සම්පත් යන්න උදෙසා නිර්වචන බොහෝය. ‘‘මුදල්, ද්‍රව්‍ය, කාර්ය මණ්ඩල හෝ වෙනත් වත්කමක්, යම් පුද්ගලයකු හෝ සංවිධානයක් විසින් කාර්යක්ෂම ලෙස මෙහෙයවනු ලබන විට එය සම්පතකි” යන්න ගූගල් ආයතනය විසින් එයට දෙන නිර්වචනය යි.
‘‘රටකට සංවිධානයකට හෝ පුද්ගලයකුට විශේෂයෙන් ඔවුන්ගේ ධනය හෝ වත්කම් වර්ධනය කර ගැනීම උදෙසා ඉවහල් වන ඔවුන් සතු යම් දෙයක් හෝ වත්කම් වර්ධනය කර ගැනීම සඳහා ඔවුන්ට සපයනු ලැබූ යම් දෙයක් සම්පතක් වේ” යන්න ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය සම්පත් උදෙසා දෙන නිර්වචනය යි.
ජාතික සම්පත් විකිණීම යන වචනය නිතර මේ දිනවල භාවිතා වන නිසා සම්පත් යනු කුමක්ද යන්න විග්‍රහ කර ගැනීම වඩාත් වැදගත් වේ. ඇතැමුන් පාඩු ලබන රාජ්‍ය ආයතනය විකුණා දැමීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම හඳුන්වනු ලබන්නේ ජාතික සම්පත් විකුණා දැමීමක් ලෙසය.
පාඩුවට දුවන රාජ්‍ය ආයතන 430ක් වැහෙයිද? විකුණයි ද? යන හිසින් ඉකුත්දා අප පුවත්පතේ පුවතක් පළ වූයේය. යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා පාඩු ලබන රජයේ ආයතන 430 ක් හඳුනාගෙන ඇති බව එම පුවතේ සඳහන් වන අතර ඇතැම් ආයතන කෝටි ගණනින් ලැබූ පාඩුව ද එහි දැක්වෙයි. ආයතන විකිණීම වසා දැමීම ඒකාබද්ධ කිරීම ප්‍රතිව්‍යුහගතකරණය ඔස්සේ සිදුවන අතර එම ආයතන උදෙසා භාණ්ඩාගාරය මුදල් වැය කිරීම නවතා දැමීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බවද එම පුවතේ සඳහන් වෙයි.
දිගින් දිගටම පාඩු ලබන රාජ්‍ය ආයතන තවදුරටත් රජය යටතේ පවත්වා ගැනීම උදෙසා වැය වෙන්නේ ජනතා මුදල් ය. භාණ්ඩාගාරයට දේශීය ආදායම් ලෙස එකතු වෙන්නේ ජනතාව ගෙවූ බදු මුදල්ය. යම් ආයතනයක් දිගින් දිගටම ජනතා මුදල් කාබාසිනියා කරයි නම් එය තවදුරටත් ජාතික සම්පතක් වේ ද? සම්පත් පිළිබඳ ඉහත දැක්වූ නිර්වචන වෙත අවධානය යොමු කිරීමෙන් ‘නැත’ යන පිළිතුර එම ප්‍රශ්නයට එසැණින්ම ලැබේ.
එම පුවතේ දැක්වෙන්නේ පාඩු ලබන ආයතන ගැනයි. එහෙත් ලාභ ලැබූ බව කියැවෙන ඇතැම් රාජ්‍ය ආයතනවල ප්‍රාග්ධන වියදම් ලෙස දැරූ පිරිවැය, ලැබුවේ යැයි කියන ලාභය හා සඳහා බැලූ විට ඒවාද ලාභයක් නොලැබූ තරම් වේ. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ද එවැන්නකි. ප්‍රාග්ධන වියදම් දරමින් ඒවා පවත්වා ගැනීමට වඩා විකුණා දැමීම සාපේක්ෂ වශයෙන් රජයට ලාභදායී වේ. එවැනි ආයතන පෞද්ගලිකකරණය කිරීමෙන් රජයට ලැබෙන බදු ආදායම සාපේක්ෂ වශයෙන් ලැබෙන ලාභයට වඩා වැඩි වේ. මහජන මුදල් වඩාත් ඵලදායි ලෙස භාවිතා කිරීම රජයේ වගකීමකි.
පසුගිය දශක කිහිපයේ දී රාජ්‍ය ව්‍යවසාය පාඩු ලබන අකාර්යක්ෂම තත්ත්වයට පත්වූයේ දේශපාලන තීරණ හේතුවෙන් බව අමුතුවෙන් කිව යුතු නැත. අමාත්‍යවරුන් යටතේ තිබූ රාජ්‍ය ව්‍යවසායවලට දේශපාලන තීරණ මත සේවකයන් බඳවා ගැනීමේදී ඵලදායි බව තඹයකට නොසැලකිනි. මැති ඇමතිවරුන් තම තමන්ගේ හිතවතුන් රාජ්‍ය අංශයේ රැකියාවලට රිංග වූයේ කුසලතාව සලකා බලා නොවේ. ඒ අයගෙන් බොහෝ දෙනා කළේ වෘත්තිය සමිති හරහා වැඩි පඩිත්, අඩු වැඩත් උදෙසා කේවල් කිරීමයි. පාඩු ලබන රාජ්‍ය ආයතන ජාතික සම්පත් බව කියමින් ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි වන බොහෝ වෘත්තිය සමිති වල පසුබිම ද එවැනි ය.
තවදුරටත් රජයේ හිමිකාරිත්වය යටතේ පාඩු ලබන රාජ්‍ය ආයතන තබා ගනිමින් මහජන මුදලින් ඒවා නඩත්තු කළ යුත්තේ ඇයිද යන්න පිළිබඳ පැහැදිලි විග්‍රහයක් හරිහැටි එම වෘත්තීය සමිති වලින් ඉදිරිපත් වී නැත.
රාජ්‍ය ආයතනය විකිණීම, අහෝසි කිරීම හෝ ඒවායේ අධීක්ෂණය පෞද්ගලික අංශවලට බාර කෙරෙන්නේ නම්, අනිවාර්යයෙන්ම එම කර්තව්‍යය විනිවිද පෙනෙනසුළු බවකින් සිදුවිය යුතුය. එම ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනු දේශපාලන බලවතුන්ට පෞද්ගලික වාසි සැලසෙන ඒවා නොවිය යුතුය. විනිවිද පෙනෙනසුළු බව මෙහිදී පවත්වා නොගන්නේනම් එයින් වාසි සැලසෙන්නෙ පාඩු ලබන රාජ්‍ය ආයතන සම්පතක් ලෙස දකිමින් මහජන මුදල් තවදුරටත් ඒවා නඩත්තු කිරීම සඳහා යෙදවිය යුතු බව කියන්නන්ටයි. නිසි ක්‍රමවේදයක් අනුව ප්‍රතිව්‍යුහගත කිරීම් නොකළහොත් ඒ උදෙසා මහජන මතය දිනා ගැනීම අසීරු වනු ඇත.
(***)
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය
අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව
අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය
මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු
අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ
ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාඩු ලබන රාජ්‍ය ආයතන ජාතික සම්පත් සේ සලකමුද?
dila Wednesday, 24 May 2023 03:31 PM
රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළ යුතුයි...!
de silva Monday, 12 June 2023 02:06 PM
ඔවුන්ට හොරකම් කිරීමට සහ දේශපාලන ආධාරකරුවන්ට රැකියා ලබාදීමේ අවස්ථා වැළකෙන නිසා රාජ්‍ය ව්‍යාපාර පුද්ගලික අංශයට පැවරීමට දේශපාලකයින් කැමැති නෑ. මේවා සම්පත් නොවේ... ජනතාවගේ බෙල්ලට වැටුණු උරචක්‍රමාලා...