IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වන අලි පන්නන්න ශබ්ද තරංග

(දයාරත්න ඇඹෝගම)

ශබ්ද තරංගයක් මගින් වන අලි පලවා හැරීම සඳහා උපකරණයක් අනුරාධපුර ඉංජිනේරුවරයෙකු විසින් නිපදවා තිබේ.

ඔහු අනුරාධපුර ඔයාමඩුව,බුත්තල පදිංචි කරුවෙකු වන මනතුංග දිප්ති ජිවකාන්ත ද සිල්වා (42) නැමති ගුවන්යානා සහ  විදුලි දුම්රිය ඉංජිනේරුවරයෙකි.මේ වන විට සිල්වා මහතා ඩුබායි රටේ සේවයේ නිරතව සිටිති.

සිය නිර්මාණය පිළිබඳව අදහස් දක්වමින් ජිවකාන්ත ද සිල්වා (42) මහතා මෙසේ පැවසීය.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා.සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හැදැරුවාට පස්සේ මම ලංකාවේ රැකියාවල් කිහිපයක් කළා.පසුව ඩුබායි රටට ගියා.ගුවන් යානා නඩත්තු කිරීම සඳහා අවුරුදු තුනක් පෞද්ගලික ආයතනයක ඉගෙන ගෙන  ගුවන් යානා නඩත්තු කිරීම සඳහා බලපත්‍රය ලබාගත්තා.ගුවන් යානා නඩත්තු කිරීමේ රැකියාව අවුරැදු තුනක් සිදුකළා.

ඊට පස්සේ ඩුබායි රටේ විදුලි දුම්රිය සේවාව ආරම්භ කළාට පසුව මම විදුලි දුම්රිය ඉංජිනේරුවරයෙක් විදියට 2012 වසරේ සිට  මේ දක්වාම ඩුබායි රටේ සේවය කරනවා.

ඒ අතරතුර තමයි මම වනඅලි පලවා හැරීමේ මෙම යන්ත්‍රය නිර්මාණය කළේ.ඒ සඳහා මට පේටන්ට් බලපත්‍රයක් ලැබිලා තියෙනවා.පළමුවෙන්ම මම මෙම යන්ත්‍රය හදන්න පෙර ලෝකයේ ඉන්න වන අලියෝ පිළිබඳව මාස හයක්ම අධ්‍යනය කළා.

අප්‍රිකානු අලි,ඇමරිකාවේ ඉන්න අලි ගැන ඔවුන්ගේ හැසිරීම පිළිබඳව අධ්‍යනය කළා.ඉන් මම වටහාගත් දෙයක් තමයි මොලය තියෙන අලි විශාල පිරිසක් ඉන්නේ ලංකාවේ කියන එක.ලංකාවේ වන අලි විදුලි වැටේ කණුව උඩින් ගලවලා ටක් ගාලා බිම දානවා.

දකුණු ආසියාවේ හොඳම අලියා ඉන්නේ ලංකාවේ.මම අපේ ලංකාවේ අලියෝ බය මොනවටද කියලා ආයේ අධ්‍යනය කළා.ඊට පස්සේ මම අධ්‍යනය කළා ඇයි මේ අලි වැටවල් අසාර්ථක වෙන්න හේතුව කියලා.

මේ සඳහා වියදම වැඩියි,දැණුම නැහැ,නඩත්තු කරන්න බැහැ.ප්‍රශ්න ගොඩාක් තියෙනවා.ඒක තවදුරටත් හරියන්නේ නැති නිසා තමයි මේ වන අලි ප්‍රශ්නයට මුහුණ දෙන්න මේ වාගේ නිර්මාණයක් බිහිකරන්න කටයුතු කළේ.අලි එනකොට මේ යන්ත්‍රය ක්‍රියාත්මක  කිරීම පමණයි කළ යුත්තේ.අලි ගියාම අක්‍රිය කරනවා.වියදම අඩුයි.විදුලි වැට වගේ නිතර විදුලිය භාවිතා කරන්න ඔනේ නැහැ.

අලිගැන අධ්‍යනය කිරීමෙන් පසුව මම දැනගත්තා අලියෝ සමහර දේවල් වලට අකමැති බව.ඒ වාගෙන් අලි ඇත් වෙන්න උත්සහා කරනවා.අලි සමහර ශබ්ද තරංග අහන්න අකමැතියි.ඒ පිළිබඳව අධ්‍යනය කරලා මම හැදුවා උපකරණයක් ඒ කියන්නේ මේ අලි පලවා හැරීමේ උපකරණය.

මේ උපකරණයට යොදවලා තියෙනවා ඝෝෂාකාරි හඬක්.ඒ ශබ්දයට වන අලි හරිම අකමැතියි.හැබැයි මේ හඩ නිසා අනෙකුත් සතුන්ට පීඩාවක් සිදුවන්නේ නැහැ.ඒ හඩ ඇසෙන දිසාවක වන අලි රැදි ඉන්නේ නැහැ.මේ උපකරණයේ හඩ මීටර් 100 ක් 150 ක් දුරට අපිට ඇහෙනවා.නමුත් අලියාට මේ හඩ කිලෝ මිටර් එක හමාරක් දෙකක් දුරට ඇහෙනවා.මේ ශබ්දයත් එක්ක අලියා කිලෝ මිටර් හතරක් පහක් දුරටආපස්සට යනවා.

අලියා ආපහු එන්න පුලුවන්.නමුත් අර ශබ්දය නැවත ඇහුනොත් අලියා තමුන්ට මෙම ස්ථානය ගැවසෙන්න සුදුසු ස්ථානයක් නොවෙයි කියලා හිතනවා.ආයේ ආපසු ඒ ප්‍රදේශයට එන්නේ නැහැ.අලි ඒ පළාත අත් හැරලා යනවා.මේ උපකරණය ඔනේ තැනකට අරන් යන්න පුලුවන්.වන ජිවි දෙපාර්තමේන්තුවේ වාහනයකට සවි කරලා ඔනේ කැලැවකට අරන් ගිහින් වන අලි එලවන්න පුලුවන්.

මම  උපකරණය ගැන දැනුවත් කරන්න මම ඩුබායි ඉදලා වනජීවි ඇමතිතුමා සම්බන්ධ කරගන්න උත්සහා කළා බැරිවුණා.

ඊට පස්සේ ඇමතිතුමාගේ කාර්යාලයෙන් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා සම්බන්ධ කරගන්න පුලුවන් වෙයි කියලා ඒතුමාගේ දුරකතන අංකය දුන්නා.ඒ අනුව ඒතුමා සම්බන්ධකර ගැනිමට හැකියාව ලැබුණා.

මෙම යන්ත්‍රයට අමතරව මම තවත් නිර්මාණ පහක් කරලා තිබෙනවා.ඒ සඳහාත් පේටන්ට බලපත්‍ර පහක් මට ලැබිලා තිබෙනවා.ලංකාවේ විදුලි ප්‍රශ්නයටත් විසදුමක් විදියට මුහුදු ජලයෙන් විදුලිය නිෂ්පානය කරන්න මම උපකරණයක් නිෂ්පාදනය කොට තිබෙනවා.

විශේෂයෙන්ම මුහුදු ජලයෙන් විදුලිය නිෂ්පාදනය කරන යන්ත්‍රය මගින් රටටම විදුලිය නිෂ්පාදනය කරලා අතිරික්තය මාලදිවයිනට,ඉන්දියාවට විකුණන තත්වයකට නිපදවන්න පුලුවන්.

පොලොව යට විදුලි බලාගාරයක් ගහලා තමයි මම විදුලිය නිෂ්පාදනය කරන්නේ.පැයට කිලෝ වෝට් 10.000 ක් විදුලිය නිෂ්පාදනය කරන්න පුලුවන් මට.එහෙත් අපේ රටේ පාලකයන් අපේ හැකියාවන් ගෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ.

ඒ නිසා අපට පිටරටට වෙලා ඔවුන්ට සේවය ලබාදෙන්න සිදුවිම කණගාටුවක්.මේ සම්බන්ධයෙන් අපේ නව ජනාධිපතිතුමාත් රජයත් අවධානය යොමු කරලා සිය හැකියාවෙන් සේවය ලබාගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද හෙතෙම මෙහිදි පැවසීය.



අදහස් (15)

වන අලි පන්නන්න ශබ්ද තරංග

apksa Thursday, 26 December 2019 01:49 PM

වල්අලින්ගෙන් බේරීමට, මී මැස්සන් බෝකර මීමැසි වැටවල් හදන්න පුරුදු වෙන්න.

:       1       184

AmalThursday, 26 December 2019 03:51 PM

මේ ක්‍රමය දැනටමත් භාවිතාවේ නැතිද ලංකාවේ.

:       0       8

Mee massaFriday, 27 December 2019 05:42 AM

මේ ක්‍රමය ලංකාවේ නියමු ව්‍යාපෘතියක් විදියට කළා. අසාර්ථකයි. ලංකාවේ මී මැස්සන්ගේ ශරීර ප්‍රමාණයත් ඊට එක් හේතුවක්.. තාවකාලික පලවා හැරීමකට වඩා කළයුතු වන්නේ අලින්ගේ ගමන් මාර්ග සඳහා ප්‍රමාණවත් භූමි ප්‍රදේශ වෙන් කිරීමයි. අලියෙක් නිශ්චිත ඉඩක් ඉන්න සතෙක් නෙමෙයි. තල් ගස්, හණ ගස්, දෙහි ආදිය යොදා ගෙන කළ ජීව වැට ක්‍රමයත් අසාර්ථකයි. තරමක් හෝ දැනට සාර්ථක වී තියෙන්නේ විදුලි වැටයි. එය නියමාකාරයෙන් සිදුකරනවා නම් ප්‍රශ්නයක් නෑ. මෙම නිෂ්පාදනය අගය කළ යුතුමයි. එහෙත් රජයේ අනුග්‍රහයක් හෝ සහයක් ගැන සිතීම නම් නිශ්ඵල දෙයක්...

:       0       117

joe fernando Thursday, 26 December 2019 05:30 PM

කෘමි නාශක පාවිච්චි කරනවානම් මී මැස්සෝ ඉන්නේ නැහැ

:       0       15

Sarath Silva Friday, 27 December 2019 02:01 AM

මේ මහතාගේ වටිනා නව නිෂ්පාදන ගැන කරුණාවෙන් සලකා බලන්න.

:       0       164

නෙවිල් Friday, 27 December 2019 03:10 AM

අපි මේ නව නිෂ්පාදන හදවතින්ම අගය කරනකවා. එත් මේ අහිසංක සත්තු ඈතට පලවා හැරලා උන්ගේ බඩගින්න නිවන්නෙ කොහොමද.?

:       0       105

Ajith Friday, 27 December 2019 04:18 AM

ඔහොම ගිහින් මුහුදට තමයි වන අලි එලවන්න වෙන්නේ.

:       0       403

janahitha Saturday, 28 December 2019 03:53 AM

මෙය රාත්‍රීකාලයේ මනම්පිටිය ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ සවිකරන්න පුළුවන්... මේ අලිමන්කඩේ වාර්ෂිකව අලි සිය ගාණක් මැරෙනවා දුම්රියේ හැපිලා... හේතුව නම් බීමත් රියදුරන් වේගයෙන් ධාවනය කිරීමයි. රජයේ වියදමින් මෙය කළයුතු වෙනවා.

:       0       4

sisira Saturday, 28 December 2019 09:14 AM

නොවැම්බර් 16 දායින් පසුව අලි ටික නැත්තටම නැතිවුණා.

:       202       12

නන්නාදුනන හාදයා Saturday, 28 December 2019 07:27 PM

අලියෙක් හොයාගෙන ගිහින් මොකක්ද ගෝරියක්...

:       0       0

Kumar Saturday, 28 December 2019 04:08 PM

අලි කියන්නේ හොඳට මොලේ තිබෙන සත්වයෙක්... ටික දිනකින් පැමිණ ඔය ශබ්දය නිකුත් කරන යන්ත්‍රය විනාශ කරලා දමයි. ඒ වැඩේ බිහිරි අලියෙකුට පවරයි. අලි කොහොම වෙතත් ඒ අවට ඉන්න කවුරුහරි එ්ක අරගෙන යයි.

:       0       35

leel gunawardena Tuesday, 31 December 2019 08:43 PM

සිසිර බැංකු කඩපු අලිටික නැත්තටම නැති උනා. ඒ අය කකුල් දෙකේ අලි. අපි කතා කරන්නේ කකුල් හතරේ අලි ගැනයි මොකක්ද ? අප්පා ඔයා.

:       0       0

mahinda Wednesday, 01 January 2020 01:37 AM

නව සොයාගැනීම් සියල්ල අමතක කර පැරණ කොමිස් මඩ වලේ නාන කට්ටිය තමයි රජය සේවෙත් දේසපලනෙත් ඉන්නේ .එකනේ රට වල පල්ලට යන්නේ

:       0       0

KumarWednesday, 01 January 2020 04:01 PM

සෑම අලුත් නිපැයුමක්ම සාර්ථක වෙන්නේ නැහැ. එම නිපැයුම එම කාර්යයට යොදවා කලකට පසු එම නිපැයුමේ හොඳ නරක කිව හැක. හොඳම නිදසුන ඇමෙරිකාවේ නිෂ්පාදිත නව මගීන් ගෙනයන ගුවන් යානය. යානා දෙකක් වැටී තුන්සීයකට වැඩි දෙනෙකුගේ ජීවිත අහිමි වුණා.

:       0       0

Jagath Wednesday, 01 January 2020 11:44 PM

අලි වටිනවා තමයි ඒත් මිනිස් ජීවිත ඊට වඩා වටින්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 459 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 264 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 89 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 318 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 228 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 280 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site