ඇහැල මල උතුරු මැද පළාත් පුෂ්පයයි. ඇසළ සමයේදී මල් පිපේ. හරිම ශාන්තය. සුන්දරය. කැසියා ෆිස්ටුලා නමින් උද්භිද විද්‍යාත්මකව හඳුන්වන මෙය රනිල කුලයේ ශාකයකි. ’ෂවර්ස් ඔෆ් ගොල්ඞ්’ නමින් ඉංගී්රසි බසින් හඳුන්වන ඇහැල ශාකය දෙමළ බසින් ’අප්පායි, තිරුක්කොනායි, කවානි’ සහ ’කොන්නි’ යන නම් වලින ්ද හැඳින්වේ. මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. වන පොත්ත අළු පැහැයට හුරු දුඹුරු පැහැයක් ගනී හැම වසරකම පෙබරවාරි සමයේ මල් හටගැනීම ඇරැඹේ මල් සියල්ල හැලී යන්නේ අගෝස්තු මාසයේදී ය. දීප්තිමත් කහ පැහයකින් යුතු දිග කිනිත්තක් ලෙස සැකසුණු පුෂ්ප මංජරියක් හෙවත් පොකුරු වශයෙන් එල්ලා වැටේ.. ගස පුරාම මල් හටගනනා බැවින් මල් පිපෙන සමයේ සම්පූර්ණ ගසම කහ පැහැයකින් අතිශය චමත්කාර ජනක දර්ශනයක මතු කරයි් . ශී‍්‍ර ලංකාවේ වියළි කලාපයේ හොඳින් වැවෙන මෙම ශාකය ඉන්දියාව, මලයාසියාව, චීනය, ජාවා සහ පිලිපීනය යන රටවලද දැකිය හැකියි.. ලෙස උද්‍යාන හා නගර අලංකාරකිරීමට යොදා ගනී ඇහැල ශාකය ඖෂධීය වටිනාකමකින් ද යුතුය. මෙහි පොතු සහ මුල් නියුමෝනියාව, හදවත් රෝග, උණ රෝග වැනි රෝග සඳහා යොදන ඖෂධයක් ලෙස ප්‍රයෝජනයට ගනී. මුල් සහ කරල් විරේක ඖෂධ ලෙසද යොදා ගනී. දැව ඉතාමත් ශක්තිමතය.. ඇහළ ගස වරිච්චි බිත්ති සෑදීමට ද ගනී. දළදා මාළිගාවේ බිත්ති සඳහාද මෙම ශාඛයේ දැව යොදාගෙන ඇත.
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව
“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය
අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව
අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය
මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උතුරු මැද පළාත් පුෂ්පය - ඇසළ
ලෝහිත Thursday, 19 November 2015 05:32 AM
මම කැමතිම පාට කහ. ඇහැළ ගහේ මල් පිපුනම කහ පාට සිවුරක් පොරවන් වගේ. (බ)
නිත්‍යා Saturday, 05 January 2013 02:04 PM
ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි (ස)