IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මට අහිමි මා අහිමි ලේ කැටි පුතුනී

මැක්සිම් ගෝර්කි වරක් පැවසූවේ ලොව සියලු දේ බිහිවන්නේ හිරුගේ රැස්වලින් සහ මවගේ කිරි වලින් බවයි. එවන් වූ දහසකුත් අම්මාවරුන්ගේ සහ මෙරට ශ්‍රම බලකායේ වැඩිම නියෝජනයක් උසුලන කාන්තාවන්ගේ දිනය යෙදෙන්නේ මාර්තු 08 වැනිදාටය.

උදෑසන අවදි වූ වේලාවේ පටන් තම දරුවන් වෙනුවෙන් ස්වාමියා වෙනුවෙන් කැපවන අම්මලාට, අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් තේ දලු නෙලන කාන්තාවන්ට,  කිසිවකු නොමැතිව දුරු රටවල්වල කාසි සොයන කාන්තාවන් ඇතුලු ධෛර්යය සම්පන්න බොහෝ කාන්තාවන්ට සැබැවින්ම කාන්තා දිනයක් අවශ්‍ය වන්නේ නැත.

ඒ සමාජයෙන් ඔවුන් කරන මෙහෙවර වෙනුවෙන් නිසි ඇගයීමක් ලැබේනම් පමණි. ඒ නිසාම අප සමාජයේ ඇතැම් මව්වරු කොතෙක් සිය දරුවන් කෙරෙහි ස්වාමියා කෙරෙහි වෙහෙසුන ද ඔවුන් උපමා කළ හැක්කේ අහසටය. මන් ද වැස්සත් පෑව්වත් අහස බැනුම් අසන නිසාවෙනි. එසේම  අම්මා ද ඇතැම් විට සිය හෘද සාක්ෂියට අනූව වරදකරුවකු නොවුව ද ඇතැම් විට සමාජය විසින් ඇයව වැරදිකරුවෙක් කර හමාරය.

මා විසින් ලියැවුන ළය ඉරී ගීතය නිර්මාණය වන්නේ ද මෙවන් පසුබිමක් තුළය. මහේෂ් විතාන මහතා සංගීතවත් කර ඇති එම ගීතය ගායනා කරන්නේ විශාරද නිපුනි නයනතාරා විසිනි.

ළය ඉරී කිරී එරී

හද තැවුල් ඇවිලී

නම නොකී මව වෙමී

කාසියට විකිණී

 

දෙස් දෙවොල් නින්දා අපහාස ඇවිලී

රන් කැටී මේ සිහින ගිනිගෙන සිගිතී

එකින් එක දින පිරී ජීවිතය විහිදී

කුස පමණි නුඹට හිමි මා නොව පුතුනි

 

සඳ ගිලුණු ගණ රැයක තරු පොකුරු ඇහිඳී

ජීවිතයේ කටු යහන රිදුම් දෙයි ඇමිනී

දස මසක් මා ලෙයින් මා කුසින් දැඩි වී

මට අහිමි මා අහිමි ලේ කැටි පුතුනි

වසර 16 පමණ කාලයක් නීතිඥවරියක වශයෙන් බොහෝ අත්දැකීම් සමුදායකින් කටයුතු කළ මා දිනක් රූපවාහිනිය නරඹමින් සිටින අතරතුර දී දරුවකු විකුණූ මවක් පිළිබඳව පල වූ පුවතකින් සසළ විය. ඒ ඔස්සේ ගලාගෙන ආ සංවේදී හැඟීම් සමුදාය ගීතයක් ලෙස ඔබ අතරට ගෙන එන්නට මා අදහස් කළේ මේ හරහා විශාල සමාජ පණිවිඩයක් ද ලබා දීමේ අරමුණින්ය.

අප සමාජයේ දරුවකු විකිණූ මවක් සේම දරුවකු මිලදී ගන්නා මවක් පිළිබඳව ද අපට ඇත්තේ අයහපත් ආකල්පයක් පමණි. මව් පදවියටවත් නුසුදුසු අය සේ සමාජය ඉදිරියේ කොන් වන ඔවුන් එම දරුවා පාරක තොටක මිය යන්නට නොදා කොතැනක හෝ සතුටින් සිටින්නට ඉඩ හසර දීම පිළිබඳව කිසිදු පැසසුමක් මේ සමාජයෙන් කිසිඳු දිනක ලැබෙන්නේ නැත. මෙවන් සමාජ ගැටලුවලට හේතුවක් ලෙස ආසියාතික සමාජය තුළ දරුවන් නොමැති ගැහැණුන් වද ගැහැණුන් ලෙස හංවඩු ගැසීමට ගත හැසීම ද ප්‍රබල කරුණක් යැයි මට හැඟේ. එමෙන්ම විවාහ නොවී දරුවෙකු සාදන ගැහැණියක් කෙරෙහි සමාජය දක්වන පිළිකුල ද සමාජය විසින් ඔවුන්ව කොන් කරන ආකාරය කෙතරම් වේදනාත්මක දරාගැනීමක් ද යන්නේ දන්නේ ඒ අසරණ කාන්තාවන්ම පමණි. එබැවින් එවැනි මවක් වචනයකින් හෝ පීඩාවට පත් කිරීමට ඔබත් සිතන්නේ නම් ඒ පිළිබඳව තව දුරටත් සානුකම්පිතව දෙවරක් නොව සිය වරක් සිතා බලන්න.

සමාජයේ එක් පසෙකින් විවාහයකින් පසුව දරුවන් නොමැතිව ප්‍රසව හා නාරි වෛද්‍යවරුන්  හමුවීමට යන අම්මාලය. තවත් පසෙකින් විවාහයක් නොමැතිව ගබ්සා මධ්‍යස්ථාන සොයා යන අම්මලාය. ඇතැම් විට විවාහයක් නොමැති දරුවකු බිහිකර සුරැකුම් මධ්‍යස්ථාන තුළ හඩා වැටෙන අම්මලාය. විටෙක කුණු ගොඩවල් අසළ පවා තම දරුවන් දමා යන මරණයට පත් කරන අම්මලාය. මේ සියලු දෑ සිදු වන්නේ ආගම් වාදය කර පින්නාගත් සමාජ සුභ සාධනය කර පින්නා ගත් සමාජ ස්ථරයන් තුළ වීම අතිශය කණගාටුවට කරුණකි.

මගේ රාජකාරී දිවියේ දී ඇතැම් විට සිය දරු ගැබ පවා දරුවන් නොමැති කාන්තාවන් වෙනුවෙන් සිය දරු ගැබ කුලියට දෙන කාන්තාවන් මා හට මුණ ගැසී ඇත. මුදලට හෝ කිනම් අභිලාෂයකින් එය සිදු කළ ද අවසානයේ දී දරුවන් නොමැතිව දුක් විඳින මවකගේ කිරි සිහින සැබෑ කිරීමට ඉන් හැකිවීම පිළිබදව මට ඇත්තේ සියුම් සතුටකි.

මා විසින් ලියූ ගීතය තුළ සිටින කාන්තාව සිය කුස තුළ සිටි දරුවා කෙරෙහි උපදින ආදරය සහ දයාව හේතුවෙන් ඇයගේ ළැම පිරී ළය ඉරී යයි. එහෙත් සිය දරුවා මුදලට විකුණා නීතිය ඉදිරියේ වැරදිකාරියක වීම හේතුවෙන් දැන් ඇයගේ ළැම පිරී යන කිරී බීමට දරුවකු නොමැත. සිය දරුවා මුදලට විකුණා සමාජය ඉදිරියේ වැරදිකාරියක වූ මේ මවට දැන් ඇත්තේ දෙස් දෙවොල් නින්දා අපහාස පමණි. ඇතැමි විට ඒ මව සිය දරුවා සමග සතුටින් සිටින්නට සිහින දකින්නට ඇති. නමුදු දැන් ඒ සියලු සිහින බිඳ වැටී ඇත. ඒ නිසා සිය දරුවාට තමාගෙන් උරුම වූයේ සිය කුස පමණක් බව ඇය ශෝකයෙන් සිහිපත් කරයි. කටු යහනක් වූ ඇගේ දිවියේ තරු පොකුරු ඇහිඳින්නේ කළුවර පිරුණ රාත්‍රියක දීයි.

නීතිඥවරියක ලෙස සේවය කළ ද මට හැගෙන්නේ නීති පොත්වල කෙතරම් වදන් තිබුන ද ඒවා ක්‍රියාත්මක කරන්නේ මේ පොළොවෙහි මිනිසුන්ම බැවින් නීතියේ සුමට බව ඇතැම් විට රළු වන බවයි. ඒ නිසාම දරුවන් නොමැති දරුවකු හදා වඩා ගැනීමට කැමති මව්වරුන්ට සේම සිය ආර්ථික දුෂ්කරතා හේතුවෙන් හෝ වෙනත් සාධාරණ හේතුවක් නිසාවෙන් සිය දරුවා වෙනත් අයකුට හදා වඩා ගැනීමට දෙන්නේ නම් ඒ සියල්ල සිදු කිරීමට වී ඇත්තේ රහසිගතව බවයි. එබැවින් දරුවකු විකුණන මවකට සිර දඩුවම් නියම කිරීම නීතියට අනූව සාධාරණ  වුව ද  හෘද සාක්ෂිය ඉදිරියේ එය කෙතරම් මානුෂීයදැයි විටෙක හැඟෙනු ඇත.

එබැවින් මෙවැනි ගැටලු පිළිබඳව සමාජය බැලිය යුත්තේ සානුකම්පිතය. මෙවන් ගැටලුවලට හේතු වන සමාජ වටපිටාව පිළිබඳව සොයා බැලිය යුතුය. තවදුරටත් වද ගැහැණුන් අයාලයේ යන ගැහැණුන් මේ සමාජයේ සිටිය යුතු නැත. ඒ සියලු දෙනා ආදරණීය ගැහැණුන් ලෙස ආදරණිය මව්වරුන් ලෙස ඔබ පිළිගත යුතුය. ගබ්සා මධ්‍යස්ථාන වෙනුවට විවාහයකින් තොරව හෝ බිහිවන දරුවන් රැක බලා ගන්නා මධ්‍යස්ථාන වැඩි වශයෙන් බිහිවිය යුතුය. එසේම සමාජයේ බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර නොවන මෙවන් වටිනා සමාජ පණිවිඩයක් ලබා දෙන හරවත් ගීත ද වැඩි වශයෙන් බිහි විය යුතු බව මගේ අදහස වේ.

නීතිඥ නදී එදිරිසිංහ


 



අදහස් (2)

මට අහිමි මා අහිමි ලේ කැටි පුතුනී

AB Thursday, 09 March 2023 03:43 AM

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් හෝ වෙනත් සාධාරණ හේතුවක් නිසාවෙන් සිය දරුවා වෙනත් අයෙකුට හදා වඩා ගැනීමට දෙන්නේ නම් ඒ සියල්ල සිදුකිරීමට වී ඇත්තේ රහසිගතව නම් එයට වගකිව යුතුවනුයේ රටේ සමාජ, දේශපාලන ක්‍රමවේදයක් සහ සමාජය පිළිබඳව සහ සමාජයේ ජිවත්වන විවිධ තලයන් / කණඩායම් පිළිබඳව නිසි වගකීමක් නොමැතිවීම වේ. දියුණු රටවල සමාජයේ සිදුවන අකටයුතුකම් (ගණිකාවන් සහ වෙනත්) ලංකාවේද සුලබව රහසිගතව සිදුවේ. නමුත් කිසිදු වගකිව යුත්තකු හෝ කණඩායමක් එවැනි කටයුතු සිදුවන බව දැනුවත් වුවත් ඒ පිළිබඳව නිහඬව සිටි. යම් හෙයකින් එවැනි කටයුතු නීතිගත කිරිමට රජය උත්සාහ කළහොත් සියල්ලම අලුගසා දමා රජයට එරෙහිව නැගිට සිටි. එමනිසා සමාජයේ සිදුවන අකටයුතුකම් නැවැත්වීමට නීතිය මැදිහත් විය යුතුවේ. එසේ නොවන්නට සියලු අතට යුතුකම් සමාජයේ රහසින් සිදුවෙද්දී සමාජය තවදුරටත් පවතින කණගාටුදායක නිත්‍යානුකූල නොවූ සිදුවීම් සිදුවීම වර්දනය වීමක්, සමාජ දූෂණය වර්දනය වීම පාසල් සිසුන් පවා පෙළඹවීම සහ නමුත් නීතියක් නොමැති නිසා නැවැත්වීමට හෝ මැඩපැවැත්වීමට නොහැකියි.

:       0       2

AB Thursday, 09 March 2023 03:48 AM

එමනිසා සමාජ සාධාරණත්වයක් තිබිය යුතුවා සේම මෙවැනි රහසේ සිදුවන (රටේ මත්ද්‍රවය නීතිගත කිරීම නොවේ) කටයුතු නීතිගත කර එවැනි කටයුතු කරන්නවුන් වෙනුවෙන් නීති සකස්විය යුතුවේ. එයත් system change හි සැලකිය යුතු වැදගත් පැතිකඩක් වේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 335 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 80 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 660 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 312 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 129 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 340 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site