IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මර්වින් සිල්වාගේ පුතා නිසයි මේ ප්‍රශ්න

මාලක සිල්වා කවු ද? ඒ ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත‍්‍රයාය. ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ඔහුය. මාලක සිල්වාගේ නම ඉඳහිට පුවත්පත්වල පළවේ. දැන් යළිත් ඔහු ගැන ප‍්‍රවෘත්ති පළවනු දැකිය හැක්කේ හමුදාවේ මේජර්වරයකුට පහර දී ඔහුගේ ගිනි අවිය පැහැර ගැනීම සම්බන්ධවයි. මේ සිදු වීම පිළිබඳව මාලක සිල්වා මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට දින කීපයක් උත්සාහ කළත් එය අසාර්ථක විය. ඔහුට දුරකතනයෙන් කතා කිරීමට නොහැකි වූ නිසා මාලකගේ පියා වන ඇමැති මර්වින් සිල්වා මහතා සමග සාකච්ඡා කළෙමි.

 

මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා

ඇමැති මර්වින් පුතා ගැන කියයි

කැලණිය රජමහා විහාරයට කපිලවස්තු සර්වඥ ධාතු වැඩමවීම නිසා බෙහෙවින් වැඩ අධිකව සිටි මර්වින් සිල්වා මහතා ඉඩ ලද සැනින් දුරකතනයට පිළිතුරු දුන්නේය. ප‍්‍රශ්නය: ඔබේ පුතා කිසියම් සිදු වීමකට සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒක ඇත්ත ද? පිළිතුර: අනිත් හැම ළමයෙක් අතරම තියෙන සිදු වීමක් මගේ පුතාටත් වෙලා තියෙනවා. අමතර දෙයක් වෙලා නැහැ.   ප‍්‍රශ්නය: පොලිසිය ඔබේ පුතා සොයමින් සිටින බව සඳහන් වෙනවා. පිළිතුර: සැකයක් තියෙනවා නම් පොලිසිය රාජකාරි කරාවි. ඒකට මුහුණ දීම අපේ වැඩක්.   ප‍්‍රශ්නය: ආයුධයක් පැහැර ගැනීම හා පහර දීමක් පිළිබඳව චෝදනාවක් නේද තියෙන්නෙ? පිළිතුර: හොරකම් කරල, කොල්ලකාල, ළමා අපචාර කරල, කැලෑ කපල, රජයේ ඉඩම් කොල්ලකාලා, අල්ලස් අරගෙන, ස්ත‍්‍රී දුෂණ කරපු චෝදනාවක් නැහැනේ.   ප‍්‍රශ්නය: ඔබ ප‍්‍රසිද්ධ දේශපාලනඥයෙක්. පුතාගෙ හැසිරීම ඔබට ප‍්‍රශ්නයක් නොවේ ද? පිළිතුර: අවුරුදු 8කට පස්සෙ මගේ පුතා ගැන දැන් යළි කතා වෙනවා. මම ඇමැති නිසා තමයි, මාධ්‍ය මගේ පුතා ගැන වැඩිපුර සඳහන් කරන්නෙ. ඒකට ඉතින් මමයි, පුතයි මොනව කරන්න ද?   ප‍්‍රශ්නය: පුතා මොකක් හරි පටලැවිල්ලක් හදා ගන්නව නේද? පිළිතුර: පටලැවෙන්නෙ නැහැ. පටලව ගන්න හදනවා.   ප‍්‍රශ්නය: ඊයේ පෙරේදා පුවත්පත් කීපයක ඔබත් පුතත් සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කරනවා පළ කර තිබුණා. පිළිතුර: ඔව්. බොහෝම ලස්සනට තිබුණා. ඒ පුවත්පත්වල අලෙවියත් වැඩි වෙලාලූ.   ප‍්‍රශ්නය: පුතා ටිකක් කලබලකාරයි වගේ නේද? පිළිතුර: ඒක උගේ වයසෙ හැටි. මගේ වයසට ඇවිල්ල තරුණයෙක් වගේ හැසිරෙන්න බැහැනේ. මගේ කොල්ල තරුණයි. හැඩකාරයි. තරුණකම ඇඟේ තියෙනවා.   ප‍්‍රශ්නය: හමුදා මේජර්වරයකුට පහර දීලයි කියල කියන්නෙ. පිළිතුර: මේක හමුදා නිලධාරියෙක් පිළිබඳ ප‍්‍රශ්නයක් නොවෙයි. මර්වින් සිල්වාගෙ පුතා නිසයි ප‍්‍රශ්නය.   ප‍්‍රශ්නය: ඔබ පුතා පොලිසියට ඉදිරිපත් කරනව ද? පිළිතුර: ඒ මොකට ද?   ප‍්‍රශ්නය: පහර දුන්නා කියන සිද්ධියට. පිළිතුර: චෝදනාවක් තියෙනවා නම් පොලිසිය බලා ගනීවි. අප ඒකට මුහුණ දෙනවා. වැරදි කරල නැත්නම් බය වෙන්නෙ මොකට ද?   ප‍්‍රශ්නය: ඔබ පුතා ආරක්‍ෂා කරන්න හදනව නේද? පිළිතුර: ඒක පුදුම කතාවක්නේ. මාලක කියන්නෙ මගේ පුතා. කොහොම වුණත් අපට දුන් ප‍්‍රසිද්ධියට මම නම් මාධ්‍යවේදීන් ගෙන්නල භෝජන සංග‍්‍රහයක් පවත්වනවා. මම මේ වැඩ ගොඩක ඉන්න වෙලාවක්, පස්සෙ කතා කරමු.
දයාසීලි ලියනගේ



අදහස් (0)

මර්වින් සිල්වාගේ පුතා නිසයි මේ ප්‍රශ්න

අමර Monday, 17 September 2012 01:30 PM

නැතුව මගේ පුතා නිසාද මේ ප්‍රශ්න (දී)

:       0       0

රාජා සෞදි Sunday, 16 September 2012 06:23 PM

මේ වෙනුවෙන් වෙන්කල කාලයසහ ඉඩ අපරාදෙ කියලා හිතෙනවා..!!(නු)

:       0       0

කපිල Monday, 17 September 2012 01:55 PM

කාටත් කියන්න පුලුවන්ද නැහැ කියල

:       0       0

තරුෂ Sunday, 16 September 2012 06:43 PM

බලු වලිගේ උණ පුරුකේ දැම්මත් නෑ ඇදේ ඇරෙන්නේ...(නු)

:       0       0

නුවන් Wednesday, 19 September 2012 06:57 PM

තාත්තගේ වගේම පුතාගෙත් ජාතකය හොද නැහැ.(නදී)

:       0       0

අරවින්ද Sunday, 16 September 2012 08:20 PM

බලය ඇති තැනට එක නීතියක්.. බලය නැති තැනට තවත් නීතියක්..!!(නු)

:       0       0

අම්බලන්ගොඩය Wednesday, 19 September 2012 08:27 AM

මේ කැත වැඩ වලට හුරේ කියන කට්ටියත් ඉන්නවනේ.(දී)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 18 September 2012 09:42 PM

නසාර් හරි. (නි)

:       0       0

සුමන Monday, 17 September 2012 10:38 AM

නැහැ කවුද කියන්නේ

:       0       0

වසන්ත Thursday, 20 September 2012 11:27 AM

නූගත් මිනිසුන්ට බලය දෙන මෝඩයෝ තමයි රටේ නායකයා.(නදී)

:       0       0

අසිත Sunday, 16 September 2012 02:05 PM

සිංහල ලේ වලින් පිරුණු කොල්ලෙක්. (නි)

:       0       0

රන්ජිත් Monday, 17 September 2012 01:37 AM

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා

:       0       0

රංග සංජීව Tuesday, 18 September 2012 10:33 AM

තාත්තා කල දේ පුතා නොකලොත් නොට්ටිගේ පුතානේ (දී)

:       0       0

බණ්ඩාර Sunday, 16 September 2012 02:13 PM

කවදාහරි මේවට පොලිත් එක්කම ලැබෙයි...!!(නු)

:       0       0

සාලිය Sunday, 16 September 2012 02:32 PM

‘‘හොරකම් කරල, කොල්ලකාල, ළමා අපචාර කරල, කැලෑ කපල, රජයේ ඉඩම් කොල්ලකාලා, අල්ලස් අරගෙන, ස්ත‍්‍රී දුෂණ කරපු චෝදනාවක් නැහැනේ.‘‘ මේ මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති කෙනෙක් කියන කතා..

:       0       0

ඔසධ Monday, 17 September 2012 03:21 AM

නීතිය වල්වැදුණු මෙහෙවු රටක ඉපදුණ එකට මට ගිනි තියාගන්න හිතෙනවා. (නි)

:       0       0

සමන් Wednesday, 19 September 2012 04:14 PM

බලය වැඩි තැනට තමයි වාසනාව වුණත් එන්නේ. (නි)

:       0       0

රාජා Sunday, 16 September 2012 02:44 PM

නීතිය වල්වැදුන රටක මෙවැනි පුවත්පත් සාකච්ජාවක් පවත්වපු එකත් නිෂ්පලයි. (නු)

:       0       0

අංජන Wednesday, 19 September 2012 11:16 PM

බලය ඇති කෙනා දිනනවා. අපිට වුනා නම් මේජර් නිකන් ඉදීද? (නි)

:       0       0

රුවන් Monday, 17 September 2012 07:02 AM

ඕවා එච්චර ගණන් ගන්න එපා. මේක ආශ්චර්යවත් ලංකාවනේ. (නි)

:       0       0

බර්නාඩ් Thursday, 20 September 2012 03:34 PM

මටත් තියෙනවා පොඩි ගණුදෙණුවක් මේජර් කෙනෙක් එක්ක. (නි)

:       0       0

සුදත් Tuesday, 18 September 2012 06:09 PM

අර ඇමතිතුමා කියපු වැරදි වලට තව වැරදි එකතු වෙන්න ඕන.!(නු)

:       0       0

හිරුනි Sunday, 16 September 2012 04:29 PM

අහන්නත් සතුටක්

:       0       0

සමන් Tuesday, 18 September 2012 11:50 AM

දුරකතන අංකය ලබා ගන්න බැරිද දන්නේ නෑ.. (ස)

:       0       0

නිමල් Sunday, 23 September 2012 12:07 PM

ගම්පහ මිනිසුන් මේවාට වග කිව යුතුමයි. රට වනසනවා. (නි)

:       0       0

ජානක බහරේන් Sunday, 16 September 2012 04:41 PM

මෙයාලව මෙතනට ගෙනාව අයට හොද වැඩේ...!(නු)

:       0       0

නසාර් Monday, 17 September 2012 07:41 AM

මේ රට හදන්න නම් රට හමුදා පාලනයක් යටතේ තිබිය යුතුයි. (නි)

:       0       0

Gayan Sooriyaarachchi Sunday, 16 September 2012 05:00 PM

මෙන්න නියම පියවරු.... (නු)

:       0       0

නසාර් Monday, 17 September 2012 08:04 AM

පියාගේ නම රැකගන්නට වෙරදරන පුංචි පුතෙක් (නි)

:       0       0

මංජුල Monday, 17 September 2012 08:14 AM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

සමන් Monday, 17 September 2012 01:10 PM

මට ඇහෙන්න තව මොකුත් කියන්න එපා මේ ගැන

:       0       0

ලලිත් Tuesday, 18 September 2012 12:15 AM

නැත්නම් අපි නිසාද

:       0       0

චන්දන Monday, 17 September 2012 08:43 AM

අපි මෙයාට මොකද කරන්නේ

:       0       0

සමන් Tuesday, 18 September 2012 12:34 PM

තාත්තයි පුතයි දෙන්නම එකයි (දී)

:       0       0

දමිත් Saturday, 22 September 2012 07:32 PM

මේවා ඡන්දය දුන්න අපිට හොද පාඩම්. (නි)

:       0       0

කුමාර Tuesday, 18 September 2012 12:52 AM

කාට හරි නැහැ කියන්න පුලුවන්ද

:       0       0

පිනා Thursday, 20 September 2012 01:30 PM

කතාව ඇත්ත

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සත්‍යය අසත්‍යයට පාවාදීම
2024 අප්‍රේල් මස 27 0 0

ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ 1971 කැරැල්ලෙන් පසු සිරගතව සිට 1977 දී යළි නිදහස ලැබූ පසු වෙනස්ම ආකාරයේ දේශපාලන වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළහ.


පාස්කුදා ප්‍රහාර පරීක්ෂණවලට දේශපාලනය ගාවගන්න එපා
2024 අප්‍රේල් මස 27 4 0

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ තවත් පාර්ලිමේන්තු විවාදයක් පසුගිය දින තුනක් තිස්සේ පැවැත්විණි. සමගි ජනබලවේගය මගින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් අනුව ප


සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 430 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 109 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 730 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 327 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 345 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site