IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විසිහත්වරක් පැවිදිවී තුන්වරක් උපසම්පදාවූ හාරිස්පත්තුවේ හාමුදුරුවෝ

මුළු මහත් ශ්‍රී ලංකාවේ පමණක් නොව බෞද්ධ ලෝකය පුරාවට අතිශය සිල්වත් වියපත් හිමිනමක් හැටියට නමක් දිනාගත්, කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ අධිපති, හාරිස්පත්තුවේ අරියවංශාලංකාර නාහිමිපාණෝ පසුගිය මාර්තු 24 වැනිදා භාවනා මධ්‍යස්ථානයේ අධිපති භාවයෙන්ද සමාජ මෙහෙවරෙන්ද මිදී හුදෙකලා නිදහස් භාවනාමය දිවියකට ඇතුළු වූහ.

1939 ඔක්තෝම්බර් 18 වැනිදා මෙලොව එළිය දුටු ”ධර්මසේන ආරියතිලක නම් වූ දරුවාට උපන් දිනවලම වේලාපත්කඩය හදා ජ්‍යෝතිෂ විද්‍යාඥයකු විසින් පරීක්ෂා කර බලද්දී දරුවාගේ හතර කේන්දරයම පාළු වී ඇතැයි දැනගන්නට ලැබිණි. දරුවාට ඉගැන්වීමෙන් ඵලක් නෑ. ඒ මුදලට ඉඩමක් අරං දාන්න. මෙයා මහ මොට්ටයෙක්. ජ්‍යෝතිර්විද්‍යාඥයාගේ අනාවැකිය විය.

කේන්දරය කියන්නේ ජීවිතයක් හා බැඳුණු සෞරග‍්‍රහ මණ්ඩලයේ පිහිටීම. එහි සඳහන් වන්නේ කළ කම් ඵලදෙන ආකාරය. කේන්දරයේ ශුභ ඵල කියන්නේ පෙර ආත්මේ කරපු පින්වැඩ, අපල කියන්නේ පෙර ආත්මේ කරපු පව් වැඩ. ඒරාෂ්ටකය කියන්නේ ජීවිතය කෙළවර වීමට විවර වන දොරටු. නමුත් කේන්දරයේ සඳහන් වන මෙවැනි ඵල විපාක උත්සාහයෙන් හා දැහැමිව ජීවත් වීමෙන් වෙනස් කරන්න පුළුවන්. හතර කේන්දරයම පාළු වී උපන් මගේ ජීවිතයෙන් ඒ බව සනාථ වෙනවා.” හාරිස්පත්තුවේ අරියවංශාලංකාර මාහිමියෝ විස්තර කළහ.”මම වයස 18 දී බ‍්‍රහ්මචාරී වුණා. මා ඉපදී සිටින්නේ පැවිදි ජීවිතයට බව නැකත් කරුවන් කියා තිබූ නිසා දහම හා බැඳුණු දිවිපෙවෙතක් දහ අටවැනි නව යොවුන් වියේ සිටම මම පටන් ගත්තා. හතර කේන්දරය පාළු වුණත්, 19 වැනි වියේදීම මම ගුරුවරයෙක් වුණා. ඊළඟට කථිකාචාර්ය වරයෙක් වුණා. ඊළඟට අධාපන දෙපාර්තමේන්තුවේ ආගමික උපදේශක පදවිය ලැබුණා. බෞද්ධ අධ්‍යාපනය ගැන සිසුන් දැනුම්වත් කරන්න කොළඹ හැම පාසලකමට ගියා. දින 110ක් නොකඩවා ආගමික මෙහෙවරට රට වටේ පාසල් වල ඇවිද්දා. මේ අතර මීරිගම බෞද්ධ ගුරු අභ්‍යාස විද්‍යාලය පටන් ගත්තා. එහි වසර හතක් කථිකාචාර්ය ලෙස කටයුතු කළා. ඊළඟට නිට්ටඹුවේ සාරිපුත්ත ගුරු විද්‍යාලයේ වසර හතරක් සේවය කළා. ඒ වන විට මගේ නම බ‍්‍රහ්මචාරී ධර්මසේන ආරියතිලක.

”ලොකු ලොක්කන්ගේ ඉඳලා අපේ රටේ බහුතරය පන්සිල් කියෝනවා මිස පන්සිල් රකින්නේ නෑ. පිටට පෙනෙන බෞද්ධ ජීවිතය ඇතුළත නෑ. මේ රට දියුණු කරන්න වෙන මන්තර යන්තර  ඕනෑ නෑ. ලොකු ලොක්කන්ගේ ඉඳලා පන්සිල් රකින සමාජයක් ඇති කළ විට, බුදු දහමේ පිහිටෙන් මේ රට ඉබේම දියුණු වෙනවා. මත්පැන් පෙරණ, මීතයිල් මෙට්රික් ටොන් දහස් ගණනින් රට ඇතුළට ගනිද්දි රට පුරා හැම නගරයකම දිනපතා ගවයන් සිය ගණන් මරාගෙන මස් කද්දි. කුකුළන් දහස් ගණනින් මරා කද්දි කටුගේ තිබූ ජාතියේ සම්පත් ටිකත් හොරා ගනිද්දි, ස්ත‍්‍රී දුෂණ, මිනී මැරුම් රට පුරා වැපිරෙද්දි, මොන නම් පන්සිල්ද? මේවා දෙවියන්ට පෙනෙනවා. මුළු රටම අගාධයට යන්නේ ඒකයි. වසර සිය ගණනක් පැවති කටුගේ තරප්පු පෙළ ඊයේ පෙරේදා කඩා වැටුණා. මේවා ගැන සීරුවෙන් හිතලා මුළු මහත් සමාජයම පන්සිල් රකින රටක් බවට පරිවර්තනය කරන්න  ඕන.” උන්වහන්සේ මහත් වේදනාවෙන් කියන්නට වූහ.
මගේ උපන්ගම හාරිස්පත්තුවේ මාරුද්දන. අප්පච්චි ලමනිගේ ජේමිස් සිංඤෝ මුදලාලි. අම්මා පතිරාජගේ ගුණවතී. මම පවුලේ වැඩිමලා. මට බාල වයස 3-2-1 වයසේ සහෝදරයන් තුන්දෙනෙක් මුලදී හිටියා. ඒ තුන්දෙනාම වසංගතයක් හැදිලා දවස් දෙකට නැතිවෙලා ගියා. ඒත් කේන්දරේ හතර පාලූවා බේරුණා. ඊට පස්සේ තව මල්ලිලා හතරක් සහ නංගී කෙනෙක් පවුලට එකතු වුණා. මියගිය තිදෙනත් එක්ක අපේ පවුලේ නවයක්. මමයි වැඩිමලා.

අපේ පවුල ගමේ ගරු ගාම්භීර වත්පෝසත්කමින් පිරුණ පවුලක්. හතර ඈංගලේට මැද මිදුල හදලා. සිංහල උළු වහල. ලොකුවටම හදපු ගෙයක්. අප්පච්චිට කඩයක් තිබුණා. ලී වෙළෙඳාමත් කළා. පාර අයිනේ කඬේ හදලා ඉඩම මුදුනේ වලව්ව වගේ ගේ හදලා තිබුණා. මේ අතර තුර අප්පච්චි ඉඩම් නඩු හතරකටම පැටලූණා. නඩුවලට මුළු සේසතම ලූණුකැටයක් වතුරට දිය වෙනවා වගේ ටිකෙන් ටිකම දිය වෙන්න පටන් ගත්තා. බැරි ගැහෙන කොට කවුරු කවුරුත් කීවේ පදිංචි ගෙදර අපලයක්ය කියලයි. ඒ කතා බහ අහල සැනසුමක් ලබන්න. මහගේ පාළුවට ඇරලා කඩ කාමරේට පදිංචියට ආවා. අප්පච්චි නඩු වලින් නම් දිනුවා. ඒත් ඒ වන විට මුළු සේසතම දියවෙලා. පස්සේ අප්පච්චි සමාජ සේවයට බැස්සා. ඒ අතරේ අප්පච්චි ලෙඩ වුණා. පවුලේ වැඩිමලා හැටියට පවුලේ මුළු බර මගේ කරපිටට වැටුණා.”

”මම මුලින්ම පාසල් ගියේ මොලගොඩ පියදස්සි පරම විඥානාර්ථ බෞද්ධ පාසලට. ගමේ සිට සැතපුම් තුනක් විතර තිබුණා. හැමදාමත් ගමේ දෙවැට දිගේ වෙල්යාය දිගේ පයින් තමයි පාසලට ගියේ ආවේ. පාසලේ පස්වෙනි පන්තිය සමත් වුණායින් පස්සේ නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයට ගියා. ඒ පාසලේ භාෂා මාධ්‍යය ඉංග‍්‍රීසි. හයවෙනි පන්තියේ සිට ඉංගී‍්‍රසියෙන් අධ්‍යාපනය ලබලා ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත‍්‍ර විභාගය සමත් වුණා. ඊළඟට උසස් පෙළ අධ්‍යාපනය ලබමින් සිටියදී තමයි අප්පච්චි ලෙඩ වුණේ.”

”මේ අතර ගමේ අය එකතු වෙලා ගමේ පන්සලේ බණමඩුවේ පාසලක් පටන් ගත්තා. මුලදි ළමුන් 18යි හිටියේ. මම මේ වැඬේට මූලික වුණා. ඉතාම ඉක්මනින් පාසලේ ළමුන් 80ක් විතර වුණා. මමත් එහි ස්වේච්ඡුා ගුරුවරයකු ලෙස සේවය කරමින් හිටියා. පන්සලේ බණ මඩුවෙන් නිදහස් වෙලා පිටත පාසල් ගොඩනැගිල්ලක් හදන්න උනන්දුවුණා. මට ගෙයක් හදාගන්න කපල තිබුණ ගඩොල් ටික ඔක්කොම පාසල් ගොඩනැගිල්ල හදන්න දුන්නා. මේ අතරතුර පාසල රජයට ගත්තා. ඒ සමග ගුරුවරුන් තිදෙනෙක් රජයට බඳවාගත්තා. මටත් ගුරු පත්වීමක් ලැබුණා. මාසික පඩිය වශයෙන් ලැබුණෙ රුපියල් 150යි. හතර ඈඳුතු ගෙයක් මැද මිදුලක් ගල්කණු හතරක් මැද පිහිට වූ විශාල වී අටුවක් ලොකු කඩයක් සෑහෙන ඉඩම් ප‍්‍රමාණයක් පැවති ධනේශ්වර පවුලක් නඩුහබ නිසා කඩා වැටිලා අන්තිමට මගේ රුපියල් 150 පඩියෙන් පවුල ජීවත් කරවන තත්ත්වයට ඇද වැටුණා. මගේ වැටුප මගේ වැඩ වලට ශතයක් වත් වියදම් කළේ නෑ. සියල්ලම ගෙදර වියදමට සහ මල්ලිලාට සහ නංගීට ඉගැන්වීමට. මල්ලිලා හරියටම මගේ දරුවො වගේ. මාව අනුකරණය කරමින් කවරදාක වත් මත්පැන්, දුම්වැටි පාවිච්චි කළේ නෑ. බොරු කීවේ නෑ. වංචා වැඩ කළේ නෑ. නැති බැරි කමට වත් හොරකම් කළේ නෑ. ඒ අය අපූරුවට ජීවිත ජය ගත්තා. දෙවෙනි මල්ලි ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු. තුන්වෙනි මල්ලී නාවික ඉංජිනේරු. හතරවෙනි මල්ලී විද්‍යාපීඨ විදුහල්පතිවරයෙක්. මේ අයගේ උදව්වෙන් පවුල නැවත ගොඩ ගියා. දැන් මේ හැම දෙනාම විශ‍්‍රාම”

”මම උසස් පෙළ සමත් වුණායින් පස්සේ දුම්බර මහා විද්‍යාලයට මාරුවීමක් ලැබුණා. එහිදී මට උගන්වන්න ලැබුණේ උසස් පෙළ පන්තියට සිංහල පාලි සහ බෞද්ධ සංස්කෘතිය යන විෂයයන් තුන. මම පොත්පත් බලමින් පාඩම් වලට සූදානම් වී ගොස් උසස් පෙළ පන්තියේ හොඳින් වැඩ කළා. මම බාහිර උපාධියට සූදානම් වුණේ ඒ වකවානුවේදී. ගෙදර දොරේ ප‍්‍රශ්න නිසා මගේ වැටුප අර පරිස්සමින් ඉතිරි කරගත්තා. මගේ නවාතැනට පිදුරු සෙවිලි කළ කටුමැටි ගැසූ පුංචි කාමරයක් සොයාගත්තා. මට බූරු ඇඳක් සහ භූමිතෙල් උදුනක් ලැබුණා. ගෙට කුලියට දුන්නේ මාසෙට රුපියල් පහයි. මගේ භාවනා වැඩ නිසා පන්සලේ සලාක හාල්ටික මට ලැබුණා. ඒ හාල් ටික අරගෙන පාන්දරින් නැගිටලා කිරිබතක් උයාගන්නවා. උදේට කිරි බත් ටිකක් කාලා පාසලට යනවා. පාසල ඇරිලා ඇවිදින් දවල්ට ආහාරයට ගන්නෙත් උදේ උයපු කිරිබත්. ඊට පස්සේ වතුර ටිකක් නාගෙන පන්සලට ගිහින් භාවනා කරලා ආපහු නවාතැනට ඇවිදින් රැ වේලට ගන්නෙත් හීලට උයපු කිරිබත්. මේ දුක් කරදර විඳගෙන වුණත් පාසලේ දරුවන්ට ඉගැන්වීම එක දවසකින්වත් අඩු කළේ නෑ. නිවාඩුවක් ගත්තෙම නෑ. පාසලට අඳින්න තිබුනේ එක සුදු සරමයි. සුදු අත්දිග බැනියමයි. දවස් දෙකක් ඇඳල පාසල ඇරිලා ඇවිදින් සුදු ඇඳුම් සෝදලා වේලාගෙන පහුවදාට ඇඳගෙන පාසලට යනවා. ගෙදරට අඳින්න තිබුණේ පාසලට ඇඳල පරණ වෙච්ච සුදු සරමක්. බූරු ඇඳට ඇඳ රෙද්දක් නෑ. කොට්ටයක් නෑ. කොට්ටයට පරණ පත්තර ටිකක්, පොරවා ගන්න ඇඳ සිටි සරම. බඩගින්නේ හිටපුවාර අනන්තයි. රැට පිදුරු වහලට වැටෙන අඹ ගෙඩි දෙක තුන උදේට අහුලගෙන හීල් වේල දවල් වේල ගත කළ වාර සීමාවක් නෑ. මගේ රුපියල් එකසිය පනහේ පඩියම ඉතුරු කරගන්න උත්සාහ කළේ මල්ලිලා සහ ගෙදර දොර ගැන හිතලා.
උපාධි විභාගෙ ළංවෙන කොට පොතපත පාඩම් කරගන්න දවස් විස්සක් විතර එක දිගට නිවාඩු අරගෙන පාසලට යද්දි විදුහල්පති තුමා කීවේ වෛද්‍ය සහතිකයක් ගෙනැවිත් දුන්නොත් පඩිය බේරාගන්න පුළුවන් වේවි කියලා. එහෙම නැත්තං නිවාඩුවට පඩියෙන් රුපියල් 75ක් කැපිල යනවා.”

 

රුපියල් තුන් ලක්ෂයක් වියදම් කොට පසුබිමේ පෙනෙන නිවාසය, වැලිකන්දේ ඉගෙන ගැනිීමට දක්ෂ මව නැති දුවරුන් දෙදෙනාට නාහිමියන් විසින් පසුගියදා සාදවා බාර දෙන ලදී. මෛත‍්‍රීපාල සිරිසේන අමාත්‍ය තුමාද මෙහි සිටී.

 

”කමක් නෑ විදුහල්පති තුමා මම නිවාඩු ගත්තේ ලෙඩකට නෙමෙයිනෙ. පාඩම් කරන්න. ඒ හින්දා වෛද්‍ය සහතික  ඕනෑ නෑ. පඩිය කපන්න. ඒ මාසයේදී මට පඩිය හැටියට ලැබුණේ රුපියල් 75ක් විතරයි. ඊළඟ මාසේ උපාධි ප‍්‍රතිඵල ලැබුණා. මම උපාධිය සමත් වී තිබුණා. සිංහල බුද්ධධර්මය සහ බෞද්ධ සංස්කෘතිය යන විෂය තුන තමයි සමත්වෙලා තිබුණේ. උපාධිය ලැබීමෙන් පසු නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයට ගුරුපත්වීමක් ලැබුණා. 1970 සිට 1975 දක්වා කාලය තුළ එහි වැඩ කළා. ඒ කාලේ උපාධි ගුරුවරයකුගේ වැටුප රුපියල් 350යි. වයස අවුරුදු හැටේදී පාසල් ගුරු සේවයෙන් විශ‍්‍රාම ගත්තා.”

”මගේ උපතේ තියෙන්නේ පැවිදි යෝගයක්ය කියලා. දිගටම ඉන්න බැරිනං ටික කාලෙකට හරි පැවිදිවෙලා ඉන්න කියලා මුල් කාලෙදි අම්මා මට කියා තිබුණා. මම මුල සිටම බ‍්‍රහ්මචාරී අනගාරික ජීවිතයට වැටුණෙත් ඒ නිසයි. විශ‍්‍රාම ගත්තායින් පස්සේ 1962 සිට සෑම වසරකම කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයට ගොස් භාවනාව පුරුදු වුණා. එයින් මට ලොකු චිත්ත ශක්තියක් ලැබුණා. මා ලැබූ අපරිමිත මානසික සුවය නිසාම පවුලේ සෙසු අයත් භාවනාවට හුරු පුරුදු කළා. ඒ අතර දිස්ත‍්‍රික්කය පුරාම සංචාරය කරමින් භාවනා මධ්‍යස්ථාන ආරම්භ කරමින් බෞද්ධ ජනතාව අතර භාවනාව හුරු පුරුදු කරන්න කැප වුණා.

මේ  අතරතුර කාලයේදී මම 27 වරක් පැවිදි ජීවිතයට ඇතුළත් වී ටික කාලයක් පැවිදි ජීවිතයේ ගතකොට 26 වරක් පැවිදි ජීවිතයෙන් මිදුණා. 1970 සිට සෑම වසරකම දෙසැම්බර් මාසයට කඳුබොඩ දී පැවිදි ජීවිතයට ඇතුළත් වෙනවා. නැවත එයින් මිදීල පාසල් සේවයට යනවා. මේ කාලය තුළ අමරපුර ස්වේදගං නිකායේද සියම් නිකායේද රාමඤ්ඤ නිකායේද, තුන් වරක් උපසම්පදාව ලබාගෙන තිබෙනවා. මහානායක හිමිවරුන්ගෙන් තුන්වරක් උපසම්පදාව ලබාගෙන විසිහත්වරක් පැවිදිබිමට ඇතුළත් වූ එකම තැනැත්තා මාවිය හැකි යැයි මට හිතෙනවා.”

”මේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ අධිපතිධුරය ලබාගෙන දැන් වසර 13ක්. දැන් මේ ස්ථානයට පෙහෙවස් සමාදන් වෙන්න වෙසක් පෝදාට එන පිිරිස තුන්දහසකට වැඩියි. සාමාන්‍ය පෝයකට වුණත් දාහක් විතර සිල් සමාදන් වෙන්න එනවා. අපි කළ යුත්තේ පන්සල්වල ගොඩනැගිලි වගාව නෙමෙයි. මිනිසුන් අතර ගුණ වගාවයි. අද අපේ රටට මෙය ඉතාමත් අවශ්‍යයි. මම දැන් මේ ආයතනයේ අධිපතිකම කළා ඇති. තවත් කෙනකුගේ ආගමික සංකල්පනාවන් බෞද්ධ ජනතාවට ලබා දීම සඳහා කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ භාවනානුයෝගී වූ මගේ පැවිදි සහෝදරයකු වන ගම්පහ පේමසිරි හාමුදුරුවන්ට ආයතනය බාර දෙනවා.

දානමාන වලින් ලැබුණු ලක්ෂ ගණන් මුදල් දුප්පත් අයට ගෙවල් දොරවල් හදාගන්න දන් දුන්නා. පන්සල් මකර තොරණ ආදිය නෙමෙයි හදන්න  ඕනෑ. අපි මිනිසුන් හදන්නයි  ඕනෑ. ගිය අවුරුද්දේ දුප්පතුන්ට ගෙවල් දෙකක් හදලා දුන්නා. පිළිකා රෝහලකට ලක්ෂ තිහක වියදමින් ශල්‍යාගාරයක් හදලා දුන්නා. මූදුකරයට සුනාමිය කඩා වැදුණු වෙලාවේ ගෙයක් ගානේ ගිහිං පිණ්ඩපාත කරලා පාරිභෝගික උපභෝගික ආහාර පාන බඩු බාහිරාදිය ලබාදුන්නා.”

”මම තවමත් ගමන් බිමන් යන්නේ කාගේ හෝ වාහනයක් ඉල්ලගෙන. මට පස් දෙනෙක් වාහන පූජා කරන්න ආවා. කුරුණෑගල පැත්තේ එක් ව්‍යාපාරිකයෙක් රුපියල් හැට ලක්ෂයක අලූත්ම වාහනයක් ගෙනැවිත් මට පූජා කළා. ඒත් මම ඒ වාහනය ආපහු ඒ අයටම දුන්නා. පණ ඇති දෙපයක් තියෙන තුරු මිනිසුන් අතරට යන්න. බොහෝ අයට යන්න නොලැබෙන සැප පහසු වාහනවල මම යන්නේ ඇයි? මමත් මිනිසුන්ගේම කෙනෙක්. මිනිසුන් නොවිඳින සැපපහසුකම් මට වුවමනා නෑ”

”මම දැන් ජන මාධ්‍යයට යන්න කැමති නෑ. දැන් සඟ පරපුර තුළ වූවත් කැපී පෙනෙන්න ජන මාධ්‍යයට එන්නේ බුදු බණ විකෘති කරන අය. මම ඒ අය අතරට, ඒ ගණයට වැටෙන්න කැමති නෑ. ”බුදු දහම” සංගීතයක් කරගත් අයත් අලූත් පරපුර තුළ ඉන්නවා.” ”අපේ සිිරිත පරම්පරානුගතව පන්සල් බාර දීම නෙමෙයි. වැඩට දක්ෂ දැන උගත් නිර්මාණශීලී ආගමට දහමට කැප වූ අයට පන්සල් බාර දීමයි අපේ සිරිත. ඒ කාර්යය ඉෂ්ඨ සිද්ධ කරන්නේ දැන උගත් දායක සභාවෙන්.”

”මම දැන් මුදල් පරිහරණය නවත්වනවා. දුර බැහැර ගමන් බිමන් සහ සමාජ සේවා කටයුතු නවත්වනවා. මගේ කුටියට වෙලා බණ දහම් තවදුරටත් භාවනා කරගෙන හුදකලාවේ සිටීමයි මගේ අධිෂ්ඨානය.

මගේ අපවත් වීමෙන් පසු බොරු ශෝභන උත්සව කිසිවක් එපා. ගුණකථන කිසිවක් එපා. සැදැහැවතුන්ට දඬුවම් දෙන පිංකම් එපා. ලී වලින් හදපු බොහෝම සරල පෙට්ටියක මගේ මළකඳ තැන්පත් කරලා අපවත් වී පැය 24ක් ගතවන්නට පෙර යක්කල ආයුර්වේද විද්‍යාලයට භාර දෙන්න. මා වෙනුවෙන් වෙනත් උපහාර පුද පූජා නොකරන හැටියට දායක සභාවෙන් ඉල්ලා සිටිනවා. යළිත් වරක් මේ ශ්‍රී ලංකාවට පැමිණ බෞද්ධ ජනතාවට බුදු දහමේ ගුණ මහිමය පෙන්වා දීමට මට පුනරුත්පත්තියක් ලැබේවි. මම ඒ තරමටම පින් කරලා තියෙනවා. බෞද්ධ ජනතාව තුළ බොරු ශෝබන නැතිව ගුණ දහම් වගා කිරීමයි මගේ එකම ප‍්‍රාර්ථනය.

ඔබ හැම දෙනාමට තුනුරුවන් සරණයි”
 උන්වන්සේ අවසාන වශයෙන් ප‍්‍රාර්ථනා කළහ.

 

සටහන හා ඡායාරූප : එප්පාවල රත්න බී. ඒකනායක

 



අදහස් (0)

විසිහත්වරක් පැවිදිවී තුන්වරක් උපසම්පදාවූ හාරිස්පත්තුවේ හාමුදුරුවෝ

අරුණ Sunday, 21 April 2013 08:34 PM

බුදු වන්නට පෙරුම් නොපිරුවත් , මෙලොවදීම මහන වන්නට පිරූ පිරුම්ම ඇති , මතු දාක මෙතේ බුදුන් දැක නිවන් දකින්නට. ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා! (නි)

:       0       0

දිනේෂ් Sunday, 21 April 2013 09:30 PM

අනුත්තර වූ පින් කෙතේ අස්වැන්න නෙලීමට දිගු කලක් යෙහෙන් වැජඹේවා ගරු හිමියනි.(නදී)

:       0       0

අනුරාධ. Sunday, 21 April 2013 09:32 PM

ඔබවහන්සේට ගෟතම සම්බුදු සසුනේම සත්‍ය අවබෝදවෙවා!(නදී)

:       0       0

සදුන් Sunday, 21 April 2013 10:09 PM

මගේ සහෝදරයා ඔබ වහන්සේගෙන් ඉගෙනගත් ගෝලයෙක්. අපි ඔබ වහන්සේගේ සේවාවන් පිළිබද ගොඩක් සතුටු වෙනවා.(නදී)

:       0       0

ලක්මාල් Sunday, 21 April 2013 12:29 PM

මම සිංහල කතෝලිකයෙක් , එහෙත් මම බුදු දහමට ගොඩක් ආදරය කරන , ගොඩක් ගෞරව කරන කෙනෙක්. අපේ හාමුදුරුවෝ බුදු බව ලබන්න ඕනෑ. (නි)

:       0       0

උදයංග Thursday, 02 May 2013 05:02 PM

මුදලට වහ වැටී,මනුස්සකම අමතක කරන සිංහල බෞද්ධයාට ඔබ වහන්සේගේ ජීවිත කතාව අගනා ආදර්ශයක්ම වේවා! (නි)

:       0       0

ද. අමරසිංහ. Monday, 22 April 2013 01:14 AM

ඔබ වහන්සේ සැබෑම බෞද්ධ භික්ෂුවකි.

:       0       0

ගාමිණී Monday, 22 April 2013 02:08 AM

අපේ හාමුදුරුවෝ තව කලක් දීර්ඝායු ලබා සුවපත්ව අප හැම සුවපත් කරත්වා! ඔබවහන්සේ වගේ අපේ අනෙකුත් මහසඟරුවනද ආදර්ශමත් ජීවිත ගත කරන්නේ නම් අපේ රටේ මිනිස්සු මීට වඩා දහමට පන්සලට ලං වෙලා. ඔබවහන්සේ ආදර්ශයට ගෙන අපේ රටේ සියලුම මහා සඟරුවනටද ඉන්න පුලුවනිනම් සමාජය මීට වඩා යහපත්වනු ඇත.(නු)

:       0       0

චන්දා Sunday, 21 April 2013 02:59 PM

හාමුදුරුවෝ බුදු බව ලබන්න ඕනෑ. (නි)

:       0       0

සුගන්ධී Sunday, 21 April 2013 03:07 PM

අපේ හාමුදුරුවන්ට මතු අමාමහ නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

මංජුල Monday, 22 April 2013 07:35 AM

ඔබ වහන්සේ අපිට මහත් අභිමානයක් අපේ හාමුදුරුවනේ. (නි)

:       0       0

සනත් Monday, 22 April 2013 07:37 AM

සෑමි මාර ට්‍රයි එකක් දෙන්ඩ ඇති වැරැද්දක් හොයාගන්ඩ.(නදී)

:       0       0

අනුර Sunday, 21 April 2013 04:12 PM

අනේ හාමුදුරුවනේ, දැන්ම නිවන් යන්න එපා. තව ආත්ම ගණනක් අපේ මිනිස්සුව යහ මගට ගන්නට ඔබ වහන්සේ ලංකාවේ උපදින්න ඕනෑ. (නි)

:       0       0

වසන්ත Sunday, 21 April 2013 05:16 PM

ඔබ වහන්සේට දීර්ඝායු!

:       0       0

නිලන්ත Monday, 22 April 2013 09:06 AM

අද සමජෙයට ඔබ අනගි ආදර්ශයක්....ඔබ වහන්සේට නිදුක් නිරෝගිව චිරාත් කාලයක් වජෙබෙව .........(ස)

:       0       0

හසිත Thursday, 08 August 2013 02:20 PM

අනේ සෑම්, නිකන් පණ්ඩිත කතා කියවන්න එපා. වැඩක් නැත්තන් ටිකක් වෙලා නිදාගන්න.මේ රත්තරන් හාමුදුරුවෝ වෙන කිසිම කෙනෙක් නොකළ විදියට සසුනට වැඩක් කළා. (නි)

:       0       0

සෑම් Sunday, 21 April 2013 07:25 PM

"භාවනා මධ්‍යස්ථානයේ අධිපති?" මම ඉල්ලා සිටිනවා අධිපති වැනි වචන වෙනුවට "විහාරාධිපති" වැනි වචන භාවිතාකරන ලෙසට.....(නු)

:       0       0

සුප්‍රා Sunday, 21 April 2013 07:26 PM

යළිත් වරක් මේ ශ්‍රී ලංකාවට පැමිණ බෞද්ධ ජනතාවට බුදු දහමේ ගුණ මහිමය පෙන්වා දීමට අපේ හාමුදුරුවන්ට ශක්තියක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 139 1

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 44 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 542 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 280 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 104 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 325 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site