IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සහල් මිලට මොකද වෙන්නේ

වෙළෙඳ පොළේ සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ. දැනට මාසයකට පෙර තිබූ මිලට වඩා මේ වනවිට සෑම සහල් වර්ගයකම මිල ගණන් රුපියල් 10ත් 30ත් අතර මිලකින් ඉහළ ගොස් තිබෙන අතර වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මීළඟට ලැබෙන සහල් තොගවල මිල මීටත් වඩා ඉහළ යා හැකි බවය. පිටරටින් ගෙන්වා අලෙවි කරන සහල් පමණක් ස්ථාවර මිලකට අලෙවි කෙරෙන අතර සතොස මගින් බෙදාහරින සහල් මිල තරමක් අඩුය. එහෙත් බොහොමයක් සතොස ශාඛාවල අවශ්‍ය තරමට මිලදී ගැනීමට සහල් නැත.

හදිසියේම කාබනික පොහොර වගාවට යොමුකරවීම හේතුවෙන් මීළඟට ලැබෙන අස්වැන්න සියයට 50කින් අඩුවීම මේ තත්ත්වයට හේතුව බව ගොවීහු චෝදනා කරති. මේ නිසා අප්‍රේල් මාසය වනවිට මෙරට නිෂ්පාදිත සහල් කිලෝවක මිල රුපියල් 300 ඉක්මවනු ඇති බවට අනාවැකිද පළවෙයි. මේ වනවිට වෙළෙඳපොළේ පවතින තත්ත්වය අනුව එවැනි මිල ඉහළ යාමක් සිදුවීමේ අනතුරක් පවතින බව පෙනී යයි. එසේ වුවහොත් මෙරට සහල් පරිභෝජනය කරන ජනතාව මහත් අමාරුවකට වැටීම වළක්වා ගත නොහැකි වනු ඇත.

සහල් මිල ගණන් පාලනය කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ගය වන්නේ පිටරටින් සහල් ආනයනය කිරීමය. පසුගියදා වෙළෙඳ අමාත්‍යාංශය මගින් නිකුත් කළ නිවේදනයක දැක්වූයේ මියන්මාරයෙන් සහල් ටොන් ලක්ෂයක් ගෙන්වීම සඳහා ගිවිසුමකට එළඹුණු බවය.

රසායනික පොහොර අතහැර කාබනික පොහොරට මාරුවීම අවිද්‍යාත්මක ලෙස සිදුකිරීම හේතුවෙන් මුළු රටේම ගොවීන් අමාරුවේ වැටී සිටියදී හොඳටම රසායනික පොහොර යොදා විශාල අස්වැන්නක් ලබන මියන්මාරයෙන් සහල් ගෙන්වීම කුමන න්‍යායකට අයත්දැයි විස්තර කරදීමට කිසිම ආචාර්යවරයකු නොසිටීම රටේ ජනතාවගේ අභාග්‍යයකි. රටින් ගෙන්වන සහල් නිෂ්පාදනය කරන්නේ මොන රෙද්දෙන් දැයි විපක්ෂ මන්ත්‍රීවරුන් විමසන්නේ මේ හේතුවෙනි. මියන්මාරය පමණක් නොව ශ්‍රී ලංකාව සහල් ගෙන්වන ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශයද මහා පරිමාණයෙන් සහල් නිෂ්පාදනය කරන්නේ රසායනික පොහොර භාවිතයෙනි.

කාබනික පොහොර භාවිතයට එකවර යොමුවීම හේතුවෙන් තමන්ගේ අස්වැන්නට සිදුවූ හානියට වන්දි ඉල්ලා රජයට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවට ජාතික ගොවි සංවිධාන 54ක් පසුගියදා ප්‍රකාශ කර තිබිණි. එසේම සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් අනතුරු අඟවන්නේ ලබන මාසය අවසානය වනවිට රටේ විශාල සහල් හිඟයක් ඇතිවීමට ඉඩ තිබෙන බවටය. ඔවුන් ඒ සමඟ ප්‍රකාශ කරන්නේ පවතින තත්ත්වය ඒ ලෙසින්ම ඉදිරියට ගියහොත් අලුත් අවුරුදු කාලය වනවිට සහල් කිලෝවක මිල රුපියල් 300ක් පමණ වනු ඇති බවටය. ඇතිවිය හැකි සහල් හිඟයක බරපතළ අවදානම තහවුරු කිරීමට වෙනත් සාක්ෂි අවශ්‍ය නැත.

ගොවීන් මහුණ දී සිටින ගැටලුවට සහනයක් වශයෙන් වී කිලෝවකට රුපියල් 75ක් ගෙවීමට රජය තීන්දු කර තිබුණත් පෞද්ගලික මෝල් හිමියන් කිලෝව රුපියල් 95 බැගින් වී මිලට ගන්නා බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා ප්‍රකාශ කර තිබිණි.

ජාතික එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති නිහාල් වන්නිආරච්චි මහතා සඳහන් කරන්නේ ගොවීන් සතු වී තොග අඩු මිලට රජයට ලබාදීම නිෂ්ඵල බවය. නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක මුදලක් ලබාදිය යුතු බවද ඒ මහතා කියයි. මෙවර කන්නයේදී පොහොර සහ තෙල් බලාපොරොත්තු වූ තරමට නොලැබුණහොත් ගොවීන් වී අත්හැර වෙනත් වගාවන්ට යොමුවනු ඇති බවටද ඒ මහතා අනතුරු අඟවා තිබේ. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ සහල් මිල ගණන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු තබා ගැනීම විහිළුවක් බවය. කාබනික විප්ලවයෙන් ගොවියාත් පාරිභෝගිකයාත් දැන් එකම වළක වැටී සිටිති.

සහල් මිල ගණන් මේ වනවිට ජනතාවට දරාගත හැකි මට්ටම ඉක්මවා යමින් තිබේ. මේ තත්ත්වයට හේතුව කුඹුරු ඉඩම්වලින් සියයට 98 ක්ම මෙතෙක් කාලයක් වැඩි අස්වැන්නක් ලබාදෙන වී වර්ග වගාකර තිබීම නිසා එම අස්වැන්න ලබාගැනීමට අවශ්‍ය පෝෂණය ලබාදෙන පොහොර නොලැබී යාමෙන් අස්වැන්න සියයට 21 ත් 33ත් අතර ප්‍රමාණයකින් අඩුවීමය.

කෘෂිකර්ම අමාත්‍යාංශ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සභාපති මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පෙන්වා දී ඇත්තේ කාබනික පොහොර යෙදීමෙන් පමණක් මේ පෝෂණය ලබාදිය නොහැකි බවත් මේ නිසා ඉදිරි මාස කිහිපය තුළදී බරපතළ ආහාර හිඟයකට මුහුණදීමට සිදුවනු ඇති බවත්ය. ප්‍රතිපත්ති සම්පාදකයන්ට මේ බව පැහැදිලි කිරීමට විද්‍යාඥයන් මාස 08ක් තිස්සේ උත්සාහ දැරුවත් එය අසාර්ථක වූ බවත් මේ තත්ත්වයට වහා පිළියම් නොයෙදුවහොත් තවදුරටත් අස්වැන්න පහළ වැටෙනු ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

අන්තිමට සිදුවී ඇත්තේ කාබනික විප්ලවය හේතුවෙන් රසායනික පොහොර අත්හළ ශ්‍රී ලංකාව ලෝකයේ වැඩියෙන්ම රසායනික පොහොර යොදවා සහල් නිෂ්පාදනය කරන රටවලින් සහල් ගෙන්වා එදාවේල පිරිමසා ගැනීමය. මේ තත්ත්වය වෙනස් කළ හැක්කේ විද්‍යාත්මක ප්‍රවේශයකින් පමණි.



අදහස් (0)

සහල් මිලට මොකද වෙන්නේ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 362 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 85 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 687 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 316 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 136 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 347 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site