IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


උදාවන නව වසර ඔබේ ලග්නයට කොහොමද?

2

 

 

1


පොදු තත්ත්වය26_PAGE_24_T


ඔබට මෙම උදාවන නව වසර ශුභ පල මෙන්ම අශුභ පල ද මිශ‍්‍රව ගෙනදෙනු ඇත. මෙම වසරේ මැයිවලින් පසු ඔබේ කටයුතු නිසියාකාරව කර ගැනීමේ ඥාන ශක්තිය පහළ වෙයි. සතුරු කරදර පහව යයි. කාර්ය ශූරත්වය ඔබ වෙත ඇතිවන නිසා ජනපි‍්‍රයත්වයටත් මෙම කාලය තුළ පත්වේ. අන්‍යයන්ගේ ගරු බුහුමන් ලැබේ.


විශේෂයෙන් 2016 මැයි තෙක් විවිධ අවහිර බාධා ප‍්‍රශ්නකාරී ගති මධ්‍යයේ සිය කාර්යය කටයුතු කරගෙන යාමට සිදුවන බැවින් උපේක්‍ෂාවෙන් සිතා කටයුතු කරන්න. එතෙක් ඔබේ වැඩවලට අන්‍යයන්ගෙන් අපේක්‍ෂා කරන සහයෝගය නිසි පරිදි නොලැබීමටත් ඉඩ ඇත.

 


අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය


මෙම වසරේ මුල් මාස තුන තුළ ඉගෙනීම් කටයුතුවල ප‍්‍රගතියක් ඉදිරියට යාමක් පෙන්නුම් කරයි. වසරේ අවසන් මාස නවය තුළ පොතට පතට ඇති උනන්දුව අඩු වී යන නිසා උනන්දුවෙන් කටයුතු කරන්න. එබැවින් නව වසර ආරම්භ මාස තුන ධාරණ ශක්තිය හා ඥාන ශක්තිය වර්ධනය වේ. එසේම තරග විභාගාදියෙනුත් ජයග‍්‍රහණ අත්කර ගැනීමටත් පිළිවන්කම ලැබේ.


පොදුවේ මෙම වසර තුළ ඔබගේ වෘත්තීය හා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවලට විවිධ බාධක අවහිර පැන නැගුණත් තම ආත්ම ශක්තියේ බලය හේතු කොට ගෙන ඒවා මැඩගෙන ඉදිරියට යා හැක. විශේෂයෙන් රැුකියා ව්‍යාපාරාදී කටයුතු ඔබට මෙම වසර තුළ දී කරගෙන යාමට සිදු වන්නේ බාධා ප‍්‍රමාදතා හා විරුද්ධවාදීකම් මධ්‍යයේය. ඒ කෙරෙන් සැලකිල්ලෙන්, විමසිල්ලෙන් කටයුතු කරන්න. මෙම වසරේ  මැයි - ජුනි මාස දෙක හා දෙසැම්බර මාසවල දී ඔබගේ රැකී රක්‍ෂා ව්‍යාපාරික කටයුතු දියුණුවන අතර, රැුකියා විරහිත වුවන්ට රැුකී රක්‍ෂා ලබා ගැනීමටත් හැකිවන බැවින් ඒ ගැන උනන්දු වීම වඩාත් යෙහෙකි. සෙසු මාසවල දී මේ කෙරෙන් ප‍්‍රශ්න ගැටලු ද මතු කරයි. 

 


පේ‍්‍රමය සහ විවාහ දිවිය


ආදර සබඳතාවන්ට හා විවාහ යෝජනාදියට තරමක ගැටලූකාරී වාතාවරණයක් ගොඩනැගෙන අතර තමා ඇසුරු කරන තැනැත්තාට හෝ තැනැත්තියට සම්බන්ධව සැක සංකා මතු වීමෙන් සමගිය සමාදානයටත් අහිතකර දෑ සිදුවේ. එනමුදු අවිවාහක ඔබට විවාහ යෝජනා ගෙන එනු ලැබේ. ඔබගේ විවාහ දිවියේ හා පේ‍්‍රම දිවියේ කටයුතුවලට බලපාන රහස් කුමන්ත‍්‍රණ කෙරේ අවධානයෙන් පසු වන්න. විවාහ දිවියේ හා පේ‍්‍රම දිවියේ කටයුතු කෙරෙන් යහපත් වාතාවරණයක් ගොඩනැගෙන්නේ 2016 මැයි හා දෙසැම්බර් මාසවල පමණි. සෙසු මාසවල දී පේ‍්‍රම දිවිය හා යුග දිවියේ හට ගන්නා අවුල් වියවුල් කෙරේ අවධානයෙන් කටයුතු කරන්න. එහිදී සිතට වධ දෙන ප‍්‍රශ්න වුවත් ඇති වේ.

 


සෞඛ්‍යය


මුත‍්‍රා ආසාදන රෝග ගති මෙන්ම ආහාර දිරවීමේ දුර්වලතාත් වැඩි වශයෙන් වසර පුරා ඇති කරයි.. අස්ථි බිදීම්, වැටීම්, තැලීම් වැනි ආසාදනත් ඇතිවන වසරක් බව කිව යුතුයි. 

 

 

22

 

පොදු තත්ත්වය


වෘෂභ ලග්නයෙන් උපන් ඔබට සමස්තයක් වශයෙන් වසර පුරාම මෙන් ශුභ පල වැඩි වශයෙන් ගෙන දෙන බවක් පෙන්නුම් කරයි. මෙතෙක් කලක් නොවිසිඳි පවතින මූලික ප‍්‍රශ්න විසදෙන සාර්ථක පෙර නිමිති පහළ වන්නේ අලූත් අවුරුද්ද උදාවත් සමගමය. සමාජමය මෙන්ම උත්සව අවස්ථාවන්ටත් වැඩි වශයෙන් සම්බන්ධවීමටත් මෙම වසරේදී ඔබට අවකාශ සැලසේ. කරන කියන සියලූ දේ බාධක බිදගෙන ඉෂ්ට සිද්ධ වනු ඇත. වසර පුරා ජීවන වටපිටාව පරිසරය යහපත් බවට පත්වේ. එසේම ඔබ උද්යෝගයෙන් කාර්යය ශූරත්වයෙන් කටයුතු කරන වසරක් ද වනු ඇත.   

 


අධ්‍යාපනය - ආර්ථික හා  රැකියාවේ තත්ත්වය


ඔබට වසර පුරාම තම සියලූම අධ්‍යාපනික කටයුතු සිතැඟි පරිදි උද්යෝගිමත්ව කරගෙන යාමට හැකි වන්නේය. ඥාන ශක්තිය හා ධාරණ ශක්තිය යහපත් අතට හැරේ. තරග විභාගවලින් ජයග‍්‍රහණ සැලසෙන ගුරුගෝල සමගිය තහවුරු වන යහපත් වසරකි. එසේම ඔබට මෙම වසර තුළ ශිල්ප ශාස්ත‍්‍ර විෂයන් හැදැරීමේ ඇති රුචිය වැඩි දියුණු වන්නේය.


පොදුවේ බලන කළ මෙම වසරේ රැකී රක්‍ෂා ව්‍යාපාර කටයුතු හා අධ්‍යාපන අංශ සම්බන්ධව කිසිදු අවුල් සහගත වාතාවරණයක් පැන නොනඟිනු ඇත. පැන නැඟුණත් ඉන් ලොකු හානියක් නොවේ. මෙම වසර තුළ අඩපණව පැවති ඔබගේ ඉපැයීම් මාර්ග ශක්තිමත් කරගත හැකි වන්නේය. අමතර ආදායම් මාර්ගයක් ද සලසා ගැනීමට අවස්ථාව උදාවේ. පොදුවේ අතට මිල මුදල් ලැබෙන වැඩපිළිවෙළක් සැකසෙන අතර බොහෝ දුරට ප‍්‍රධාන මූල්‍ය අවශ්‍යතා රැුසක් ඉටුකර ගැනීමට ද ඉඩ ප‍්‍රස්ථා සැලසේ. 

 


පේ‍්‍රමය සහ විවාහ දිවිය


මෙම වසරේ මුල් මාස පහ තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් ඇති කරන යම් යම් ප‍්‍රශ්නකාරී දෑ කෙරේ සැලකිල්ලෙන් විමසිල්ලෙන් පසුවන්න. ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා සමග අනවශ්‍ය ගැටුම් ඇති නොකර ගැනීමටත් සැලකිලිමත්වන්න. එනමුදු මෙම වසරේ මැද භාගයෙන් පසු ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් සතුට සැනසුම ගෙනදෙන දෑ සිදුවේ. අවිවාහකයනට විවාහ සැප හිමි කර දෙන වසරක්ද වනු ඇත.

 


සෞඛ්‍යය 


උදරාබාධ සහ වකුගඩු මෙන්ම මුත‍්‍රාශය ආශ‍්‍රිත  අසාධන ද පහසුවෙන් ඇති කරන වසරකි.

 

 

3

 

පොදු තත්ත්වය


මිථුන ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරය අනුව ග‍්‍රහ බලය ශුභදායි අයුරින් ක‍්‍රියාත්මක වන නිසා ලබන්නා වූ අලූත් අවුරුද්ද වැඩි වශයෙන් සුබ පලදායි වන්නේය. එබැවින් ඔබට 2017 ජනවාරි මාසය අවසන්වීමට පෙර සිතැගි පරිදි කාර්යයන් ඉටු වී තනතුරු, නිලතල, වරප‍්‍රසාද හිමි වී ජයග‍්‍රාහි පසුබිමක් ජීවන ගමන කෙරෙන් සැකසෙන්නේය. ඔබ මනා කළමනාකරණයකින් යුතුව කටයුතු කරන වසරක් ද වේ. ශරීර ශක්තිය වර්ධනයවන සිතට හා කයට සැප ගෙනෙන භාෂා හා කලා ශිල්පාදිය ගැන ලොකු ආශාවක් දක්වන ප‍්‍රධානින්ගේ ගෞරවාදරයට පාත‍්‍රවන හා දේශපාලන වාසි සැලසෙන වර්ෂයකි. පොදුවේ රවි, ගුරු හා රාහු දශා, අනු දශා මෙම වසර තුළ ඔබට පවතින්නේනම් පැහැදිලි ශුභ පල රැුසක් ගෙනදේ. එසේම ඔබට නව වසර මුල සිටම මෙන් ශුභ පල උදාවන්නේය.

 


අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය


මෙම වසර තුළ ඉගෙනීම් කටයුතු අවහිර බාධාවකින් තොරව හා උනන්දුවෙන් උද්යෝගයෙන් යුතුව කරගෙන යා හැක. 2016 - ජනවාරි හා මැයි අතර අධ්‍යාපනයට මෙන්ම තමා නිරත රැුකියා ව්‍යාපාරික කටයුතුවලට යම් යම් බාධා අවහිර මතුවන බැවින් ඒ කෙරේ සැලකිලිමත් වන්න. කෙසේ නමුත් සතුටුවිය හැකි අධ්‍යාපන ජයග‍්‍රහණයක් හා වෘත්තිය ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රමාණවත් ප‍්‍රගතියක් මෙම වසර අවසන් වීමට පෙර සිදු වන්නේය.


ජීවනෝපාය සඳහා කරනු ලබන කටයුතුවලින් උසස් ප‍්‍රතිඵල ලැබේ. දැන උගත්කමට, හැකියාවට, කුසලතාවට සරිලන පරිදි නව රැුකියා අවස්ථාවක් ඔබට මෙම වසර තුළ හිමි වනු ඇත. ව්‍යාපාරාදියෙන් ද සාර්ථකත්වයක් ගොඩනැගේ. විරැුකියාවට පිළියම් ලැබෙන වසරකි. සමස්තයක් වශයෙන් ගත් කළ 2016 මැයිවලින් පසු අධ්‍යාපන රැකියා හා ව්‍යාපාරික කටයුතු කෙරෙන් පැවති බාධා අවහිර පහව ගොස් මේවායේ වැඩි දියුණුවක් ඇතිවන්නේය.

 


පේ‍්‍රමය සහ විවාහ දිවිය


මෙම වසර තුළ ඔබව පහසුවෙන් විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට ලක්වේ. එසේම පේ‍්‍රම සබඳතා හා විවාහ දිවිය කෙරෙන් පැවති ගැටලූ නිරාකරණය වනු ඇත. මේවා කෙරෙන් බලපා තිබූ යම් යම් අවුල් සහගත තත්ත්වයන් පහව යයි. සාර්ථක විවාහ තීන්දු තීරණ ගැනීමටත් ඉඩකඩ සැලසේ. කල්ගත වූ විවාහ ගිවිසුම් ස්ථීර තහවුරු වන්නේය. යුග දිවියේ හා පේ‍්‍රම දිවියේ සමගිය සමාදාානයට තර්ජන 2016 ජනවාරි හා මැයි අතර කාලය තුළ මතුවන නිසා එහිදි ඒ කෙරේ නිසි අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න.

 


සෞඛ්‍යය


මුත‍්‍රා ආසාදන හා උදරගතව යම් යම් රෝගී ගති මතුවන වසරක් වුවත්, වැඩි වශයෙන් නිරෝගී භාවයක් ඇති කරයි. පොදුවේ සිරුරේ දැඩි උෘෂ්ණාධික බවක් පෙන්නුම් කරන වසරකි.  

 

 

4

                          

පොදු තත්ත්වය


කටක ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති සඳු හා ලග්න නැකත් අධිපතින් ශූභා ශූභ මිශ‍්‍ර බලයෙන් සිටින මොහොතේ උදාා වන නව වසර ඔබගේ අත්‍යවශ්‍ය කාර්යය කටයුතු කෙරෙන් ද ශූභාශූභ මිශ‍්‍ර බවක් ඇති කරයි. බාධා මධ්‍යයේ නමුදු ක‍්‍රමක‍්‍රමයෙන් අරමුණු සැලසුම් සාර්ථක කර ගත හැක. මැයි තෙක් කාලය පැහැදිලි සුබපල රැසක් ගෙන දෙනු ඇත.

 


අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය


නව වසරේ මුල් මාස තුනෙන් පසු ඉගෙනීම් කටයුතුවලට අවහිර බාධාවන් ඇති කරයි. පොතපතට ඇති උනන්දුව යොමුවීම අඩුවී විනෝදයට බරවන බැවින් එවැනි දෙයට නතු නොවී සිය අධ්‍යාපනික කටයුතුවලට ප‍්‍රමුඛත්වයක් දී ක‍්‍රියා කරන්න. අධ්‍යාපනික ආයතන කෙරෙන්ද කලකිරීම් සහගත දෑ ඇති කරයි. පොදුවේ ඔබ වැඩි වශයෙන් ඉගෙනීමට යොමුවන, ඊට කැමැත්ත ඇති යහළු යෙහෙලියන් ආශ‍්‍රය කරන්නට මෙම වසරේදී  උනන්දු වන්න.


ධන අය භාවාධිපතීන් ශුභාශුභ මිශ‍්‍ර බලයෙන් යුක්ත බැවින් ඔබට මෙම වසර තුළ අපේක්‍ෂිත මිල මුදල් ලාභ ලැබුණත් වියදම් ද එ් අයුරින්ම ගෙන දේ. ණය ගනුදෙනු බලාපොරොත්තු කල් යයි. ගමන් බිමන්වලට අමතර මුදල් වැයවේ. කල්පනාවෙන් සැලසුම් සහගතව ඉපැයීම් මාර්ගවල නිරත වන්න. කෙසේ  නමුත් ජුනි මැදභාගය තෙක් යම් යම් ආර්ථික ලාභ ලැබෙන මංපෙත් විවර වේ. අධ්‍යාපනය,  ආර්ථික, රැුකියා හා ව්‍යාපාරික කටයුතුවල ප‍්‍රගතියටත් 2016 මැයි තෙක් කාලය සුබදායි වේ. 

 


පේ‍්‍රමය සහ විවාහ දිවිය


මෙම වසර තුළ තමන් අදහස් කළ අන්දමට සැලසුම් කළ පරිදි ආදර කටයුතු හෝ විවාහ කටයුතු සිදු නොවීම නිසා සිතේ සහනය සතුට පහව යයි. අවිවාහක අයට ඇතැම් හිතවතුන්, හිතවතියන්  මාර්ගයෙන් කිසියම් විවාහ යෝජනාවන් ද ගෙන දේ. කෙසේ වෙතත් මෙම වසර පුරාවටම මෙන් ආදර සබඳතා හා විවාහ කටයුතුවලට යම් යම් ප‍්‍රශ්නකාරී ගති මතු වන නිසා තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයාට දෙන පොරොන්දු කෙරේ සැලකිලිමත් වන්න. විරුද්ධවාදීකම් හා ප‍්‍රශ්නකාරී දෑ වුව මේවාට බලපානු ඇත. අපවාද චෝදනාවලට ලක්වන දෙයින් ද ඔබ මෙම වසර තුළ සැලකිල්ලෙන් විමසිල්ලෙන් කටයුතූ කරන්න.

 


සෞඛ්‍යය


රත් පිත් රක්ත දෝෂ, අමාශය ආශි‍්‍රත ආසාදන  අර්ශස් මුලාග්ණියට සම්බන්ධ රෝග වැඩි වශයෙන් ඔබට මෙම වසරේදී හට ගනී.    

                             

       

5

 

පොදු තත්ත්වය


උදාවන නව වසර ඔබට ශුභ පල ගෙනදෙන අතර තමන්ගේ පරිපාලන නායකත්වය යටතේ පවතින හැම දෙයකම ප‍්‍රතිසංස්කරණයක්, වැඩි දියුණුවක් ඇති වෙයි. සමාජ සම්බන්ධකම්, සැලකිය යුතු පිරිස් ඇසුරට අවස්ථාව සැලසේ. එසේම ඔබ නිර්භීත, එඩිතර, නොපසුබස්නා ගතියෙන් යුතුව කි‍්‍රයාකරන වර්ෂයකි. විශේෂයෙන් ඔබ මෙම වසර තුළ බොහෝ අයගේ ප‍්‍රසාදයටත් පත්වන්නේය. 2016 ජුනිි යෙදෙන ගුරු ග‍්‍රහයාගේ මාරුව ඔබට අපල ඇති නොකෙරේ. 2016 වසර තුළ රවි මහ දශාව ගුරු මහ දශාව ගත කරන්නේ නම් ශුභ පල වඩාත් පැහැදිලි ලෙස ගෙන දෙන්නේය. ඔවුනට මෙම වර්ෂය බෙහෙවින් ශුභ පලදායි වේ.

 


අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය 


ඔබගේ අධ්‍යාපනික කටයුතුවලට නව වසර බෙහෙවින් ශුභ පලදාායි වේ. අපේක්‍ෂිත අධ්‍යාපනික ඉලක්ක සපුරා ගැනීමට හැකියාව ද ලැබේ. සිය අධ්‍යාපනික කටයුතුවලට අවශ්‍ය මූල්‍ය සම්පත් හා දාව්‍යම සම්පත් අඩුවකින් තොරව ලැබෙන නිසා සිතේ සතුටින් සහනයෙන් ඉගෙනීම් කටයුතුවල නිරත වීමටත් හැකියාව ලැබෙනු ඇත.


මෙය ඔබේ රැකී රක්‍ෂා, වෙළෙඳ ව්‍යාපාරා දී කටයුතුවල කාර්යක්‍ෂමතාව සිදුවන වසරකි. පොදුවේ ඔබට මෙම වසර තුළ ස්වයං හා හවුල් ව්‍යාපාරාදි කටයුතුවල දියුණුව ද ඇති වේ. නව ආයෝජනයන්ට ද කටයුතු පිළියෙළ වන වසරක් බවට පත් වේ. ජීවනෝපාය මාර්ග හා බුද්ධි වර්ධනය සම්බන්ධිත අංශවල දියුණුවක් ඔබට හා පවුලේ අයටත් පැහැදිලිව දක්නට ලැබෙනු ඇත. දෙස් විදෙස් රැුකියා අපේක්‍ෂා ඉටු වී සතුටින් දිවිය ගතකිරීමටත් අවස්ථාව සැලසේ. රැකියා තහනමකට ලක් වූ අයටත්, ඒවා ඉවත් වී වැටුප් සමග නැවත රාජකාරියට කැඳවීම් ලැබේ. 2016 නොවැම්බර් මාසයේ දී විදෙස් රැුකියා අපේක්‍ෂාවන්ට බල පෑ බාධාවන් ද ඉවත් වී ඊට අවස්ථාව සැලසේ.

 


පේ‍්‍රමය සහ විවාහ දිවිය


ඔබට මෙම වසර තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් අයහපත් නොවුණත් මීට අදාළ කටයුතුවල දී හොඳින් සොයා බලා තීරණ ගන්න. මෙම වසරේ මුල් මාස හය තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් බලපෑ බාධක ඉවත්ව ගොස් මීට අදාළ බලාපොරොත්තු ඉටුකර ගැනීමට පසුබිම සැකසේ. අවිවාහක අයට විවාහ යෝජනා ගෙන එනු ලැබේ. මේවා කෙරෙන් බල පෑ ප‍්‍රශ්නකාරි ගති මගහැරෙන වසරක් ද වේ. පොදුවේ වසරේ වැඩි මාස ගණනක් විවාහකයනට යුග දිවිය ඉතා සාමයෙන් හා සතුටින් ගත කිරීමට පසුබිම සැකසෙන්නේය.

 


සෞඛ්‍යය 


ආහාර දිරවීමේ දුර්වලතාවන් විටින් විට ඇති කළත් වැඩි වශයෙන් නිරෝගී භාවයක් ගොඩනැගෙන වසරකි. ඇසේ, හිසේ අසනීප ඇති අය ජනවාරි සිට මැයි අතර ඒ කෙරෙන් වඩාත් ආරක්‍ෂා වන්න.

 

 

6

පොදු තත්ත්වය


කන්‍යා ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති බුද හා ලග්න නැකත් අධිපතින් ශුභාශුභ බලයෙන් යුක්තව සිටින මොහොතේ උදාවන මෙම වසර තුළ ඔබට සිය කාර්යය කටයුතු කර ගැනීමට සිදුවන්නේ ද නොයෙකුත් අවහිරතා මධ්‍යයේය. අවබෝධයෙන් කටයුතු කළහොත් අනාගත අභිවෘද්ධියට හේතුවන ප‍්‍රයෝජනවත් දෑ රැසක් සිදුකර ගත හැක. ජුනි මැදභාගය පසුවන තෙක් තමාගේ අත්‍යාවශ්‍ය වැඩවලට විවිධ අවහිර බාධක යෙදේ.

 


අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය 


විද්‍යස්ථානය බලවත් නිසා මෙම වසර තුළ ඉගෙනීමේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වන්නේය. සිතේ සහනයෙන් කි‍්‍රයාශීලීත්වයෙන් පොතේ පතේ කටයුතු කරගෙන යාමටත් එමෙන්ම  හැකිවනු ඇත. අහිමි වූ නේවාසික පහසුකම් වැනි දෑ වුව නැවත ලැබේ. ඉගෙනීමට යහපත් වසරකි. අවබෝධ ඥානය ධාරණ ශක්තිය මැනවින් ගොඩනැගේ.


ඔබට ආර්ථික වශයෙන් අඟහිඟතා මෙම වසරේදී ඇති නොවන්නේය. එසේම ආදායම් වැඩිකර ගැනීමටත් ඔබ වෙහෙසී ක‍්‍රියා කරයි. ස්ථිර ලෙස ආදායම් ලැබෙන සේ කටයුතු පිළියෙළ කර ගනී. අනවශ්‍ය වියදම් සීමා වී මූල්‍ය පාලනයක් සිදුවන වසරක්ද වේ. උරුම හිමිකම් ලාභ නිශ්චල චංචල දේපළ මිල දී ගැනීම්වලට ද යෝග්‍ය වන්නේය. 2016 ජුනි මාසෙන් පසු කිසියම් වැඩපිළිවෙළක් සැකසී ලැබීමට ඉපැයීමට වාසනාව මතුවන්නේය. එතෙක් කාලය සමස්තයක් වශයෙන් මෙම සෑම දෙයකටම මෙන් බාධක අවහිර මතු කරයි.

 


පේ‍්‍රමය සහ විවාහ දිවිය


ඔබට මෙම වසර තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් අයහපත්ම නොවුණත් 2016 පෙබරවාරි සිට රාහු - කේතු අසුබව ගමන් කරන නිසා මීට අදාළ කටයුතුවල දී හොඳින් සොයා බලා තීරණ ගන්න. මෙම වසරේ මුල් මාස 6 තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් සිත් තැවුල් මතු වන දෑ වුවත් සිදුවේ. එම නිසා යම් යම් අය ඇසුරු කිරීම්වල දී කල්පනාකාරි වන්න. කෙසේ නමුත් හැගීම්වලට වහල් නොවිය යුතු වසරකි.

 


සෞඛ්‍යය


ඇසේ හිසේ රෝගාබාධ විටින් විට මතු කරන අතර පපුවේ අසනීප ඇති අය ඒ කෙරේ වඩාත් ආරක්‍ෂා  වන්න.

 

 

7

 

පොදු තත්ත්වය


තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති මෙන්ම ලග්න නැකත් අධිපතින් දැඩි පීඩාවකින් තොරව වසර ආරම්භය තුළ ගමන් කරන  නිසා කරදර බාධක විඳ දරාගෙන අභියෝග මැඩගෙන ඉදිරිය කරා ගමන් කරත හැක. දුරදිග බලා තීරණ ගැනීමටත්, අනාගතය සම්බන්ධ පැහැදිලි සැලසුමකින් යුතුව කටයුතු කරගෙන යෑමටත් අවස්ථාව සැලසෙන වසරක් වනු ඇත. අවහිර බාධා මැඩගෙන තම අරමුණු සැලසුම් ඉටුකර ගැනීමට හැකි වන්නේය.

 


අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය 


විශේෂයෙන් තාක්‍ෂණික හා කාර්මික ක්‍ෂේත‍්‍රයේ විෂයන්ගෙන් විවිධ දක්‍ෂතා පෙන්නුම් කිරීමට ඉඩ ලැබේ. කෙසේ වෙතත් ඔබට මෙම වසරේ අධ්‍යාපනික පාඨමාලා හා අධ්‍යාපන ආයතනයන්ට සම්බන්ධව බල පෑ ප‍්‍රශ්න විසඳා ගැනීමට සිදුවේ. මෙම වසරේ  මුල් මාස හය තුළ ඉගෙනීම් කටයුතුවල ප‍්‍රගතියක්, ඉදිරියට යාමක් පෙන්නුම් නොකරයි. එසේම මුල් මාස හය තුළ පොතට පතට ඇති උනන්දුව අඩු වී යන නිසා උනන්දුවෙන් කටයුතු කරන්න.


පසුගිය කාලයේ පසුබැස හා අඩපණව තිබූ ධනෝපායන මාර්ගයන්හි ක‍්‍රමවත් වර්ධනයක් මෙම ජුනි මාසයෙන් පසු ගොඩනැගේ. යම් යම් මුදල් හා ද්‍රව්‍ය ලාභයන් ද මෙහිදී හිමිවන තැනට කටයුතු පිළියෙළ වේ. ණය ගනුදෙනුවකින් ද නිදහස් වීමටත් අවස්ථාව සැලසේ. ජුනි පසුවන තෙක් ගනුදෙනු හා විකිණීම් මිළයට ගැනීම් වැනි කටයුතුවලදී පරිස්සම් වන්න. පොදුවේ ඔබට ගතවූ වසරට වඩා මෙම වසරේදී ආර්ථික වශයෙන්  අගහිඟතා ඇති නොවනු ඇත.    

 


පේ‍්‍රමය සහ විවාහ දිවිය


ආදර සබඳතාවන්ට හා විවාහ යෝජනාදියට ශුභදායි වාතාවරණයක් ගොඩනැගුණත්, තමා ඇසුරු කරන තැනැත්තාට හෝ තැනැත්තියට හෝ සම්බන්ධව සැක සංකා මතු වීමෙන් සමගිය සමාදානයට අහිතකර දෑ සිදුවේ. සුදුසු වයසේ නම්  විවාහ යෝජනා ගෙන එනු ලැබේ. විරුද්ධ ලිංගිකයන් සමග නව සබඳතාවන් ගොඩනැගේ. මෙම වසරේදී ඔබට වැඩි වශයෙන් විරුද්ධ ලිංගික ඇසුර ලැබේ. එසේම දැන හැඳිනුම් පේ‍්‍රම සබඳතා පහසුවෙන් ඇතිවන වසරක් ද වේ. එසේම පේ‍්‍රමය හා විවාහ දිවියට සම්බන්ධ  කියන කරන දේ  සාර්ථක වන වසරක් වනු ඇත. 

 


සෞඛ්‍යය


මුත‍්‍රා ආසාදන, මළ බද්ධය, ඇසේ හිසේ ආබාධ වැනි රෝග පවතින ඔබ මෙම වසර පුරාවට ඒ කෙරේ වඩාත් ආරක්‍ෂා වන්න. 

 

 

8

 

පොදු තත්ත්වය


ඔබගේ කේන්දරයේ ග‍්‍රහ බලය පවතින අයුරු කෙරේ අවධානය යොමු කිරීමේදී උදාවන්නා වූ නව වසර ඔබට වැඩි වශයෙන් ශුභ පල ගෙනදීමට හේතුවේ. සිතේ සතුටට කටයුතු පිළියෙළ වන්නේය. සුව පහසුවට අවශ්‍ය දේ ලැබෙන මිතුරු මිතුරියන් හා වැඩිපුර ආශ‍්‍රය කෙරෙන, උත්සාහයන් හී ප‍්‍රතිඵල කෙසේ හෝ ලැබෙන යහපත් වසරක් බවට පත්වේ. සමස්තයක් වශයෙන් ගත්කල වැටීම්, තැලීම්,  තුවාලවීම් ආදි හදිසි අනතුරුවලට තිබෙන ප‍්‍රවණතාවය අධික බැවින් ඒ කෙරෙන් සැලකිලිමත්වීම ඉතා හොඳයි.

 


අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය


ඔබට වසරේ මුල් මාස තුන තෙක් සිය අධ්‍යාපනික කටයුතු කරගෙන යාමට සිදුවන්නේ නොයෙකුත් අවහිරයන් හා බාධාවන් මධ්‍යයේය. සාමාන්‍ය මට්ටමේ පාසල් අධ්‍යාපනය හදාරන වෘශ්චික ලග්නය හිමි සිසු සිසුවියන්ට මෙහිදී නොයෙක් බාධක එල්ල වුවත් ඉගෙනීමේ කටයුතුවල ඇලී ගැලී සිටීමට සිත හදාගත හැකි වෙයි. එහෙත් අපේක්‍ෂිත ජයග‍්‍රහණ නොලැබේ. මාර්තුවලින් පසු අධ්‍යාපනයට බල පෑ බාධක රැුසක් පහව යයි. 


විකිණීම්, මිලයට ගැනීම් ආදියෙන් ලාභ ප‍්‍රයෝජන සැලසේ. හදිසි ධන ලාභාදිය වුවත් ලැබීමට ද ඉඩ ඇත. ණය ගනුදෙනු අපේක්‍ෂාවන් ද ඉටුවනු ඇත. උරුම හිමිකම් ප‍්‍රශ්න, බදු ප‍්‍රශ්න යනාදිය ද විසඳේ. ජුනි  මාසෙන් පසු ස්ථිර ආදායම් මාර්ග උදාවේ. මෙතැන් සිට ඉපැයිම් කටයුතුවලට ඔබේ නිදහස් කාලය ගත කරන කාලයකි. එතැන් සිට නිරායාසයෙන් මුදල් ලැබෙන මාර්ග පිළියෙළ වේ. ආදායම් පහත වැටීමක් නොයෙදෙන අතර වියදම පාලනය වේ. 

 


පේ‍්‍රමය සහ විවාහ දිවිය


ඔබ මෙම වසර තුළ ආදරවන්තිය, ආදරවන්තයා සමග හටගෙන තිබූ වාද විවාද, මතඛේද දිගින් දිගට පවත්වාගෙන නොයන්න.


 කෙසේ වෙතත් කිහිප දෙනෙක් ආශ‍්‍රය කරන්නට යෑමෙන් සිත් වේදනා, පසුතැවීම් මෙන්ම අපවාද චෝදනා වැනි දෙයටද ලක්වන බැවින් එවැනි දේවල් වලින් මිදෙන්න. ආදර දිවියේ කටයුතුවලට රහස් සතුරන්ගෙන් කුමන්ත‍්‍රණ ඇතිවිය හැකි බැවින් අවධානයෙන් පසුවන්න. ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් ශුභ පල මෙන්ම අශුභ පලද මිශ‍්‍රව ලැබෙන වසරකි. 2016 මැයි තෙක් පේ‍්‍රම දිවියේ හා විවාහ දිවියේ අඩු ලූහුඩුකම් දිස්වේ. මෙහිදී ගැටුම් ඇරඹීමට පසුබිම සැකසෙන නිසා බුද්ධිමත්ව ඉවසීමෙන් මීට අදාළ කාර්යය කටයුතුවල නිරත වන්න.

 


සෞඛ්‍යය


සිරුරෙහි සන්‍ධිස්ථානගතව වේදනා කැක්කුම් නිබඳව මෙන් මතුවන අතර ලේවල විෂ ගතිය මගින් ඇතිවන චර්ම රෝගයන්ට ද හේතුයි. සෙම් රෝග සෑම මාසයකම මෙන් වැළදෙන බැවින් ආහාර කෙරේ සැලකිලිමත් වන්න.

 

 

9

 

පොදු තත්ත්වය


ධනු ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති හා ලග්න නැකත් අධිපතින් සුබදායක අයුරින් සිටින මොහොතේ උදාවන මෙම වසර වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙළ වන්නේය. එසේම මෙය ඔබට උසස් පුද්ගලයන්ගෙන් ගරු සරු වැඩි වශයෙන් හිමිවන වසරක් වන අතර, කරන කියන කටයුතු සපල වන්නාවු වසරක් ද වනු ඇත. නිර්මාණශීලී කටයුතු සැලසුම් සහගත වීම නිසා බොහෝ විට ඉතාමත් ක‍්‍රමානුකුල අන්දමට නිමා කරගත හැකි වන්නේය. කලකසිට සැලසුම් කළ දෙයක් ක‍්‍රියාවේ යෙදීමටත් අලූත් වැඩකට අත ගැසීමටත් ඔබට 2016 මැයිවලින් පසු අවස්ථාව සැලසේ.

 


අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය 


ඉගෙනීම් කටයුතුවල ප‍්‍රගතියක් ගොඩනැගෙනු ඇත. වෘත්තීය හා පාසල් මෙන්ම උසස් අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයක් බලා සතුටු විය හැකිවන අතර, උසස් අධ්‍යාපන කාර්යයකට ද සිත යොමු වේ. විශේෂයෙන් මෙය ඔබට අධ්‍යාපනික විශේෂ ජයග‍්‍රහණ ගෙන දෙන වසරකි. පොතපත කියවීමටත්, දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමටත් ආශාවෙන් කටයුතු කරයි. ශිෂ්‍යත්ව ලාබාදීමටත් හිමිවීමටත් බලය ඇත. අලූත් හා ගැඹුරු  විෂයන්ට සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ. අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය මිල මුදල් ලැබෙනු ඇත.


මෙම වසර තුළ අඩපණව පැවති ඔබගේ ඉපැයීම් මාර්ග ශක්තිමත් කරගත හැකි වන්නේය. අමතර ආදායම් මාර්ගයක්ද සලසා ගැනීමට අවස්ථාව උදාවේ. පොදුවේ අතට මිල මුදල් ලැබෙන වැඩපිළිවෙළක් සැකසෙන අතර බොහෝ දුරට ප‍්‍රධාන මූල්‍ය අවශ්‍යතා රැුසක් ඉටුකර ගැනීමට ද ඉඩ ප‍්‍රස්ථා සැලසේ. මුල් මාස තුනේදී අනවශ්‍ය වියදම්වලින් මිදී කටයුතු කරන්න. පොදුවේ ඔබට නිශ්චල චංචල දේපළ ලාබයන් ද ගොඩනගාගත හැකි වසරකි.

 


පේ‍්‍රමය සහ විවාහ දිවිය


ඔබගේ ආදර සබඳතා හා විවාහයට අදාළ කටයුතු කෙරෙන් සිතට සතුට දනවන දෑ සිදුවේ. තමා ඇසුරු කරන පෙම්වතා / පෙම්වතිය සමග ප‍්‍රීතිමත් ගමන් බිමන් යෑමටත් අවස්ථාව සැලසේ. මීට අදාළ බලාපොරොත්තු හා සැලසුම් ඉටුකර ගැනීමටත් හැකිවනු ඇත. විශේෂයෙන් මෙම වසර තුළ ඔබගේ යුග දිවියේ හා පේ‍්‍රම දිවියේ කටයුතු සම්බන්ධයෙන් නවෝදයක් ඇති වේ. එසේම මංගල යෝජනා ස්ථිර තහවුරු වෙයි. ඒ එසේ වුවත් කේතුගේ හා ශනිගේ මහ දශා, අතුරු දශා ගතකරන අය මෙම වසරේ අවසන් මාස 6 තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් ඇති කරන යම් යම් ප‍්‍රශ්නකාරී දෑ කෙරේ සැලකිල්ලෙන් විමසිල්ලෙන් පසුවන්න. ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා සමග අනවශ්‍ය ගැටුම් ඇති නොකර ගැනීමටත් සැලකිලිමත් වන්න. 

 


සෞඛ්‍යය 


උදරාබාධ සහ හිස පපුව, පෙණහැල්ල ආශ‍්‍රිත සෙම් අසාදන පහසුවෙන් ඇති කරන වසරකි. 

 

 

10

 

පොදු තත්ත්වය


මකර ලග්නයෙන් උපන් ඔබගේ ග‍්‍රහ බලයද ලබන්නාවූ නව වසරේ මුල් මාස 6 තුළ ශුභාශුභ මිශ‍්‍ර අයුරින් බලපවත්වන නිසා එතෙක් කාලය ඔබට ගතවන්නේ ශුභාශුභ මිශ‍්‍ර අයුරිනි. මැයි මාසෙන් පසු ඔබේ වැඩ කටයුතුවලට යම් යම් අයගේ සහයෝගය, උදව් උපකාර ලැබේ. 2016 මුල් මාස 5 තුළ විදෙස් ගතවීමේ බලාපොරොත්තු සාර්ථක වන අතර ඊට බලපෑ බාධක අවහිර පහව යයි. පසුගිය වසරට වඩා බොහෝ දෙනා සමග සුහදව කටයුතු කළ හැකි පරිසරයක් ගොඩනැගේ. 


අන්‍යයන් තමන්ට ගරුකරන ස්වභාවයක් මෙම වර්ෂය පුරාවට ඔබට අත් විදිය හැක. විශේෂයෙන් කිවයුතු වන්නේ ඔබට පැහැදිලි ශුභ පලයන් ගෙනදීම සිදුවන්නේ මෙම වසරේ ඔක්තෝම්බර් හා දෙසැම්බර් අතර කාලපරිච්ෙඡ්දයේදීය. එතෙක් කාලය තුළ ඔබගේ සිය අපේක්‍ෂිත කාර්යය කටයුතු අත්‍යවශ්‍ය වැඩ කටයුතු කර ගැනීමට සිදුවන්නේ ද යම් යම් අවහිර බාධා ප‍්‍රමාදවීම් මධ්‍යයේය.

 


අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය


අධ්‍යාපනික කටයුතු කෙරෙන් බල පෑ අවහිර බාධාවන් මැයිවලින් පසු ක‍්‍රමයෙන් පහව යයි. මෙයින් පසු තරග විභාගවලට ඉදිරිපත් වන්නේ නම් බලාපොරොත්තු ඉටුවීම සිදුවේ. එතැන් සිට නව විෂයන් ප‍්‍රගුණ කිරීමටත්, උසස් අධ්‍යාපනයට සම්බන්ධ වීමටත් පසුබිම සැකසේ. විදෙස් අධ්‍යාපනික කටයුතුවලට සම්බන්ධ විමේ අදහස් තිර වශයෙන්ම 2016 ජූලි සිට සාර්ථක වේ.


මෙම වසරේ දී  ඔබගේ අපේක්‍ෂිත මූල්‍ය සැලසුම් ඉටුවන්නේ නමුදු අනවශ්‍ය වියදම්වල ද යෙදේ. 2016 මැයිවලින් පසු ලාභ බලාපොරොත්තුවෙන් වියදම් කරන දෙයින් ලාභ ලැබේ. එසේම එතැන් සිට බලාපොරොත්තු වන ආර්ථික සහන ඔබට හිමිවනු ඇත. පොදුවේ වසර පුරා ගනුදෙනුවලදී හා මුදල් පරිහරණයේදී කල්පනාකාරී වන්න. විටෙක ශරීර සනීපය රැක ගැනීමටත් අමතර මිල මුදල් වියදම් කරන්නට සිදුවේ. උරුම හිමිකම් කෙරෙන් ප‍්‍රශ්න ඇති කර ගැනීමට නොයන්න. ඊට අදාළ දේවල් නීතිය මගින් බේරුම් කර ගැනීමට මෙම වසරේදී  ඔබ නොයා යුතුය. ඉන් අවාසි සහිතයි.

 


පේ‍්‍රමය සහ විවාහ දිවිය


මෙම නව වසරේ මුල් මාස හයේ දී විවාහ පේ‍්‍රම දිවියේ කටයුතු කෙරෙන් අසහන, සිත් තැවුල් මතුවන පසුබිමක් ගොඩනැගේ. විශේෂයෙන් මෙහිදී ඔබට නුසුදුසු හා නොගැළපෙන සබඳතා ගොඩනැඟීමට ඉඩ ඇති බැවින් එවැනි දේට නතු නොවන්න. දෙදෙනා තුළ සැක කටයුතු උපදවන දෑ සිදු නොවන ලෙස අන්‍යොන්‍ය අවබෝධයෙන් කටයුතු කරන්න. එහෙත් ජුනිවලින් පසු දෙදෙනා අන්‍යොන්‍ය වශයෙන් හොඳ සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමත් නිසා පවුලේ වැඩි දියුණුවක් සැලසේ. බිද වැටුණ පේ‍්‍රම සබඳතාවන් ද නැවත සැකසේ. විවාහ පමා වූවනට සාර්ථක මංගල යෝජනා අගෝස්තුවලින් පසු ගෙනදේ. එතැන් සිට ඔවුනගේ විවාහ බාධක දෝෂ පහව යනු ඇත.

 


සෞඛ්‍යය


ඔබ වැටීම්, තැලීම්, හදිසි පීඩා අනතුරු අබාධවලින් ආරක්‍ෂා විය යුතු වසරකි. ශරීර සනිපය ද  විටින් විට දුර්වල කරයි. නින්ද නොයැමේ දුර්වලතාවන්ද විටින් විට මතු කරයි. හිසේ රෝග, උදර රෝග වැඩි වශයෙන්් හට ගන්නේය.

 

 

11

 

පොදු තත්ත්වය


සමස්තයක් වශයෙන් බලන කල ඔබගේ ග‍්‍රහ ගමන එතරම් බලවත්ව ගමන් නොකරන නිසා ඔබට මෙම උදාවන නව වසර තුළ සිය දෛනික කාර්යය කටයුතු කරගෙන යාමට සිදුවන්නේ නොයෙකුත් අවහිරයන් හා බාධාවන් මධ්‍යයේය. දිගු කලක් බලාපොරොත්තු තබා සිටි යහපත් අරමුණක් අත්‍යවශ්‍ය වැඩ කටයුත්තක් අවසන් මොහොතේ වෙනස් වී යාම නිසා සිතෙහි මානසික අසහනය ඇති කළත් ඒ කිසිවක් බාහිරව පෙන්නුම් නොකරමින් අන්‍යයන් අතරේ හැසිරීමට තරම් ඔබ සිත ශක්තිමත්ව තබා ගනී. මනසින් පසුතැවිලි වන වසරකි. අන්‍යයන් සමග සහයෝගයෙන් කටයුතු කළත් ඒ කිසිවෙකුත් කෙරෙහි ඔබට පැහැදිමක් ඇති නොවේ. කළයුතු නිසා කරයි, 2016 ජුනි තෙක් කාලය සෑම දෙයක් කෙරෙන්ම සුබදායක අයුරින් ගතවේ.

 


අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය


ගත වූ වසරට වඩා මෙම වසර තුළ ඉගෙනීම් කටයුතුවල උදාසීනභාවය ඇති වේ. පොතට පතට යොමු නොවේ. එනිසා එවැනි තත්ත්ව මග හැරගෙන උනන්දුවෙන්, උද්යෝගයෙන් ඉගෙනීම් කටයුතුවල නිරත වන්න. දෙස් විදෙස් අධ්‍යාපන සැලසුම් ඉවත දමා තාවකාලික රැුකියාවක් කෙරේ අවධානය යොමු කරයි. ඉගෙනීම එපාවන යම් යම් දෑ සිදුවන නිසාත් ආත්ම විශ්වාසයෙන් යුතුව ඉගෙනීම් කටයුතුවල නිරත වන්න. ධාරණ ශක්තීන්් දුබල වීම, ලෞකික සැපයන්ට සිත් ඇදී යාම නිසාත් ඉගෙනිම් අඩාළ වේ.


ඔබට මෙම වසර තුළ දී තම අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා මිල මුදල් ලැබුණත්, වියදම් පස ද ඒ අයුරින්ම ගෙන දේ. එමනිසා අනවශ්‍ය වියදම් ඇතිවන වැඩවල නිරත නොවන්න, නැතහොත් හදිසි මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට ණය ගනුදෙනුවල ද පැටලීමට වුවත් සිදුවේ. ගනුදෙනුවල දී හා මුදල් පරිහරණයේ  දී වඩාත් කල්පනාකාරී විය යුතු වසරකි. ඔබ මෙම වසරේ දී ණය ගැනීම් සිිට්ටු දැමීම්, ඇපවීම් නොකළ යුතුය. ඒවායින් ප‍්‍රශ්න ඇති කෙරේ. තමා සතු දෑ විකුණා දමා ආර්ථික දුෂ්කරතාවන් මගහැර ගැනීමටත් සිදුවේ. එසේම මුදල් පරිහරණයේ දී වසර පුරාම ඔබ සකසුරුවම් වන්න. 

 


පේ‍්‍රමය සහ විවාහ දිවිය


විවාහය



අදහස් (0)

උදාවන නව වසර ඔබේ ලග්නයට කොහොමද?

යසිරු Thursday, 31 December 2015 01:55 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 379 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 89 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 694 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 317 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 138 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 347 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site