IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


යුද්ධයේදී රට හැර ගොස් ඇමෙරිකාව දිනූ අපේ යුවතිය

යුද ගැටුම් සමයේ දී තම මවුපියන් සමඟ ලොස් ඇන්ජලීස් නුවරට පලාගිය ශ්‍රී ලාංකික දැරියක, ඇයට වීසා හිමි කාලය ද ඉක්මවා රැදී සිටීමෙන් අනතුරුව ජීවිතය ජයගෙන තිබෙන බව වාර්තා වේ. ජාත්‍යන්තර සම්බන්ධතාවන්ට අදාළ රැකියාවක නිරතවීමෙන් අනතුරුව ඇය එම ක්ෂේත්‍රයේ තරුවක් බවට පත් වූවාය. මෑතක දී නිම වූ එක්සත් ජාතීන්ගේ වාර්ෂික සමුළුවෙන් අනතුරුව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ අවධානයට නතු වූ ඇය එම පුවත්පතෙන් විමසන ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූවාය.

ඇගෙන් විමසන ලද ප්‍රශ්න සහ ඈ දුන් පිළිතුරු ඔක්තෝබර් 7 වැනිදා නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ වූයේය. එහි පුවතේ සිරස්තලය යොදා තිබුණේ වයස අවුරුදු හතරේදී ශ්‍රී ලංකාවෙන් පලාගිය ඇය දැන් නුවරක නායකත්වය හොබවන්නීය.’’ යනුවෙනි.

ෆෙඩරල් හෝ අර්ධ ෆෙඩරල් ආණ්ඩුවල පවා ජාත්‍යන්තර සම්බන්ධතා නැමති විෂය අති විශේෂ වූවකි. එහි විෂය ක්ෂේත්‍රය සීමාවන්නේ කලාතුරකිනි.

පෙනී අබේවර්ධනට තමාගේ නගර සභාව වෙනුවෙන්, ජාත්‍යන්තර සබඳතා විෂයේ කාර්යභාරයන් රාශියක් පැවරී තිබිණි. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193ක සත්කාරකභාවය දැරීම එවැනි නගරයට පැවරුණ අතිශය භාර ධූර කාර්යයක් විය.

ඇගේ මෙම කාර්යයන් ඇරඹුණේ වසර අටකට පෙර ඇයට නිව් යෝර්ක් නගරයේ නගරාධිපති බිල් ඩී බ්ලැසියෝ මුණ ගැසුණු පසුවය. නගරයට අදාළ අන්තර්ජාතික කටයුතු පිළිබඳ කාර්යාලය වැඩි දියුණු කිරීම පිළිබඳව ඔහු එවේලේ ඈ සමඟ සාකච්ඡාවක යෙදුනේය. ඒ දක්වා එම කාර්යාලය සමාජ උත්සව සංවිධානය කිරීම සහ රථ වාහන ගාල් කිරීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම පාලනය කරන ආයතනයක් ලෙස පමණක් හඳුනාගෙන සිටි බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ලිපිය කියයි.

ශ්‍රී ලාංකීය ඇමෙරිකානු කාන්තාව ඉක්මණින්ම ජාත්‍යන්තර කටයුතු පිළිබඳ කොමසාරිස් ධූරයට පත් කෙරිණි. ඇය එම ධූරයේ සේවය කිරීමට පත් වූ පළමු සුදු ජාතික නොවන සංක්‍රමණික කාන්තාව වූවාය. තරම කාර්යාලයේ කටයුතු විවිධාංගීකරණයට ලක් කළ ඇය,නිව් යෝර්ක් නගරයේ කණිෂ්ඨ තානාපති වැඩසටහන් වැනි වැඩ සටහන් දියත් කරමින් එම ආයතනයේ සේවා සැපයුම්, සේවාලාභීන් හට පහසු කළාය. කනිෂ්ඨ තානාපති වැඩසටහන් හඳුන්වාදෙනු ලද්දේ මධ්‍යම පාසැල් දරුවන් එක්සත් ජාතීන්ට හඳුන්වා දී අසල්වැසි රටවල් ආශ්‍රයෙන් ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගැනීම දිරිමත් කරනු උදෙසාය.

නිව් යෝර්ක් නගරය වසා කෝවිඩ් 19 වසංගතය පැතිරී ගිය විට ඇය එක්සත් ජාතීන් සම්බන්ධීකරණය කරමින් මුව ආවරණ 250,000ක්, වෙන්ටිලේටර්, ඔක්සිජන් ආදිය පරිත්‍යාගලෙස ලබා ගත්තාය. අසීරු කාලයේ දැඩි අරගලයක නිරත වී සිටිනු දුටු අප වෙනුවෙන් අනෙක් රටවල සහාය ද ගත් බව ඇය කියා සිටියාය.

නගරයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ කොමසාරිස් ධූරයේ කටයුතු සාර්ථකව නිමා කිරීමෙන් අනතුරුව ඈ දෙසැම්බර් මාසයේ එම තනතුරෙන් ඉවත්වීමට නියමිතය.

එක්සත් ජාතීන් සම්බන්ධකරගෙන නගරයේ කිනම් වෙනස් කම් සිදු කළේ ද යන ප්‍රශ්නය ඇගෙන් විමසූ විට ඇය මෙසේ කියා සිටියාය.

‘‘එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවයේ නියුතු අය අවුරුදු ගණනාවක් අපගේ නගරයේ වාසය කළ සැබෑ මිනිසුන්. මට අවශ්‍ය වූයේ ඒ අය මෙම නගරයට අයත් නිව් යෝර්ක්වාසීන් ලෙස ඔවුන්ට සිතෙන්නට සැලැස්වීමයි.

‘‘එ.ජා. මගින් ඇතිවන වැඩදායි බලපෑම් පිළිබඳ පළමු වාර්තාව අප නිකුත් කළා. නගරයට ඩොලර් බිලියන තුනක ආදායමක් එක්සත් ජාතීන් විසින් ගෙන එන ආකාරය අප එහිදී විස්තර කළා. එම නිසා පළමු මාවතේ නැගෙනහිර ස්වෛරී බිමක් ගොඩනගනවාට වඩා යමක් ලෙස නිව් යෝර්ක් නගරවාසීන්ට එය දකින්නට හුරු කරවන්නට හැකිවුණා.’’

‘‘ඒ මගේ නිරීක්‍ෂණ පමණයි. එහෙත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් ඇතුළු බොහෝ රාජතාන්ත්‍රික නිලධාරීන් බොහෝ දෙනෙක් වසංගතයේ මුල් මාසවල වාසය කළේ මේ නගරයේමයි. මා සිතන පරිදි එසේ වූයේ මගේ කාර්යාලයේ කටයුතු ඔස්සේ ගොඩ නගන ලද සම්බන්ධීකරණ නිසයි.’’
තමාගේ ළමා කාලයේ විදි ගැහැට පිළිබඳවද පෙනී අබේවර්ධන කියා සිටියාය. එම ගැහැට ඔස්සේම තමා ශූර කාන්තාවක වූ අයුරු ඇය පවසා සිටියාය.

‘‘මා සිහින දකින්නන් අතුරින් 1980 ගණන් වල බිහි වූ වර්ගයේ අයෙක්. මෙම නිලයෙන් නික්මයාමට සූදානම්ව මා දැන් ඒ ගැන බොහෝ දේ සිතනවා. මට අවුරුදු හතරේ දී මගේ පවුලේ අය මා සමඟ ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයෙන් නික්ම පලා ආවා. ඉන් පසු අපගේ සංචාරක වීසා කාලය ඉකුත්ව ගිය පසුත් අපි රැඳී සිටියා. ලොස් ඇන්ජලීස් නුවර ශ්‍රීලාංකීය ප්‍රජාව අතර දශකයකට කාලයක් ලියාපදිංචියෙන් තොරව මා ජීවත් වුණා. මට පුරවැසිභාවය ලබා ගන්නට මඟ පෑදුණ එකම හේතුව 1986 රොනල්ඩ් රීගන් ගෙන ආ පොදු සමාවට අදාළ පනතයි. (Amnesty Act 1986)
‘‘දකුණු ආසියාතික ඇමෙරිකානු ප්‍රජාව අතර මම හැදී වැඩුණා. ස්වකීයයන් පිළිබඳ එම හැඟීම රාජ්‍යතාන්ත්‍රික නිලධාරින් තුල තිබීම වැදගත් යයි මා සිතුවා.

‘‘මට අවුරුදු 16 දී මගේ මව තනි වූ මවක වූවා. මමත් මගේ සහෝදරයාත්, මවත් ගෘහස්ථ හිරිහැර වලට මුහුණ දී බේරුණු අයයි. අපි එකල හරිම දුප්පත්, එහෙත් ඇය අප උදෙසා සතියට දවස් හතක් කඩිසරව වැඩ කළා. මම පවා වැඩ කරන්න පටන්ගන්නෙ අවුරුදු 14 දී ඇයට උදව්වෙමින්.’’
‘‘එය වෙහෙසකර ජීවිතයක් එහෙත් ජීවිත අත් දැකීම් සියල්ල නිසි අතට යොමුකරනවා නොවේද? සංවේදී වන්නට උත්සාහ කරන මිනිසුන් සමඟ බොහෝ න්‍යයික කරුණු සාකච්ඡා කරන්නට පෙළඹුනා. ඒවා අතිශයින් ඵලදායී. එහෙත් එම අත්දැකීම් හරහා යනවිට කාන්තාවගේ හා කෙල්ලකගේ සටන ඇතුලාන්තයෙන් වූ හැඟීම් වලට සම්බන්ධවන්නක්.’’

සටහන -  හැල හැප්පීම් වලට භාජනය වූ පුද්ගලයකු යනු සාර්ථකත්වය කරා යන අධිෂ්ධානයෙන් යුක්ත පුද්ගලයකු වේ යන අර්ථය ඇති ඇමරිකානු කියමනක්ද වේ.


(***)
Sunday Times
ඔක්තෝබර් 10 වැනිදා පුවත්පතේ පළවූ
"Lankan American Penny emerges asacity leader in New york ලිපියේ පරිවර්තනයයි.
පරිවර්තනය- සමන් පුෂ්ප ලියනගේ



අදහස් (6)

යුද්ධයේදී රට හැර ගොස් ඇමෙරිකාව දිනූ අපේ යුවතිය

chinthana Wednesday, 13 October 2021 09:41 AM

මෙයා සිංහලද? මෙයාට හෝ පවුලේ අයට යුද්ධයෙන් පලායන්න තරම් ජීවිත තර්ජනයක් තිබුණාද? ඔය වගේ ගොඩක් අය යුද්ධය ඉස්සරහට දාලා, සාමාන්‍ය ජනතාව මරනවා කියලා පිටරටවලට කියලා පිටරටවලට පැනගත්තා... ලංකාවට මානව හිමිකම් චෝදනා එන්න ඔහොම අයත් හේතුවක්...

:       5       12

jagathWednesday, 13 October 2021 06:02 PM

88/89 සමයේ සිංහල අයටත් ජීවිත තර්ජන තිබුණා මතක නැද්ද...?

:       1       9

සුද්දාWednesday, 13 October 2021 06:17 PM

යුද්ධය කියලා හඳුන්වන්නේ කොටි යුද්ධය. 87-89 භීෂණය වෙනම දෙයක්. මේ පෙන්නන්නේ කොටි යුද්ධය විදිහට.

:       1       2

Vithana Wednesday, 13 October 2021 11:08 AM

යුද්ධයේදී රට හැරගොස් ආපහු රටට ආපු අය නම් කරන්නෙම විනාසේ වගේ....

:       2       14

duminda Thursday, 14 October 2021 09:01 AM

තව එක්කෙනෙක් එහෙම ඇවිල්ලා හොඳටම අනාගෙන ඉන්නේ.

:       2       5

Kamal Thursday, 14 October 2021 01:40 PM

යුද්ධයට බයේ රට හැර ගිය අය දෙමලනෙ. සිංහල අයත් කීප දෙනෙක් ඇති. ඉන් එක්කෙනෙක් තමා දැන් අපේ රටේ නායකයා.

:       3       7

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 351 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 82 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 679 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 315 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 134 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 345 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site