IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පළාත් පාලන ඡන්දයම අවුලක්

මෑත දී අවසන් වූ පළාත් පාලන ඡන්දය පිළිබඳ පනත නොසැලකිලිමත් ලෙස කෙටුම්පත් කර ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ විසින් වගකීමෙන් තොරව පිළිගෙන ඇති බව පෙනී යයි. පෙබරවාරි 10 දා පැවැත් වූ පළාත් පාලන ඡන්දය ක්‍රම දෙකකින් යුක්තය. වැඩි ඡන්ද ලබන අපේක්ෂකයින් අතරින් 60%ක් ද සමානුපාත ඡන්ද අනුපාතය යටතේ 40% ක් ද අපේක්ෂකයන් තෝරා ගන්නා ක්‍රමය යටතේ මෙම ඡන්දය පැවැත්විණි.

මෙම ක්‍රමය යටතේ පැවැත් වූ ඡන්දයේ ගණන් කිරීම අනුව සියයට සියයක් සමානුපාත නියෝජනය දෙසට අප යොමු කරයි. මෙම පනත කෙටුම්පත් කර නීතියක් ලෙස සම්මත කර ගැනීමට දායක වූ සියලුම පක්ෂ ඊට වගකිව යුතුයි. ප්‍රාදේශීය සභා ආසන/ කොට්ඨාස ගණන වැඩි කැරිණි. 

එසේ කළේ සමානුපාත ක්‍රමය යටතේ 40% නියෝජිතයන් ගණන වැඩි කිරීම සඳහාය. නිදසුනක් ගනිමු. ප්‍රාදේශීය සභාවකට කලින් කොට්ඨාස 24ක් තිබෙන්නට ඇතැයි සිතමු. නව ක්‍රමය යටතේ එම ප්‍රාදේශීය සභාවට සමානුපාත නියෝජනය යටතේ කොට්ඨාස/ ආසන 16ක් අලුතින් හිමි වේ. ඒ අනුව 24ක් වූ මන්ත්‍රීන් ගණන 40 දක්වා වැඩි වේ.

ප්‍රාදේශීය සභාවකට වැඩිපුර ආසන හෝ කොට්ඨාස ලබාදීම චේතනාව නම් ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීන් ගණන වැඩි කිරීම සුළු දෙයකි. අපි මෙසේ බලමු. එක්තරා ප්‍රාදේශීය සභාවක ජයග්‍රාහක නියෝජිතයන් ගණන 24ක් නම් ‘අ’ පක්ෂයට (ඡන්ද බහුතරය ගන්නා ජයග්‍රාහකයා වන ක්‍රමය අනුව) ආසන 14ක් හිමි වේ. ‘ආ’ පක්ෂයට හිමිවන ආසන ගණන 6කි. ‘ඇ’ පක්ෂයට ආසන 4කි. එම ප්‍රාදේශීය සභාවේ ‘ඡන්ද කොට්ඨාස’ 24ම දිනාගෙන ඇතත් එක් පක්ෂයක් ගන්නා ඡන්ද ප්‍රමාණය හරිහැටි පිළිබිඹු නොවේ. 40%ගේ ‘සමානුපාත’ ක්‍රමය හඳුන්වා දුන්නේ එමඟින් පක්ෂයකට සිදුවන අසාධාරණය අවම කිරීම සඳහාය. දේශපාලන පක්ෂවලට ලැබෙන මුළු ඡන්ද ප්‍රමාණය පහත සඳහන් ආකාරයට ලැබෙතියි සිතමු. ‘අ’ පක්ෂය ඡන්දය දුන් මුළු ගණනෙන් 50%කි. ‘ආ’ පක්ෂය මුළු ඡන්ද සංඛ්‍යාව 14%කි. ‘ඇ’ පක්ෂය 36%කි. ‘සමානුපාත’ ක්‍රමය යටතේ 50% ඡන්ද ගන්නා ‘අ’ පක්ෂයට ආසන 8ක් හිමි වේ. ‘ආ’ පක්ෂයට ලැබෙන ආසන ගණන 2 කි. ‘ඇ’ පක්ෂයට ලැබෙන ආසන ගණන 6කි.

ප්‍රාදේශීය සභාවක නියෝජිතයන් ගණන වැඩි කළේ 40% සමානුපාත ක්‍රමය යටතේ ද කාන්තා නියෝජනයේ 25%ක කෝටාවෙන් ද ප්‍රාදේශීය සභාවට එක් වන අතිරේක නියෝජිතයන් හට ද පහසුවෙන් ඉඩකඩ සලසා දීමටයි. 60% - 40% ක්‍රමය නිවැරදිව ගණනය කළා නම් ඒ ඒ පක්ෂවලට හිමි වන ආසන ගණන මෙසේය.

 

 

 

 

 

 

 

 

 

පළාත් පාලන ඡන්දයේ ජයග්‍රාහකයන් තේරීමේ ක්‍රමය අමුතුම විධියකට කර ඇත. එම ගණන් බැලීමේ අවසානය අවුල් සහගතය. මැතිවරණ කොමිසම ගණන් බලා ඇත්තේ පහත සඳහන් ආකාරයටය. මුළු ආසන සංඛ්‍යාව සැලකිල්ලට ගෙන 100%ක් සමානුපාත පදනම යටතේ එක් පක්ෂයකට හිමි වන මුළු ‘ආසන’ සංඛ්‍යාව ගණනය කර ඇත.

සමානුපාත පදනම යටතේ හිමි වන මුළු ආසන සංඛ්‍යාව තීරණය කර කේවල ක්‍රමය යටතේ ජයගත් ආසන ගණනින් අඩු කර ඇත. එසේ ලබාගත් උත්තරයට නිකම්ම එක් පක්ෂයක සමානුපාත කෝටාව ලෙස දක්වා ඇත. මේ ක්‍රමය හැමවිටම 40% සමානුපාත කෝටාව නොවන්නේය. මේ අනුව 40% ආසන සංඛ්‍යාව තීරණය නොවේ. මැතිවරණ කොමිසමේ ක්‍රියාවලිය මෙසේය. මැතිවරණ කොමිසම මුලින්ම ආසන වෙන් කිරීම සඳහා 100% සමානුපාතික පදනම යොදා ගත්තේය. ‘අ’ පක්ෂය (50%) = 20 ‘ආ’ පක්ෂය (14%) = 6 ‘ඇ’ පක්ෂය (38%) = 14 ඉන්පසු මෙම සංඛ්‍යා ආසන බෙදා වෙන් කිරීමේ අවසන් ක්‍රියාවලියට යොදා ගැනේ. 

ඉන්පසු සිදුවන්නේ විජ්ජාවකි. කලින් තීරණය කළ සියයට 100 සමානුපාතික යෝජනා ක්‍රමය සෙවීමේදී එම විජ්ජාව සිදුවෙයි. සමානුපාතික කෝටාව ගණන් බලනු වෙනුවට මැතිවරණ කොමිසම කේවල ක්‍රමය යටතේ ක්‍රියාකරයි.


ඊළඟට මැතිවරණ කොමිසම විජ්ජාවක් පෙන්වයි. ‘සමානුපාතික’ ආසන ගණන විජ්ජාවකින් මෙන් පෙන්වයි. එය කරනුයේ කේවල ක්‍රමය යටතේ දිනාගත් ආසන සංඛ්‍යාවෙන් සමානුපාතික ක්‍රමයෙන් හිමි වූ ආසන ගණනින් අඩු කරමිනි. මැතිවරණ කොමිසම සමානුපාතික කෝටාව තෝරාගත් ආකාරය නොපැහැදිලිය. රැවටිලි සහගතය.

සමානුපාත ක්‍රමය යටතේ හිමිවන ආසන ගණන කලින්ම තීරණය කර ඇති සැටියෙකි. අපේ වගුවේ දැක්වෙන ආසන 16 සමානුපාතික ව්‍යාප්තිය සැලකිල්ලට නොගනී. ඒ අනුව ප්‍රතිඵලය මෙසේය.

මෙම පනත කෙටුම්පත් කිරීමට කවුරුන් අඩිතාලම් දැමුවත් ආසන වෙන් කිරීමේදී ඔහු එක්කෝ ගොළුවකු වී ඇත්තේය. එසේ නැත්නම් ඕනෑකමින්ම වක්‍ර මඟක ගොස් ඇත. කාන්තාවන් සඳහා 25% ආසන වෙන්කිරීම මේ පනතින් ඉවත් කර ඇත. මත්පැන් සම්බන්ධයෙන් රජය පැන වූ නීතිවලට එරෙහිව වීදි බට කාන්තා ක්‍රියාකාරීන් මත්පැන් සම්බන්ධයෙන් දැමූ ශබ්දය දැන් නැත. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මඟින් ඔවුහු සිය අයිතිවාසිකම් වෙනුවෙන් කෑ කෝ ගැසූහ. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වීදි බසිමින් හඬ තැලූ ඔවුහු 25% කාන්තා නියෝජනය ගැන කරබාගෙන සිටිති. 

                                                                                                           ඬේලි මිරර් පුවත්පතේ පළවූ ලිපිය 
                                                                                                           පරිවර්තනය කළේ
                                                                                                           ඩබ්ලිව්. ජී. ගුණරත්න

 



අදහස් (1)

පළාත් පාලන ඡන්දයම අවුලක්

pradeep Thursday, 15 March 2018 02:45 AM

60% : 40% ආසන බෙදනවා නම් අවසාන ප්‍රතිපලය එය පිළිඹිඹු කල යුතුය. නමුත් ඒසේ සිදුවී නොමැත. මෙය ඕනෑම කෙනෙකුට පරීක්ෂා කල හැක. නමුත් අදාල පනත් තුල අසන ගණනය කරන ක්‍රමය දක්වා ඇති යයි නොදනිමි. කේසේ වුවත් මෙය පෙර ක්‍රමයටත් වඩා අවුලකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 172 1

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 48 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 563 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 284 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 108 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 330 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site