IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කෝටි ගණන් පාඩු ලබන මත්තල ගුවන් තොටුපොළ

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලබන පාඩුව සම්බන්ධයෙන් වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා ප්‍රකාශයක් කර තිබිණි. අමාත්‍ය ධුරයේ රාජකාරි බාර ගැනීමෙන් පසුව ගුවන්තොටුපොළ නිරීක්ෂණය කිරීමේ චාරිකාවක යෙදී සිටියදී අමාත්‍යවරයාට දැනගන්නට ලැබුණු තොරතුරු අනුව ඔහු කියා තිබුණේ, මත්තල ගුවන්තොටුපොළ මාසිකව ලබන පාඩුව රුපියල් කෝටියකට අධික බවය. අද වන විට මත්තලට එකම ගුවන් යානයක්වත් නොපැමිණෙන බව ද සඳහන් විය.

එකම ගුවන් යානාවක් හෝ නොපැමිණියත් ගුවන් තොටේ කාර්ය මණ්ඩලයේ 545ක පිරිසක් සේවය කරති. එයින් සමහරුන් දිනපතාම කොළඹ සිට මත්තලට බස් රථයකින් ප්‍රවාහනය කරනු ලබන බවටත් තොරතුරු හෙළි වී තිබිණි. උදෑසන මේ ආකාරයට රැගෙන යන සේවක පිරිස සවස් කාලයේදී ආපසු ගෙන එනු ලබන්නේ ද බස් රථයකින් විය යුතුය.

 රටේ මහජනතාවගේ බදු මුදලින් සම්පූර්ණයෙන් නඩත්තු වන තත්ත්වයකට මත්තල ගුවන්තොටුපොළ පත්වී ඇති බව මේ අනුව පැහැදිලිය. එපමණක් නොව සේවකයන් පිරිසකට උදේ සවස කොළඹ සිට විනෝද ගමන් පහසුව ද රටේ ජනතාවගේ බදු මුදලින්ම සියලු‍ පහසුකම් සහිතව ලබා දී තිබීම ද කැපී පෙනෙයි. එසේම මත්තල නඩත්තුවේ බර කර ගසා ඇත්තේ කටුනායක ගුවන්තොටුපොළින් උපයන මුදල් බව ද මේ ගුවන්තොටුපොළ ඉදිකිරීමට චීනයෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් කෝටි 21ක ණය මුදලේ වාරික ගෙවීමට තිබෙන බව ද සඳහන්ය.

සත පහක ආදායමක් නොලබන ගුවන්තොටුපොළේ ණය වාරික ගෙවීමේ බර ද මේ අනුව පැවැරී ඇත්තේ මේ රටේ බදු ගෙවන ජනතාවගේ කර මතය. බැලූ බැල්මටම පෙනී යන්නේ මත්තල ගුවන්තොටුපොළ සැලසුම් කිරීමේදී ලොවේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීමේදී භාවිත කෙරෙන නිර්ණායක කිසිවක් සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වා නැති බවය. අලි ඇතුන් ඇතුළු වන සතුන්ගේ රජදහනක ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ඉදිකිරීමට නායකත්වය දුන් සහ සැලසුම් හැදූ සියලු‍ දෙනා අද ගුවන්තොටුපොළට අත්වී තිබෙන ඉරණමට වගකිව යුත්තෝ වෙති. එහෙත් වගකීම යනු අපේ රටේ මාස්තබාල්දු වූ වචනයක් බවට පත්ව තිබෙන බැවින් මත්තලට අත්ව තිබෙන ඉරණමට වගකිව යුත්තන් සොයා ගැනීම කවදාවත් නොකෙරෙන වැඩක් බව ද පෙන්වා දිය යුතුය.

පිටරටකින් ලබාගන්නා ණය රටේ සංවර්ධන යෝජනා ක්‍රම සඳහා යොදවා ගැනීමේදී අපේ රට මොනතරම් තකතීරු ආකාරයකට කටයුතු කර ඇත්දැයි යන්නට මත්තල ගුවන්තොටුපොළ එක් උදාහරණයක් පමණි. සූරියවැව ඉදිකර තිබෙන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ද මෙවැනිම තඩි සුදු අලියෙකි. එයට වැය කරන්නට සිදු වූ කෝටි සිය ගණනක මුදල් අඩු තරමින් පළාතේ කෘෂිකාර්මික කටයුතු සංවර්ධනය සඳහා යොදවා ගත්තේ නම් රටට එය අනාගත ආයෝජනයක් විය හැකිව තිබිණි. එහෙත් සැබෑ සංවර්ධනයට වඩා බඩගෝස්තරවාදී බොරු ෂෝක් වැඩට මුල් තැන ලබාදීමේ කරුමය අද රටම ගෙවමින් සිටී. ප්‍රතිලාභ නොලැබෙන ආයෝජන සඳහා ඩොලර් බිලියන ගණනින් ණය ලබාගත් රටකට මෙහෙම සිදු වීම පිළිබඳ පුදුම විය යුතු නැත.

මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කිරීම ආරම්භයේදීම එහි ඵලදායිතාව පිළිබඳ ගැටලු‍ පැන නැගුණු බව අපගේ මතකයේ රැඳී තිබේ. හදිසි ගොඩබෑම් සඳහා රටට දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා ද ප්‍රකාශ කර තිබුණත් මත්තල ඉදිකිරීම් නිම වූ වහාම ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කරන ජගත් සංවිධානයක් ප්‍රකාශ කර තිබුණේ, මත්තල අනාගතයේදී ලොවේ වඩාත්ම හිස් ගුවන්තොටුපොළ අතරට එක්වනු ඇති බවය. අද එම ප්‍රකාශය සත්‍ය වී තිබේ. මේ අනාගත දැක්ම රජයේ ගුවන්තොටුපොළ සැලසුම් කළ පිරිසට නොතිබීම රටේම අභාග්‍යයකි.

නිමල් සිරිපාල අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ, කොපමණ පාඩු ලැබුවත් මත්තල ගුවන්තොටුපොළ පවත්වාගෙන යා යුතු බවය. වියදම් අවම කරගනිමින් විකල්ප ආදායම් උත්පාදන මාර්ග හරහා මත්තල ගුවන්තොටුපොළේ ආදායම ඉහළ නංවාගත යුතු බවට ද අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සඳහන්ය. අපට නම් පෙනෙන්නේ මෙය සිත නිවන කතාවක් පමණක් බවය. වසර 10ක් තිස්සේ ඉටුකරගත නොහැකි වූ ආදායම ඉහළ නැංවීම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අතර හිස් නවාතැනක් වශයෙන් සඳහන් වී ඇති මත්තල ගුවන්තොටුපොළට ඉටු කරගත හැකි නම් එය වාසනාවකි. එහෙත් ජාත්‍යන්තරයේ කටයුතු කෙරෙන්නේ වාසනාවට වඩා හැකියාව මතය. මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීමට තීන්දු ගත් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වන නිමල් සිරිපාල අමාත්‍යවරයා අද මේ දකින්නේ තමන් සියලු‍ දෙනා එකතු වී සහාය ලබාදුන් වැරැදි තීන්දුවක අමිහිරි ප්‍රතිවිපාක පමණි.

(***)



අදහස් (3)

කෝටි ගණන් පාඩු ලබන මත්තල ගුවන් තොටුපොළ

චන්දිම ෆොන්සේකා Monday, 20 June 2022 06:31 PM

පොඩ්ඩක් මම කියන දේ අහන්න. ඕකමනේ කිව්වේ හම්බන්තොට වරායටත්... අපේ නායකයින්ට ඇණයක් වුණා. හැබැයි චීනා ගත්තු ගමන් ඩොලර් උණන නිධානයක් වුණා. ඒ වගේම තමයි මේ ගුවන් තොටුපොළත්... වෙන රටක මොලේ තියෙන මිනිස්සු අතට මේක ගියොත් එදා ඉඳන් මොන ක්‍රමයකට හරි ලාබ ලබන්න ඒ මිනිස්සු දන්නවා. අපි තමයි හැම මගුලම කරන්න ගත්තාට මගදී බැහැ කියලා අත හරින්නේ. මොකද රුසියාවෙන් සංචාරකයින් අරන් ගුවන් යානා ආවේ නැද්ද මත්තලට..? මෙතන තියෙන්නේ ඇතිවෙලා තියෙන තත්වයට අනුකුලව නිවැරදි කළමනාකරණයක් සැලසුම් කර ගන්න බැරි ජාතියක් වශයෙන් අපිට තියෙන පසුගාමි චින්තනය...

:       23       10

jayantha Wednesday, 22 June 2022 02:23 PM

බොහෝ උගතුන් උපදෙස් දුන්නේ මෙම ගුවන් තොටුපළ වනජීවී අභය භූමිවලට සමීප නොකළ යුතු බවයි..! නමුත් මේ මෝඩයෝ මේ අවවාදය නොතකා දැන් හඬා වැටෙති!

:       0       12

fairoos Wednesday, 22 June 2022 02:32 PM

ජාතිවාදයෙන් ආණ්ඩු කරන්න ගිහිල්ලා තමයි ලංකාවට මේ තත්වේ ඇතිවුණේ...! 

:       1       10

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 362 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 85 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 687 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 316 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 136 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 347 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site