කාන්තාවන් දෙතුන් දෙනෙක් ගෑස් වෙනුවෙන් ජීවිත පූජා කළහ. ප්‍රශ්නයට කල් පවත්නා හා ස්ථිර සාර විසඳුමක් ලබා දීමට තව ජීවිත කීයක් බිලි වශයෙන් ගත යුතු ද යන්න නිලධාරීන් තීරණය කළ යුතුය.

ගෑස් සිලින්ඩර හෝ ගෑස් ළිප් ඉබේ පුපුරා යන්නේ නැත. ගෑස් ළිප්වල උපාංග දිරාපත්වීම ආදී හේතු ද මේ සඳහා බලපා තිබේ. එයට විසඳුමක් ලෙස බලධාරීන් ප්‍රකාශ කරන්නේ වගකීමක් ඇති ආයතනයකින්ම එම ගෑස් ළිප ආදිය මිලදී ගත යුතු බවය. හොඳ මට්ටමේ නිෂ්පාදන වෙළඳ පොළට එන්නේ නම් මේ ප්‍රශ්නය මතු නොවේ. එහෙත් දැන් තිබෙන්නේ ඕනෑම කෙනකුට ඕනෑම භාණ්ඩයක් වෙළඳ පොළට නිකුත් කළ හැකි තත්ත්වයකි. නිෂ්පාදනයේ ගුණාත්මක භාවය හා ප්‍රමිතිය සම්බන්ධයෙන් නිසියාකාරයෙන් සොයා බැලීමක් කරන්නේ නම් මෙම ප්‍රශ්නය මතු නොවේ.

ගෑස් සිලින්ඩරයේ සංයුතිය වෙනස් කළ බව ගෑස් සමාගම් කියයි. එසේ කළ හැකි ද? කෙසේ වෙතත් අප පුවත්පත වාර්තා කළ එක් පුවතකින් කියැවුණේ ගෑස් පිපිරීමෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් ලිට්‍රෝ සහ ලාෆ් යන සමාගම් දෙකට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ නීති අංශය කටයුතු කරමින් සිටින බවය. නීති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව නඩු පවරන බව එම අධිකාරියේ උසස් නිලධාරියකු අප පුවත්පතට ප්‍රකාශ කර ඇත. එමෙන්ම ගෑස් සමාගම් දෙකම ගෑස් සිලින්ඩරවලට සම්බන්ධවන උපාංග පිළිබඳව හෝ ඒවායේ නඩත්තුව පිළිබඳව කටයුතු කර නොමැති බවත් එම නිලධාරියා ප්‍රකාශ කර තිබේ. එම සමාගම් වගකීම් පැහැර ඇති බව ද එම නිලධාරියා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

මෙය එක්තරා ආකාරයට අලුත් තත්ත්වයකි. පසුගිය සමයේ සිදු වූ බොහෝ දේවලට වගකිව යුත්තකු සිටියේ නැත. ඒ සම්බන්ධයෙන් ජනතාව සිටියේ අන්දමන්දවය. ගෑස් සම්බන්ධ අනතුරු වාර්තා වූ මුල් සමයේ තිබුණේ ද අයිතිකරුවකු නොමැති තත්ත්වයේය.

ජනතාව සිටින්නේ කොවිඩ් මාරක වසංගතයෙන් හොඳටම හෙම්බත්වය. දෙවසරක් පුරා දරුවන්ගේ අධ්‍යාපනයට සිදු වූ අතපසුවීම් සම්බන්ධයෙන් පශ්චාත්තාපයට පත් වෙමිනි. අනෙක් අතට ජීවන වියදම අහස උසටය. කොවිඩ් මාරාන්තික වසංගතය හමුවේ ඇතැමකුගේ රැකියා නැති විය. අමතර ආදායම් මාර්ග නැති විය. මේ තරම් වද විඳ විඳ ජීවත් වන්නේ කුමකටදැයි යමකුට සිතුණේ නම් එය අරුමයක් නොවේ. ජීවිතය තිබෙන්නේ විඳවීමට නොව විඳීමටය. අපේ ජනතාවට අහිමිවී තිබෙන්නේ එයමය. ගෑස් ආශ්‍රිත අනතුරු කඩා පාත් වූයේ ඔය අතරවාරයේදීය. එය වූ කලී ගහෙන් වැටිච්ච මිනිහාට ගොනා ඇනීමකටත් වඩා වැඩි දෙයකි. මේ ජනයා මේ සැහැසි ග්‍රහණයෙන් මුදා ගත යුතුය. ඒ සඳහා විධිමත් වැඩ පිළිවෙළක් බලධාරීන්ගෙන් නොපමාව බලාපොරොත්තු වෙමු.

(***)



අදහස් (1)

අගක් මුලක් නැති ගෑස් අනතුරු

NM Friday, 17 December 2021 06:41 AM

මේ තරම් වද විඳ විඳ ජීවත් වන්නේ කුමකටදැයි යමෙකුට සිතුණේ නම් එය අරුමයක් නොවේ. ජීවිතය තිබෙන්නේ විඳවීමට නොව විඳීමටය. අපේ ජනතාව වැඩබැරි ටාසන්ලා පාර්ලිමේන්තුවට පත්කොට ඔවුනට විදීමට අවස්ථාව ලබාදී ජනතාව විඳවීමට තෝරා ගෙන තිබේ. පෙර නොවූ විරු ආකාරයට ජනතාව පෝලිම්වල පැය ගණන් විදවමින් සිටිනා විට අනාගතයේදී දේශපාලකයන් තෝරා ගන්නේ කෙසේද යන්න නැවත නැවත සිතන්නට වර්තමාන දේශපාලකයන් විසින් ජනතාවට අවස්තාවක් සලසා දී තිබේ. ලංකාවේ ගෑස් අර්බුදයට නිසි විසදුමක් ලබාදිය යුතුව ඇත. ගෑස් සිලින්ඩරයේ සිට සියල්ල ප්‍රමිති කරණය කළයුතුව ඇත. සොයාබැලීම් වලදී පෙනී ගියේ ලංකාවේ ගෑස් සිලින්ඩර සහ මහා බ්‍රිතාන්‍ය යේ ගෑස් සිලින්ඩරය සමාන බවකි. නමුත් උතුරු ඇරිකාවේ ගෑස් සිලින්ඩරය ඉතාම අරක්ෂිත ආකාරයට නිපදවා ඇත. එමනිසා ලංකාවේ ගෑස් සිලින්ඩර සහ ගෑස් පිලිබදව පුළුල්ව සිතා තරග කාරිත්වයක් ඇති කලයුතුවේ. තරග කාරිත්වය ඇතිවූ විට දේශීය මෙන්ම විදේශය සමාගම් ඉදිරිපත් වනු ඇත. රජය මගින් ලබාදෙන්නාවූ ප්‍රමිතීන් අනුව තරග කාරී මිලකට ගෑස් සමග සිලින්ඩරය ලබාදීමට හැකියාව ඇති කල හැකි වනු ඇත. අනාගත රජයකට පළමු වගකීම නම් ලංකාවේ සියලු ආයතන දේශපාලනයෙන් මුදවා ගැනීම වේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 635 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 436 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 336 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1540 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 85 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 701 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 639 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 165 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site