IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


දෙසැම්බර් මාසයේ ඔබේ කල දවස

මේෂ ලග්නය

පොදු තත්ත්වය:

මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ හා යෝගකාරක රවි, ගුරු බලයෙන් හැසිරෙන මෙම මාසයයේ දී ඔබගේ අරමුණු සැලසුම් බොහොමයක් ඉටුකර ගැනීමට හැකිවීමෙන් සිතට සහනය සතුට ඇතිවන්නේය. උත්සාහයන්හි ප‍්‍රතිඵල අත්වේ. ආත්ම ශක්තිය මැනවින් ගොඩනැගෙන මාසයක් ද වේ.

අධ්‍යාපනය:-

මෙම මාසය ඔබගේ ඉගෙනුම් කටයුතුවලට අයහපත් නොවේ. රවි, බුධ 8 යන නිසා මුල් දින 15 තුළ වරින් වර සුළු සුළු බාධා ඇති වුවත් ප‍්‍රමාණවත් මෙන්ම සෑහීමකට පත්විය හැකි තරමේ අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව උදාවේ. එමෙන්ම ඉගෙනගත් දෙය කි‍්‍රයාවට පමුණුවා බැලීමට හැකි වන මාසයකි.

ආර්ථිකය:-

ඔබ මෙම දෙසැම්බර් මස මුල් දින 15 තුළ ගනුදෙනු කටයුතු හා ඉපැයීම් මාර්ගයන්හි ගැටලූ ඇති නොවන අයුරින් කටයුතු කරන්න. ඔබට මෙම මාසය පුරාවට එතරම් මුදල් ලාභ නොලැබෙන බවක් අන්‍යයන්ට පෙනුනත් අන්‍යයන්ට පැහැදිලිව නොපෙනෙන මාර්ගවලින් යම් යම් මුදල් ලාභ හිමිවේ. අවසන් දින 15 තුළ ධනය දේපල කෙරෙන් සැලකිය යුතු වර්ධනයක් ගොඩනැගේ.

රැකියා ව්‍යාපාර:-

මෙම මස අවසන් දින 15 තුළ මේෂ ලග්න හිමියන්ගේ රැකියා හා ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් යහපත් වෙනසක් ගොඩනැගෙන්නේය. නිරත රැකියා ව්‍යාපාරයන්හි ඉදිරි ගමනක් ඇති වේ. ආයතන තුළ බලපෑ රහස් සතුරු කරදර පහව යයි. නව ආයෝජනයකට සම්බන්ධ වීමට හැකිවන්නේය. මුල් සති දෙක අවහිරතා බාධා ප‍්‍රමාදවීම් මධ්‍යයේ සිය කාර්යය කටයුතු කර ගැනීමට සිදුවන බැවින් අවධානයෙන් කටයුතු කරන්න.

ආදරය සහ විවාහය:-

මෙම මස මුල් සති දෙක තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් සැනසිලිදායක වාතාවරණයක් මතු නොවුණත් දෙසැම්බර් මැද භාගයෙන් පසු ආදර සබඳතා හා විවාහ යෝජනාවන්ට අදාළ අරමුණු සැලසුම් පහසුවෙන් ඉටුවනු ඇත. අවිවාහක ඔබට විවාහ යෝජනා ගෙන එයි. මීට අදාළ බලාපොරොත්තු ඉටුවී සැනසිලිදායක බවක් ද ගෙන දෙන්නේය.

සෞඛ්‍යය:-

බඩවැල් ආශ‍්‍රිත අසනීප, අර්ශස් රෝග, අමාශගත ආබාධ ඇති අය ඒ කෙරේ වඩාත් ආරක්ෂා වන්න.  

වෘෂභ ලග්නය

පොදු තත්ත්වය:

වෘෂභ ලග්නය හිමි ඔබගේ භාග්‍යස්ථානයේ දෙසැම්බර් මැද භාගයේ සිට සිකුරු ගමන් කිරීම හේතුකොට මෙම මාසයේ දී ඔබගේ අතවශ්‍ය වැඩ කටයුතු රැසක ශුභදායී වෙනස්වීමක් සිදුවේ. විනෝදාස්වාදයෙන් මිදී අනාගත දියුණුවට හේතුවන කාර්යන්හි වැඩි වශයෙන් නිරතවන්න. අවශ්‍යතාවට මුල් තැනක් දී කටයුතු කළහොත් ශුභදායී මාසයක් බවට පත්කර ගත හැකිය.

අධ්‍යාපනය:-

විද්‍යාස්ථානාධිපති පාප සංයෝග බැවින් ඉගෙනීම් කටයුතුවල නිරත වෘෂභ ලග්න හිමියන් පොතට පතට වැඩිපුර කැපවීමෙන් යොමුවන්න. විටෙක අධ්‍යාපන කටයුතු පසෙක දමා වෙනත් පරිබාහිර දෙයට සම්බන්ධ වීමෙන් ඉගෙනීමේ කටයුතු අතපසු කරගන්නා බැවින් ඊට නතු නොවන්න.

ආර්ථිකය:

මිල මුදල් අතින් අගහිඟ ඇති නොවන මාසයකි. එමෙන්ම ක‍්‍රමයෙන් ආදායම වැඩිකර ගැනීමටත් කටයුතු සකසා ගනී. ඔබ ඉපැයීම් කටයුතුවල දී දුර දිග බලා කටයුතු කරන නිසා අස්ථිර ලෙස වැඩි ආදායම් ලබනවාට වඩා ස්ථිර ලෙස ඊට වඩා අඩු ආදායම් වුව ලැබීමේ අටියෙන් මෙම මස තුළ ඉපැයීමේ කටයුතුවල නිරත වේ. අයකර ගැනීමට තිබූ මුදල් ලැබෙනු ඇත.

රැකියා - ව්‍යාපාර:

මෙම මාසයේ රැකියා හා ව්‍යාපාරික කටයුතු කෙරෙන් අපේක්‍ෂිත වැඩ කොටස් අවහිර බාධා බිඳගෙන ඉටු කර ගැනීමට හැකි වන්නේය. විටෙක තමා අපේක්‍ෂා නොකළ අන්දමට මේවායේ කටයුතු යහපත් පැත්තට සිදුවන්නේය. රාජකාරිමය වශයෙන් යම් යම් බාධා මතු වුණත් ආයතන තුළ තමා අගයන, තමාගේ වටිනාකම වැඩි වන විශේෂ දෑ සිදුවන්නේය. දෙස් විදෙස් රැකියා බලාපොරොත්තු ඉටුවන පසුබිමක් ද සැකසේ.

ආදරය සහ විවාහය:

මෙම මාසය ඔබට ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් ශුභදායී වෙනස්කම් ඇති කළත් ඔබගේ හැසිරීම් රටාව අවංක නොවීමෙන් පේ‍්‍රම දිවියේත් යුග දිවියේත් අනවශ්‍ය ප‍්‍රශ්නයක් ද මතුවීමේ ඉඩක් පවතින නිසා ඉවසීමෙන් බුද්ධිමත්ව සිතා මීට අදාළ කටයුතු කි‍්‍රයවන්හි නිරතවන්න. පේ‍්‍රම සබඳතා ඇති වුවත් ඒවා ස්ථිර තහවුරු නොවේ.

සෞඛ්‍ය:-

හිසෙහි හා බඩවැල්වල අසනීප සුළු වශයෙන් මතුවෙයි.  

මිථුන ලග්නය

පොදු තත්ත්වය:

මිථුන ලග්නය හිමි ඔබේ ලග්නාධිපති බුධ හා යෝගකාරක රවි, සිකුරු ග‍්‍රහයින් ශුභාශුභ මිශ‍්‍ර බලයෙන් හැසිරීම යහපතට හේතු වන නමුදු පොදුවේ ශුභ අශුභ මිශ‍්‍ර ඵල ගෙන දෙන මාසයකි. එනමුදු කලක සිට සිතෙහි පැවති බලාපොරොත්තුවක් ද ඉටුවීම නිසා සිතට සතුට දනවන දෙයක් ද සිදුවේ.

අධ්‍යාපනය:-

විද්‍යස්ථානාධිපති ශුභාශුභ මිශ‍්‍ර බැවින් ඔබගේ අධ්‍යාපන කටයුතුවලට මෙම මස මුල් සති දෙක යහපත් වන අතර අවසන් සති දෙක තුළ සිය ඉගෙනීමේ කටයුතු කරගෙන යාමට සිදුවන්නේ යම් යම් අවහිරතා හා බාධා මධ්‍යයේය.

ආර්ථිකය:-

මෙම මාසයේ ඔබගේ ආර්ථික කටයුතු ලැබීම් හා වියදම්වලින් යුක්ත වුවත්, හදිසි වාසනා ලොතරැයි ලාභ වැනි දෙයින් වුව යම් යම් මූල්‍යමය ලාභ ප‍්‍රයෝජන හිමි වේ. රහස් වැඩවලට මිල මුදල් වියදම් වී යයි. කුමන අයුරින් හෝ ලැබෙන මුදල් රැුස්කර ළඟ තබා ගැනීමට අසීරු වෙයි. එනිසා මිල මුදල් ලැබුණත් ලැබෙන දෙයින් ප‍්‍රයෝජනවත් වැඩක් සිදුනොවනු ඇත.

රැකියා හා ව්‍යාපාර:-

ඔබට තම රැකියා ව්‍යාපාර කරගෙන යාමට සිදුවන්නේ යම් යම් අවහිර බාධා මධ්‍යයේය. කෙසේ වෙතත් තම රැකියාවට හා ව්‍යාපාරයන්ට අදාළව පැවති අවිනිශ්චිත ස්වාභාවය පහව යයි. විදෙස් රැකියාවකට බල පෑ බාධාවක් පහව යයි. නව ආයෝජන කෙරෙහි පැවති බලාපොරොත්තුවක් කල්යන දෙයක් සිදුවේ. රැකියා පොරොන්දුවලට මුදල් දීමෙන් වළකින්න.

ආදරය සහ විවාහය:-

පේ‍්‍රම දිවියේ කටයුතුවලට බලපෑ විරුද්ධවාදිකම් පහව යයි. කල් යල් ඇද ඇද පැවැති විවාහ ගිවිසුමක් පොරොන්දුවක් ඉටුවන තැනට කටයුතු පිළියෙළ වේ. විරුද්ධ ලිංගිකයින් වැඩිපුර මුණගැසෙන මාසයකි. ඥාතීන් මගින් විවාහ යෝජනා ගෙන එනු ඇත. එසේ නමුදු දෙසැම්බර් අවසන් සති දෙක මේවා කෙරෙන් වඩාත් විමසිල්ලෙන් පසු වන්න.

සෞඛ්‍යය:-

සෙම් හා ලේ දුෂ්‍ය ආසාධන වැඩි වශයෙන් මතු වෙයි. යටි පතුල් වළලූකර ආශ‍්‍රිත ශරීර කොටස්වල රෝග සෑදීමට හේතුයි.  

කටක ලග්නය

පොදු තත්ත්වය:

කටක ලග්නය හිමි ඔබගේ යෝගකාරක කුජත් සිකුරුත්, ශුභව හැසිරෙන නිසා අවහිර බිඳගෙන අරමුණු සැලසුම්වල සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකි වන්නේය. උත්සාහයේ ඵල ලැබේ. තමාට යම් යම් සහයෝගය අන්‍යයන්ගෙන් ලැබෙනු ඇත. අපේක්‍ෂිත ඉලක්කවලින් වැඩි ප‍්‍රතිශතයක් සාර්ථක වන මාසයකි.

අධ්‍යාපනය:-

මෙම දෙසැම්බර් මාසය ඔබගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි අයහපත් නොවේ. මෙහිදී ඔබට පාසල් හා වෘත්තීය අධ්‍යාපන කටයුතු කෙරෙන් කිසියම් ජයග‍්‍රහණයක් ද සැකසේ. කෙසේ නමුත් අවසන් දින 10යේ දී සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාමට සිදුවන්නේ නොයෙකුත් අවහිරයන් හා බාධාවන් මධ්‍යයේය.

ආර්ථිකය:-

කටක ලග්නය හිමි ඔබගේ විශේෂ ධන භාවය බලවත්ව තිබෙන බැවින් අවශ්‍ය දෙයට අවශ්‍ය වේලාවට මිල මුදල් ලැබේ. එමෙන්ම මූල්‍ය දුෂ්කරතා මතු නොවේ. ඉඩකඩම්, නිවාස, චංචල දේපලවලට සම්බන්ධ ප‍්‍රශ්න විසඳී, ඊට අදාළ දියුණුවක් ද ගොඩනැගේ. ආර්ථිකයට නරක නැත.

රැකියා - ව්‍යාපාර:-

රැකියා ව්‍යාපාරයන්හි නිරත වන කටක ලග්න හිමි ඔබගේ ඊට සම්බන්ධ කටයුතුවල වැඩිදියුණුව හා කාර්යක්‍ෂමතාව ද ගොඩනගා ගැනීමට අවස්ථාව උදාවේ. ඔබ කැපවීමෙන් වැඩ කරන අතර, රාජකාරියේ දී අන්‍යයන් අතර දක්‍ෂතා පෙන්නුම් කරන මාසයක් ද වේ. ප‍්‍රධානින්ගේ ප‍්‍රසාදයට ද ලක් වේ. විදෙස් රැකියා අපේක්‍ෂා ඉටුවන ලකුණු පහළ වේ.

ආදරය සහ විවාහය:-

විශේෂයෙන් මෙම මස තුළ ඔබගේ පේ‍්‍රම දිවියට හා යුග දිවියට මෙන්ම විවාහ යෝජනා දිවියට මෙතෙක් එල්ල වූ විවිධ අවහිර බාධා පහව ගියද සිතේ සහනය සතුට දෙසැම්බර් මුල් සති දෙක අවසන් වන තෙක් ඇති නොවේ. කෙසේ වෙතත් ඔබගේ හැසිරීම් රටාව විරුද්ධ පාර්ශ්වයේ පැසසුමට හේතුවන අයුරින් පවත්වන්නට උත්සහ කරන්නේ නම් විවාහ හා පේ‍්‍රම දිවිය ගැටලූවකින් තොරව පවත්වාගෙන යාමට හැකිවේ.

සෞඛ්‍යය:-

විටින් විට අත් පා හිරිවැටීම් වැනි අසනීප මතුවේ. මුත‍්‍රා රෝග වැනි ආසාධනත් හිටිහැටියේ මතුවන ස්වභාවයක් පෙන්වයි.  

සිංහ ලග්නය

පොදු තත්ත්වය:

ලග්නාධිපති රවි ලග්න නක්‍ෂස්ත‍්‍රාධිපතීන් වූ සිකුරු සමග ශුභ යෝග උදාකොට තිබීමත් නිසා සැලසුම් සහගතව ක‍්‍රමවත්ව දෛනික කාර්යය කටයුතුවල නිරතවීමට හැකියාව ලැබේ. ජීවන පරිසරය සැනසිලිදායක වන මාසයකි. උනන්දුව උත්සහය සෑම වැඩකදීමත් ඔබ වෙතින් පිළිබිඹු වන මාසයක් ද වේ.

අධ්‍යාපනය:-

මෙම මස තුළ ඔබගේ ලග්නාධිපති විද්‍යස්ථානයේ බැවින් ඔබ ඉගෙනීම් කටයුතුවලට වැඩි වශයෙන් යොමු වෙයි. එසේම මෙම වකවානුවේදී ඔබ ඉගෙන ගන්නා ප‍්‍රමාණයට වැඩියෙන් ඥානය වර්ධනය වෙයි. උද්යෝගය කැපවීම කැපී පෙනෙන මාසයකි.

ආර්ථිකය:-

අඩපණ තත්ත්වයේ පැවැති ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමට අවස්ථාව සැලසේ. තමා අපේක්‍ෂිත ආර්ථික ඉලක්කවලින් කොටසක් හෝ සාර්ථක කර ගැනීමට අවස්ථාව සැලසුනත් අනවශ්‍ය දෙයට යෙදෙන වියදම් අධික වේ. නිවසේ අලූත්වැඩියාවන්ට වැඩිපුර මුදල් වියදම් වන මාසයකි.

රැකියා හා ව්‍යාපාර:-

මෙම මස මුල් සතියෙන් පසු රැකී රක්‍ෂා රාජකාරිය කෙරෙන් මතුව තිබූ කිසියම් අතෘප්තිකර වාතාවරණය පහව යයි. රාජකාරියට සම්බන්ධ දැනුම වැඩිකර ගැනීමටත්, රැකී රක්‍ෂා වෙළෙඳ ව්‍යාපාරාදියට අදාළ සැලසුම් අපේක්‍ෂා ඉටුකර ගැනීමටත් අවස්ථාව උදාවේ. කොන්ත‍්‍රාත් හෝ ස්වයං ව්‍යාපාරාදියේ නිරත වන්නන්ට හදිසි ලාභ ප‍්‍රයෝජනයන් ලැබෙනු ඇත.

ආදරය සහ විවාහය:-

විවාහ කාරක සිකුරු දෙසැම්බර් මුල් සති දෙක 5 වැන්නේ ගමන් කරන නිසා ඔබගේ ආදර සබඳතා හා විවාහ දිවියේ කටයුතුවලට තදබල ගැටලූ ප‍්‍රශ්න මතු නොවේ. අවිවාහක ඔබට විවාහ සැප හිමිවන වාතාවරණයක් සැකසේ. පේ‍්‍රම සබඳතා අපේක්‍ෂකයන්ගේ අරමුණු ඉටුවේ. අවසන් සති දෙකේදී විවාහ හා ප්‍රේම දිවියේ කටයුතුවල ප‍්‍රශ්න පැනනැගීමේ වාතාවරණයක් ඇත.

සෞඛ්‍යය:-

එතරම් අයහපත් අයුරින් ලෙඩ රෝග ඔබේ ලග්නයට අනුව මෙම මස තුළ මතු නොකෙරෙනු ඇත.  

කන්‍යා ලග්නය

පොදු තත්ත්වය:

කන්‍යා ලග්නය හිමි ඔබගේ යෝගකාරක ග‍්‍රහයන් ශුභව සිටීම එතරම් අයහපත් නොවන නමුත්. ලග්නාධිපති බුධ පාප සංයෝග බැවින් ඔබ සෑම දෙයක් කෙරෙහිම සැලකිල්ලෙන්, විමසිල්ලෙන් ක‍්‍රියා කරන්න. පොදුවේ මෙම මාසය ඔබට ශුභාශුභ මිශ‍්‍ර ඵල සහිතයි.

අධ්‍යාපනය:-

විද්‍යස්ථානාධිපති බලයෙන් යුක්ත බැවින් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයෙන් විවිධ දක්ෂතා පෙන්වීමට මෙම මාසය තුළ අවස්ථාව සැලසේ. ඉගෙනීම් කටයුතු බාධාවකින් තොරව කරගෙන යන අතර අධ්‍යාපන කටයුතුවලට යහපත්ය. තම පාසල් හා වෘත්තීය අධ්‍යාපන කටයුතු සඳහා පසුගිය දිනවල දී පැවති බාහිර හා අභ්‍යන්තරික දුෂ්කරතා ප‍්‍රශ්න මගහැරී යයි.

ආර්ථිකය:-

මෙම මස මුල් දින 15 තුළ සිකුරු බලවත්ව හැසිරීම නිසා අනපේක්ෂිත මාර්ගයකින් මුදලක් අතට ලැබෙන අතර පොදුවේ ඔබට විවිධ ආදායම් මාර්ග එළි පෙහෙළි වේ. වියදම් පස සීමාකර ගතහොත් ලැබෙන මුදලින් උපරීම ප‍්‍රයෝජන ගැනීමටද හැකි වන්නේය. මුල්‍ය දුෂ්කරතා ඇති නොවන මාසයකි.

රැකියා හා ව්‍යාපාර:-

රැකී රක්‍ෂා රාජකාරිය කෙරෙන් සිත් සතුටට කරුණු සැලසේ. පසුගිය දිනවල රැකියාවට හා ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයට බලපෑ ප‍්‍රශ්නකාරී ගති මෙම මාසයේ දී මතු නොවනු ඇත. තනතුරු, වරප‍්‍රසාද අපේක්ෂා ඉටුවන මාසයක්ද වන්නේය. දෙස් විදෙස් රැකියා අපේක්‍ෂා ඉටු කර ගැනීමට අවස්ථාව සැලසේ.

ආදරය හා විවාහය:-

ගත වූ මාසයට සාපේක්‍ෂව පේ‍්‍රම දිවිය හා යුග දිවිය සාමාන්‍ය මට්ටමෙන් තෘප්තිමත් භාවයට පත්වේ. කල් යල් ඇදී ගිය විවාහ යෝජනා ස්ථිර තහවුරු වන තැනට කටයුතු පිළියෙළ වේ. පහසුවෙන් ආදර සබඳතා ගොඩනැගේ. යුග දිවියට හා විවාහ යෝජනාවකට බලපෑ ප‍්‍රශ්නකාරී ස්භාවයන් පහව යයි. දෙසැම්බර් අවසන් සති දෙක මේ සම්බන්ධ සුභදායි වෙනස්කම් රැසක් සිදු වීමට හේතු වේ.

සෞඛ්‍යය:-

ඇසේ, හිසේ, සෙම් රෝග මුල් කොට විවිධ ආසාධන මතු වන මාසයකි. පපුවේ හති ගතිය ඇති අය වඩාත් ආරක්‍ෂා වන්න.  

තුලා ලග්නය

පොදු තත්ත්වය:

ඔබගේ ලග්නාධිපති සිකුරු හා යෝගකාරක කුජ, ශනි ශුභ යෝග බලයෙන් යුක්තව හැසිරෙන මෙම මාසය ශුභ ඵල රැසක් ගොඩනැගීමට හේතු වේ. තම අරමුණු සැලසුම් රැසක්ද ඉෂ්ඨ සිද්ධ වන්නේය. උත්සහයේ ප‍්‍රතිපල ලැබෙන මාසයකි.

අධ්‍යාපනය:-

ගතවූ මාසයට වඩා ඉගෙනීමට හා පොතපතට ආශාව වැඩිවන අතර දැනුම බුද්ධිය වැඩිදියුණු කර ගැනීමට ඇප කැපවී ක‍්‍රියාකරන අයුරක් පෙන්නුම් කරයි. වෘත්තීය අධ්‍යාපනය මගින් ප‍්‍රණාම ශිෂ්‍යත්ව ආදිය ලබාගැනීමටත් හැකිවේ. ඉගෙනීමට යහපත් වන්නේය. පසුගිය දිනවල සැලසුම් කළ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ අත්‍යවශ්‍ය කටයුත්තක් සාර්ථක කර ගැනීමට පසුබිම සැකසේ.

ආර්ථිකය:-

ඔබගේ ආර්ථිකමය පැත්තෙන් බලන කල ඔබට යම් යම් මූල්‍ය ලාභයන්ද ලැබෙනු ඇත. කලකට පෙර සැලසුම් කළ දෙයින් හෝ අන්සතු මුදලක් හෝ දේපලක් ලබාගැනීමටත් අවස්ථාව මෙම මස තුළ සැකසේ. ආදායම් වියදම් සම තත්ත්වයෙන් පවතින මාසයකි. කෙසේ නමුත්  අන්‍යයන්ට ණයට මුදල් දීමෙන් හා ණයකරයන්ට අත්සන් තැබීම්වලින් වළකින්න.

රැකියා හා ව්‍යාපාර:-

රැකියා ව්‍යාපාරාදියේ වැඩි දියුණුවට කටයුතු පිළියෙළ වන මාසයකි. විශේෂයෙන් තම රැකියා ව්‍යාපාරාදියට බලපා තිබූ ගැටලූකාරී ස්වභාවය හා අවිනිශ්චිතභාවය පහව ගොස් බලාපොරොත්තු සහගත බවක් ගොඩනැගේ. දෙස් විදෙස් රැකියා බලාපොරොත්තු ද උත්සාහය මත ඉටුකරගත හැකි වන්නේය. රාජකාරි වගකීම්ද බහුල වන මාසයක් වුවත් ඉන් පාඩු සිදු නොවේ.

ආදරය සහ විවාහය:-

විවාහ කාරක සිකුරු හා මංගල භාවාධිපති කුජ බලයෙන් යුක්ත බැවින් ඔබට මෙම මස තුළ ආදරය පිළිබඳ කටයුතු ඉතා පහසුවෙන් ඇතිකර ගත හැක. ආදර සබඳතා ස්ථිර තහවුරු කර ගැනීමට බාධාවක්ව පැවති යමක් ඉවත් වේ. විශේෂයෙන් ඔබට විරුද්ධ ලිංගිකයන් වැඩිපුර ඇසුරු කිරීමටත් මෙහි දී හැකිවන්නේය. පොදුවේ බැලීමේ දී අවිවාහක ඔබට තම අනාගත සහකරු/සහකාරිය මෙම කාලය තුළ ලැබෙනු ඇත.

සෞඛ්‍යය:-

විටින් විට හිසෙහි වේදනා කැක්කුම් ඇතිවන අතර සිරුරේ ඌෂ්ණාධික බවක් පෙන්නුම් කරයි. නිරෝගී සුව වැඩි මාසයකි.  

වෘශ්චික ලග්නය

පොදු තත්ත්වය:-

වෘශ්චික ලග්නය හිමි ඔබගේ කේන්දරයේ අත්‍යවශ්‍ය ග‍්‍රහයින් බලයෙන් යුක්තව සිටින මෙම මාසයේදී ඔබට උත්සාහයන්හි තරමට ප‍්‍රතිඵල අත්කර ගත හැකිය. අරමුණු සැලසුම් ඉටුවන, සිතේ සතුට සහනය වැඩිපුර රැඳෙන මාසයකි.

අධ්‍යාපනය:-

උනන්දුවෙන් කටයුතු කළහොත් ඉගෙනීම් කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැක. තම අධ්‍යාපනය කෙරෙන් බලපෑ අඩුපාඩුවක් සපුරා ගැනීමට හැකිවන්නේය. ශිෂ්‍යත්ව ලාභාදියකට අවශ්‍ය කටයුතු පිළියෙළ වන මාසයකි. එසේම අධ්‍යාපන කටයුතු ක‍්‍රමවත්ව කරගෙන යාමට හැකිවනු ඇත.

ආර්ථිකය:-

දෛනික මූල්‍ය අවශ්‍යතා සපුරා ගත හැක. යම් යම් ආර්ථික ලාභ ලැබෙන්නට තිබූ මාර්ග මැනවින් හෙළිපෙහෙළි වේ. අනපේක්‍ෂිත අන්සතු මුදල් හෝ රැකියාවේ හිඟ මුදලක් හෝ ලැබෙනු ඇත. ප‍්‍රමාද වූ උරුම හිමිකම් අයිතිවාසිකම් ලාභ හිමිකර  ගැනීමටත් හැකි වන්නේය. ලැබෙන මුදල් නාස්ති නොවන මාසයකි.

රැකියා හා ව්‍යාපාර:-

රැකියාව සම්බන්ධයෙන් ශුභදායී වෙනස්කම්වලට ඉඩ ඇත. නව රැකියා ලාභ සලසා ගත හැකිවන අතර ව්‍යාපාරයන්හි ප‍්‍රගතියක් ද සිදු වේ. රැකියාවේ වගකීම් පස ඉහළ යෑමෙන් ඒවායේ නවතාවයක් පෙන්වයි. රැකියා ව්‍යාපාරික ස්ථානයේ බාහිර පරිසරය වුව යහපත් වීමෙන් තෘප්තිමත් භාවයක් ගොඩනැගෙන මාසයකි.

ආදරය සහ විවාහය:-

ඔබගේ ආදර සබඳතා හා විවාහ යෝජනා කෙරෙන් ශුභාශුභ මිශ‍්‍ර බවක් ඇතිවන්නේය. පහසුවෙන් ආදර සබඳතා ගොඩනැගුණත්, නොමනා පේ‍්‍රම සම්බන්ධයකට හෝ රහස් සබඳතාවකට සිත ඇදී යාම හේතුකොට ගෙන ආත්ම ගෞරවයට හානිකර දෙයක් සිදුවීමටත්, අපවාද චෝදනාවනට ලක්වීමටත් ඉඩ ඇත. එබැවින් නුවණ මෙහෙයා කටයුතු කරන්න. යුග දිවියේ හා පේ‍්‍රම දිවියේ ගැටලූ මතු නොවන ලෙස ක‍්‍රියා කරන්න.

සෞඛ්‍යය:-

ඔබට යම් යම් රෝගාබාධ ඇති කළත් රෝගයන්ට ඔරොත්තු දීමේ ශක්තියක් ගොඩනැගෙන නිසා ඒවා මග හැර ගැනීමටත් අවස්ථාව සැලසේ.  

ධනු ලග්නය

පොදු තත්ත්වය:-

ලග්නාධිපති ගුරුගේ හා යෝගාකාරක රවී, බුධගේ බලය හේතු කොටගෙන බැලීමේදී මෙම මස දී ඔබගේ යහපතට කටයුතු පිළියෙළ කරගත හැකිය. අරමුණු සැලසුම් සාර්ථක කර ගනිමින් ප‍්‍රයෝජනවත් දෑ ඇතිවීමටත් ඉඩ ප‍්‍රස්ථා සැලසේ. සිතැඟි පරිදි කාර්යයන් ඉටුවන මාසයකි.

අධ්‍යාපනය:-

විශේෂයෙන් ඔබට මෙම මස තුළ සිය අධ්‍යාපනික කටයුතුවල නව පිබිදීමක් ගොඩනගා ගත හැකිවන්නේය. අලූත් අලූත් දේ ඉගෙනීමටත්, විෂයන් වෙනසකටත් මෙහිදී අවස්ථාව සැකසේ. විද්‍යා හා තාක්‍ෂණික දැනුම වැඩිදියුණු වන මාසයකි. ශිෂ්‍යත්ව ලාභාදියට ද අවස්ථාව සැකසේ. ඉගෙනීම් කටයුතුවලට යහපත් දෑ රැසක් සිදුවන්නේය.

ආර්ථිකය:-

සමස්තයක් වශයෙන් ගත්කල ඔබට ආර්ථික හා දේපලමය වශයෙන් වැඩිදියුණුවට කටයුතු පිළියෙළ වන අතර විවිධ ආර්ථිකමය ලාභ ලැබේ. ධන අය භාවාධිපතීන් බලයෙන් හැසිරෙන මෙම මාසය තුළ ඔබගේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට මං පෙත් විවර වන්නේය. ගනුදෙනුවලින් නොසිතූ වාසි ප‍්‍රයෝජන අත්වේ.

රැකියා - ව්‍යාපාර:-

මුල් සති දෙක කර්මස්ථානාධිපති තරමක් දුර්වලව යන නිසා ඔබ මෙම මස තුළ දී කැපවීමෙන් රැකියා කටයුතුවල නිරත වන්නේ නම්, රැකියා ව්‍යාපාරාදියේ කිසියම් ප‍්‍රගතියක් ද අත්පත් වන තැනට කටයුතු පිළියෙළ කරගත හැක. නව රැකියා අවස්ථා හෝ ස්ථාන වෙනස්කම් කෙරේ බලපෑ බාධා පහව යයි. නව රැකියා අවස්ථා ගොඩනැගෙන මාසයකි.

ආදරය සහ විවාහය:-

මෙම මස තුළ පොදු වශයෙන් ඔබ විවාහ දිවියේ කටයුතු හා පේ‍්‍රම දිවියේදී වඩාත් ඥානාන්විත වන්න. පොදුවේ ආදර දිවියේ හා යුග දිවියේ තෘප්තිමත් බවක් මෙම මස තුළ ඔබට ගෙන නොදේ. නුසුදුසු පේ‍්‍රම සබඳතා ද ගොඩනැගීම තුළින් විවිධ ප‍්‍රශ්නයන්ට අපවාද චෝදනාවන්ටත් ලක්වීමේ ප‍්‍රවණතාවක් ඇති බැවින් දුරදර්ශීව ක‍්‍රියා කරන්න.

සෞඛ්‍යය:-

පීනස් අමාරු හා උදරාබාධ ඇති අය ඒ කෙරේ වඩාත් සැලකිලිමත් වන්න.  

මකර ලග්නය

පොදු තත්ත්වය:

ඔබගේ ලග්නාධිපති ශනි හා යෝගකාරක කුජ, සිතුරු ශුභාශුභ මිශ‍්‍ර බලයෙන් සිටින නිසා මෙම මස මුල් සති දෙක ඔබගේ අත්‍යවශ්‍ය වැඩකටයුතු කෙරෙන්ද ශුභාශුභ මිශ‍්‍ර බවක් ගෙන දේ. විශේෂයෙන් පූර්ව සූදානමකින් සැලකිලිමත්ව කටයුතු කළහොත් අතපසු වූ වැඩ කොටස් රැසක් කර ගැනීමට අවස්ථාවක් සැලසේ. දෙසැම්බර් අවසන් දින 15 තුළ සැලසුම් සාර්ථක කර ගනිමින් ප‍්‍රයෝජනවත් දෑ ඇරඹීමටත් හැකි වන්නේය.

අධ්‍යාපනය:-

ඉගෙනීම් කටයුතුවලට, පොතපතට උනන්දුව ඇති වේ. දෙසැම්බර් මුල් දින 15 තුළ අධ්‍යාපනයට බාධා අවහිර ඇති කළත් ඉන් ලොකු පාඩුවක් සිදු නොවේ. පුස්තකාල, පොත් අළෙවිසල්, අධ්‍යාපනික ප‍්‍රදර්ශන ආදී ස්ථානයන්හි වැඩිපුර ගත කිරීමට අවස්ථාව සැලසෙයි.

ආර්ථිකය:-

ධන - අය භාවාධිපතීන්ගේ හැසිරීම මත සැසඳීමේදී ආර්ථික හා දේපලවල වැඩිදියුණුව අපේක්‍ෂිත අයුරින් සැකසුනත් වියදම් පසද එලෙසම ඇති කරයි. බලපෑ ආර්ථික දුෂ්කරතා ජය ගැනීමේ මංපෙත් විවර වන්නේය. එනමුදු විනෝදාස්වාදයට වැඩිපුර වියදම් කිරීමෙන් වළකින්න.

රැකියා හා ව්‍යාපාර:-

තම රැකී රක්‍ෂා ව්‍යාපාරාදිය සිතැඟි පරිදි කරගෙන යාමට හැකිවන්නේය. උත්සාහයේ පමණට නව රැකියා අවස්ථාවක් හිමි කරගැනීමට වුවද පුළුවන. එසේම විදෙස් රැකියාවකට බලපෑ බාධාවන් පහව යයි. කරගෙන එන රැකියා ව්‍යාපාරාදියේ වැඩි දියුණුවක් ක‍්‍රමයෙන් සිදුවන්නේය. උනන්දුවෙන් උද්යෝගයෙන් මේවායේ නිරත විය හැක.

ආදරය සහ විවාහය:-

ආදර දිවියේ හා යුග දිවියේ කටයුතු අවහිර බාධාවකින් තොරව කෙරෙනු ඇත. අවිනිශ්චිතව පැවති සබඳතා ස්ථිර වී තහවුරු වෙයි. ගත වූ මාසයට සාපේක්‍ෂව බලන කල නව සබඳතා ගොඩනැගීම හා විවාහ යෝජනා ගෙන ඒම ඔබට මෙම මාසය තුළ තිරවශයෙන් පෙන්නුම් කරයි. සිත් ගත් විරුද්ධ ලිංගිකයා සමග හිතමිත‍්‍රකම් ගොඩනගා ගැනීමටත් අවස්ථාව උදාවන මාසයකි.

සෞඛ්‍යය :-

වැටීම් තැලීම්, හදිසි පීඩාවලින් ආරක්‍ෂා වන්න.  

කුම්භ ලග්නය

පොදු තත්ත්වය:

මෙම මාසය පුරාවට ඔබගේ ලග්නාධිපති හා යෝගකාරක ග‍්‍රහයින් පීඩාවකින් තොරව ගමන් කරන නිසා කලක් තිස්සේ බලාපොරොත්තු වූ වැදගත් කාර්යයක් සාර්ථක ලෙස ඉටු වන්නේය. ඉදිරිපත්වන බොහෝ කටයුතුවලින් සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැකි වේ.

අධ්‍යාපනය:-

විද්‍යාස්ථානාධිපති පීඩාවකින් තොරව ගමන් කරන නිසා අධ්‍යාපන කටයුතු සිතේ සහනයෙන් සතුටින් කරගෙන යෑමට හැකිවන්නේය. පොත පතට ඇති උනන්දුව යොමුවීමද වැඩි වන්නේය. ශිෂ්‍යත්ව ලාභ හිමි වේ. විවිධ උසස් පාඨමාලාවන්ට සම්බන්ධ වීමටත් අවස්ථාව සැලසේ. තරග විභාගවලට ඉදිරිපත් වීමටත්, ඉන් ඵල ප‍්‍රයෝජන ලැබීමටත් හැකිවන්නේය.

ආර්ථිකය:-

පසුගිය දිනවල ඔබගේ අඩපණ තත්ත්වයේ පැවැති ආදායම් මාර්ග නව ක‍්‍රමවේදයකින් වැඩි දියුණු වන්නේය. එනිසා මෙම මාසය තුළ ඔබගේ ආදායම් තත්ත්වයේ සැලකිය යුතු වැඩිදියුණුවක් පෙන්නුම් කරයි. උරුම හිමිකම් අයිතිවාසිකම් ප‍්‍රශ්න වුව විසඳේ. තැන්පත් ධනයට යමක් එකතුකර ගත හැක.

රැකියා - ව්‍යාපාර:-

කර්මස්ථානාධිපති කුජගේ බලය මත සැසඳීමේ දී ඔබගේ රැකී රක්‍ෂා වෙළෙඳ ව්‍යාපාරාදියේ දියුණුවක් ඇතිවන්නේ නමුදු ඒවාට යම් යම් විරුද්ධවාදිකම් ඇති කෙරේ. කල්ගත වූ තරග විභාග සම්මුඛ පරීක්‍ෂණාදියකට නැවත කැඳවීමක් ලැබේ. ව්‍යාපාරික ක්‍ෂේත‍්‍රයේ අළුත් යමක් කෙරෙන මාසයකි. විදෙස් රැකියා ගමනකට පැවති බාධකයක් ඉවත් වී යයි.

ආදරය සහ විවාහය:-

මෙම මස තුළ ඔබගේ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් සිතට සතුට දනවන දේ සිදු වේ. මීට අදාළ කටයුතුවල දී ඉවසීමෙන් ඥානාන්විතව සිතා හැඟීම්වලට වහල් නොවී කටයුතු කළහොත් තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා සමග සතුටින් සෙනෙහසින් කටයුතු කිරීමට හැකිවන්නේය. නොසොයා නොබලා හදිසියට සිතට ආ පරිදි කටයුතු නොකරන්න. අවිවාහකයනට විවාහ යෝජනා ගෙන එනු ලැබේ.

සෞඛ්‍යය:-

දන හිසේ සහ මුත‍්‍රා ආසාධන පවතින අය ඒ කෙරේ වඩාත් ආරක්‍ෂා වන්න.  

මීන ලග්නය

පොදු තත්ත්වය:

මීන ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති ගුරු හා යෝගකාරක කුජ, බුධ පීඩාවකින් තොර නිසා පොදුවේ ගත් කල දින කිහිපයක් තිස්සේ බලාපොරොත්තු වූ වැදගත් කාර්යයක් සාර්ථක ලෙස ඉටුකර ගත හැකිවෙයි. කෙසේ නමුත් හදිසියට කලබලයට කටයුතු නොකරන්න. අනතුරු පීඩාවලින් ආරක්‍ෂා වන්න.

අධ්‍යාපනය:-

ඉගෙනීම් කටයුතු බාධාවකින් හා උදාසීනභාවයෙන් තොරව කරගෙන යාමට හැකි වෙයි. තම වෘත්තීය හා උසස් අධ්‍යාපනික කටයුතු නව මගකට යොමු කිරීමේ අදහස් පහළ වේ. ඒ සම්බන්ධයෙන් සම්මුඛ පරීක්‍ෂණවලට ද සහභාගිවීමට අවස්ථාව සැලසේ. එසේම උසස් යැයි සම්මත අධ්‍යාපන ආයතනයන්ට සම්බන්ධ වීමටත් අවස්ථාව සැකසේ.

ආර්ථිකය:-

ඔබට දෙසැම්බර් 15 වන තෙක් ආර්ථිකමය වශයෙන් එතරම් යහපත් නොවන හෙයින් එහිදී ගනුදෙනු කෙරෙන් පරෙස්සම් වන්න. එතැන් සිට ධන තත්වය ශුභ වන අතර පොදුවේ බලන කල ඔබට මෙම මස යම් යම් මූල්‍ය ලාභයන් ගෙන දුන්නත්, විකිණීම්, මිලයට ගැනීම්වලින් ලාභ ප‍්‍රයෝජන සැලසුවත් හදිසි තීරණ ක‍්‍රියාවට නැංවීම හේතුවෙන් මුදල් අවහිරතා මතු වේ. අනවශ්‍ය වියදම් අඩුකරගෙන දෛනික මුදල් පරිහරණයේ නිරත වන්න.

රැකියා හා ව්‍යාපාර:-

තම රැකී රක්‍ෂා ව්‍යාපාරාදිය සිතැඟි පරිදි කරගෙන යාමට හැකිවන්නේය. උත්සාහයේ පමණට නව රැකියා අවස්ථාවක් ඉටු කරගත හැකිවේ. එසේම විදෙස් රැකියාවකට බලපෑ බාධා පහව යයි. කරගෙන එන රැකියා ව්‍යාපාරාදියේ වැඩි දියුණුවක් ක‍්‍රම ක‍්‍රමයෙන් සිදුවන්නේය.

ආදරය සහ විවාහය:-

විවාහකාරක සිකුරු හා මංගල භාවාධිපති බුධ ශුභාශුභ මිශ‍්‍ර බලයෙන් යුතු නිසා ඔබගේ ආදර දිවියේ හා යුග දිවියේ කටයුතුවලට ද ශුභාශුභ මිශ‍්‍ර බවක් ඇති කරයි. කෙසේ නමුත් මීට අදාළ කටයුතුවල දී ද ඔබ හදිසියට කලබලයට කටයුතු නොකරන්න. මේවායේ කටයුතුවලට සතුරු පීඩා මතු කරන මාසයකි.

සෞඛ්‍යය:-

මුත‍්‍රා ආසාධන පහසුවෙන් ඇති කරයි. කකුල් වල පීඩාවන්ට ද ඉඩ ඇත.
බෙන්තොට හේමන්ත වීරසිංහ



අදහස් (1)

දෙසැම්බර් මාසයේ ඔබේ කල දවස

M.G.W.M. KUDA BANDA Friday, 29 November 2019 10:16 PM

ඔබේ තොරතුරු ඇතුළත් කිරීම ගැන බෙහෙවින් ස්තුතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 383 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 90 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 698 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 318 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 138 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 348 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1733 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site