IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බක් මහේ ග‍්‍රහ ගමන ඔබට කරන බලපෑම!

sdfy

 

1මේෂ ලග්නය


ලග්නාධිපති කුජ හා යෝගකාරක ගුරු අපේ‍්‍රල් 8 සිට ශුභදායි අයුරින් හැසිරෙන මෙම මාසය තුළ ඔබ බලාපොරොත්තු වූ මෙන්ම සැලසුම් කළ දෑ සිදු වී බලාපොරොත්තු නොවූ, අපේක්‍ෂා නොකළ දේ මඟින් යහපතට කටයුතු පිළියෙලවීමක් ද සිදුවන්නේය. අභියෝග ජයගත හැකි මාසයකි.


අධ්‍යාපන - ආර්ථික හා රැුකියාවේ තත්ත්වය : මෙය ඔබගේ අවබෝධ ඥානය, කුසලතාව මැනවින් කැපී පෙනෙන මාසයක් බැවින්, අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමටත් හැකිවන්නේය. පාසල් හා වෘත්තීය අධ්‍යාපනික කටයුතු ගතවූ මාසයට වඩා වැඩි උනන්දුවකින්  කරගෙන යාමට හැකි බැවින් ඔබට මෙම මස තුළ අධ්‍යාපනික වශයෙන් බලාපොරාත්තු වූ ප‍්‍රතිඵල කෙසේ හෝ ලබා ගත හැකිවන්නේය.


නව ආදායම් මාර්ග ගොඩනැගී ආර්ථිකයේ ප‍්‍රගතියක් මෙම මාසයේදී සිදුවන්නේය. බලපෑ ආර්ථික ගැටලූ බොහොමයකින් මෙන්ම ණය ගනුදෙනු කිහිපයකින්ම නිදහස් වීමට ද හැකිවනු ඇත. උරුම හිමිකම් ප‍්‍රශ්න නිරාකරණය වී මීට අදාළ යම් යම් ලාභ ප‍්‍රයෝජනයන් ද සැලසෙන්නේය. තැන්පත් ධනයට යමක් එකතුවේ.


පේ‍්‍රම දිවිය හා යුග දිවිය : විවාහ යෝජනා, පේ‍්‍රම සබඳතා බලවත් ලෙසින් පෙන්නුම් කරන මාසයක් වුවද ඒවා ස්ථිර තහවුරු වන අන්දමේ බැඳීම් සිදු නොවේ. පවතින ආදර සබඳතා හා යුග දිවියේ කාර්යය කටයුතු ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යාමට තම විරුද්ධ ලිංගිකයා සමඟ අන්‍යොන්‍ය අවබෝධයෙන් කටයුතු කරන්න. පොදුවේ ආදර සබඳතා හා යුග දිවිය කෙරෙන් ශුභාශුභ මිශ‍්‍ර බවක් ගොඩනැගේ. විටෙක මීට අදාළ කටයුතු කෙරෙන් යම් යම් ප‍්‍රශ්නකාරී දෑද සිදුවෙයි. ඒ කෙරේ අවබෝධයෙන් කටයුතු කරන්න.


සෞඛ්‍යය : පපුවේ රෝග, හෘදයාබාධ ඇති අය තම රෝගයන් කෙරේ වැඩි වශයෙන් සැලකිලිමත් වන්න. අනතුරු පීඩා හදිසි ආබාධවලට ද ලක්වන මාසයකි.

 


2වෘෂභ ලග්නය


වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මෙම මස මුල් සති දෙක වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වන්නේය. එහිදී ගෙදර දොර පවුලට සම්බන්ධ මෙන්ම තම දෛනික කාර්යයන්ට සම්බන්ධ කටයුතු හොඳින් ඉටුකර ගැනීමට හැකිවන්නේය. අවසන් දින 15 තුළ තරමක් අවහිර බාධාවන්  මධ්‍යයේ කටයුතු කිරීමට සිදුවන්නේය.


අධ්‍යාපන - ආර්ථික හා රැුකියාවේ තත්ත්වය : පාසල් හා වෘත්තීය අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයට හා දැනුම වැඩිදියුණු කර ගැනීමටත් යම් යම් අයගේ ආධාර මෙන්ම උගතුන්ගේ සහායත් ලැබේ. අධ්‍යාපනික වශයෙන් යම් යම් හැකියා කුසලතා පෙන්විය හැකි මාසයකි. එනමුදු ඔබ ඉගෙනීම් කටයුතුවලට බාධක  නොවන අයුරින් කටයුතු කරන්න.


සමස්තයක් වශයෙන් ගත්කල මුල් සති දෙක තුළ ඔබට ආර්ථික හා දේපල කෙරෙන් වැඩි දියුණුවට කටයුතු පිළියෙල වන අතර විවිධ ආර්ථිකමය ලාභ ලැබේ. ධන අය භාවාධිපතීන් බලයෙන් හැසිරෙන මෙම මාසය තුළ ඔබගේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට මං පෙත් විවර වන්නේය. ගනුදෙනුවලින් නොසිතූ වාසි ප‍්‍රයෝජන අත්වේ. කෙසේ නමුත් විනෝදයට බරව කටයුතු කරන්නට යෑමෙන් නිෂ්ප‍්‍රයෝජන හා අධික වියදම් ද යෙදෙන අවස්ථා ගොඩනැගේ. ඒවා මඟ හැර ගන්න.


පේ‍්‍රම දිවිය හා යුග දිවිය : අපේ‍්‍රල් 15 න් පසු මේවායේ කටයුතුවලට සුළු සුළු අවහිර බාධා මතුකළත් අපේ‍්‍රල් මුල් සති දෙකේදී අශුභදායක බව පහව ගොස් බලාපොරොත්තු සහගත බව ගොඩනැගේ. එහිදී ඔබගේ ආදර සබඳතා හා විවාහයට අදාළ කටයුතු කෙරෙන් සිතට සතුට දනවන දෑ සිදුවේ. මීට අදාළ බලාපොරොත්තු හා සැලසුම් ඉටුකර ගැනීමටත් හැකිවේ. විශේෂයෙන් මෙම මස තුළ ඔබගේ යුගදිවියේ හා පේ‍්‍රම දිවියේ කටයුතු සම්බන්ධයෙන් නවෝදයක්  ඇති නොවේ.


සෞඛ්‍යය : මුත‍්‍රා ආසාදන විටින් විට මතු වන මාසයකි. ඇසේ හිසේ අසනීප සෙම් ආසාදන ගති විටින් විට මතු කරයි.

 


3මිථුන ලග්නය


මිථුන ලග්නයෙන් උපන් ඔබට මෙම මාසය වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වන්නේය. සිතුම් පැතුම් සපුරා ගෙන අවහිර බාධක මැඩගෙන කටයුතු කිරීමට මෙන්ම මතුවන අභියෝග ද ජය ගැනීමටත් හැකි වන්නේය.


අධ්‍යාපන - ආර්ථික හා රැුකියාවේ තත්ත්වය : අධ්‍යාපන කටයුතුවල ප‍්‍රගතිය උදෙසා කටයුතු පිළියෙල වේ. ඔබට මෙම මස තුළදී විවිධ භාෂා ඉගෙනීමටත් වෘත්තීය අධ්‍යාපනයන්ට සම්බන්ධ වීමටත් අවස්ථාව සැලසේ. කෙසේ වෙතත් යහළුමිත‍්‍ර‍්‍ර‍්‍ර‍්‍රාදීන් සමඟ අනවශ්‍ය විනෝදවීම් ක‍්‍රියාවල නිරත නොවුනොත් ඉගෙනීම් කටයුතු සිතැඟි පරිදි කරගෙන යා හැක.


පොදුවේ ආදායම් වියදම් සමබරව පවත්වාගෙන යාමට හැකි වන්නේය. ණය ගනුදෙනු හෝ වෙනත් මූල්‍යමය අපේක්‍ෂා ඉටුකර ගත හැක. විකිණීම්, මිලයට ගැනීම් ආදියෙන් ලාභ ප‍්‍රයෝජන සැලසේ. සමස්තයක් වශයෙන් ගත්කල මෙය තම මූල්‍ය අවශ්‍යතා පිරිමැසෙන මාසයකි. හදිසි වාසනා ලොතරැුයි වැනි දෑ මඟින් වුව මිල මුදල් ලාභ ද හිමි වේ.


පේ‍්‍රම දිවිය හා යුග දිවිය : ආදර සබඳතා හා විවාහ කටයුතු සිතැඟි පරිදි සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සැකසේ. අවිනිශ්චිතව පැවති ආදර සබඳතාවක් හෝ විවාහ පොරොන්දු ගිවිසුමක් ස්ථිර තහවුරු කර ගැනීමට ද පසුබිම සැකසේ. එසේම ආදර සබඳතාවලට හා විවාහ දිවියට අදාළව කරන වැඩකටයුතු සඵල වේ. මෙය බොහෝවිට විරුද්ධ ලිංගික සබඳතා පවා වැඩි වශයෙන් ගොඩනගා ගැනීමටත් අවස්ථාව සැකසෙන මාසයකි.


සෞඛ්‍යය : පපුවේ සෙම් පීඩා, බඩවැල්වල රෝග පවතී නම් නිසි පරිදි වෛද්‍ය උපදෙස් පිළිපදින්න. වැඩි වශයෙන් ශරීර සනීපය දුර්වල කරන මාසයකි.

 

 


4කටක ලග්නය


ඔබගේ යෝගකාරක කුජ බලයෙන් යුක්තව හැසිරෙන මෙම මාසය තුළ ඔබට අභියෝග ජයගෙන අවහිර බාධා මැඩගෙන සිය දෛනික කාර්යය කටයුතු කරගෙන යාමට හැකි වන්නේය. එසේම උත්සාහයන්හි තරමට ප‍්‍රතිඵල අත්කර ගත හැකිවේ. වැඩි වශයෙන් ශූභ ඵලදායක මාසයකි. එබැවින් අලූත් දේ ඇරඹීමටත් අරමුණු සැලසුම් ක‍්‍රියාවට නැංවීමටත් මෙය උචිත මාසයක් ද වනු ඇත.


අධ්‍යාපන - ආර්ථික හා රැුකියාවේ තත්ත්වය : විද්‍යාස්ථානාධිපති හා විද්‍යාකාරක බුධ බලයෙන් යුක්තව සිටීම නිසා මෙම මස තුළදී ඔබගේ සියලූ අධ්‍යාපනික කටයුතු සිතැඟි අයුරින් අපේක්‍ෂා කළ පරිදිම කරගෙන යා හැක. පොතපත කියවීමටත්, දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමටත් ආශාවෙන් කටයුතු කරයි. ශිෂ්‍යත්ව ලාභාදිය හිමිවීමටත් බලය ඇත. මෙය ඔබ අලූත් හා ගැඹුරු විෂයයන්ට සම්බන්ධ වන මාසයක් ද වේ. 

 
ශුභ ධනයෝගයක් උදාකොට ඇති මාසයක් නිසා ඔබට මෙම මස තුළ ආර්ථික හා දේපළමය වශයෙන් යම් යම් ලාභ ප‍්‍රයෝජනයන් සැලසෙනු ඇත. එසේම ඔබ මෙම මාසයේදී ඉඩකඩම් යානවාහන මෙන්ම දේපළ ආදියට මිල මුදල් යොදවමින් ආදායමක් ද උපදවා ගනී. හිඟ මුදල්, දිරි දීමනා ලැබේ. තැන්පත් ධනයට ද යමක් එකතු කරගත හැකි වෙයි. එසේම ආර්ථිකය ශක්තිමත් වන මංපෙත් විවර වන මාසයක් ද වේ.


කර්මස්ථානාධිපති බලයෙන් යුක්ත බැවින් ඔබ තම රැුකියා ව්‍යාපාරාදිය වෙනුවෙන් බෙහෙවින් උනන්දුවකින් යුතුව කටයුතු කරන මාසයක් බවට පත්වේ. විනෝදය විවේකය ගැන නොසිතා රැුකියාව කෙරේ කි‍්‍රයාශීලීභාවයෙන් කටයුතු කොට රැුකියා ව්‍යාපාරාදියේ වැඩිදියුණුවක්, ස්ථාවරභාවයක් සකසා ගනී. ආයතන ප‍්‍රධානීන්ගේ පැසසුමට ලක්වන දෙයක් ද මෙම මස තුළ සිදුවේ. විදේශ රැුකියා අපේක්‍ෂාවන්ද ඉටුවන ලකුණු පහළ වේ. ඊට බලපෑ බාධා පහව යයි. එසේම සිතෙහි සහනයෙන් රැුකියා හා ව්‍යාපාරික කටයුතු කරගෙන යාමටත් හැකිවේ.


පේ‍්‍රම දිවිය හා යුග දිවිය : ඔබට මෙම මස තුළ ආලය පිළිබඳ කටයුතු ඉතා පහසුවෙන් ඇතිකර ගත හැක. ආදර සබඳතා ස්ථීර තහවුරු කර ගැනීමට බාධාවක්ව පැවති යමක් ද ඉවත් වේ. විශේෂයෙන් ඔබට විරුද්ධ ලිංගිකයන් වැඩිපුර ඇසුරු කිරීමටත් මෙහිදී හැකිවන්නේය. පොදුවේ බැලීමේදී අවිවාහක ඔබට තම අනාගත සහකරු / සහකාරිය මෙම මස තුළ මුණගැසෙනු ඇත. ආදර සහ යුග දිවිය කෙරෙත් සතුටුදායක දෑ සිදුවේ. අවිවාහකයන්ට විවාහ යෝජනා ගෙන එනු ලැබේ. මෙය ඔබ විවාහ ගිවිසුමකට වුව සම්බන්ධ වන මාසයක් වේ.


සෞඛ්‍යය : සුළු සුළු අසනීප තත්ත්ව හැරෙන්නට දැඩි පීඩාකාරී අසනීප ගති මතු නොකරයි.

 

 


5සිංහ ලග්නය


මෙම මස මුල්සති දෙක තුළ ඔබගේ අත්‍යවශ්‍ය කාර්යය කටයුතු හා වැඩ කොටස්වලට ශුභාශුභ මිශ‍්‍ර බවක් ගෙන දෙන්නේය. ඒ නිසා සෑම දෙයක්ම සැලකිල්ලෙන් විමසිල්ලෙන් කිරීම වඩාත් යෙහෙකි. කාලයට ඉඩදී කටයුතූ කළ යුතු මාසයකි. ඒ එසේ වුවත් අවසන් සති දෙකේදී අභියෝග මැඩගෙන ඉදිරියට යා හැකිවේ. අපේක්ෂා නොකළ තරගයකින් විශේෂ යහපත් දෙයක් සිදුවේ.


අධ්‍යාපන - ආර්ථික හා රැුකියාවේ තත්ත්වය : විශේෂයෙන් ඔබට මෙම මස මුල් සති දෙක තුළ සිය අධ්‍යාපනික කටයුතු කරගෙන යාමට සිදුවන්නේ විවිධ අවහිරයන් හා බාධාවන් මධ්‍යයේය. එමෙන්ම උනන්දුව අඩුවී උදාසීන බවක්ද මතුවේ. අවසන් සති දෙක මෙම ස්වභාවය පහ වී ගොස් පැහැදිලි මනසින් ඉගෙනීම් කටයුතුවල නිරත වීමටත් හැකි වේ. පොතපතෙහි කටයුතු ක‍්‍රමවත්භාවයට පත් වේ. අපේ‍්‍රල් 16 ත් 30 ත් අතර ඉගෙනීම් කටයුතුවලට බාධා ඇතිනොවේ.


ඔබට අපේ‍්‍රල් 16 වන තෙක් ආර්ථිකමය වශයෙන් එතරම් යහපත් නොවන හෙයින් එහිදී ගනුදෙනු කෙරෙන් පරිස්සම් වන්න. මුල් සති දෙකෙන් පසු ධන තත්ත්වය යහපත් අතට පත්වන්නේ නමුදු පොදුවේ බලන කල ඔබට මෙම මස තුළ යම් යම් මූල්‍ය ලාභයන් ගෙන දුන්නත්, විකිණීම් මිලයට ගැනීම්වලින් ලාභ ප‍්‍රයෝජන සැලසුවත් හදිසි තීරණ ක‍්‍රියාවට නැංවීම හේතුවෙන් මුදල් අවහිරතා මතු වේ. අනවශ්‍ය වියදම් අඩුකරගෙන දෛනික මුදල් පරිහරණයේ නිරත වන්න. නැතහොත් ආර්ථික දුෂ්කරතාවන් මතු වේ. විශේෂයෙන් මෙම මාසය තුළදී තම රැුකියා ව්‍යාපාරාදිය කරගෙන යාමට සිදුවන්නේ නොයෙකුත් අවහිරතාවයන් හා බාධාවන් මධ්‍යයේය. එනිසා ඉවසීමෙන් සිතා බලා නිතරම වැඩකටයුතු, ක‍්‍රියාවන්හි නිරතවන්න.


පේ‍්‍රම දිවිය හා යුග දිවිය : අපේ‍්‍රල් 16 තෙක් ආදර දිවියේ කටයුතු කෙරෙන් සැලකිලිමත් වන්න. ප‍්‍රශ්න ඇති නොකර ගන්න. එම කාලය තුළ පේ‍්‍රමදිවිය හා යුගදිවිය කල්පනාකාරීව සැලකිල්ලෙන් ඉවසිල්ලෙන් ගත කළ යුතුයි. එසේම එහිදී යුගදිවියේ අසමගිකම් ඇතිවීමටත් ඉඩ තිබේ. පෙම් සබඳකම් වැනි ප‍්‍රශ්නවලදී ද ඉතාමත් සැලකිලිමත්වන්න. යම් යම් අයගේ උපදෙස් හා මැදිහත්වීම් හේතුවෙන් මේවායේ අනවශ්‍ය ප‍්‍රශ්න හා අවුල්ද හට ගනී.  අවසන්් දින 15 තුළ අනපේක්‍ෂීත අයුරින් පේ‍්‍රම සබඳතාවක් වුව ඇති වේ. අවසන් සති දෙක මීට සම්බන්ධ කාර්යයන් සිතැඟි පරිදි සිදුවේ.


සෞඛ්‍යය : ඔබට උදරාබාධ, ඇස්වල රෝග, දත්මුල් දියවීම මෙන්ම අත් පාවල දහඩිය දැමීම වැනි අසනීප විටින් විට මෙම මාසය තුළ හට ගනී. නින්ද නොයෑම ද විටෙක සිදුවේ.

 

 


6කන්‍යා ලග්නය


කන්‍යා ලග්නය හිමි ඔබගේ ග‍්‍රහ බලය මෙම අපේ‍්‍රල් මාසය තුළ ශුභදායක ලෙස නොපවතී. එබැවින් මෙම මාසය තුළ ඔබට තම වැඩකටයුතු කරගෙන යාමට සිදුවන්නේ නොයෙකුත් අවහිර හා බාධා මධ්‍යයේය.


අධ්‍යාපන- ආර්ථික හා රැුකියාවේ තත්ත්වය : යම් යම් බාධා මධ්‍යයේ නමුදු අධ්‍යාපන කටයුතුවල වැඩ කොටස් නිසි පරිදි කර ගනී. කෙසේ නමුත් බාධක යෙදෙන නිසා ඔබ ඒ කෙරේ අවධානයෙන් යුතුව කටයුතු කළහොත් අපේක්‍ෂිත අධ්‍යාපනික ඉලක්ක සපුරා ගැනීමට හැකි වන බව කිව යුතුය. අවශ්‍ය මූල්‍ය සම්පත් ලැබේ.


අඩපණ තත්ත්වයේ පැවැති ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමට ගන්නා උත්සාහයට බාධා එල්ල වේ. තමා අපේක්‍ෂිත ආර්ථික ඉලක්කවලින් කොටසක් හෝ සාර්ථක කර ගැනීමට අවස්ථාව සැලසුනත් අනවශ්‍ය දෙයට යෙදෙන වියදම් අධික වේ. අපේ‍්‍රල් 13ත් 20ත් අතර මූල්‍ය කළමනාකරණය බෙහෙවින් දුර්වල වෙයි. උරුම හිමිකම් ප‍්‍රශ්න මතුවීමේ ඉඩක් ද ඇති බැවින් කල්පනාකාරී වන්න.


පේ‍්‍රම දිවිය හා යුග දිවිය : මෙම මස තුළ ඔබගේ පේ‍්‍රම දිවියේ හා විවාහ දිවියේ කටයුතු සිතැඟි පරිදි ඉටුනොවේ. හදිසි හමුවීම් මත යම් යම් විරුද්ධ ලිංගික දැන හැඳිනුම් ඇති වුවත් එහිදී හැඟීම්වලට වහල් නොවී කටයුතු කරන්න. හැසිරෙන්න. විශේෂයෙන් තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයාගේ අවශ්‍යතා සපුරාලීමට නිබඳවම සැලකිලිමත් වන්න. පොදුවේ ඔබ මෙම මාසය තුළ ආදර සබඳතා හා විවාහ කටයුතුවලදී සැලකිල්ලෙන් විමසිල්ලෙන් කටයුතු කරන්න. ඔබගේ පේ‍්‍රමවන්තයා පේ‍්‍රමවන්තිය මෙන්ම සැමියා බිරිඳ අතර සැකයේ බීජය හටගැනීම නිසා දෙදෙනා අතර අමනාපකම් ඇතිවීමේ ප‍්‍රවණතාවක්ද ඇත.


සෞඛ්‍යය : උදරාබාධ මෙන්ම හිසෙහි වේදනා කැක්කුම් වැඩිපුර ඔබට මෙම මස තුළ මතු වන්නේය.

 

 


7තුලා ලග්නය


මෙම මාසය ඔබගේ වැඩකටයුතුවල ප‍්‍රගතියට කටයුතු පිළියෙල වුවත් අනපේක්‍ෂිත හා බලාපොරොත්තු රහිතව අනාගත අභිවෘධියට බලපෑම් කරන යම් යම් අවහිර බාධාවන් ද පැන නගින්නේය. ක‍්‍රියාශූරත්වයෙන් කටයුතු කරන්න. සමාජයේ සැලකිය යුතු අයගෙන් අපේක්ෂිත උදව් උපකාර ඔබට මෙම මාසයේදී නොලැබේ.


අධ්‍යාපන - ආර්ථික හා රැුකියාවේ තත්ත්වය : ඉගෙනීම් කටයුතුවලට අවහිර බාධාවන් ඇති කරයි. පොතපතට ඇති උනන්දුව යොමුවීම අඩුවී විනෝදයට බරවන බැවින් එවැනි දෙයට නතු නොවී සිය අධ්‍යාපනික කටයුතුවලට ප‍්‍රමුඛත්වයක්දී ක‍්‍රියාකරන්න. මිතුරු මිතුරියන් ඇසුරු කිරීම්වලදී සැලකිලමත් වන්න. අපේ‍්‍රල් අවසන් සති දෙක අධ්‍යාපන කටයුතු කෙරෙන් සුභ දාායක දෑ සිදුවේ.


ඔබට මෙම මස තුළදී තම අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා මිල මුදල් ලැබුණත්, මුල් දින 15 තුළ වියදම් පසද ඒ අයුරින්ම ගෙන දේ. එම නිසා අනවශ්‍ය වියදම් ඇතිවන වැඩවල නිරත නොවන්න, නැතහොත්  හදිසි මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට ණය ගනුදෙනුවල ද පැටලීමට වුවත් සිදුවේ. අවසන් දින 15 තුළ මුල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය කටයුතු පිළියෙල වේ. උකස් තැබූ දෙයක් ද නැවත බේරාගනී.


ඔබට මෙම මස මුල් සති දෙකේදී තම රැුකියා හා ව්‍යාපාරික කටයුතුවලට සහාය ලැබිය යුත්තන්ගේ සහාය ද මැනවින් නොලැබේ. එබැවින් අපේ‍්‍රල් මුල් සති දෙකේදී රැුකියා හා ව්‍යාපාරික කටයුතුවල ගැටලූ ප‍්‍රශ්න ඇති නොවන ලෙසට කටයුතු කරන්න. හවුල්කරුවකු හෝ එකට වැඩකරන හිතවතකු අමනාපවීමේ ඉඩක් පවතින නිසා අවධානයෙන් පසුවන්න. විදෙස් රැුකියාවලට අන්‍යයන්ට මුදල් දීමෙන් වළකින්න. එනමුදු මෙම මස අවසන් සති දෙකේදී  රැුකියා හා වෙළෙඳ ව්‍යාපාර ආදී කටයුතුවල නව ප‍්‍රගතියක් අත්වන ලෙසට කටයුතු සිදුවන්නේය. හිතවතකු මාර්ගයෙන් රැුකියා ලාභයක් ද සැලසේ.


පේ‍්‍රම දිවිය හා යුග දිවිය : ඔබට මෙම මස තුළදී ආදර කටයුතු හා යුගදිවියේ කටයුතු කෙරෙන් එතරම් සතුටුදායක සිදුවීම් ඇති නොවන අතර මේවා වෙනුවෙන් වැඩි වශයෙන් මිල මුදල් වියදම් වීමක් සිදුවේ. බිරිඳ ස්වාමියා අතර හොඳ හිත වැඩිදියුණු වන දෑ සිදුනොවේ. හදිසියේම නොසොයා නොබලා දැන හැඳිනුම් ඇති නොකරගන්න. මෙය ගෙදර දොර පවුලේ අය ඔබගේ විවාහ කටයුතු කෙරෙන් අනවශ්‍ය ලෙස සම්බන්ධ වන මාසයක්ද බැවින් ඒ කෙරේ අවධානයෙන් කටයුතු කරන්න.


සෞඛ්‍යය : රෝගාබාධවලින් පෙළෙන ඔබ වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම වඩාත් යෙහෙකි.

 

 


8වෘශ්චික ලග්නය


වෘශ්චික ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති කුජ හා යෝගකාරක රවි පීඩාවකින් තොර නිසා මෙය ඔබට ශුභ ඵල උදාකරන මාසයකි. පොදුවේ ගත් කල දින කිහිපයක් තිස්සේ බලාපොරොත්තු වූ වැදගත් කාර්යයක් මෙම මස තුළ සාර්ථක ලෙස ඉටුකර ගත හැකිවෙයි. කෙසේ නමුත් හදිසියට කලබලයට කටයුතු නොකරන්න. අනතුරු පීඩාවලින් ආරක්‍ෂාවන්න.


අධ්‍යාපන - ආර්ථික හා රැුකියාවේ තත්ත්වය : විද්‍යාකාරක හා ලග්නාධිපතිම වන බුද ග‍්‍රහයා යෝග කාරක සිකුරු සමඟ සුභ සංයෝග බලයෙන් හැසිරෙන මෙම මාසය ඉගෙනීම් කටයුතුවල ප‍්‍රගතියක් ගොඩනැගෙනු ඇත. වෘත්තීය හා පාසල් මෙන්ම උසස් අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයක් බලා සතුටු විය හැකිවන අතර උසස් අධ්‍යාපන කාර්යයකටද සිත යොමුවේ. විශේෂයෙන් අධ්‍යාපනික විශේෂ ජයග‍්‍රහණ ගෙන දෙන මාසයකි.


ධන කාරක ගුරු හා විශේෂ ධන භාවාධිපති සිකුරු ධන - අය භාවයන්හි හැසිරෙන මෙම මාසය තුළදී ඔබගේ ආදායම් තත්ත්වයේ ප‍්‍රගතියක් පෙන්නුම් කරයි. විකිණීම්, මිලයට ගැනීම් ආදියෙන් ලාභ ප‍්‍රයෝජන සැලසේ. හදිසි ධන ලාභාදිය වුවත් ලැබීමට ද ඉඩ ඇත. ණය ගනුදෙනු අපේක්‍ෂාවන් ඉෂ්ට සිද්ධවීම සිදුවේ. උරුම හිමිකම් ප‍්‍රශ්න, බදු ප‍්‍රශ්න යනාදියත් විසඳේ.


තම රැුකියා හා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතු සම්බන්ධයෙන් ගතවු මාසයට වඩා මෙම මාසය තුළ යහපත් වෙනසක් පෙන්නුම් කරයි. නිරත රැුකියාවේ ඉදිරි ගමනක් ඇතිවේ. හවුල් ව්‍යාපාරවල නිරත ඔබට යම් යම් වාසි සැලසේ. තරග විභාග සම්මුඛ පරීක්‍ෂණයන්ට පෙනී සිටීමටත්, ඉන් ජයග‍්‍රහණ හිමිකර ගැනීමටත් අවස්ථාව උදාවේ. වාණිජ ක්ෂේත‍්‍රයේ රැුකියා ආයතනවල සේවයේ නියුතු ඔබට වැඩි ප‍්‍රගතියක් සැලසේ.


පේ‍්‍රම දිවිය හා යුග දිවිය : විවාහ කාරක සිකුරු පීඩාවකින් තොර නිසා මෙම මස තුළදී ඔබගේ ආදර සබඳතා හා විවාහ දිවියට අදාළ අරමුණු සැලසුම් පහසුවෙන් බාධාවකින් තොරව ඉටුකර ගැනීමට හැකිවන්නේය. රාජකාරී ස්ථානය, විනෝද ගමන්, ප‍්‍රීති උත්සව යන දෑ මුල්කොට නව ආදර සබඳතා ගොඩනැගේ. ආදර සබඳතා හා විවාහ යෝජනාදිය මෙන්ම යුගදිවි කටයුතුවලට බලපාන, බලපාමින් තිබූ අවහිර බාධා පහව යයි. කෙසේ නමුත් මීට අදාළ කටයුතුවලදී ද ඔබ හදිසියට කලබලයට කටයුතු නොකරන්න.


සෞඛ්‍යය : පපුව පෙනහැල්ල ආශ‍්‍රිත සෙම් පීඩා සිරුරේ සන්ධිස්ථාන ගත වේදනා කැක්කුම් වැනි අසනීප ගති ඇති කරයි.

 


9ධනු ලග්නය


ඔබට මෙම මාසය සිතේ සතුටට කටයුතු පිළියෙල වන්නේය. සැප පහසුවට අදාළ දේ ලැබෙන මිතුරු මිතුරියන් හා වැඩියෙන් ආශ‍්‍රයට යොමුවන මාසයකි. උත්සාහයන්හි ප‍්‍රතිඵල අත්පත් වනු ඇත. එසේම අපේක්‍ෂිත හා සැලසුම් කරන දෑ ඒ අයුරින්ම සාර්ථක වන මාසයක් ද  වනු ඇත.


අධ්‍යාපන - ආර්ථික හා රැුකියාවේ තත්ත්වය : විද්‍යාස්ථානාධිපතිගේ පිහිටීම මත බලන කළ ඔබට සිය අධ්‍යාපනික කටයුතු ක‍්‍රමවත්ව කරගෙන යාමට හැකිවන්නේ අමතර කාර්යයන්වල හා අනවශ්‍ය ක‍්‍රියාවල නිරත නොවුණහොත් පමණි. එනිසා ඒ කෙරේ අවධානයෙන් ක‍්‍රියා කරන්න. කෙසේ නමුත් අධ්‍යාපනික ජයග‍්‍රහණ රැුසක් අත්පත් කර ගැනීමට හැකියාව ලැබේ.


ධන අය භාවාධිපතීන් බලයෙන් හැසිරෙන මෙම මාසය තුළ ඔබගේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට මං පෙත් විවර වනු ඇත. ගනුදෙනුවලින් නොසිතූ වාසි ප‍්‍රයෝජන අත්වේ. යටපත්ව පැවති හිමිකම් හා අයිතිවාසිකම් ලැබෙන මාර්ග විවර වේ. කෙසේ නමුත් විනෝදයට බරව කටයුතු කරන්නට යෑමෙන් නිෂ්ප‍්‍රයෝජන හා අධික වියදම් ද යෙදෙන අවස්ථා ගොඩනැගේ. පොදුවේ තැන්පත් ධනයට යමක් එකතු කර ගත හැක.


නව රැුකියාවක් ලබා ගැනීමට හා නියුතු රැුකියාවේ හා ව්‍යාපාරයේ දියුණුවට අදාළ වන වැඩකොටස් සාර්ථක කර ගැනීමටත් මාසයේදී හැකිවන්නේය. ව්‍යාපාරයේ වැඩිදියුණුව උදෙසාද නව වෙනසකට කටයුතු පිළියෙල වේ. මේවාට බලපෑ රහස් සතුරු කරදර විරුද්ධවාදීකම් යනාදියත් පහව යයි. රැුකියා ව්‍යාපාර කෙරෙන් තෘප්තිමත්භාවයක් ද ඇතිවෙයි. විශේෂයෙන් මෙය විදෙස් රැුකියා ලාභ හිම්වන මාසයකි.


පේ‍්‍රම දිවිය හා යුග දිවිය : ඔබගේ ආදර සබඳතා හා විවාහයට අදාළ කටයුතු කෙරෙන් සිතට සතුට දනවන දෑ සිදුවේ. තම ඇසුරු කරන පෙම්වතා / පෙම්වතිය සමඟ ප‍්‍රීතිමත් ගමන් බිමන් යෑමටත් අවස්ථාව සැලසේ. මීට අදාළ බලාපොරොත්තු හා සැලසුම් ඉටුකර ගැනීමටත් හැකිවනු ඇත. විශේෂයෙන් මෙම මස තුළ ඔබගේ යුගදිවියේ හා පේ‍්‍රම දිවියේ කටයුතු සම්බන්ධයෙන් නවෝදයක් ඇතිවේ. මංගල යෝජනා ස්ථිර තහවුරු වෙයි.


සෞඛ්‍යය : වැඩි වශයෙන් නිරෝගී භාවයක් ඇති කරයි. ඇස්වල සුළු සුළු රෝගී ගති මතුවන මාසයක් වන්නේය.

 


10මකර ලග්නය


මෙම මාසය ඔබට වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වේ. ඇසුරු කරන්නන් සමඟ සහයෝගයෙන් සුහද බවින් කටයුතු කිරීමටත් හැකිවේ. එසේම සැලසුම් කළ යම් යම් දෑ සාර්ථක කර ගැනීමටත් හැකි වන්නේය. ප‍්‍රයෝජනවත් වැඩවල නිරත විය හැකි මාසයකි.


අධ්‍යාපන - ආර්ථික හා රැුකියාවේ තත්ත්වය : ඔබට මෙම මාසයේදී අධ්‍යාපනික වශයෙන් යම් යම් ජයග‍්‍රහණ සැලසෙයි. එමෙන්ම ඔබ ආශාවකින් ඉගෙනීමේ කටයුතුවලද නිරතවෙයි. අධ්‍යාපන කටයුතුවලට අදාළව තමා කෙරෙන් බලපැවැත්වූ අඩු - ලූහුඬුකම් ද මග හැරී යයි. මෙය ඔබ ඉගෙනගත් දෙය ඔබ කි‍්‍රයාවට පමුණුවා බලන මාසයකි.


ධන - අය භාවාධිපතීන් ශුභ යෝගයකින් යුතුව හැසිරෙන නිසා ඔබට මෙම මාසයේ සැලසුම් සහගතව කටයුතු කළහොත් ආර්ථික හා දේපලමය වශයෙන් වැඩි දියුණුවක් සලසා ගත හැක. බලපෑ මූල්‍ය දුෂ්කරතා පහව යයි. නව ආදායම් මාර්ග එළි පෙහෙළි වන මාසයකි. උරුම හිමිකම් ප‍්‍රශ්න තම වාසියට විසඳෙයි.


ඔබගේ රැුකියා - ව්‍යාපාරික කටයුතු සිතැඟි පරිදි අපේක්‍ෂා කළ අයුරින් කරගෙන යාමට මෙම මස තුළ අවස්ථාව සැලසෙනු ඇත. ඔබට රාජකාරි ස්ථානයේ විවිධ දක්‍ෂතා පෙන්වීමටත් අවකාශ සැලසේ. ඔබට රැුකියාව හා තම ව්‍යාපාරික කටයුතු කෙරෙන් බලපෑ අවිනිශ්චිතතා ද පහව යයි. ආයතන තුළ අපේක්‍ෂා කළ උසස් වීම් හා වෙනත් වරප‍්‍රසාද ලබා ගැනීමට අවශ්‍ය කටයුතු පිළියෙල කර ගැනීමටත් හැකිවේ. උත්සාහ ගතහොත් විරැුකියාවටත් තාවකාලික වශයෙන් හෝ පිළියමක් සොයා ගත හැකි වන්නේය.


පේ‍්‍රම දිවිය හා යුග දිවිය : මංගල භාවාධිපති පීඩාවකින් තොර නිසා ආදර දිවියේ හා විවාහ දිවියේ කටයුතු බාධාවකින් තොරව කෙරෙනු ඇත. යම් යම් අයගේ ඈත්ව ගිය සබඳතා නැවතත් ගොඩ නැගේ. විශේෂයෙන්ම ආදර දිවිය හා යුග දිවියට අදාළ සිතේ හටගෙන තිබූ අවිනිශ්චිතතා පහව ගොස් ඒවායේ බලාපොරොත්තු සහගත බවක් ගොඩනැගේ. එසේම ඔබට සාර්ථක මංගල යෝජනා සැකසේ.


සෞඛ්‍යය : ඔබට මෙම මාසය තුළ වැඩි වශයෙන් කෑම් බීම් හේතුවෙන් මතුවන උදරාබාධ සහිතයි. ආහාරපාන තෝරා බේරා ගෙන කටයුතු කළ යුතුයි.

 

 


11කුම්භ ලග්නය

 


ඔබේ ලග්නයේ යෙදෙන ග‍්‍රහ බලය අනුව ඔබට අපේ‍්‍රල් 15 තෙක් සිය දෛනික කාර්යය කටයුතු කරගෙන යාමට සිදුවන්නේ නොයෙකුත් කරදරයන් මෙන්ම බාධාවන් මධ්‍යයේය. ඉන්පසු කාලයේදී යහපතට කටයුතු පිළියෙල වේ. උත්සාහයන් හි ප‍්‍රතිඵල  අත්කර ගත හැකිවේ. පොදුවේ ඔබට මෙම මාසය ශුභාශුභ මිශ‍්‍ර ඵල සහිතයි.


අධ්‍යාපන - ආර්ථික හා රැුකියාවේ තත්ත්වය : ඔබට මෙම මස මුල් සති දෙක තුළ අධ්‍යාපන කටයුතු ද කර ගැනීමට සිදුවන්නේ නොයෙකුත් අවහිරයන් හා බාධාවන් මධ්‍යයේය. අවසන් සති දෙකේදී අධ්‍යාපනික ආයතන හා විෂයයන් වෙනස් කිරීමටත් සිත් යෙදේ. පොත පතට වැඩිපුර යොමුවිය යුතු මාසයකි. උනන්දුව මැනවින් පවත්වාගෙන ඉගෙනීම් කටයුතුවල නියුතු වෙමින් අධ්‍යාපනික ජයග‍්‍රහණ රැුසක්ද අත්පත් කර ගනී.


ධන - අය භාවාධිපති වු ගුරු පීඩාවකින් තොර නිසා ඔබට මෙම මාසය  ඉපැයීම් මාර්ග කෙරෙන් අයහපත් නොවේ. ඇනහිට තිබූ ආදායම් තත්ත්වය යහපත් අතට පත්වේ. අමතර ආදායම් මාර්ග කෙරෙහි ද අවධානය යොමුවේ. අපේ‍්‍රල් මුල් දින 10 තුළ අනවශ්‍ය ගමන්වලට හා විනෝදාස්වාදයට වැඩිපුර වියදම් කිරීමෙන් වළකින්න. පොදුවේ මිල මුදල් අත මිට ගැවසෙන මාසයකි.


ඔබ මෙම මස තුළදී කැපවීමෙන් රැුකියා කටයුතුවල නිරත වන්නේ නම්, රැුකියා ව්‍යාපාරාදියේ කිසියම් ප‍්‍රගතියක්ද අත්පත් වන තැනට කටයුතු පිළියෙල කරගත හැක. නව රැුකියා අවස්ථා හෝ ස්ථාන වෙනස්කම් කෙරේ බලපෑ බාධාවක් පහව යයි. රැුකියා හා රාජකාරියට බාධාකාරී පසුබිමක් ඇති නොවුනත් මෙම මස තුළ මේ කෙරෙන් එතරම් තෘප්තිමත් භාවයක් ඇති නොවේ.


පේ‍්‍රම දිවිය හා යුග දිවිය : විවාහ කාරක සිකුරු පීඩාවකින් තොර නිසා ඔබගේ ආදර සබඳතා හා විවාහයට අදාළ කටයුතු කෙරෙන් ශුභාශුභ මිශ‍්‍ර ඵල ගෙන දෙන්නේය. නව ආදර සබඳතා හා විවාහ යෝජනාදිය ගොඩනැගුණත් නොසොයා නොබලා හැඟීම්වලට වහල්වී ක්‍ෂණික තීරණ මත යම් යම් නිගමනයන්ට නොඑළඹෙන්න. යුග දිවි ගෙවන්නන්, තම විරුද්ධ ලිංගිකයා සමඟ කටයුතු කිරීමේදී මතභේද ප‍්‍රශ්න ඇති කර නොගන්න. කෙසේ නමුත් අපේ‍්‍රල් අග සති දෙක තුළදී ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් සිතට සතුට උපදවන කාර්යයන් රැුසක් ගොඩනැගෙනු ඇත.

 


සෞඛ්‍යය : වැඩි වශයෙන් නිරෝගී භාවයක් ගොඩනැගෙන අතර ආහාර දිරවීමේ දුර්වලතා සුළු වශයෙන් ඇති කරයි.

 

 


12මීන ලග්නය

 


මීන ලග්නය හිමි ඔබගේ දෛනික කාර්යය කටයුතු මුල් සති දෙක තුළ කළයුතු වන්නේ නොයෙකුත් අවහිරයන් මෙන්ම බාධාවන් මධ්‍යයේය. පොදුවේ අපේ‍්‍රල් 15 වන තෙක් ග‍්‍රහ ගමන තරමක් අශුභව ගමන් කරන නිසා එතෙක් කාලය තුළ සෑම දෙයක් කෙරේම සැලකිලිමත් වන්න. ඉන්පසු යහපතට කටයුතු පිළියෙල වේ. උත්සාහයේ තරමට ප‍්‍රතිඵල අත්කර ගැනීමටත් හැකිවේ.


අධ්‍යාපන - ආර්ථික හා රැුකියාවේ තත්ත්වය : ඔබට මෙම මස තුළදී පසුගිය දිනවල පැවති අධ්‍යාපනික දුර්වලතා මගහැර ගනිමින් දක්‍ෂ ලෙස ඉගෙනීම් කටයුතුවල නිරත විය හැක. පොතට පතට සිත යොමුවේ. වැඩි වශයෙන් අධ්‍යාපනික ප‍්‍රදර්ශන, සම්මන්ත‍්‍රණ ආදියටත් සහභාගි වීමටත් අවස්ථාව යෙදේ. අපේ‍්‍රල් 15න් පසු මේ සම්බන්ධ වැඩි වශයෙන් ශුභ ඵල වර්ධනය කෙරේ.


පසුගිය දිනවල පසුබැස හා අඩපණව තිබූ ධනෝපායන මාර්ගයන්හි ක‍්‍රමවත් වර්ධනයක් මෙම අපේ‍්‍රල් 15න් පසු ඇතිවන්නේය. යම් යම් මුදල් හා ද්‍රව්‍යමය ලාභයන්ද මෙතැන් සිට හිමිවන තැනට කටයුතු පිළියෙල වේ. ණය ගනුදෙනුවකින් ද නිදහස් වීමටත් අවස්ථාව සැලසේ. අපේ‍්‍රල් මුල් සති දෙකේදී ගනුදෙනුවලදී පරිස්සම්වන්න.


විශේෂයෙන් අපේ‍්‍රල් 15 තෙක් කාලය තුළ ඔබේ වෘත්තීය හා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවලට විවිධ බාධක අවහිර පැන නැගුනත් තම ආත්ම ශක්තියේ බලය හේතු කොට ගෙන ඒවා මැඩගෙන ඉදිරියට යා හැක. සමස්තයක් වශයෙන් ගත්කල රැුකියා ව්‍යාපාරාදී කටයුතු ඔබට මෙම මස තුළදී කරගෙන යාමට සිදුවන්නේ බාධා ප‍්‍රමාදතා හා විරුද්ධවාදීකම් මධ්‍යයේය. ඒ කෙරෙන් සැලකිල්ලෙන් විමසිල්ලෙන් කටයුතු කරන්න.


පේ‍්‍රම දිවිය හා යුග දිවිය : ඔබ මෙම මස තුළදී පේ‍්‍රම සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් වඩාත් පරෙස්සම් වී ක‍්‍රියා කරන්න. පවතින ආදර සබඳතා හා විවාහ යෝජනාවන් වෙනස් වී යෑමටත් ඉඩ ඇත. එසේ නැතහොත් ඒවායින් සිතට කරදර වුව ඇති කරයි. නුසුදුසු සබඳතා ගොඩනැගීමට ඉඩ පවතින බැවින් විමසිලිමත්වන්න. තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයාගේ විවිධ කටයුතු උදෙසා කාලය ශ‍්‍රමය ධනය වැනි දේ වැඩි වශයෙන් වැය කිරීමටත් ඔබට මෙම මස තුළ සිදුවන්නේය.  


සෞඛ්‍යය : ඇසේ හිසේ අසනීප ගති විටින් විට මතු කරන මාසයක් වේ.

 

m



අදහස් (0)

බක් මහේ ග‍්‍රහ ගමන ඔබට කරන බලපෑම!

චන්ද්‍රදාස විතානගේ Thursday, 09 April 2015 04:32 PM

හරිම නිවැරදි තැනක් (ස)

:       0       0

දොම්පේආරච්චි Thursday, 09 April 2015 03:05 AM

කර්ම විපාක පමණයි සත්‍යය (ම)

:       0       0

නාමල් Thursday, 09 April 2015 07:04 AM

ඉතා හොඳයි. දැනගැනීම සතුටක්. (නි)

:       0       0

සඳුනිකා Thursday, 09 April 2015 07:30 AM

දැනුවත් කිරීම ඉතා හොඳයි (නි)

:       0       0

රුචි Thursday, 09 April 2015 08:12 AM

සුමනගේ පලාපල නෙවෙයි නේද? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 327 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 79 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 655 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 310 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 129 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 340 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site