IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලංකාවේ සතුන් විශේෂ 346ක් වඳවී යාමේ තර්ජනයක

ජෛව විවිධත්වය පිළිබඳ මෙරට පළමු සංකල්පය බිහිවන්නේ මහින්දාගමනයෙනි. මිහිඳු මහ රහතන් වහන්සේ එදා මිස්සක පව්වේ සිට දෙසූ දහමෙන් පෝෂිත වූ මෙසිරිලක බිහිවූ රජ දරුවෝ වන ගහණයත්, සත්ත්ව ප‍්‍රජාවත් රැුක ගැනීම සඳහා විවිධ රාජාඥා නිකුත් කළ බවට ඓතිහාසික සාධක රැුසක් දක්නට ලැබේ. ඒ අනුව මෙරට ජෛව විවිධත්වය සුරැකිය යුතු සම්පතක් බව වටහා ගත්තේ අද ඊයේ නොවන බව සක්සුදක් සේ පැහැදිලි වේ. නමුත් වර්තමානයේ ශී‍්‍ර ලාංකික ජනතාවට ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ වැදගත්කමත් එහි අවශ්‍යතාවයත් යළි යළිත් පෙන්වාදෙන්නට සිදුව ඇත. විද්‍යාව හා තාක්ෂණය යොදා ගනිමින් මිනිසා විසින් තමා මත බලපාන්නා වූ සොබා දහමේ පොදු ධර්මතාවයන් වෙනස් කර ඇත. එබැවින් තාවකාලිකව හෝ අඛණ්ඩව හෝ පරිසරයේ සිටිය හැකි මිනිසා නම් ජීවියාගේ උපරිම ප‍්‍රමාණය ඉක්මවමින් වර්ධනය වීමේ හැකියාවක් මිනිස් ගහණයට ලැබී තිබේ. මෙහි ප‍්‍රතිඵලය වී ඇත්තේ ලෝකයේ ජනගහණය ශීඝ‍්‍ර ලෙස ඉහළයාමයි. පෘථිවි තලය තුළ පමණට වැඩි මිනිසුන් සංඛ්‍යාවක් ජීවත්වීම අපේ ප‍්‍රධාන පාරිසරික ගැටලූ බොහොමයකට හේතුවී ඇති කරුණ ලෙස දැක්විය හැකිය. මේ අතින් ප‍්‍රධානතම ගැටලූවක් වන්නේ මිනිස් ජනගහණයේ වර්ධනය වීමට සාපේක්ෂව ලෝකයේ ජෛව විවිධත්වය ඉතා ශීඝ‍්‍රයෙන් විනාශ වී යාමයි. මෙම ගැටළුවට ශී‍්‍ර ලංකාව ද බරපතළ ලෙස මුහුණ පා තිබේ. මෙහි විශාලතම ඛේදවාචකය වන්නේ ශී‍්‍ර ලංකාව වසර මිලියන ගණනක් ¥පත් රාජ්‍යයක් ව පැවතීම හේතුවෙන් අප රටටම ආවේණික වූ ඉහළ ජෛව විවිධත්වයක් තිබීම හා ලොව කොතනකවත් දක්නට නැති මේ වටිනා විවිධත්වය දැඩි අන්තරායකර තත්ත්වයකට මුහුණ පා තිබීමයි. මේ පිළිබඳ අවදානම දැනට වසර ගණනාවක සිට නිතිපතා ප‍්‍රකාශයට පත්කැරුනු අතර පසුගියදා ශී‍්‍ර ලංකාවේ සත්ත්ව විශේෂ 346ක් වදවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශයට පත්කිරීමත් සමගම ඒ පිළිබඳ යළි දැවැන්ත කථිකාවතක් ගොඩනැගිය යුතු කාලයක් එළැඹ තිබේ. ලෝකයේ සියළුම ස්ථාන ආරක්ෂා කිරීමේ හැකියාවක් නොලැබෙන බැවින් ජෛව විවිධත්වය ඉතාමත්ම ඉහළ අගයක් ගන්නා එමෙන්ම විනාශවී යාමේ තර්ජනයට මුහුණපා සිටින ස්ථාන කිහිපයක් තෝරාගෙන ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කොට සුරැකීමට තීරණය කර තිබිණි. එලෙස තෝරාගනු ලබන ස්ථාන ජෛව විවිධත්ව උණුසුම් කලාප ලෙස නම් කර ඇත. මෙලෙස තෝරාගත් කලාප අතරින් ශී‍්‍ර ලංකාවට හිමිවූයේ ප‍්‍රමුඛ ස්ථානයකි. ලංකාවේ ස්වභාවික පරිසරය, වගාබිම් හා වාසස්ථාන වෙනුවෙන් මුළුමනින්ම පාහේ බිලි දී ඇති බවක් පෙනෙන්නට තිබේ. සමස්ථ රටම සැලකූවිට එහි බොහෝ ප‍්‍රදේශ කවර හෝ යුගයක මිනිිසා විසින් හෙළි පෙහෙළි කර තිබූ බවට සාධක හමුවේ. ඒ අනුව ලංකාවේ ස්වභාවික පරිසරයෙන් සියයට 95ක් පමණ විනාශ වී ගොසිනි. ඉතුරුව ඇති ස්වභාවික පරිසර පද්ධතීන්ද විවිධාකාර වූ ආක‍්‍රමණික ශාක හා සතුන් හේතුවෙන් විනාශ වෙමින් පවතී. එමෙන්ම රටට ඔරොත්තු නොදෙන තරම් වූ ජනගහණ වර්ධනය සහ කෘති‍්‍රම රසායනික භාවිතය හේතුවෙන් ඉතුරුව ඇති භූමියද කඩිනමින් විනාශ මුඛය කරා යමින් පවතී. මේ අනුව ලංකාව ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් බවට පත්වීමේ එක් සුදුසුකමක් වන සියයට 70කට වඩා ස්වභාවික පරිසරය විනාශවී යාම යන සාධකය සපුරා තිබුණි. ඉන්දියාවේ බටහිර ගාට්ස් ප‍්‍රදේශය හා ශී‍්‍ර ලංකාව භූගෝලීය වශයෙන් වසර මිලියන ගණනක් එක්ව තිබූ බවත් එය තවමත් සමාන ලක්ෂණ දරන බවත් සැලකිල්ලට ගනිමින් මෙම ප‍්‍රදේශ දෙක එක් ප‍්‍රදේශයක් ලෙස සලකා ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් බවට පත්කිරීමට විද්‍යාඥයෝ කටයුතු කළහ. ලොව ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් බවට පත්වූ ශී‍්‍ර ලංකාවේ දිගින් දිගටම සිදුවන විනාශයන් හේතුවෙන් එය තවදුරටත් දැඩි සේ සුරැකිය යුතු තත්ත්වයට පත්ව ඇත. වර්ග කිලෝ මීටර 65610ක් තරම් වූ භූමිභාගයක් සතු ශී‍්‍ර ලංකවේ භූ විෂමතාවය සහ දේශගුණික වෙනස්කම් මෙරට ජෛව විවිධත්වය වැඩිවීමට දැඩි සේ බලපා තිබේ. මධ්‍යම කඳුකරයෙන් ආරම්භවන ප‍්‍රධාන ගංගා නවයක් ඇතුළු ගංගා නිම්න 106ක් පිහිටා ඇති මෙරට ජලජ පරිසර පද්ධති අතර ස්වභාවික ජලාශ දක්නට නැතත් මිනිසා විසින් සාදන ලද වැව් 10000ට අධික සංඛ්‍යාවක් දක්නට ලැබේ. එමෙන්ම රට වටා පිහිටි මුහුද ආශි‍්‍රතව ද විශාල ජෛව විවිධත්වයකින් යුතු පරිසර පද්ධතීන් දක්නට ලැබෙන අතර මහවැලි ගංගාවේ පිටාර කලාපයේ ද විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දක්නට ලැබෙන ජලය පිරුණු ස්ථානයන්ද ජෛව විවිධත්වය පොහොසත් කිරීමට හේතුවකි. මෙහි වැදගත්ම සාධකය වන්නේ මෙරට සෑම වර්ග කිලෝ මීටරයක්ම සැලකූවිට හෙක්ටයාර තුනක පමණ තෙත් බිමක් පිහිටා තිබේ. මේ තෙත්බිම් තුළ ජීවත්වන මිරිදිය මසුන් විශේෂ සංඛ්‍යාව 87කි. මෙයින් විශේෂ 27ක් පමණ ශී‍්‍ර ලංකාවට ආවේණිකය. ශී‍්‍ර ලංකාවේ ස්වභාව විද්‍යා පර්යේෂණ ආරම්භ වී ගතවූ වසර 150ක පමණ කාලයේදී මෙරටින් සොයාගත් ශාක විශේෂ 1100ක් අතරින් විශේෂ 72ක් මේ වනවිට වඳවූ විශේෂ ලෙස සැලකේ. දැනට මෙරටින් වාර්තාව න මල් හටගන්නා හෙවත් සපුෂ්ක ශාක අතරින් විශේෂ 673ක් හෙවත් සමස්ථ ශාක ප‍්‍රමාණයෙන් සියයට 61ක් වඳවී යාමේ තරජනයට ලක්ව ඇත. මෙහි වඩාත් හානිකර තත්ත්වය වන්නේ වඳවී යාමේ තර්ජනයට මුහුණපා සිටින ශාක විශේෂ අතරින් 412ක්ම ලංකාවට ආවේණික විශේෂ වීමයි. ඒවායින් සියයට 37ක් දැඩි අන්තරායකාරී තත්ත්වයේ තිබීම මෙරට පරිසරයට සිදුවී ඇති හානියට හොඳ සාක්ෂියකි. මේ ශාක විශේෂ 412 අතරින් එක් විශේෂයක් හෝ මෙරටින් සමුගතහොත් එය ලෝකයේ ශාකාගාර වල සංරක්ෂිත දර්ශක වලට පමණක් සීමා වූ ශාක බවට පත්වනු ඇත. සත්ත්ව විද්‍යා පර්යේෂකයන් පවසන්නේ පසුගිය වසර 100ක කාලයේදී ශී‍්‍ර ලංකාවේ උභය ජීවී විශේෂ 21ක් වඳවී ගොස් ඇති බවයි. මේ වනවිට මෙරටින් හමුවන පෘෂ්ඨවංශී සත්ව විශේෂ 223ක් අතරින් 138ක් හෙවත් සියයට 62ක් ශී‍්‍ර ලංකාවට ආවේණික විශේෂ වෙයි. සත්ත්ව විශේෂ අතරින් සියයට 33ක් හෙවත් විශේෂ 57ක් වදවී යාමේ තර්ජනයට ලක්ව ඇත. ලෝක සංරක්ෂණ සංගමය ශී‍්‍ර ලංකාව පිළිබඳ රතු දත්ත වාර්තාව ඉදිරිපත් කරමින් පවසන්නේ සෑම පෘෂ්ඨවංශී විශේෂ 12ක් අතරින් එක් විශේෂයක් අනාගතයේ වඳවීයාමට ඉඩ තිබෙන බවයි. විනාශවී යාමේ තර්ජනයට ලක්වූ සත්ව කාණ්ඩ අතරින් වැඩිම බලපෑමට හසුව ඇත්තේ උරගයන් වන අතර එහි දෙවැනි තැන උභය ජීවීන්ට හිමිව ඇත. පක්ෂීන්, ක්ෂීරපායීන් සහ මත්ස්‍යයන් මේ තර්ජනාත්මක ලේඛණයේ අනුපිළිවෙලට පසුවෙති. ක්ෂීරපායී විශේෂ දෙකක් අතරින් එක් විශේෂයක් ද, උභය ජීවී විශේෂ දෙකක් අතරින් එක් විශේෂයක් ද, උරග විශේෂ තුනක් අතරින් එක් විශේෂයක් ද මත්ස්‍ය විශේෂ තුනක් අතරින් එක් විශේෂයක් ද, පක්ෂි විශේෂ හයක් අතරින් එක් විශේෂයක්  ද නුදුරු අනාගතයේදීම මේ රටින් තුරන්ව යාමේ අවදානමට ලක්ව ඇති බවට පරිසරවේදීහු අනතුරු අඟවා ඇත. කොදු ඇටපෙළක් නොමැති හෙවත් අපෘෂ්ඨවංශී සතුන් ද දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇත. ඒ අතරින් ශී‍්‍ර ලංකාවේ හමුවන බත්කූරන් විශේෂ 120ක් අතරින් විශේෂ 57ක් ලංකාවට ආවේණික වන අතර ලංකාවට ආවේණික විශේෂ 20ක් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇත. මෙරට විශේෂිතම සත්ත්ව කාණ්ඩයක් වන්නේ මිරිදිය කකුළුවන්ය. මෙතෙක් වාර්තා වී ඇති මිරිදිය කකුළුවන් විශේෂ 51 ම ශී‍්‍ර ලංකාවට ආවේණික වන අතර ඉන් විශේෂ 37ක් වඳවීයාමේ තර්ජනයට ලක්ව තිබේ. දිවිමකුළුවන් විශේෂ හතක් අතරින් පහක් ලංකාවට ආවේණික අතර ඉන් එක් විශේෂයක්ද වඳවීයාමේ තර්ජනයට ලක්ව තිබේ. මෙරටින් වාර්තාවන භෞමික ගොළුබෙල්ලන් 246කින් 204ක්ම ලංකාවට ආවේණික වෙයි. කොඳු ඇටපෙළක් රහිත සතුන් අතරින් වැඩිම තර්ජනයට ලක්ව ඇත්තේ සමනළයින්ය. ලංකාවේ හමුවන සමනළ විශේෂ 243කින් විශේෂ 20ක් ලංකාවට ආවේණික වන අතර එම විශේෂ සියල්ල මෙරටින් වඳවීයාමේ තර්ජනයට ලක්වූ විශේෂවේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා පුහුණු නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්.ආර්.බී. දිසානායක මහතා පවසන්නේ ශී‍්‍ර ලංකාවේ පහතරට තෙත් කලාපයට අයත් සහ මධ්‍යම කඳුකරයට අයත් ප‍්‍රදේශවල තර්ජනයට ලක්වූ විශේෂ වැඩි ප‍්‍රමාණයක් වාර්තා වන බවයි. දැනට වාර්තාවී ඇති තොරතුරු අනුව සත්ව විශේෂ වැඩිම ප‍්‍රමාණයක් තර්ජනයට ලක්වූ දිස්ති‍්‍රක්කය රත්නපුර දිස්ති‍්‍රක්කය වන අතර වැඩිම ශාක ප‍්‍රමාණයක් තර්ජනයට ලක්ව ඇත්තේ මහනුවර දිස්ති‍්‍රක්කයේය. දිසානායක මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය. ‘‘ජනගහණය වැඩිවන විට ජනපද බිහිවීම, ඉඩම් ගොඩකිරීම සහ සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක වීම සිදුවනවා. ඒ සමගම වනාන්තර විනාශයත්, ජලවහන රටා වෙනස්වීමත් මැණික් ගැරීම හා කෘෂිකාර්මික කටයුතු වැඩිවීමත් නිරායාසයෙන්ම සිදුවන්නක්. ප‍්‍රතිඵලය වන්නේ ස්වභාවික පරිසර පද්ධතීන්ගේ වෙනස්කම් හේතුවෙන් ඒවායේ ජීවත්වන සත්ව හා ශාක ප‍්‍රජාව දැඩි තර්ජනයකට ලක්වීම. මේ පිළිබඳ අප දෙපාර්තමේන්තු මට්ටමින්, පාසල් මට්ටමින් සහ ප‍්‍රජා සහභාගීත්වයෙන් දැනුම්වත් කිරීම් කරනවා. ඒ වගේම වනාන්තර ඇතුළු පරිසර හානිය වැළැක්වීම සඳහා විවිධ අනපනත් රැුසක් කි‍්‍රයාත්මක කරනවා.” දිසානායක මහතා පවසන්නේ, ලෝක සංරක්ෂණ සංගමය විසින් ශී‍්‍ර ලංකාව පිළිබඳ නවතම රතු දත්ත පොත එළිදැක්වීමට කටයුතු කරමින් සිටින බවයි. මේ දක්වාම ලබාදීමට ඇත්තේ එම සංගමය විසින් 2007 වර්ෂයේ සකස් කරන ලද රතු දත්ත පොතෙහි සඳහන් කරුණු බවත් ඉදිරි මාස කිහිපයේදී ඇතැම් විට වඳවීයාමේ තර්ජනයට ලක්වූ ජීවී විශේෂ සංඛ්‍යාව මීට වඩා ඉහළ අගයක් ගනු ඇතැයි ද සිතිය හැකි බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. ලෝකයේ සියළුම රටවල් සැලකූ විට ජෛව විවිධත්වයෙන් අතිශය පොහොසත් රටක ජීවත්වන අප විසින් සිදු කරන්නාවූ කි‍්‍රයාවලියන්ගෙන් මෙම පරිසරය විනාශ වීම තවදුරටත් සිදුවෙමින් පවතින අතර එය වැළැක්විය නොහැකි මට්ටමට ගමන් කර තිබේ. ඒ නිසා මේවා සංරක්ෂණය කරගැනීම සඳහා රටේ සියළුම තරාතිරම් වල ජනතාව මේ පිළිබඳව දැනුම ලබා එය ආරක්ෂා කිරීම සඳහා වාහාම කටයුතු කිරීමට කාලය එළැඹ ඇත. විශේෂයෙන්ම ළමා පරපුර මේ කෙරෙහි යොමු කිරීමෙන් අප රටේ ප‍්‍රධානතම සම්පත වන ජෛව විවිධත්වය සුරැකීම අප සියළු දෙනාගේම යුතුකම හා වගකීම වන්නේය. විශේෂ ස්තූතිය ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයට

සජීව විජේවීර
බුලත් හපයා ඇතාමල ඇල්ල ලෝන් ස්නවුටඞ් ටී‍්‍රග් ද්‍රකුණු පළාත් කළු වඳුරා අසෝක පෙතියා



අදහස් (68)

ලංකාවේ සතුන් විශේෂ 346ක් වඳවී යාමේ තර්ජනයක

චමිල්ක Wednesday, 05 October 2016 12:28 AM

වඳ වී යන සතුන්ගේ තොරතුරු ටිකකුත් පළකරන්න පුලුවන්නම් හොඳයි, කරුණාකරලා. (නි)

:       267       643

නාමල් Monday, 30 January 2017 09:02 AM

ලංකාදීපය කරන මෙහෙවර අගයමි (නි)

:       41       169

රවිඳු (පරිසර කමිටුව) Monday, 30 January 2017 09:02 AM

මට වඳවි යන ශාක හා සතුන්ගේ නම් හා ඡායාරූප උවමනා කර ඇත (නි)

:       136       614

ලහිරැ Saturday, 22 October 2016 12:58 PM

වද වී යන සතුන්ගේ නම් එක්ක තිබ්බනන් ගොඩක් හොදයි. (අ)

:       73       148

නිශාන්ත පෙරේරා Friday, 12 August 2016 05:12 AM

මට වදවී ගෙන යන සතුන්ගේ විස්තර ටිකක් එවන්න පුලුවන්ද (හේ)

:       85       120

දිල්ශාන් Thursday, 10 March 2016 01:42 PM

හරි.(හේ)

:       30       25

කවිදු Friday, 16 September 2016 09:28 AM

මට වදවී ගෙන යන සතුන්ගේ විස්තර ටිකක් ගන්න පුලුවන්ද (හේ)

:       31       109

සචිනි Tuesday, 05 July 2016 08:41 AM

මෙම තොරතුරු අපහට ලබාදුන්නාට ස්තුතියී (බ)

:       17       46

චතුරංග Wednesday, 28 September 2016 01:46 PM

මට ලංකාවේ වදවීගෙන යන සතුන් ගැන විස්තර ටිකක් දැනගන්න පුළුවන්ද? (අ)

:       48       240

සමුදි තිලිනිකා Wednesday, 25 January 2017 09:05 PM

මට ලංකාවේ වඳවී ගිය හා වඳවීමේ තර්ජනයට ලක් වූ සතුන්ගේ ඡයාරූප සමඟ විස්තර ටිකක් ලබාගත හැකිද? (නි)

:       175       166

සුසන්ත ප්‍රනාන්දු Saturday, 26 November 2016 12:15 PM

වද වි යන සතුන් සහ ශාක පිළිබද විස්තර සහ රූප එවන්න (හේ)

:       18       119

මතීශ Saturday, 15 July 2017 12:54 AM

මටත් වඳවී ගෙනයන සතුන් ටිකක් එවන්නකෝ...

:       20       38

නිශාමලි දිසානායක Tuesday, 25 July 2017 03:55 AM

පිංතූර එවන්න

:       22       39

නදීශා Monday, 28 August 2017 07:42 AM

මට වදවී යන ශාක වල තොරතුරු හා රූප එවන්න පුලුවන්ද

:       35       44

ශ්‍යාමලී Wednesday, 30 August 2017 04:42 AM

වද වී යන සතුන් පින්තූර සහ උද්භිද විද්‍යාත්මක නම් සමග එවන්න

:       22       27

Diwyanjalee Saturday, 28 October 2017 02:50 AM

මටත් ඕනෑ වඳ වී යන සතුන් හා ශාක පිලිබඳ විස්තර... ඒ කියන්නේ හඳුන් දිවියා නම් එයාගේ විද්‍යාත්මක නම, වාසස්ථාන, ප්‍රජනනය, ආහාර පුරුදු, ජීවන පුරුදු වගේ විස්තර වෙන වෙනම එක එක සත්තුයි, ශාක ටිකකුයි එවන්න පුළුවන්නම් හොඳයි.

:       48       63

ඒ.ඩී.අචිනි මදුසංකි මෙන්ඩිස් Thursday, 02 November 2017 06:42 PM

මට ශ්‍රී ලංකාවේ වඳ වී යන සතුන්ගේ තොරතුරු සහ පින්තූර අවශ්‍ය වී ඇත

:       24       37

shalani nisansala Saturday, 04 November 2017 05:41 AM

වඳවීයන සතුන්ගේ විස්තර පල කරන්න පුලුවන් නම් හොඳයි. ඉගෙන ගන්න ළමයින්ට හොඳයි.

:       14       28

Tuwan shifan Friday, 10 November 2017 08:55 AM

සතුන්, ගහකොළ වඳවීම වළකාලිය නොහැකිය.

:       23       24

Shifan Friday, 10 November 2017 09:18 AM

මට වඳවීයන සත්තු සහ පැල ගැන තොරතුරු ඕනේ...

:       47       42

Shifan Saturday, 11 November 2017 02:04 PM

ශ්‍රී ලංකාවේ වඳවී යන පැල ගැන හා සත්තුගැන තොරතුරු ඕනේ....

:       9       66

සරත් ගාමිණි දිසානායක Friday, 02 February 2018 09:47 AM

මා හට ලංකාවේ වඳ වී යන සතුන්ගේ හා ශාක වල විස්තර සහ ඡායාරූප අවශ්‍යව ඇත. එම විස්තර මා වෙත එවීමට හෝ ලබා ගත හැකි වෙබ් අඩවියක් ඇත්නම් ඒ පිළිබඳව සඳහන් කරන්න..

:       15       21

අනෝමා රණසිංහ Sunday, 04 March 2018 09:33 AM

වඳවී යන ශාක සහ සතුන් විස්තර සහිතව එවන්න. පුළුවන් නම් ලොකු උපකාරයක්...

:       4       15

K.R Kaveesha Rashmi Monday, 09 April 2018 04:09 AM

මට ශ්‍රී ලංකාවේ වඳවී යන ශාකවල තොරතුරු දහයයි වඳවී යන සතුන්ගේ තොරතුරු දහයයි අවශ්‍යයි

:       21       30

sujeewa Monday, 30 April 2018 07:14 AM

පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට මේ ලෝකෙන්ම වඳ වෙලා යාමට ලක්ව සිටින සතුන්ගේ සටහනක් එවන්න.

:       8       11

සෙනක ප්‍රියන්ත Saturday, 26 May 2018 10:57 AM

වඳවී යන සතුන්ගේ සහ ශාකවල රූප සහ විද්‍යාත්මක නම් ඕනේ (ලංකාවේ)

:       12       20

Nelum madurangani Saturday, 30 June 2018 03:43 AM

ලංකාවේ වඳවී යන ශාක වර්ග හා සතුන් රූප සහ විස්තර එවන්න.

:       23       26

Nelum madurangani Saturday, 30 June 2018 08:59 AM

වඳවී යන ශාක හා සතුන්ගේ රූප සහ විස්තර එවන්න පුළුවන්ද?

:       4       6

Shaliha Tuesday, 28 August 2018 02:43 PM

ශ්‍රී ලංකාවේ වඳවි යන සතුන්(15) සහ ශාක(15) පිලිබද තොරතුරු ලබා දෙන්නා ලෙස කාරුනිකව ඉල්ල සිටිමි

:       3       12

දීපිකා ගමගේ Saturday, 15 September 2018 05:27 AM

මගේ දුවගේ පාසලට වඳවීගෙන යන ශාක වර්ග 10, පින්තූරයි, විස්තරයි, වඳවීගෙන යන සතුන් 10ක පින්තූරයි , විස්තරයි 2018/09/16 වෙනිදාට කලින් එවන්න පුළුවන් නම්...

:       9       13

නෙලුම් මධුරංගනි Saturday, 29 September 2018 06:26 AM

වඳවී යන සතුන්ගේ හා ශාකවල නම් රූප ඕනෑ...

:       12       15

suranga Tuesday, 06 November 2018 08:19 AM

වඳවී යන ශාක හා සතුන්ගේ රූප සහ විස්තර එවන්න පුළුවන්ද?

:       3       5

දිල්හාරි Saturday, 23 February 2019 08:14 AM

මට වඳවීගෙන යන සතුන් හා ශාකවල විස්තර එවන්න පුළුවන්ද?

:       6       31

D.M.Ravindra Monday, 20 May 2019 12:10 PM

මට ලංකාවේ වඳවී යන සතුන්ගේ විස්තර ඕනෑ..

:       2       10

සංජූ Friday, 31 May 2019 12:14 PM

මට වදවී යන සතුන්ගේ විස්තර ටිකක් ගන්න පුළුවන්ද?

:       3       3

Ashani purnima Friday, 07 June 2019 12:14 PM

වඳවෙන සත්තු ශාක ගැන ඕනෑ..

:       2       4

Manel pathirana Friday, 09 August 2019 02:19 PM

ශ්‍රී ලංකාවේ වඳවීගෙන යන ශාක හා සතුන් 10...

:       4       4

සෙනති හේශානි Friday, 09 August 2019 02:45 PM

ශ්‍රී ලංකාවේ වඳවීගෙන යන ශාක හා සතුන් 10 බැගින් ඒවා සුරැකීමට යෝජනා 3ක්.. සාමාන්‍ය නම්, විද්‍යාත්මක නම්, හමුවන පරිසරය, දැනට පවතින තර්ජන සහිතව, රූපද සහිත විය යුතුය. 13වැනි දිනට පෙර.... පාසල් ව්‍යාපෘතියක් සඳහා....

:       6       41

තුෂාර ප්‍රියන්ත Friday, 13 September 2019 09:24 AM

කරුණාකර මට ශ්‍රී ලංකාවේ වඳ වී යන සතුන් 15ක හා ශාක 15ක තොරතුරු ඵවන්න.

:       7       8

මංගලා Monday, 16 September 2019 09:37 AM

මට වඳ වී යන ශාක හා සතුන්ගේ විද්‍යාත්මක නම් හා විස්තර, රූප එවන්න. 10 දෙනා බැගින්...

:       7       9

Vajira Ekanayaka Saturday, 21 September 2019 02:05 PM

මට වඳ වී යන ශාක හා සතුන්ගේ විද්‍යාත්මක නම් හා විස්තර, රූප එවන්න. 10 දෙනා බැගින්...

:       12       19

suwetha Tuesday, 22 October 2019 10:04 AM

වඳවී යන ශාක හා සතුන්......

:       8       9

ශ්වේතා Tuesday, 22 October 2019 10:12 AM

වඳ වී යන ශාක හා සත්තු අවශ්‍යයයි.

:       2       6

Janakanna Sunday, 03 November 2019 04:32 PM

මේ සතුන්ගේ හා ශාකවල තොරතුරු හා විද්‍යාත්මක නාම සඳහන් කරන්න.

:       2       4

A A Gilani chamoda Saturday, 28 December 2019 05:17 AM

ලංකාවේ වඳවියන සතුන්ගේ පින්තූර සහ විස්තර එවන්න පුළුවන්ද?

:       0       5

vinuda vinsada Tuesday, 16 June 2020 11:51 AM

මට සතුන්ගේ විස්තර 15ක්.., ශාක විස්තර 15 ක් එක්ක විද්‍යාත්මක නම ෆොටෝ එක්ක එවන්න...

:       0       2

pramuditha anuhas Friday, 26 March 2021 08:23 AM

ලංකාවේ වඳවී යන ශාක රූප සහ විස්තර එවන්න පුළුවන්ද?

:       0       2

Hhk Monday, 19 April 2021 07:43 AM

මට තව වඳ වී යාමේ තර්ජනයට ලක්වූ සත්තු ටිකක් ඕනේ

:       1       3

විහගි Sunday, 25 July 2021 12:34 PM

සතුන්ගේ විද්‍යාත්මක නම් හා විස්තර එවන්න...

:       0       3

Keerthi Monday, 26 July 2021 08:00 AM

මට වඳවී යන ශාක හා සතුන්ගේ විද්‍යාත්මක නම්, ඇතුළු වෙනත් විස්තරත්, ඒවායේ පින්තූරද අවශ්‍යයි... ස්තූතියි..!

:       0       7

meena Wednesday, 22 September 2021 10:14 AM

මට වඳ වී යන සතුන් 10 සහ ශාක 10 කට විස්තර අවශ්‍යයි.

:       2       5

meena Wednesday, 22 September 2021 10:17 AM

මට වඳ වී යන සතුන් 10 සහ ශාක 10 කට විස්තර අවශ්‍යයි.

:       2       2

W.Sisira Ekanayaka Monday, 20 December 2021 07:57 AM

වඳ වී යන සතුන්ගේ විස්තර ටිකක් දාන්න.

:       2       3

d Sunday, 02 January 2022 10:22 AM

විද්‍යාත්මක නම් ඕනේ නැත්නම් පාඩම් වැඩ කරන්නේ කොහොමද?

:       1       3

surangar954@gmailsurangar Saturday, 29 January 2022 09:50 AM

මට ශ්‍රී ලංකාවේ වඳවීගෙන යන සතුන් හා ශාකවල විස්තර හා පින්තූර එවන්න පුළුවන්ද?

:       1       7

ඔෂිනි නවන්දනා Sunday, 20 February 2022 02:11 PM

අනේ මට වඳවීගෙන යන සතුන් හා ශාක 10,10 එවන්නකෝ මගේ පරිසර නියමු පොතේ වැඩකට...

:       1       5

Liyanage Friday, 16 December 2022 01:43 PM

වඳවී යාමට තර්ජන... ටිකක් ඕනෑ..

:       0       3

sasmitha Wednesday, 15 February 2023 03:20 PM

තව පින්තූර ඕනෑ.

:       0       4

සංජීවනී පෙරේරා Wednesday, 27 September 2023 05:03 PM

මට වඳවී යන ශාක 10, සතුන් 10 විස්තර ලබා ගැනීමට පුළුවන්ද?

:       0       2

සුවිනි සුජානි Wednesday, 10 January 2024 11:56 AM

දේශීයව වඳවීමේ ලක් වූ ශාක හා සතුන් ගැන් විස්තර රූප සමග එවන්න පුළුවන්ද?

:       0       0

නන්දාවතීMonday, 29 July 2019 09:52 AM

වඳවී යන ශාක හා සතුන්ගේ පින්තූර සහ විද්‍යාත්මක නාමය සඳහන් කරන්න.

:       9       11

ජයරු සවින් ‍Tuesday, 10 July 2018 05:13 AM

ලංකාවේ වඳවී යන ශාක හා සතුන්ගේ රූප සහ විස්තර එවන්න පුළුවන්ද?

:       11       33

Manoshika Tuesday, 14 November 2023 12:23 PM

මට වඳවී යන ශාක, සතුන් අවශ්‍යයි...! 

:       0       1

ගිත්මි Friday, 01 December 2023 03:04 PM

නියමයි, මට වඳවී යන ශාකවල හා සතුන්ගේ තොරතුරු හා පින්තූර අවශ්‍යයි!.

:       0       1

නිශාක්‍යාSaturday, 22 June 2019 11:01 AM

මට වඳ වී යන ශාක හා සතුන්ගේ විද්‍යාත්මක නම් හා විස්තර, රූප එවන්න. 10 දෙනාබැගින්...

:       31       88

Vimarsha sandeepanaThursday, 07 November 2019 02:42 PM

ලංකාවේ වඳවී ගෙන යන සතුන්ගේ තොරතුරු ටිකක් එවන්නකෝ....

:       4       40

sithumya Saturday, 02 July 2022 02:49 PM

දේශීයව වඳවීමේ තර්ජනයට ලක්වූ ශාක හා සත්වයින් පිළිබඳ ඡායාරූප සමග විස්තරයක් තිබේ නම් තවත් හොඳයි...

:       2       6

Nimesha kumariMonday, 26 July 2021 08:03 AM

මටත් අවශ්‍යයි...

:       3       10

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 139 1

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 44 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 542 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 280 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 104 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 325 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site