IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සිවූරට මුවාවී මුදල් ගරන වංචනිකයෝ

සිවුර පොරවාගෙන වංචනික ලෙස මුදල් එකතු කරමින් වසර ගණනාවක් තිස්සේ කටයුතු කළ හොර කල්ලියක් ඉකුත් 30වැනිදා සවස ප‍්‍රදේශවාසී මහ සඟරුවන ප‍්‍රමුඛ ජනතාව විසින් අල්වා කොටහේන පොලිසියට බාරදෙන ලදී. ශ‍්‍රමණ වේශධාරි පුද්ගලයකු ද ඇතුළුව පුද්ගලයන් සිව් දෙනෙක් කඨින පින්කම් සඳහා යැයි කියමින් ටිකට් පත් විකුණමින් සිටින අවස්ථාවේ දී මෙසේ ග‍්‍රහණයට නතුවී ඇත. කලක් පටන් අදාළ කල්ලිය ව්‍යාජ ලිපිලේඛණ මෙන්ම, ව්‍යාජ රබර් සීල්ද සකසා ජාවාරමෙහි යෙදී ඇති බව හෙළිදරව් විය. පසුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කිරීම සඳහා බොදුබල සේනා විශේෂ විමර්ශන ඒකකයට පැවරීමට පළාතේ මහා සංඝරත්නය පියවර ගත් අතර ඒ අනුව පෙරේදා රාත‍්‍රියේදීම පැය තුනක් වැනි කෙටිකාලයක් ඇතුළත බොදුබල සේනා විශේෂ විමර්ශන ඒකකය මගින් කරන ලද පරීක්ෂණයක දී මේ කල්ලිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු රැසක් අනාවරණය විය. මේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු වන ශ‍්‍රමණ වේශධාරියා සම්බන්ධයෙන් බොදු බල සේනාවේ විශේෂ අවධානය යොමුවිය. ඔහුගේ සම්පූර්ණ නම වශයෙන් සඳහන්ව ඇත්තේ පූජ්‍ය පිටකෝට්ටේ ආනන්ද හිමි යනුවෙනි. 1959 පෙබරවාරි 15 වැනි දින උපත ලබා ඇති ඔහුගේ ගිහි නම ගංගොඩවිල ශාන්ත දාබරේය. 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් පනතේ 41 වැනි වගන්තිය අනුව කළ යුතු සාමනේර භික්ෂු පිළිබඳ ප‍්‍රකාශය යටතේ 79686 අංකයට ලියා පදිංචිය ද ලබා ඇත. 2005.07.06 වැනි දින කොළඹ 10, ආනන්ද රාජකරුණා මාවතේ, අංක 177/19, විවේකාරාමාධිපති පූජ්‍ය කෝමපල පඤ්ඤාවිමල හිමියන් වෙතින් පැවිද්ද ලබා තිබේ. මූලික වශයෙන් මේ තැනැත්තා පිළිබඳව ලබාගෙන ඇති තොරතුරු එසේය. මේ පුද්ගලයා විසින් හැඳුනුම්පත් කිහිපයක් භාවිතා කරනු ලැබ ඇත. එවාට අනුව 590463515v දරන ජාතික හැඳුනුම්පත් අංකය යටතේ 117/19 විවේකාරාමය, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10 ලිපිනයෙන් 2012.07.06 වැනි දින ශ්‍රී ලංකාවේ පුරවැසියකු වශයෙන් ලියාපදිංචි වී ඇත. උපන් ස්ථානය කොළඹ ය. එහෙත් එම ජාතික හැඳුනුම්පත් අංකය යටතේම 41811, සංචාරක බෞද්ධ සංවිධානය බෞද්ධාලෝක මාවත, කොළඹ 07 දරණ ලිපිනයෙන් 2003.09.09 වැනි දින මීට පෙර වතාවක ද ලියාපදිංචි වී තිබේ. එහි උපන් ස්ථානය කෝට්ටේය. තත්ත්වය කෙසේ වෙතත් මේ පුද්ගලයා මහණකොට ඇතැයි සැලකෙන්නේ 2005.07.06 වැනි දිනය. තමාගේ මෙම ව්‍යාජ හැඳුනුම්පත්වලට අමතරව මොහු සතුව මහාචාර්ය මැදගම නන්දවංශ හිමිගේ ජාතික හැඳුනුම්පතද තිබී ඇත. 482452060v දරන එම හැඳුනුම්පත නිකුත් කර ඇත්තේ 2006.07.14 වැනි දිනය. මහාචාර්ය, විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා විද්‍යාලය, අංක 58, විපුලසේන මාවත, කොළඹ 10 යනුවෙන් එහි සඳහන් වෙයි. මහාචාර්ය මැදගම නන්දවංශ හිමියන්ගේ මුහුණුවර මේ ශ‍්‍රමන වේශධාරී පුද්ගලයාගේ මුහුණුවරටම සමාන වන අතර එය කෙසේ හෝ සොරකම් කර එහි සිටින මහාචාර්ය හිමි තමා බව කියමින් මොහු ආධාර එකතු කිරීමේ කටයුත්තේ නියැළී ඇත. මහාචාර්ය මැදගම නන්දවංශ හිමි තම හැඳුනුම්පත නැති වුණු බව මීට පෙර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. පිටකෝට්ටේ ආනන්ද හිමි නමින් පෙනී සිටි මොහු ලිපිනය පහක් භාවිත කරමින් මුදල් ගැරීමේ කටයුතු කරගෙන ගොස් ඇත. කොළඹ 07, කොළඹ 10, මිනුවන්ගොඩ, අනුරාධපුරය, කෙසෙල්වත්ත යන ප‍්‍රදේශයන්ට අදාළ ලිපින පහක් ඔහු මේ සඳහා භාවිත කර ඇත. මිනුවන්ගොඩ අලූතෑපොල ආනන්දාරාමය නමින් හැඳින්වෙන විහාරස්ථානයක අභිනවයෙන් ඉදිකෙරෙන භික්ෂු ගිලානෝපස්ථාන දෙමහල් ගොඩනැගිල්ලක් සඳහා යැයි කියමින් රුපියල් 100, 200, 500, 1000, 2000, 5000 ටිකට්පත් මුද්‍රණය කර මොහු විශාල ආදායමක් උපයා ඇති අතර ඊට අමතරව සැලකිය යුතු මුදල් ප‍්‍රමාණයක් මූල්‍යාධාර වශයෙන් ද ලබා ඇත. එමෙන්ම දඹදිව වන්දනාව සඳහා භික්ෂූන් වහන්සේලා දොළොස් නමක් වැඩමවීමට බලාපොරොත්තු වීම, අතීත බාරානාසිය නමින් පොතක් මුද්‍රණය කිරීම සඳහා යැයිද කියමින් මුදල් එකතු කර ඇති මොහු දැන් පවසන්නේ එම මුදල් සියල්ල තමාගේ කල්ලියේ සෙසු සාමාජිකයන් විසින් ලබා ගනු ලැබූ බවකි. කෙසේ වෙතත් මොහු 2007 අගෝස්තු 03 වැනි දිනැති දිවුරුම් ප‍්‍රකාශයක් මගින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැපැල් බැංකු ඒකකයේ රුපියල් හත්ලක්ෂ අසූ පන්දහසක මුදලක් තැන්පත් කර ඇත. ඒ සඳහා එම බැංකුව විසින් අංක 2/0901/16/04816 දරන පාස්පොත තැපැල් කාර්යාලයෙන් නිකුත් කරනු ලැබ ඇත. මේ ශ‍්‍රමන වේශධාරියාට එරෙහිව ව්‍යාජ ලේඛන සකස් කර මුදල් වංචාකිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරමින් අලූත්කඬේ අංක 02 අධිකරණයේ නඩු අංක බී/47351/2/2007 දරණ නඩුව ගොනු කර තියෙනවා. එම නඩු වාර්තාවට අනුවත් මොහු විසින් ව්‍යාජ ලේඛන භාවිත කර හා ටිකට්පත් මුද්‍රණය කර විකුණා තිබෙනවා. ඒ අනුව ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ අංක 454, 457, 459, 462, 403 හා 290 යන වගන්ති ප‍්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් වශයෙන් ද එහි සඳහන් වෙනවා. ඒ සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කර විමර්ශන කටයුතු අවසන් කරන තෙක් මොහු 2007.07.24 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා. මෙලෙස වැරදිකරුවකු වූවකුට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ලියාපදිංචි සහතිකයක් නිකුත් කරන්නේ කොහොමද? සාමාන්‍යයෙන් විනයට අනුව එවැන්නෙක් පැවිදි කරන්නෙ නෑ. එසේම මොහු තම හැඳුනුම්පත් ලබාගැනීමේදීත් විශාල වංචා රැසක් කරලා තියෙනවා. ඒ වගේම 2009.09.16 වැනිදා අධිකරණ මනෝ වෛද්‍ය ඒකකය මගින්ද 2004.10.08 වැනි දින සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ පෞද්ගලික වෛද්‍ය සහතිකයක් මගින්ද මොහු බරපතල මනෝ ව්‍යාධියකින් පෙළෙන බවට නිගමන ඉදිරිපත් කර තිබෙනවා. ”අදාළ රෝගය වැඩිවුණොත් මේ සැකකරුගේ ලිංගික ආශා වැඩිවන බවත් ඒ වෛද්‍ය වාර්තා අනුව අනාවරණය වෙනවා. ඒත් අපට ගැටලූවක් තියෙනවා ඒ වගේ මානසික රෝගියකුට මේ වගේ ව්‍යාජ අන්දමින් හැඳුනුම්පත් සකස් කර ගනිමින් සූක්ෂමව හා සංවිධානාත්මකව මුදල් ගැරීම කළ හැකිද කියලා. අපට පැහැදිලි වෙන්නේ මේ වෛද්‍ය සහතික ලබාගැනීම මොහු දුරාචාරයේ නියැලීමටත් නීතියේ රැහැනින් මිදී යාමටත් අතකොළුවක් කරගෙන ඇති බවයි. කොහොම වුණත් මෙවැන්නෙකුට ලියාපදිංචි සහතික නිකුත් කළ බලධරයා කවුද කියලා විශාල ගැටලූවක්. මේ ජාවාරමට සම්බන්ධ සෙසු පුද්ගලයන් සම්බන්ධයෙන්ද සියලූ තොරතුරු විමර්ශනය කොට කඩිනමින් විධිමත් වාර්තාවක් සපයන ලෙසත්, මොවුන් සියලූ දෙනාටම එරෙහිව කඩිනම් නීතිමය පියවරක් අනුගමනය කරන ලෙසත් බොදු බල සේනා ජාලය වගකිවයුතු බලධාරීන් වෙත අවධාරණය කරනවා.” ඒ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර හිමිකළ සඳහන් කිරීමයි.

සටහන: සංජීවිකා සමරතුංග



අදහස් (0)

සිවූරට මුවාවී මුදල් ගරන වංචනිකයෝ

ඉන්ද්‍රජෝති Wednesday, 07 November 2012 10:16 PM

සංඝ අධිකරණයට යොමුකරන්න. (නි)

:       0       0

අසේල Monday, 12 November 2012 04:57 PM

කල්ලතෝනියෙක්ද කොහෙද? (නි)

:       0       0

නසාර් Monday, 12 November 2012 05:00 PM

කාපුවා කටින් එන්න දෙන්නයි තියෙන්නේ. (නි)

:       0       0

ගාමිණී Tuesday, 13 November 2012 02:11 PM

රුවැන් වැලේ කෙනාගේ කවුරුහරිද ? (ස)

:       0       0

සුසන්ත Friday, 16 November 2012 08:09 AM

ආගමික ස්ථාන වල සිදුවන මුදල් ගැරීම සම්බන්ධයෙන් මීට වැඩිය කල්පනාකාරී වියයුතුයි. (නි)

:       0       0

අසංක Monday, 05 November 2012 06:00 PM

සාසනයට එපා මෙවන් පුද්ගලයින්

:       0       0

ජිවක Monday, 05 November 2012 06:26 PM

සාසනය ඉවරයි මෙවන් කට්ටිය නිසා

:       0       0

ජිවක Monday, 05 November 2012 06:12 PM

සාසනයෙන් ඉවත් කරන්න බැරිද

:       0       0

ප්‍රියන්ත Tuesday, 06 November 2012 03:08 AM

අයියෝ සල්ලි

:       0       0

රොහාන් Thursday, 08 November 2012 08:16 AM

ෂෙරීෆ්, ඒක අපි බලාගන්නම් (ස)

:       0       0

හෂාන් Monday, 05 November 2012 06:51 PM

බුදු සසුන නැති කරනවා

:       0       0

මධු Friday, 09 November 2012 05:16 PM

මෝඩ බෞද්ධයින්.... (නි)

:       0       0

වජිර Monday, 05 November 2012 06:55 PM

බුදු හාමුදුරුවනේ, ලංකාවට ගිය කලක්? (නි)

:       0       0

අචිනි Wednesday, 14 November 2012 01:55 PM

හාමුදුරුවනේ, වරප්‍රසාද ගන්න නම් අර මාළිගාවට යන්න. (නි)

:       0       0

සංජීව Tuesday, 20 November 2012 08:53 AM

දැන් එතකො‍ට කවුද පිරිසිදු ??? (ස)

:       0       0

ග්‍රිෂාණි Tuesday, 06 November 2012 09:42 PM

වංචාකාරයෙක්නේ. ඇයි මූණ වහලා තියෙන්නේ? (නි)

:       0       0

ෂෙරීෆ් Tuesday, 06 November 2012 09:37 PM

බෞද්ධයිනි, වහාම පෙළගැසියවු! මෙය අන්තවාදීන්ගේ කුමන්ත්‍රණයකි. (නි)

:       0       0

මුතුකුඩ Tuesday, 06 November 2012 10:32 PM

සංඝයාට හිමි ස්ථානය හදුනා නොගන්නා විට මෙවැනි අය බිහිවීම නොවැළැක්විය හැකි කරුණකි. (නි)

:       0       0

බන්දුල Friday, 23 November 2012 09:29 PM

නෙත් එෆ්.එම්. එකේ අය මේ අය ගැන දන්නෙ නැද්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

වන්නි Friday, 09 November 2012 09:05 AM

අපි ඉතින් මොනවාද මේවාට කියන්නේ

:       0       0

කසුන් Wednesday, 21 November 2012 05:38 PM

බුදු දහමට නිගා කරන දේවල් වහාම නවත්වන්න (දී)

:       0       0

නන්ද හිමි Thursday, 08 November 2012 08:11 PM

මොනවා කරන්නද? රටේ නීතියටත් පණමදි. ආගමේ නීතියක් ඇත්තෙම නැතිකොට. (නි)

:       0       0

තුසිත Saturday, 24 November 2012 03:47 PM

අන්න රටකට යන කල (ස)

:       0       0

සදුන් Monday, 05 November 2012 10:33 PM

ඉක්මණින් මුලාවන මෝඩ බෞද්ධයින් සිටිනාතෙක් මෙවැන්නන් රජ කරති. (නි)

:       0       0

චන්ද්‍රජෝති හිමි Friday, 16 November 2012 12:50 AM

පන්සල් හදන්නේ ගමේ අවශ්‍යතාවයටනේ. ඉතිං ඒක දායකයෝ කරගනීවි. හාමුදුරුවන්ට තියෙන්නේ අනුශාසනා කිරීමයි. (නි)

:       0       0

කුමාර Friday, 16 November 2012 02:44 PM

ඔය හොඳයි . මෙහේ ඉන්න සමහරු සිවුරු පොරවගෙන කරන දේවල් දැක්කම සාසනේ ගැන කලකිරෙනවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 225 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 59 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 592 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 291 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 114 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 332 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site