IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සුදු කොඩි නඩුවේ කියැවුණු දේ

සුදු කොඩි නඩුව එදා මෙදා තුර ඉමහත් ආන්දෝලනාත්මක හා විවාදාත්මක පසුබිමක් ඇති කළ නඩුවක් ලෙස ශ්‍රී ලාංකීය නීති ක්ෂේත‍්‍රයට එක්විය. හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා විසින් ඉංග‍්‍රීසි පුවත්පතක කතුවරියකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක දී කළා යැයි කියන ප‍්‍රකාශයක් මූලිකව ඇති වුණු සුදු කොඩි නඩුවේ කතාන්දරය පත්තර පිටුවකට සංක්‍ෂිප්ත කොට ගත නොහැකි තරමේ අතුරු කතාන්දරවලින් පිරුණු කතාන්දරයකි. මේ ලියැවෙන්නේ එකී නඩුව හා නඩු තීන්දුව පිළිබඳව දිගු කතාන්දරයේ සංක්‍ෂිප්තයයි. එස්. සිවකුමාර් විසින් සම්පාදනය කරනු ලැබූ ”සුදු කොඩි නඩුව - ෆෙඞ්රිකාගේ සාක්ෂි හා නඩු තීන්දු” ග‍්‍රන්ථය මේ සඳහා ඇසුරු කරගන්නා ලදී. ඒ 2010 ඔක්තෝබර් මස 04 වැනිදා ය. ස්ථානය කොළඹ මහාධිකරණ අංක 01 දරණ ස්ථානයයි. නඩු අංකය එච්.සී. 5311/10 දරණ නඩු අංකයයි. මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර (සභාපති), මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ටී.එම්.පී.බී. වරාවැව, මහාධිකරණ විනිසුරු සුල්ෆිකාර් රෂීන් ඉදිරිපිට දී විභාග කිරීම ඇරැඹුණු සුදු කොඩි නඩුවේ පළමු නඩු වාරයේ දී විත්තිකරු වෙනුවෙන් පෝල් රත්නායක නීතිඥ සමාගමේ උපදෙස් පරිදි නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි සමග නීතිඥ පී. වන්නිනායක, නීතිඥ කැළුම් උබේසේකර, නීතිඥ නිරාෂා, නීතිඥ අරුණ ඉහළ විතාන, නීතිඥ ලසන්ත, නීතිඥ ප‍්‍රදීප්, නීතිඥ නාමල් රාජපක්ෂ, නීතිඥ ඉනෝකා පෙරේරා, නීතිඥ ගයානී ගුණසේකර, නීතිඥ ප‍්‍රියදර්ශනී ඉලූක්පිටිය, නීතිඥ සිරිල් විජේකෝන්, නීතිඥ රංජිත් පෙරේරා යන මහත්ම මහත්මීහු පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ ඩිලාන් රත්නායක, රජයේ අධිනීතිඥ යොහාන් ලියනගේ, රජයේ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම යන නීතිඥවරු පෙනී සිටියහ. 2009.12.13 වැනි දින ප‍්‍රකාශයට පත් වූ සන්ඬේ ලීඩර් ඉංග‍්‍රීසි පුවත්පතේ "Gota Ordered Them to Be Short" - General Sarath Fonseka  (ගෝඨා ඔවුන්ට වෙඩි තබන ලෙස අණ කළා - ජෙනරල් සරත් ෆොන්සේකා) යන ප‍්‍රධාන ශීර්ෂ පාඨය යටතේ පළවුණු ලිපිය සුදු කොඩි නඩුවට මූලික පදනම සැකසීය. 2009.12.07 වැනි දින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික සහායක ලෙස ක‍්‍රියා කළ සේනක ද සිල්වා මහතාට සන්ඬේලීඩර් කතුවරිය කතා කර සරත් ෆොන්සේකා මහතාගේ සම්මුඛ සාකච්ඡාවක් ඉල්ලා සිටියාය. 2009.12.08 වැනි දින කොළඹ රාජකීය මාවතේ පිහිටි සරත් ෆොන්සේකා මහතාගේ කාර්යාලයේ දී සවස 6.30ට පමණ ආරම්භ කෙරුණු මෙම සම්මුඛ සාකච්ඡාවට ෆෙඞ්රිකා ජෑන්ස්, ඡායාරූප ශිල්පි තුසිත කුමාර, මාධ්‍යවේදී රක්මීෂ් විජේවර්ධන සහ ලාල් වික‍්‍රමතුංග යන අය සහභාගි වී සිටියහ. එදා ෆෙඞ්රිකා ජෑන්ස්, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සමග කළ සාකච්ඡාවේ අවසන් ප‍්‍රතිඵලය මහත් විවාදාසම්පන්න මාතෘකාවකට මග උදා කළේය. 2010.10.04 පළමු නඩු වාරයේ දී සන්ඬේ ලීඩර් කතුවරියගෙන් දිගින් දිගටම කළ ප‍්‍රශ්න කිරීමේ දී නැගූ ප‍්‍රශ්න සහ ඇය ලබා දුන් පිළිතුරු අතර මේ සිද්ධිය වඩාත් ඉස්මතු කරන ප‍්‍රශ්න හා පිළිතුරු මෙසේ සටහන්ව තිබේ. උ: ඔව්. මම කිව්වා මට අවසාන ප‍්‍රශ්නයක් අහන්න තිබුණු බව. එම ප‍්‍රශ්නය මා ඇසුවා.   ප‍්‍ර: ඒ වෙලාවේ කවුද කාමරේ හිටියේ? උ: ලාල්, ජෙනරාල්වරයා සහ මම.   ප‍්‍ර: ඔබේ අතේ ඔබේ සටහන් පොත තිබුණා ද ඒ වෙලාවේ? උ: ඔව්.   ප‍්‍ර: පැන්සලක් හෝ පෑනක් තිබුණ ද? උ: පෑනක් තිබුණා.   ප‍්‍ර: මොකක්ද ඔබ අවසාන ප‍්‍රශ්නය කියලා අහපු ප‍්‍රශ්නය මෙම විත්තිකරුගෙන්? උ: මම ඔහුගෙන් ඇසුවේ. ඒ අවස්ථාවේ අසන්න ලැබුණු කරුණක් වූ ආයුධ රහිත එල්ටීටීඊ නායකයන් යටත්වීමේ අදහස ඇතිව සුදු කොඩි සමගින් පැමිණියා. ඔවුන් මරා දමා තිබෙනවා. මම ඔහුගෙන් ඇසුවේ ඇත්තටම කුමක්ද සිදුවුණේ කියායි.   ප‍්‍ර: එම ප‍්‍රශ්නයට විත්තිකරු පිළිතුරක් දුන්නා ද? උ: ඔව්.   ප‍්‍ර: මොකක්ද විත්තිකරු දීපු පිළිතුර? උ: ඔහු කියා සිටියා. යුද්ධය අවසාන වී දින දෙකකට පසුව ඔහුට කියූ බව. ඒ අවස්ථාවේ දී ගෝඨාභය රාජපක්ෂ එනම්, ආරක්ෂක ලේකම්වරයා බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා යන අයට දුරකතනයෙන් දැනුම් දී තිබෙනවා යටත්වීමට පැමිණි එල්ටීටීඊ සාමාජිකයින් කිසිවකුට යටත්වීමට ඉඩ නොදී මරා දමන ලෙස.   ප‍්‍ර: විත්තිකරුගෙන් ප‍්‍රශ්න ඇසුවේ මොන භාෂාවෙන් ද? විත්තිකරු උත්තර දුන්නේ මොන භාෂාවෙන් ද? උ: ඉංග‍්‍රීසි භාෂාවෙන්.   (පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා ඉල්ලීමක් කරයි. ”ස්වාමිනී, මේ අවස්ථාවේ දී ඔබතුමන්ලාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා, මෙම විත්තිකරුගෙන් ෆෙඩි‍්‍රකා ජෑන්ස් ඉංග‍්‍රීසියෙන් ඇසූ ප‍්‍රශ්නය ද, විත්තිකරු විසින් ඉංග‍්‍රීසියෙන් දෙන ලද උත්තරය ද, එම කොටස පමණක් ඉංග‍්‍රීසි භාෂාවෙන් සටහන් කර ගැනීමට අවසර ලබාදෙන මෙන්.”) (විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා ”විත්තිකරුගේ උත්තරය පිළිබඳ මා දන්නේ නැහැ ස්වාමීනි. අනිත් ඒවාට විරුද්ධත්වයක් නැහැ.”)   ප‍්‍ර: සාක්ෂිකාරිය ඔබ විත්තිකරුගෙන් ඇසූ අවසාන ප‍්‍රශ්නය ඒ වචනවලින් ම කරුණාකරල කියන්න? උ: " I said there had been reports that in the last dates of the war LTTE leaders carrying white flags had tired to surrender and had been shot and I asked him what really happened"   ප‍්‍ර: දැන් විත්තිකරු එයට ඉංග‍්‍රීසියෙන් දුන්න උත්තරය ඉංග‍්‍රීසියෙන් ම කියන්න. ඒ ආකාරයෙන්ම? උ: "He said that he had been told two days after the war ended that the Defence Secretary Gotabaya Rajapakshe had telephoned Brigadier Shavendra Silva who was heading the fifty eighth armies division and told him not to accommodate any LTTE leaders surrendering and to kill them"   ප‍්‍ර: දැන් ඒ අනුව ඔබට විත්තිකරු කියා සිටියා, යටත්වීමට උත්සාහ දරන කිසිදු එල්ටීටීඊ නායකයකුට යටත්වීමට ඉඩ නොදෙන ලෙසට ද, ඔවුන් සියලූ දෙනාම මරා දැමිය යුතු බවට ද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද හමුදාවේ 58 වැනි සේනාංකයේ ආඥාපතිව සිටි බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට දුරකතනයෙන් කතා කොට කියූ බව? උ: ඔව්.   ප‍්‍ර: තවත් මොකුත් කිව්වාද? උ: ඔව්. ජෙනරාල්වරයා කියා සිටියා නෝර්වේ සහ වෙනත් විදේශීය පුද්ගලයන් බැසිල් රාජපක්ෂ මහතාව දුරකතනයෙන් සම්බන්ධ කරගෙන කියා සිටියා පුලිදේවන්, නඬේෂන් සහ රමේෂ් කියන එල්ටීටීඊ නායකයන් යටත්වීමට බලාපොරොත්තු වන බවත්, ඒ සම්බන්ධයෙන් ඔවුන් දන්වා තිබූ බවත්, එම කාරණාව බැසිල් රාජපක්ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන් බවත්, එසේම ගෝඨාභය රාජපක්ෂ, ශවේන්ද්‍ර සිල්වාට කතා කළ බවත්, නමුත් එම දැන්වීම යටත්වීමට ඉඩ නොදෙන ලෙසත් එසේ පැමිණි එල්ටීටීඊ සාමාජිකයන් මරා දමන ලෙසත් කියා තිබුණා.   ප‍්‍ර: තවත් මොනවද කිව්වේ? උ: එපමණයි.   ප‍්‍ර: දැන් මේ අවස්ථාවේ ඔබ කල්පනා කළා ද මේක ඉමහත් ආන්දෝලනයකට තුඩු දෙන්න පුළුවන් ප‍්‍රවෘත්තියක් කියලා? උ: ඇත්ත වශයෙන්ම එහෙම හිතුවා. ඔහු ජෙනරාල්වරයා ජනාධිපති අපේක්ෂකයෙක්. එසේම ඔහුට යුද වීරයකු ලෙස බුහුමන් ලැබී තිබුණා. ඔහු කියන විට ජනාධිපතිවරයාගේ සහෝදරයා මේ ආකාරයෙන් යුද අපරාධයක් කිරීමට අණ දුන්නාය කියලා එය මතබේදයට තුඩුදෙන කාරණයක්.   ප‍්‍ර: ඔබ මෙය ජනාධිපතිවරයාගේ සහෝදරයා විසින් නීත්‍යානුකූල නොවන යුද අණක් දුන්නයි කියලා විත්තිකරු කියපු නිසා ඒක ඉතා අන්දෝලනාත්මක ප‍්‍රකාශයක් ලෙස කල්පනා කළා? උ: ඔව්. එසේම මා ඒ අවස්ථාවේ තීරණය කළා. එම සතියේ මගේ පුවත්පතේ ප‍්‍රධාන සිරස්තලය එය විය යුතු බව.   ප‍්‍ර: එය එම මොහොතේ ම ඔබ තීරණය කළා? උ: ඔව්. මම එය ප‍්‍රධාන සම්මුඛ සාකච්ඡාවෙන් වෙන්කර පළ කිරීමට කටයුතු කළා.   ප‍්‍ර: ඒ කියන්නේ ඒ අවස්ථාව වෙනකොට ඔබ ගිහිල්ලා හිටියේ, ඔහුගේ සාමාන්‍ය ප‍්‍රතිරූපය පිළිබඳ සම්මුඛ සාකච්ඡාවක් ලබාගැනීමට. ඔබේ මූලික අරමුණ වුණේ ඒක? උ: ඔව්.   ප‍්‍ර: නමුත් මෙම තොරතුරු එනම් ගෝඨාභය රාජපක්ෂ මහතා බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට යටත්වීමට පැමිණෙන එල්ටීටීඊ නායකයන්ට වෙඩි තබන්නයි කියලා කියපු ප‍්‍රවෘත්තිය ඉතා වැදගත් ප‍්‍රවෘත්තියක් හැටියට ඔබ කල්පනා කරපු නිසා, ඔබ කල්පනා කළා ඔබ කියපු විදියට අර මූලික සම්මුඛ සාකච්ඡාව වෙනස් කර වෙන ම ලිපියක් ලෙස පළ කිරීමට? උ: ඔව්   ප‍්‍ර: ඒ එක්කම විශේෂ ශීර්ෂ පාඨයක් යටතේ? උ: ඔව්.   ප‍්‍ර: ඒ අනුව ද ඔබ තීරණය කළේ ”පැ. 1 ඒ” දරන ලිපියේ Gota Ordered them to be shot" , යනුවෙන් ශීර්ෂ පාඨයක් යෙදීමට? උ: ඔව්.   ප‍්‍ර: ඔබ කියා සිටියා ඔබ ඒ අවස්ථාවේ දී ම තීරණය කළා කියල මෙය ඔබේ පුවත්පතේ ප‍්‍රධාන සිරස්තලය වන බවට? උ: ඔව්.   ප‍්‍ර: ඔබ ඒ බව මෙම විත්තිකරුට කියා සිටියා ද? විත්තිකරු සරත් ෆොන්සේකාට ඒක කියා සිටියා ද? උ: නැහැ. ඒ අවස්ථාවේ දී කියා සිටියේ නැහැ.   ප‍්‍ර: යම් අවස්ථාවක කියා සිටියා ද? උ: ඔව්. මම ඔහුට දුරකතනයෙන් කතා කළා දෙසැම්බර් 12 වැනි සෙනසුරාදා පුවත්වත මුද්‍රණයට යාමට පෙර. මම ඔහුට කියා සිටියා මෙම කරුණ පසුදින පළ කිරීමට නියමිත මගේ පුවත්පතේ ප‍්‍රධාන සිරස්තලය වන බව. මම එම පුවත සම්පූර්ණයෙන් ඔහුට කියා සිටියා. මොකද ඒ ගැන ඔහු දැනගැනීම සඳහාත්, එහි වෙනස්කමක් තිබේද යන්න තහවුරු කර ගැනීම සඳහාත්. එසේම මා ඔහුට ඒ අවස්ථාවේදී කියා සිටියා, බැසිල් රාජපක්ෂ, උදය නානායක්කාර, බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා යන අයට මම දුරකතනයෙන් කතා කළ බව. මම කියා සිටියා මම කතා කළ පුද්ගලයින් පිළිතුරු ලබාදුන් බව. මම ඔහුගෙන් අසා සිටියා. ඔහුගේ ප‍්‍රතිචාරය කුමක් ද කියා. ඉන්පසුවත් ඔහුගේ ස්ථාවරයේ ඔහු තවදුරටත් සිටියා. ඔහු වැඩිදුරටත් කියා සිටියා ඔහු ප‍්‍රකාශ කළ දේ. ඔහු ප‍්‍රකාශ කළ බව ඔහු පිළිගන්නා බව.   ප‍්‍ර: විත්තිකරු 8 වැනිදා හැන්දෑවේ මෙම ප‍්‍රකාශය කරන අවස්ථාවේදී ඔබ කියන විදිහට එම කාමරයේ සිටියේ විත්තිකරුත් ඔබත්, ලාල් වික‍්‍රමතුංගත්? උ: ඔව්.   ප‍්‍ර: මේ තොරතුර ඔබ දැනගත්ත වහාම මෙහි සත්‍යතාව පිළිබඳව සොයා බැලීම සඳහා ඔබ යම් යම් පුද්ගලයන්ට කතා කළා ද? මෙහි සත්‍යතාව නිවැරදි බව සොයා බැලූවා ද? උ: ඔව්.   ප‍්‍ර: කාට කාට ද කතා කළේ? උ: මම මුලින්ම ශවේන්ද්‍ර සිල්වාට කතා කළා.   ප‍්‍ර: 58 වැනි සේනාංකයේ ආඥාපති ශවේන්ද්‍ර සිල්වාට ද? උ: ඔව්.   ප‍්‍ර: ඔබ මොනවද ශවේන්ද්‍රට කිව්වේ? උ: මම ජෙනරාල්වරයා කී දේ ඔහුට දන්වා සිටියා. එසේම ඔහුගේ ප‍්‍රතිචාරය කුමක්දැයි විමසුවා.   ප‍්‍ර: විශේෂයෙන් ඔබ බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට මොනවද කියපු වචන කියන එක අපට දැනගන්න අවශ්‍යයි? උ: මම ඔහුට කියා සිටියේ ජෙනරාල්වරයාගෙන් මම දැනගත් බව, ශවේන්ද්‍ර සිල්වාට ගෝඨාභය රාජපක්ෂ දුරකතනයෙන් දැනුම් දී තිබූ බව යටත්වීමට පැමිණෙන එල්ටීටීඊ නායකයින්ට අවස්ථාව නොදෙන ලෙසත් ඔවුන් ඝාතනය කරන ලෙසත්.   ප‍්‍ර: බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා ඔබට යම් කිසි උත්තරයක් දුන්නාද ඔය ප‍්‍රශ්නයට? උ: ශවේන්ද්‍ර සිල්වා කිව්වා ඔහු කම්පනයට පත්වුණ බව. එමෙන්ම ඔහු අසා සිටියා තවත් මොනවාද ජෙනරාල්වරයා කිව්වේ කියලා. ජෙනරාල්වරයා මට කියපු දේම මම නැවතත් කියා සිටියා. ශවේන්ද්‍ර සිල්වා කියා සිටියා හමුදාවෙන් අවසර ලැබෙන තෙක් කිසිදු ප‍්‍රතිචාරයක් දැක්වීමට ඔහු කැමති නැති බව.   ප‍්‍ර: ඔබ මොනවද කිව්වේ උදය නානායක්කාරට? උ: මම උදය නානායක්කාර මහතාට දන්වා සිටියේ මම ශවේන්ද්‍ර සිල්වා මහතාට කතා කළ බවත් ජෙනරාල්වරයා කියන ලද කරුණු සම්බන්ධයෙන් ඔහුට ප‍්‍රතිචාර දැක්වීම සඳහා හමුදාපතිවරයාගෙන් අවසර ලබාදෙන ලෙසත්.   ප‍්‍ර: ඔබට තොරතුරුත් ලැබුණා ද? උ: ඔව් ඔහු කියා සිටියා ඔහු හමුදාපතිවරයාටත්, ශවේන්ද්‍ර සිල්වා මහතාටත් කතා කළ බව. එම දෙදෙනා මේ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බවත් දන්වා සිටියා.   ප‍්‍ර: ඉන්පසුව ඔබ මොකද කළේ? උ: මම ඊළඟට බැසිල් රාජපක්ෂ මහතාට කතා කළා දුරකථනයෙන්.   ප‍්‍ර: ඔහුගෙන් ඔබ මොනවද ඇහුවේ? උ: මම ඔහුගෙන් අසා සිටියේ, නෝර්වේ රට සැබැවින්ම ඔහු සමග සම්බන්ධ වුණා ද කියලා, එල්ටීටීඊ නායකයන් තිදෙනකුගේ යටත්වීමට කරන ලද උත්සාහයක් සම්බන්ධයෙන්. මම කියාසිටියා, සරත් ෆොන්සේකා මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී මේ පිළිබඳව මට කියා සිටි බව. ඔහු කියා සිටියා කිසිදු එල්ටීටීඊ නායකයකුගේ යටත් වීමක් සම්බන්ධයෙන් නෝර්වේ රට ඔහු සමග කිසිදු අදහසක් නොදැක්වූ බව. මම ඔහුගෙන් අසා සිටියා එල්ටීටීඊ නායකයන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමග යටත්වීමට උත්සාහයක් කළා ද යන්න ගැන. ඔහු පිළිතුරු දුන්නේ ”ඔව්” කියලා. නමුත් ඔහු ප‍්‍රතික්ෂේප කළා ගෝඨාභය රාජපක්ෂ මහතාට එය දැනුම් දුන් බව. එල්ටීටීඊ සාමාජිකයන් පවුලේ අය සමග බාරවීමට පැමිණීමට බැසිල් රාජපක්ෂ මහතා මැදිත්වීම ගැනත් ඔහු ඒ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන් බවත් ප‍්‍රතික්ෂේප කළා.   ප‍්‍ර: මේ ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් තවත් කවුරුවත් සමග කරුණු විමසීමක් කළා ද? උ: නැහැ.   අප මේ සටහන් කොට තැබුවේ දීර්ඝ ප‍්‍රශ්න කීරිමක එක් කොටසක් පමණි. 2010.10.06 වැනි දින සුදු කොඩි නඩුවේ දෙවැනි නඩු වාරය කැඳවිණි. ඉන් අනතුරුව 2010.10.11, 2010.10.12, 2010.10.13, 2010.10.14, 2010.10.15, 2010.11.02, 2010.11.04, 2010.11.09, 201011.10, 2011.11.11 යන දිනවල දී මෙම නඩුව විභාගයට ගැනුණි. 2011.11.18 වැනි දින කොළඹ මහාධිකරණ අංක 01 දරන ස්ථානයේ දී මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර, ඩබ්.ටී.එම්. වරාවැව සහ සුල්ෆිකාර් රෂීන් යන මහාධිකරණ විනිසුරුවන් ඉදිරියේ සුදු කොඩි නඩුවේ පළමු තීන්දුව ප‍්‍රකාශයට පත් විය. (මතු සම්බන්ධයි) (එස්. සිකුමාර් විසින් සම්පාදිත සුදු කොඩි නඩුව - ෆෙඞ්රිකාගේ සාක්ෂි හා නඩු තීන්දු ග‍්‍රන්ථය ඇසුරිනි).

සටහන - සංජීවිකා සමරතුංග
ගෝඨාභය රාජපක්ෂ    ශවේන්ද්‍ර සිල්වා



අදහස් (0)

සුදු කොඩි නඩුවේ කියැවුණු දේ

උදිත Monday, 01 October 2012 02:00 PM

ඇයි ජෙනරල් එහෙම වුණේ? මට හිතාගන්නවත් බැහැ. (නි)

:       0       0

අසින්ත Monday, 01 October 2012 09:49 PM

බල තණ්හාව මිසක් වෙන මොනවද? (නි)

:       0       0

ජීව Friday, 05 October 2012 12:12 AM

ඒ කියන්නේ එයාලා දේශද්‍රොහියෝ බව මේකෙන් හොඳට ම පැහැදිලියි. ගෝඨාභය මහත්තයා මේ සම්බන්දයෙන් අණ දුන්නත් නැතත් වියයුතු දේ තමයි වෙලා තියෙන්නෙ. ගෝඨාභයගෙ තැන මම එදා හිටිය නම් මොන එල්ලුම් ගහේ ඇරියත් මම කරන්නෙත් ඒ ටික ම තමයි. අවුරුදු තිහක් තිස්සෙ අපේ රට කාපු මේ කාළකණ්ණි තවත් මොන එහෙකට ඉතුරු කරනවද? සමහරු හිතාගෙන ඇති කොටි නඩෙත් එක්ක හවුල් වෙලා රට කරන්න. ඒවා කොහෙද මේ ලංකාවෙ? (නි)

:       0       0

දිනෙත් Friday, 05 October 2012 04:50 AM

ජෙනරල්තුමා රහස් හෙළිකරලද ? (නි)

:       0       0

අසිත Sunday, 30 September 2012 08:11 PM

හරිම රසවත් ප්‍රවෘත්තියක්. (නි)

:       0       0

අමිලා Thursday, 04 October 2012 06:29 PM

පොන්සේකා මහත්තයෝ ඔයා ඇත්ත කියන්න..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 361 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 85 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 687 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 316 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 136 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 347 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site