IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


බාඳුරා

නැපෙන්තස් ඩිස්ටිලාටෝරියා ලෙස හඳුන්වන බාඳුරා ශාඛය ලොව මුළින්ම හඳුනාගත් මාංශ භක්ෂක ශාකයයි. සතුන් ආහාරයට ගන්නා මෙම ශාඛය ලංකාවට ආවේණිකය. වැලක් ලෙස වර්ධනය වේ. සතුන් ගොදුරු කර ගැනීම සඳහා කෙණ්ඩියක ආකාර විශේෂ වර්ධනයක් මෙම ශාකයේ දක්නට ලැබේ. එකම වැලෙහි සෑදෙන කෙණ්ඩි ආකාර තුනකි. එක් ස්වරූපයකදී කෙණ්ඩියේ පහළ සිට ඉහළට ගමන් ගන්නා සතුන් ඇතුළට වැටෙන ආකාරයට අනුවර්තනය වී ඇත. තවත් කෙණ්ඩියක් ශාකයේ පහළට ගමන් කරන සතුන් වැටෙන ආකාරයට අනුවර්තනය වී ඇත. එමෙන්ම සුළඟට ගසා ගෙන එන හෝ පියාඹා එන හෝ කුඩා කෘමි සතුන් පමණක් අල්ලා ගැනීම සඳහා අනුවර්තනය වූ කෙණ්ඩිද මෙම එකම ශාකයක දැකිය හැකිවේ. කොළ පැහැති හෝ රතුපැහැති ශාක විශේෂ දෙකක් තෙත් කලාපයේ සිංහරාජය, කන්නෙළිය වැනි වැසි වනාන්තරයන්හි දී හමු‍වෙයි. රෝස පැහැති වූ විශේෂයක් මුතුරාජවෙල ප‍්‍රදේශයේ ඇත. බාඳුරා කෙණ්ඩියේ පියන විවර වීමට පෙර එහි ඇති ද්‍රාවණය කක්කල් කැස්සට ද වඳ බව නැති කිරීමටද ගනිතියි කියති. රෝස පැහැති බාඳුරා විශේෂය බාඳුරා කෙණ්ඩියක් බාඳුරා පියන පිහිටා ඇති ආකාරය කෙණ්ඩියට වැටී ඇති කෘමි සත්තු



අදහස් (0)

බාඳුරා

තිලිණි සෙව්වන්දි Tuesday, 27 September 2011 11:06 AM

අගනා ලිපියක්

:       0       0

නිත්‍යා Saturday, 05 January 2013 01:54 PM

සොඳුරු පරිසරයේ අපූරු නිර්මාණයකි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 355 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 84 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 683 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 316 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 134 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 345 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site