රටේ ආගමික එක්සත් බව සහ සංහිඳියාව අනතුරට ලක්වන අයුරින් ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා කළ ප්‍රකාශය හෙළා දකින බවත් එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් කතෝලික සභාව පසුගියදා ප්‍රකාශ කර තිබිණි. ආගමික සංහිඳියාවට හානිවන අයුරින් බුදු දහම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ බවට චෝදනා ලැබ සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු යන අයගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝගයක් නිකුත් කර ඇති පසුබිමක කතෝලික සභාවෙන් මෙවැනි නිවේදනයක් නිකුත් කර තිබීම වඩාත් වැදගත් බව පෙන්වා දිය යුතුය.
බුදු දහමට නිගාවන අයුරින් සහ ආගමික සංහිඳියාව බිඳලන අයුරින් වගකීම් විරහිත හිතලු ප්‍රකාශයක් කළ මෙම දේවගැතිවරයාගේ එම ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ යුතු බැවින් විදෙස් ගමන් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කර තිබූ ඉල්ලීමේ සඳහන් වී තිබිණි. මේ ප්‍රකාශය හේතුවෙන් ආගමික ගැටුම් නිර්මාණය වී සංහිඳියාවට බලපෑමක් සිදුවිය හැකි බවට පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි ද දෙපාර්තමේන්තුව සිය ඉල්ලීමේ සඳහන් කර තිබේ.
ජෙරම් ප්‍රනාන්දු නැමැති දේවගැතිවරයා මේ රටේ ආන්දෝලනාත්මක ප්‍රකාශ ගණනාවක් පසුගිය කාලය තුළ සිදු කළේය. ඔහුගේ ආගමික විශ්වාසයන් පිළිබඳ දැඩි භක්තියකින් ක්‍රියා කරන පිරිසක් මේ රට තුළ සිටින බව සත්‍යයක් විය හැකිය. එහෙත් එසේ වූ පමණින් සෙසු ආගම්වලට සහ ඇඳහීම්වලට අපහාසාත්මක විය හැකි ප්‍රකාශ නිකුත් කිරීමට ඔහුට කිසිවකුත් වරමක් ලබා දී නැත. තමන් කෙරෙහි යම් පිරිස් වඩාත් ආකර්ශනය කර ගැනීමේ චේතනාවෙන් ඔහු මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ නම් ඒවායේ අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව ද ඔහු දැනුවත්ව සිටීම අවශ්‍යය.
ආගමික මතගැටුම් මහත් ව්‍යසනකාරී සිදුවීම් බවට පත්වීමට ගත වන්නේ ඉතා සුළු කාලයකි. මේ බව දැන දැනම ජනතාව ප්‍රකෝප කර කිසියම් අරමුණක් ඉටුකර ගැනීමට මෙවැනි ප්‍රකාශ ඔහු යොදවා ගන්නේදැයි සොයා බැලීම ද අවශ්‍ය යැයි අපි සිතමු. එවැනි කුමන්ත්‍රණකාරී වැඩවලට සංවිධානාත්මක ලෙස මුදල් පොම්ප කරන විවිධ අන්තවාදී සංවිධාන ලොව පුරා විසිරී සිටී. ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ද එවැනි සංවිධානයක අතකොලුවක් වශයෙන් ක්‍රියා කරන්නේ ද යන්නත් සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන බවටත් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සඳහන් කර තිබේ. ඒ සමඟ සෑම තැනැත්තකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂා කර දී තිබේ. එසේ වුව ද වෙනත් කිසිදු ආගමකට හෝ ඇදහීමකට, ලබ්ධියකට හෝ විශ්වාසයකට එරෙහිව පහර ගැසීමට කිසිවකුටත් ඉඩක් නැත. යම් කිසිවකු එසේ කරන්නේ නම් එය ලාබ ප්‍රචාරක උපක්‍රමයක් බව පෙන්වා දිය යුතුය. සැබෑ ආගමික නායකයෝ කිසි කලෙකත් එවැනි උපක්‍රම යොදා නොගනිති.
ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා මීට පෙර සිදු කළ ඇතැම් ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් රට තුළ දැඩි විවේචන එල්ල විය. ඔහුට එරෙහිව ඇතැම් විදෙස් මාධ්‍ය හරහා ද විවිධ චෝදනා එල්ල වී තිබීම ද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. එම චෝදනා සම්බන්ධයෙන් සොයා බලා මොහු කිසියම් අන්තවා දී සංවිධානයක හෝ සංවිධානවල රූකඩයක් වශයෙන් ක්‍රියා කරන්නෙක් ද යන්න පැහැදිලි කර ගැනීම ද අවශ්‍යය. එවැනි බලවේගවලට හිස එසවීමට කිසිසේත් ඉඩක් තැබිය යුතු නැත. නීති මාර්ගයෙන් හැකි ඉහළම ක්‍රියා මාර්ග ගැනීම අවශ්‍යය.
තවත් සමහරුන් මෙවැනි ආගමික මතවාද කරපින්නා ගනිමින් සෙසු ආගම්වලට පහර ගසන්නේ ඒවායින් ලැබෙන විශාල ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂාවෙනි. ඇතැම් බටහිර රටවල්වල ඇති සංවිධාන මෙවැනි පුද්ගලයන්ට මුදල් පොම්ප කරන්නේ ඩොලර් මිලියන ගණනනි. රටක ආගමික සංහිඳියාව නැති කිරීමෙන් එවැනි සංවිධාන වෙනත් අරමුණු ඉටුකර ගන්නා බව ද සඳහන් වෙයි. එවැනි ක්‍රියාකාරකම්වලට ලංකාව කෙළිබිමක් කර ගැනීමට ඉඩ නොදිය යුතුය. දේවගැති වේශයෙන් පැමිණියත් එවැනි පිල්ලිවල සැබෑ අරමුණු හෙළිදරව් කිරීමට පැකිලිය යුතු නැත.
ආගමික විශ්වාසයන්ට අපහාස සිදුවන ආකාරයේ සියලු ක්‍රියාකාරකම් වැළැක්වීමට දැඩි පියවර ගැනීමට කාලය එළඹ තිබෙන බව ජෙරම් දේවගැතිවරයාගේ ක්‍රියාව රටටම පැහැදිලි කර දී තිබේ.
(***)
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව
“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය
අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව
අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය
මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ආගම්වලට අපහාස කිරීම මිනිසා මිනිසාට නිගා කිරීමක්
DISANAYAKA Tuesday, 23 May 2023 08:19 AM
බුද්ධ දර්ශණ ක්‍රමය ගැන සිතනවිට මෙය සරල කාරණයකි. ඔහු මිනිසුන්ට ඉගැන්වූයේ අඩු දැනුමක් ඇති මිනිසුන්ට බනින්න නොවේ. එවැනි අය මෝඩයින් බවත් ඔවුන් තවත් ඉගෙනගත යුතු බවත් ඔහු පැහැදිලි කළේය. පරිණත මිනිසුන් එවැනි මෝඩයින්ට ඉගැන්විය යුතු අතර බාලයන් ලෙස සැලකිය යුතුයි.