IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මෙහෙම සිරගත වෙයි කියලා මා හිතුවේ නැහැ

  27_MAIN_P_8 

 

මහින්ද රාජපක්ෂ රජයේ ඔහු ප‍්‍රබල භූමිකාවක් නිරූපණය කළේය. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ  සොහොයුරා ලෙස හිමිවූ බලයද  සමගිනි. ඉකුත් ජනාධිපතිවරණයේදී මුළු බර යොදා මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වූ ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පරාජයේ උණුසුම පහව යන්නටත් පෙර රටින් ගියේය. ඉන්පසු  සිදුවූයේ මොනවාදැයි ඔබ දනී. මේ ඒ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවකි.

 


ප‍්‍රශ්නය: ඔබ තාමත් රෝහලේ?
පිළිතුර: ලංකාවට ඇවිත් කට උත්තරයක් දෙන්න කියලා මාර්තු මාසෙ 26 වැනිදා තමයි මට පණිවිඩය ලැබුණේ. ඒ දිනයෙත් මම හිටියේ රෝහලේ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට මුහුණ දෙමින්. ඒවා අපේ‍්‍රල් මාසයේ ඉවර කරලා මම ලංකාවට ආවා. ඒ ආපු දවසට පහුවදා උදේ මම පොලිසියට ගියා. එතැනින් රිමාන්ඞ් ගත වුණා. ඒ එක්කම කලක් තිස්සේ තිබුණ රෝග කිහිපයක්ම ඉස්මතු වුණා. ඒ නිසා තමයි මාව  බන්ධනාගාර රෝහලට ඇතුළත් කරලා එතැනින් ජාතික රෝහලේ ප‍්‍රතිකාර ගත්තේ. එතැනදී මට බරපතළ විදියට බලපාපු කොන්දෙ අමාරුව වෛද්‍ය ප‍්‍රතිකාර මත සුව කර ගන්න පුළුවන් වුණා. නමුත් සම්පූර්ණ සුවය ලැබුණේ නෑ තවමත්.

1

 


ප‍්‍රශ්නය: දේශපාලනඥයන්  බන්ධනාගාරගත කරපු සැණින් නැති ලෙඩත් හැදෙනවා කියලයි සමාජයේ මතය තියෙන්නේ?
පිළිතුර:
මම කතා කරන්නේ මම ගැනනේ. රිමාන්ඞ් ගතවෙලා ඉන්න කාලේ මගේ අධික රුධිර පීඩනයත්, දියවැඩියා රෝගයත් උත්සන්න වුණා. ඒවට මම කලක ඉඳන් ප‍්‍රතිකාර ගන්නවා. ඒක උග‍්‍ර වුණා. ඒකට හේතුව මානසික ආතතියත්, එක තැන සිටීමත් බලපෑවා කියලා තමයි වෛද්‍යවරුන් කිව්වේ. ඒ රෝග දෙක නිසා ශරීර අවයවවලට බලපාන  තවත් රෝගී තත්ත්ව මතු වුණා. ඒවා ගැන පරීක්ෂා කර ගන්න අවශ්‍ය වුණා. මගේ ඒ රෝගවලට ප‍්‍රතිකාර කරන වෛද්‍යවරුන් ජාතික  රෝහලට එන්නේ නැහැ. ඒ නිසා තමයි මම මෙහෙ නතර වෙලා ප‍්‍රතිකාර ගන්නේ.

 


ප‍්‍රශ්නය: මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ ඔබ හිටියේ යුව රජ කෙනෙක් විදියටයි. ඒ කාලේ හිතුවද කවදාහරි දවසක හිරේ විලංගුවේ වැටෙන්න වෙයි කියලා?
පිළිතුර:
ඇත්තෙන්ම එහෙම හිතුවේ නැහැ. මොකද මම දේශපාලනඥයකු හැටියට හෝ රටේ නීතිය නිසා නොවෙයි බෞද්ධයෙක් විදියට හැකි උපරිමයෙන් පංච සීලය රකින්න උත්සාහ කරපු, කරන, කෙනෙක්. බොරුවක් කියන්න වුණොත් ඇත්ත හෝ නොකියා හිටියා මිසක් ඒ වගේ වරදක්වත් කළේ නැහැ. පස් පව්වලින් වැළකී හිටපු කෙනෙක් හැටියට ඔය ඔබ කියන ඉරණමක් අත්වෙයි කියල කොහොම හිතන්නද?

 

5
ප‍්‍රශ්නය: මහජන මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔබට......
පිළිතුර:
ඒ ගැන කතා කරන්න මම කැමති නෑ. ඒ ගැන කතා කරන්නත් බෑනේ. අපි ඒවා අධිකරණය ඉදිරියේදී විසඳ ගමු. දේශපාලනයේදී ජය පරාජය දෙකම අපිට උරුමයි. නමුත් මෙහෙම හිරගතවන තත්ත්වයක් ඇතිවෙයි කියලා මම හිතුවේ නැහැ.

 


ප‍්‍රශ්නය: ජනවාරි 8 පරාජයෙන් පස්සේ ඔබ ඇයි රටින් පැනලා ගියේ?
පිළිතුර:
පරාජයෙන් පස්සේ ගියා නොවෙයි. හැම අවුරුද්දකම ඔබ කවුරුත් දන්නවා මගේ පවුලේ අය ජීවත් වෙන්නේ  ඇමෙරිකාවේ. ඒ නිසා මම පුරුද්දක් විදියට හැම අවුරුද්දකම අයවැය විවාදයෙන් පස්සේ මම දෙසැම්බර්  අග එහෙ යනවා. මගේ ජීවන රටාව බැලූවම සම්පූර්ණ කාලයම මාවෙත පවරපු කාර්යයන් ඉටු කරන්න කැප කළා. දවසේ පැය 16ක් 18ක් ඒ වෙනුවෙන් වැය කළා. අවුරුද්දේ හැම දවසක්ම ඒ වෙනුවෙන් වැය කරලා මට හා මගේ පවුල වෙනුවෙන් ඔය දවස් කිහිපය තමයි වැය කළේ. මම විතරක් නෙවෙයි තවත් මැති  ඇමැතිවරු ඔය කාලයේ දිවයිනෙන් බැහැරව යනවා. මොකද ඔය කාලය තමයි පාර්ලිමේන්තුවේ දීර්ඝ නිවාඩුවක් ලැබෙන්නේ. නමුත් මේ පාර මට යන්න බැරි වුණා ජනාධිපතිවරණය නිසා.

 


ප‍්‍රශ්නය: නමුත් ඔබ ගියා නොවෙයි. පැන්න වගේ අදහසක් තමයි මේ පාර මතු වුණේ
පිළිතුර:
මීට කලින් ජනාධිපතිවරණ දෙකක් තිබුණනේ. 2005දීත් ජනාධිපතිවරණය ඉවර වෙච්ච ගමන් මම රට ගිහින් මාස කිහිපයක් ඉඳල ආවේ. 2010 දීත් ජනාධිපතිවරණය ඉවර වෙලා දවස් 2න් මම ගියා.  ටික දවසක් එහෙ ඉඳලා තමයි මහ මැතිවරණයට මම ආවේ.

 


ප‍්‍රශ්නය: ජනවාරි 9 වැනිදා උදේ අරලියගහ මන්දිරයේ ඇති වෙච්ච තත්ත්වය නිසා ඔබට රටින් යන්න වුණා?
පිළිතුර:
එහෙම තත්ත්වයක් ඇති වුණේ නැහැ. ඉතාම සාමකාමී විදියට ඒ සියල්ල සිදුවුණා. මොකද මහින්ද රාජපක්ෂ මැතිතුමාට පරාජය හොඳට හුරු කෙනෙක්. ජය පරාජය හුරු කෙනෙක්. රාජපක්ෂලත් ඒ වගේ. අපි දිනලත් තියෙනවා, පැරදිලත් තියෙනවා. මෙවර පරාජය එතුමා බොහොම නිහතමානීව බාර ගත්තා. එතුමට  ඕනෑ වුණේ ජනතාවට කිසිම හානියක් සිදු නොවෙන්නයි. ප‍්‍රතිඵලය ප‍්‍රකාශ කරන්නත් පෙර ඒ බාරදීම් කටයුතු සිද්ධ කළා. අනිත් අයටත් එහෙම කරන්න කියලා උපදෙස් දුන්නා. සාමාන්‍යයෙන් නිල නිවාස බාර දෙන්න යම් කාලයක් ගන්නවා. මට මතකයි මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති වෙලා එනකොට ඊට කලින් අගමැති වෙලා හිටියේ රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා එතුමාට ඒ කාරණා කටයුතු කර ගන්න සාධාරණ කාලයක් දුන්නා. ඒ වගේම එතුමා ජනාධිපති වුණාට පස්සේ චන්ද්‍රිකා මැතිනියගෙන් ජනාධිපති මන්දිරය  ලැබෙන්න අවුරුද්දක විතර කාලයක් ගත වුණා. අනිත් ඇමැතිවරුත් ඒ වගේ තමයි. නිල නිවාසවලින් යන්න මාස දෙක තුන ගත කරනවා. මම නම් කියන්න යන්නේ නෑ. තමුන්නාන්සේලා දන්නවා මේ මෑත කාලයේ  වෙච්ච ඒවා.

 


ප‍්‍රශ්නය: එදා රාජපක්ෂ සහෝදරවරුන් අතර යම් ගැටුමක් ඇති වුණා.
පිළිතුර:
නැහැ. එහෙම කිසිම ගැටුමක් ඇති වුණේ නැහැ. ජනාධිපතිතුමා කළින්ම කාර්යාලයෙන් අරලියගහ මන්දිරය  ඇතුළට ගියා. එතැනින් එහාට මට අපිට අපේ පවුලේ කිසිම කෙනෙක් මුණ ගැහුණේ නැහැ.

 


ප‍්‍රශ්නය: මහින්ද රාජපක්ෂගේ පරාජයට බැසිල් රාජපක්ෂ වගකිව යුතුයි?
පිළිතුර:
මම ඒ වගකීම බාර ගත්තා. ලංකාවේ දේශපාලනය තුළ ඒ විදියට පරාජය බාර ගත්ත අවස්ථාවක් නැහැ. නමුත් මම ඒ වගකීම ඉතාම නිහතමානීව බාර ගත්තා. දැනුත් බාර ගන්නවා. මොකද මමයි මැතිවරණ ව්‍යාපාරය මෙහෙයැව්වේ. ජයග‍්‍රහණය කරපු අවස්ථාවල මම ඒ වගකීම බාර නොගත්තට පරාජයේ වගකීම මම බාර ගන්නවා.

6665

 


ප‍්‍රශ්නය: ජනවාරි 8 පරාජයට හේතුව මොකක් කියලද ඔබේ  ගණන් බැලීම
පිළිතුර:
පරාජයට හේතුව එකපාර මෙහෙම කියන එක හොඳ නැහැ. මේ වෙලාවේ ඒ ගැන නිවැරදි අර්ථකථනයක් කරන්නත් අමාරුයි.  ඒක විග‍්‍රහාත්මකව බැලිය යුතුයි. මැතිවරණය ජාතික මට්ටමෙන් මෙහෙයවපු කෙනා හැටියට මම වගකීම බාර ගන්නවා. නමුත් ඒ මැතිවරණ ව්‍යාපාරයේ අඩුපාඩු පමණක් නොවෙයි තව නොයෙක් දේවල් මේකට හේතු කාරණා වුණා.

 


ප‍්‍රශ්නය: ඔව්. මොනවද  ඒ කාරණා?
පිළිතුර:
ඒවා බොහෙම  පරෙස්සමෙන් කතා කරන්න  ඕන. මොකද ඒවා ඒ පරාජයට විතරක් නොවෙයි ඉදිරි මැතිවරණවලටත් බලපාන්න පුළුවන්. ඒ නිසා දැන් කතා කිරීම සුදුසු නැහැ. නමුත් ඒක හැදෑරිය යුතුයි. නමුත් ඒවා කතා කිරීම එක් එක් කෙනාගේ සිත් රිදෙන්න පුළුවන්. ඉදිරි කටයුතුවලට බාධා වෙන්නත් පුළුවන්. ජනතාව තුළත් වෛරය ක්‍රෝධය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා කතා නොකරන එක හොඳයි. නමුත් අපි ඒවා ස්වයං විවේචනයක් කියලා එකක් නැති වුණත් නමුත් ඒවා හොයල බලන එක හොඳයි

 


ප‍්‍රශ්නය: කවද්ද  ඕවා රටට කියන්න හිතාගෙන ඉන්නෙ?
පිළිතුර:
මම දැනට මගේ අදහස් හැටියට මම..... සමහරු මම දැක්කා පොත් පවා ලියලා තියෙනවා. පරාජය කරන්න ඔවුන් කරපු දේවලූත් ඒවායේ තියෙනවා. ඉතින් ඒවත් අධ්‍යයනය කළ යුතුයි. මේ සම්බන්ධයෙන් මම පොතක් ලියාගෙන යනවා. කොටස් ගණනාවක් ලියලත් තියෙනවා.

 


ප‍්‍රශ්නය: කවද්ද එළි දක්වන්නේ?
පිළිතුර:
ඒ පොත මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට විතරක් පරිශීලනය කරන්න දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒවා මමත් එතුමත් දැන ගත්තම ඇති.

 


ප‍්‍රශ්නය: මහින්ද රාජපක්ෂට එරෙහිව පක්ෂයේ මැති ඇමැතිවරු පෙළ ගැහෙන්න ඔබේ ඒකාධිපති  හැසිරීම බලපෑවා.
පිළිතුර:
ඉතින් එහෙම බලපෑවා නම් මම එහෙම හැසිරුණා නම් මම කනගාටු වෙනවා.

 


ප‍්‍රශ්නය: ඒ කියන්නේ ඔබ එහෙම හැසිරුණේ නැහැ
පිළිතුර:
මම ඒක පිළිගන්නේ නැහැ. අනික මම ඒක හිතලා කරපු එකක් නොවෙයි. යම් යම් තීන්දු තීරණ ගැනීමේදී මම අදහස් ප‍්‍රකාශ කරලා තියෙනවා. ඒවගේම ඒවා නියම ස්ථානයේදී කියලා තියෙන්නේ. වෙන තැන්වලදී නොවෙයි උදාහරණයක් කිව්වොත් කැබිනට් පත‍්‍රිකාවක්  ඉදිරිපත් කළාම මම සාමූහික වගකීම් දරන්න  ඕනෑ නිසා මම මගේ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා පිළිගන්්නා අවස්ථාත් තියෙනවා. නොපිළිගන්්නා අවස්ථාත් තියෙනවා. නමුත් අවසන් තීන්දුව වෙනුවෙන් මම පෙනී ඉඳලා තියෙනවා.

 


ප‍්‍රශ්නය: හැම අමාත්‍යාංශයකටම ඔබ ඇඟිලි  ගැහුවා ඇමැතිවරුන්ට ස්වාධීනව කටයුතු කරන්න ඉඩ දුන්නේ නැහැ. ඇමැතිවරුන් අතර කළකිරීම් ඇති වෙන්න ඒවත් බලපෑවා?
පිළිතුර:
  මගේ අමාත්‍යාංශයේ ස්වභාවය හැටියට වෙන වෙන අමාත්‍යාංශවලට ඍජුව මැදිහත් වෙන්න  වෙලා තිබුණා. මම කරපු දේශපාලන භූමිකාව උඩ  සමහර දේවල් ප‍්‍රාදේශීය සභාවලින්, පළාත් සභාවලින්, පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත‍්‍රීන්ගෙන් යම් යම් දේවල් ඉදිරිපත් වුණාම ඒ වෙනුවෙන් පෙනී හිටපු අවස්ථාවල පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට සමහර මැති ඇමැතිවරුන්ට ඒක  ඒකාධිපති ස්වරූපයෙන් පේන්න පුළුවන්.

 


ප‍්‍රශ්නය: ඔබ ඔබේ අමාත්‍යාංශය හදාගත්තෙම ඒ විදියට ඇඟිලි ගහන්න ඉඩක්  හදා ගන්න?
පිළිතුර:
මම ඒක පැහැදිලිවම ප‍්‍රතික්ෂේප කරනවා. අපි හිතමු මම ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා හැටියට මුළු ආර්ථිකයම මෙහෙයවන කොට මට අනිත් අමාත්‍යාංශ එක්ක වැඩ කරන්න වෙනවා. සමහර අමාත්‍යාංශ තියෙනවා අනිත් අමාත්‍යාංශවලත් එක්ක  එතරම් සම්බන්ධයක් ඇතිවෙන්නේ නැහැ. ධීවර අමාත්‍යාංශය ගත්තොත්  අනික් අමාත්‍යාංශ එක්ක  එච්චර සම්බන්ධ  වෙන්නේ නැහැ. හැබැයි මගේ අමාත්‍යාංශයට එහෙම බෑ. මුදල් අමාත්‍යාංශය හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ගත්තොත් අනිත් හැම අමාත්‍යාංශයකටම සම්බන්ධ වෙන්න වෙනවා. අමතක කරන්න එපා නිදහසෙන් පස්සේ නොවෙයි ඊට පෙර කාලය ගත්තත් ආර්ථික වශයෙන් ඉහළම ජයග‍්‍රහණ ගත්ත වසර හතරහමාර තමයි මම ආර්ථික සංවර්ධන ඇමැතිවරයා වශයෙන් හිටපු කාලය. ඒ කාලය තුළ ආර්ථිකයේ සියලූ දර්ශක අතින් බැලූවත් ඉහළම ජයග‍්‍රහණ ලබාගෙන තියෙනවා. මෙවර මහ බැංකු වාර්තාවේ ආරම්භයේදීම සඳහන් කරලා තියෙනවා. ඒවා ඉදිරිපත් කළේ මේ ආණ්ඩුවේ ඉන්න මහ බැංකුවේ අධිපතිතුමා. ඒකේ කියලා තියෙනවා ලෝකයේ තිබුණ අවාසිදායක ප‍්‍රවණතා මධ්‍යයේ ඒවාට සැලෙන්නේ නැතිව ඉහළම ආර්ථික ජයග‍්‍රහණය අපි ලබා ගත්තා කියලා. එවැනි තත්ත්වයක් අපි උදා කළා. එක දර්ශකයකින් නොවෙයි අපි උද්ධමනය අඩු කරලා විරැකියාව වැඩි කරලා නැහැ. රාජ්‍ය ආයෝජන අඩු කරලා නැහැ. විරැකියාව සම්පූර්ණයෙන්ම අඩු කරලා උද්මනය ඉතා අඩු මට්ටමකට ගෙනැල්ල දළ ජාතික නිෂ්පාදනය  පැත්තෙන් ගත්තොත් ඉතාම ඉහළ තත්ත්වයකට ගෙනත්  තියෙනවා. ඒ වගේම විදේශ සම්පේ‍්‍රෂණ පැත්තෙන් ගත්තත් විදේශ ආයෝජන පැත්තෙන් ගත්තත් විදේශ සංචිත පැත්තෙන් ගත්තත් අපි ඉතාම ඉහළ අගයකට ගෙනත් තියෙනවා. රටේ ණය බර දළ දේශීය නිෂ්පාදනය සමග සංසදනය කළාම අඩු ප‍්‍රතිශතයකට ගෙනත් තියෙනවා. අයවැය පරතරය ක‍්‍රමානුකූලව අඩු කරලා තියෙනවා. ඩොලරය එක්ක අපේ රුපියල ශක්තිමත්ව එක මට්ටමින් පවත්වා ගෙන ගිහින් තියෙනවා. මේ කාලයේ වගේ රුපියලේ අගය අඩුවෙලා නැහැ. එතකොට පොලී අනුපාතය ක‍්‍රමානුකූලව අඩුවෙලා තියෙනවා. ඒක තුළින් රජයක් විදියට අපිට දරන්න තියෙන ගෙවන්න තියෙන පොලී අනුපාතය අඩු වුණා වගේම ව්‍යාපාර කරන අයට වගේම නිවාස හදා ගන්න අයට අඩු පොලියට මුදල් ලබා ගන්න පුළුවන් වුණා. එවැනි තත්ත්වයක් ඇතිවෙනකොට මගේ අමාත්‍යාංශයට අනික් අමාත්‍යාංශ මැදිහත් කර ගන්න වෙනවා. ඒවා තනියෙන් කරන්න පුළුවන් ඒවා නොවෙයි.

 


ප‍්‍රශ්නය: නමුත් ඒ මැදිහත්වීම වෙන්නේ ජනාධිපතිගේ සොහොයුරා කියන බල පරාක‍්‍රමය සමගයි.
පිළිතුර:
මම ඒකයි කිව්වේ ඒක මේ කවුරු හරි දැක්ක විදිය. නැත්නම් විග‍්‍රහ කර ගත්ත විදිය. දැන් ආහාර සුරක්ෂිතතාව ගන්න. මහින්ද චින්තනයේ වැදගත්ම කාරණයක් ඒක. අපේ රටේ වවන්න පුළුවන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපි මේ රටේ වවන්න  ඕනෑ කියලා ඒකේ සඳහන් වෙනවා. අර්තාපල්  ගන්න. ඒක තනිකරම  වෙන අමාත්‍යාංශයකට අයිති විෂයයක්. නමුත් ඒකට මගේ අමාත්‍යාංශයයි මුදල් අමාත්‍යංශයයි ඍජුවම මැදිහත් වුණා. අලවලට සහතික මිලක් නියම කරන්න. පාරිභෝගිකයාටත්, හානියක් නොවෙන විදියට එතැනදී තීරණ ගන්න   ඕන. එතැනදී ඊට වඩා අඩුවෙන් පිටරටින් ගෙන්වනවා නම් ඒවා මේ රටේ වවන්න බැරි වෙනවා. එතැනදී අපේ අමාත්‍යාංශය මැදිහත් වෙලා නිෂ්පාදන වියදමට සරිලන විදියට මිල ගණන් තීරණය  කරන්න  ඕනෑ. ඒක මුදල් අමාත්‍යාංශයයි වෙළඳ අමාත්‍යාංශයයි එකතු වෙලා පිටරටින් ගේන අලවලට බදු ගහනවා. ඒවගේම අල මිලදී ගන්න පාරිභෝගික අමාත්‍යාංශය සමග අපට ගිිවිසුම් ගහන්න වෙනවා. එතැනදී දිසාපතිතුමාව, ගොවිජනසේවා එක මැදිහත් කරගෙන අල කිරන්න යන්න වෙනවා. ඔය විදියට අමාත්‍යාංශ ගණනාවක් මේ වැඬේට සම්න්ධ වෙනවා. බැලූවම පොඩි වැඩක්. ඔය ඔක්කොම බැලන්ස් කරන්න දේශපාලන නායකත්වයක් දෙන්න  ඕනෑ. මම කළේ ඒ කාර්යය භාරයයි.

 


ප‍්‍රශ්නය: ඔබට එරෙහිව යම් විරෝධයක් ඇතුළතින් දළුලමින් තිබුණ බවවත් ඔබට දැනුණේ නැද්ද?
පිළිතුර:
එහෙම විරෝධයක් තිබුණා කියලා දැන ගන්න ලැබුණේ නැහැ.  මම ඇත්තටම දන්නේ  නැහැ එහෙම  විරෝධයක් තිබුණා කියලවත්. එහෙම විරෝධයක් තිබුණත් මම ඒවට සැලෙන්න  ඕනෑ නැහැ. ඒවා ගණන් ගන්න අවශ්‍යත් නැහැ. මගේ රාජකාරිය මගේ කාර්යභාරය මම ඉෂ්ට කරන්න  ඕනෑ. අනිත්  පැත්තෙන්  ජාතික සංවිධායක හැටියට පක්ෂය මාව පත් කළාට පස්සේ පක්ෂය නියම ඉලක්ක කරා මෙහෙයවමින් මම යම්කිසි දෙයක් කරනවා. එතැනදී යම්කිසි ආඥා දායකත්වයක් නැතිව ඒවා කරන්න අමාරුයි. මම රිමාන්ඞ් බාරයේ ඉන්නකොට පළාත් සභා මන්ත‍්‍රීවරු පිරිසක් ඇවිත් මට කිව්වේ ”ඔබතුමා ගමටයි රටටයි  අපිටයි හොඳ කළා. නමුත් ඔබතුමා නරකක් කර ගත්තා නම් කරගත්තෙ ඔබතුමාමයි කියලා.

 


ප‍්‍රශ්නය: ඔබ ඒක විශ්වාස කරනවද?
පිළිතුර:
දැන් ඔබතුමා මගෙන් අහන ප‍්‍රශ්න දිහා බැලූවම මටත් එහෙම හිතන්න වෙනවා. මම එසේ ජනප‍්‍රියතාව පරදුවට තබලා රට වෙනුවෙන් පක්ෂය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ රජය වෙනුවෙන් ඒ කාර්ය ඉටුකළා. මට ඒ ගැන තැවීමක් නැහැ.

 


ප‍්‍රශ්නය: පක්ෂයේ මහ ලේකම් ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව එළියට බහින අවසන් මොහොත දක්වාම ඔබ දැනගෙන හිටියේ නැහැ.
ඒ ප‍්‍රශ්නයට දුන් පිළිතුරු සමග තවත් කතා ලබන සතියට.

m



අදහස් (0)

මෙහෙම සිරගත වෙයි කියලා මා හිතුවේ නැහැ

සංජය Thursday, 02 July 2015 09:05 AM

ලෙඩ වෙලා හොඳ වුණු විදිය ගැන පොතක් ලියන්න (බ)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 04 July 2015 04:02 PM

ලංකාවේ ඉන්න ඔක්කොම මෝඩයෝ කියලද හිතාගෙන ඉන්නේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 04 July 2015 04:05 PM

අපේ ඇස්පනාපිටම බොරු කියන එකයි ඉවසන්න බැරි. (නි)

:       0       0

ක්‍රිස්ටි Saturday, 04 July 2015 04:05 PM

හිතන දේවල් වෙන්නේ නැහැ කවදාවත් (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 04 July 2015 04:07 PM

මම ලෝකයේ දේශපාලකයන්ගේ චරිත ගැන දන්නවා.එහෙත් මේ වගේ කට්ටියක් නම් ජීවිතේට දැකලත් නැහැ.අහලත් නැහැ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 04 July 2015 04:07 PM

දැන්නම් මොකුත්ම නොදන්නවා වගේනේ කතාකරන්නේ (නි)

:       0       0

සමන් Thursday, 02 July 2015 11:58 AM

කවුද හිතුවේ මේ වගේ දෙයක් වෙයි කියලා.(හේ)

:       0       0

සුසන්ත Tuesday, 30 June 2015 09:42 AM

ඉතින් අපිට මොකද.. එක පොතක් නෙමෙයි පොත් ලොරියක් ලීවත් අපිට මොකද.. අපි ආයේ රාජපක්ෂලාගේ පොත් කියවන්නේ නෑ.... මේ රටට අ‍ායේ රාජපක්ෂලාගේ පොත් ඕනත් නෑ.. ඔය ගොල්ල ලියලා ඔයාලම කියවන්න... (ම)

:       0       0

අකිල Friday, 03 July 2015 09:48 PM

හිතන දේවල්ම වෙන්නේ නැහැ මහත්තයෝ (නි)

:       0       0

සත්‍යයා Friday, 03 July 2015 09:52 PM

බලයෙන් මත්වූ මිනිසුන්ට කොහෙද දුර දිග පෙනෙන්නේ? (නි)

:       0       0

සම්පත් Friday, 03 July 2015 09:55 PM

සිතු දේ නොමවෙයි,නොසිතු දෙයක් වෙයි... (නි)

:       0       0

සරණපාල Friday, 03 July 2015 12:44 PM

තව ඉස්සරහට මොනවා මොනවා වෙයිද දන්නේ නෑ.(හේ)

:       0       0

විපුල Tuesday, 30 June 2015 05:08 PM

වැඩකරණ දේශපාලකයෙක්ට හොඳ ආදර්ශයක් (නදී)

:       0       0

ඉන්දික Thursday, 02 July 2015 01:02 PM

ඉන්දික, දේශපාලකයන්ගෙන් පුද්ගලික දේවල් බලාපොරොත්තු වෙන එක අපේ රටේ ගොඩක් මිනිසුන්ගේ ස්වභාවයක්. එහෙත් ඒකෙන් සැබෑවටම රටට වෙන්න ඕනෑ මොකක්ද කියන එක අමතක කරනවා (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 06 July 2015 09:16 AM

ඔය ලෙඩේ හැදෙන්නේ සල්ලි කාරයන් රිමාන්ඩ් කරාම විතරද ? අපිත් හිතුවේ නැහැ, මෙහෙමත් කොමිස් ගහලා රට නැති කරලා යාවි කියල (ම)

:       0       0

ජයසිරි Sunday, 05 July 2015 01:19 AM

තවමත් ජනතාව ගොනාට අන්දන්න හදනවාද? (නි)

:       0       0

රෝහණ Thursday, 02 July 2015 03:10 AM

යුද ජයග්‍රණයෙන් පසු කලයතු ප්‍රතිසංස්කරණ නොකිරීම. අදිකරණ පද්දතිය දේශපාලනය කිරීම. විදේශ සේවාවට සුදුසුකම් නැති පුද්ගලයන් පත් කිරීම. විනයකින් තොර මුල්‍ය පාලනය. රාජ්‍ය දේපල අයතා ලෙස පරිහරණය කිරීම. පවුල් සංග්‍රය. දුෂිතයන්ට, අපරාදකාරයන්ට,කුඩු එතනෝල් අයට අනුබල දීම. මේවත් ඇතුලත් කරන්න. (නදී)

:       0       0

ඉන්දික Tuesday, 30 June 2015 11:04 AM

වැදහත් සාකච්චාවක්, අපිට මෙතෙක් අහන්න ලැබුනේ ඒක පාර්ශික චෝදනා විතරනේ. ප්‍රජාතන්ත්‍රවාදීව හැමෝගෙම අදහස් දැනගන්න එක ඉතාම වටිනවා. (බ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 01 July 2015 02:32 PM

අදින්නාදානය පංච ශීලයට අයිතිද? මම දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 05 July 2015 03:42 AM

ගම්පහ ඉන්න මිනිස්සු දන්නවා මේ "බෝ පැලේ" ගැන හොදටම. (බ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 05 July 2015 03:42 AM

හරි හමන් කෙනෙක් ජනාධිපති වුනානම් ලංකාවේ පස් පාගන්නේ නැහැ.කොහෙද.....! (බ)

:       0       0

ලහිරු Tuesday, 30 June 2015 11:36 AM

කවදා හිතපු දේවල්ද වුනේ.(හේ)

:       0       0

රන්ජන් Tuesday, 30 June 2015 09:36 PM

පොතක් ඕනෑ නැහැ. පරාජයට හේතුව එක වචනයෙන් කියන්න පුළුවන්. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 04 July 2015 12:27 PM

"මොකද මම දේශපාලනඥයකු හැටියට හෝ රටේ නීතිය නිසා නොවෙයි බෞද්ධයෙක් විදියට හැකි උපරිමයෙන් පංච සීලය රකින්න උත්සාහ කරපු, කරන, කෙනෙක්." ආගම දහම විකුණගෙන කන්න නම් කට්ටිය හරිම දක්ෂයි. (නදී)

:       0       0

සුකිරි Tuesday, 30 June 2015 12:14 PM

මේඅහන්නේ පොදුවේ හැම දේශපාලකයන්ගෙන්ම දැන් ඔබතුම ඇමරිකාවේ පුරවැසියෙක්.ගොඩක් දේශපාලක උතුමන්ට ලොකු රටවල පුරවැසිකන් තියනවා. ඇමරිකාවත් දමල ගහල ඇවිත් මෙහෙ දේශපාලනේ කොරේ ලංකාව ගැන කැක්කුමකින් කියලද අපට පිළිගන්ට කියන්නේ (බ)

:       0       0

සමන් Tuesday, 30 June 2015 10:15 PM

අනේ දෙයියනේ! පංච ශිලය රකින්න උත්සාහ කළාලු..? වැඩේ ඇනෙනකොට තමයි සමහරුන්ට තමන්ගේ ආගම මතක්වෙන්නේ. (නි)

:       0       0

ඉන්දික Wednesday, 01 July 2015 03:23 PM

මම පොඩි උදාහරණක් කියන්නම්. අපේ පොඩි මාමා වැඩ කළේ මෙයාගේ කාර්යාලයේ වසර ගණනාවක්. අපේ මාමා මැරුනා හදිසියේ කාර්යාලයේ වැඩ කරනකොට. අනික් දේශපාලකයෝ ගොඩක් මළගෙදර ආවා. නමුත් මොහු ආවේ නැහැ. (නි)

:       0       0

සේන Thursday, 02 July 2015 06:38 AM

බලාගෙන ගියාම බෝ පලයක්නේ - අනේ මගේ කට (ම)

:       0       0

චන්න බුවනක Monday, 06 July 2015 12:41 PM

මම හිතුවෙත් නැහැ ඔබතුමා මෙහෙම සිරගතවෙයි කියලා, ගම්පහින් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගන්නකොට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 351 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 82 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 681 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 315 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 134 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 345 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site