IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අපරාධ මඬින්න එල්ලූම් ගහ ගේන්න

එල්ලූම් ගස කි‍්‍රයාත්මක කිරීමට තිබූ ප‍්‍රධානම බාධකය වූයේ, අලූගෝසු තනතුර පුරප්පාඩු වීමයි. දැන් ඒ බාධකය මග හරවා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හැකිවී තිබේ. වැලිකඩ හා බෝගම්බර බන්ධනාගාර දෙකේ මෙතෙක් පැවැති අලූගෝසු තනතුරු දෙක සඳහා පුද්ගලයන් දෙදෙනකු පත් කිරීමට සියල්ල සූදානම්ය. එල්ලා මැරීම සඳහා භාවිත කරන අඩි 30ක් දිග අඟලක ඝනකම ඇති විශේෂිත වර්ගයේ කඹ දෙකක් පාකිස්ථානයෙන් ආනයනය කර ඇත.

 

ජනමතය

මීට අමතරව එල්ලූම් ගසද පිළිසකර කර ඇත. දැන් එල්ලූම්ගස සූදානම්ය. එල්ලා මැරීම කි‍්‍රයාත්මක කිරීමට බාධා නැත. දැන් මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීම යළි අත්හිටුවා ඇත. එහෙත් රටේ අපරාධ ප‍්‍රමාණය එන්න එන්නම වැඩිවෙමින් පවතී. මිනීමැරුම්, මත්කුඩු ආදී වශයෙන් රටේ ජනතාවට හානිකර ලෙස හැසිරී අධිකරණයෙන් මරණ දඬුවම නියම වූවන්ට, එම දඬුවම කි‍්‍රයාත්මක නොවීම නිසා රටේ අපරාධ එන්න එන්නම වැඩිවෙන තත්ත්වයක් පවතී. මේ වනවිට මරණ දඬුවම නියමවී සිටින 357 දෙනෙක් බන්ධනාගාරවල සිටිති. මොවුන්ට මරණ දඬුවම හෝ පොදු සමාව ලබාදීම සඳහා ද යෝජනා ඉදිරිපත්වී ඇතත්, මෙතෙක් පැහැදිලි තීන්දුවකට එළඹී නැති තත්ත්වයක් පවතී. මරණ දඬුවම හිමිවූ පුද්ගලයාගේ යහපත් කල් කි‍්‍රයාව මත ඔහුගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවම බවට පත් වෙයි. වසර 20ක කාලයේ ඔහුගේ කල්කි‍්‍රයාව හා එවැනි අයට නීතිය ලිහිල් වීමත් සමග දඬුවම ඉවත් වන අවස්ථාවන් ඇති බවද වාර්තා වේ. මෙහිදී පුද්ගලයකුගේ ජීවිතය බේරීම පිළිබඳව කිසිදු විරෝධයක් නොදක්වමු. එහෙත් වැරැද්දට දඬුවම නොමැති කමින්, තව තවත් පුද්ගලයන් වැරදි කිරීමට පෙළඹීම බරපතල සමාජ ප‍්‍රශ්නයකි. එබැවින් මරණ දඬුවම කි‍්‍රයාත්මක විය යුතු බව අද පොදු සමාජ මතයක් වී ඇත. මරණ දඬුවම කි‍්‍රයාත්මක විය යුතුද. අප ඒ පිළිබඳව කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණී ආචාර්ය වසන්තා සුබසිංහ මහත්මියගෙන් විමසුවෙමි.

 

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණී ආචාර්ය වසන්තා සුබසිංහ

නීති විරෝධි හා සමාජ විරෝධි හැසිරීම පාලනය කිරීම සඳහා දඬුවම කි‍්‍රයාත්මක කරනු ලබයි. රටේ බලවත් අපරාධ ප‍්‍රධාන වශයෙන් දෙකකට වෙන් කළ හැකිය. එනම් සංවිධානාත්මක අපරාධ හා ක්‍ෂණික අපරාධ වශයෙනි. වෘත්තීය අපරාධ, මහා පරිමාණ ව්‍යාපාරිකයන් කරන අපරාධ, පාතාල කල්ලිවලින් සිදුවන අපරාධ, සංවිධානාත්මක අපරාධ ඝනයට අයත් වේ. සුදු කරපටි අපරාධ වශයෙන්ද මේවායේ ඇතැම් අපරාධ හඳුන්වයි. දෙවැන්න ක්ෂණික අපරාධයි. ක්ෂණිකව, ආවේගශීලීව සිදුවන අපරාධ මේ වර්ගයට අයත් වෙයි. අද අපේ රටේ සිදු කෙරෙන වරදේ බරපතලකම පිළිබඳව දැනීමක් ඇති නොවන තත්ත්වයක් ඇත. වරද එක් පුද්ගලයකුට මුදා හැරියත් එහි පිරිහීම සමස්ත සමාජයටම මුදා හැරේ. දඬුවමේ ස්වභාවය පුද්ගල වැරදි පාලනයට ප‍්‍රමාණවත් නොමැති තත්ත්වයක් පවතී. දඬුවම ජනතාවට නිසි පරිදි නොදැනෙන නිසා වැරදි කිරීමට පෙළඹීමත්, වැරදි සිදු කිරීමත් වෙයි. ඇපදීම, සිරගත කිරීම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම අපරාධ මැඩලීමට ප‍්‍රමාණවත් නොවෙන තත්ත්වයක් පවතී. මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව කතිකාවතක් තිබුණත් එය කි‍්‍රයාත්මක වී නැත. දඬුවම කි‍්‍රයාත්මක විය යුත්තේ වැරදිකරුවන්ට දඬුවමක් වශයෙන් හා වැරැද්දට ජනතාව තුළ බිය ඇති කිරීමයි.

 

විශ‍්‍රාමික පොලිස් අධිකාරි නිමල් රත්නායක

ඉන්දියාවේ මුම්බායි නගරයේ ස්ත‍්‍රී දුෂණ ඉහළ ගිය කාලයක් පැවැතිණි. පොලිසියටත් එය නතර කළ නොහැකි විය. එවිට ජනාධිපති අබ්දුල් කලාම් ස්ත‍්‍රී දුෂකයන්ට මරණ දඬුවම පැමිණවීමේ දැඩි තීරණයට එළඹී සිටියේය. ඒ අනුව ස්ත‍්‍රී දුෂණය පිළිබඳව වරදකරුවන් දෙදෙනකුට මරණ දඬුවම ලබා දුනි. ඒ කාලයේ මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීම සඳහා අලූගෝසුවකු නොසිටි නිසා විශ‍්‍රාම ලබා සිටි මුස්ලිම් ජාතික අලූගෝසුවකු කැඳවා මරණ දඬුවම කි‍්‍රයාත්මක කළා. එම සිදුවීමෙන් පසු මුම්බායි නගරයේ ස්ත‍්‍රී දුෂණ අඩුවී තිබුණා. අපේ රටේ සිදුවන මිනීමැරුම් හා අපරාධ ප‍්‍රමාණයෙන් ඉහළ යමින් පවතින්නේ දඬුවම පිළිබඳ බියක් නොමැති නිසයි. මරණ දඬුවම ලබාදීම පිළිබඳව ආගමික විරෝධයක් ඇතිවිය නොහැකියි. මුස්ලිම් ජාතිකයන්ගේ රාමසාන් උත්සව කාලයේ දී ගියවර පොලිස් නිලධාරියෙක් ඝාතනය කෙරුණා. මෙවර පියා තම පුතා ඝාතනය කර තිබුණා. ඝාතන සිදුවීමට ආගමික වශයෙන් විශේෂ වැදගත්කමක් ඇති කාලවල බලපෑමක් නැහැ. එබැවින් මේ රටේ අපරාධ මර්දනය කිරීමට නම් මරණ දඬුවම කි‍්‍රයාත්මක කළ යුතුයි. 2009/2010 වර්ෂවලදී ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලට සම්බන්ධ 40 දෙනකුගේ පාපෝච්ඡුාරණ සටහන් කළා. එයින් 16 දෙනෙක්ම දේශපාලන ඝාතන හා මිනීමැරුම් කළ අය. ඔවුන්ට මිනීමැරුම් චෝදනා කළේ නැහැ. ත‍්‍රස්තවාදී පනත යටතේ ඔවුන්ට චෝදනා ඉදිරිපත් කළා පමණයි. ඝාතකයන්ට, දරුවන් අපයෝජනය කරන්නන්ට, ස්ත‍්‍රී දුෂකයන්ට, මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ට මරණ දඬුවම ලබාදීම අවශ්‍යවෙයි. මේ දඬුවම කි‍්‍රයාත්මක කරන්නේ නම් අපරාධ අඩුවනු නොඅනුමානයි.

 

ව්‍යාපාරික නිහාල් එදිරිසූරිය

රටේ සිදුවන අපරාධ රැල්ල අනුව මරණ දඬුවම කි‍්‍රයාත්මක කළ යුතුමයි. නමුත් ඒ සැබෑ අපරාධකරුවන් සඳහා විය යුතුයි. අද බොහෝ විට සිදුවන්නේ සැබෑ වැරදිකරුවන් නීතියට හසු නොවීමයි. බලපුළුවන්කාරයන් බොහෝ විට අසරණයන් බිල්ලට දෙන අවස්ථා ඇති බව නොරහසක්. එබැවින් සැබෑ අපරාධකරුවන් සඳහා මරණ දඬුවම කි‍්‍රයාත්මක විය යුතුයි. අද දිනපතා පුවත්පතක් කියවීමේදී මිනිස් ඝාතන අඩුම වශයෙන් තුන හතරක් සිදුවන වාර්තා දක්නට ලැබෙයි. මරණ දඬුවම කි‍්‍රයාත්මක වන්නේ නම් පුද්ගලයන් වැරදි කිරීමට බියක් ඇති කර ගනී. අපරාධ අඩුවීමට එය හේතුවක් වනු ඇත.

 

නීතිඥ චින්තක විජේසූරිය

මැද පෙරදිග යන අපේ ජනතාව ඒ රටේදී වැරදිකරුවන් වන්නේ ඉතාම අඩුවෙනි. එයට හේතුව ඒ රටේ වැරදිවලට දෙන දඬුවම් බොහොම බරපතලයි. මේ රටේදි අධික ලෙස මත්පැන් පාවිච්චි කරන අය මැදපෙරදිග ගිය විට, ඒ රටේ නීතියෙන්ම මත්පැන් පාවිච්චිය නතර කරනවා. ඒ දඬුවමට ඇති බිය නිසයි. නමුත් මේ රටේ නීතිය පිළිබඳව ජනතාව තුළ බියක් සැකයක් නැහැ. හොඳම උදාහරණය රේගු අධිකාරිවරයකු ඝාතනය කිරීමේ සිද්ධියට මරණ දඬුවම නියම වූ චූදිතයන් උසාවියෙන් පිටතට ආවේ සිනාසෙමින්. එයට හේතුව ඔවුන් තුළ දඬුවම පිළිබඳව බියක් නොවීමයි. දඬුවමට බිය නම් වැරදිකරනවා අඩුයි. අපේ රටේ අද අපරාධ වැඩියි. දරුණු අපරාධකරුවන්ට මරණ දඬුවම කි‍්‍රයාත්මක කරන්නේ නම් දරුණු අපරාධ කිරීමේ පාලනයක් ඇතිවෙනවා.
දයාසීලි ලියනගේ



අදහස් (0)

අපරාධ මඬින්න එල්ලූම් ගහ ගේන්න

දර්ශන් Monday, 10 September 2012 01:18 PM

තව කල්දාන්න එපා. වැ‍‍ඩේ පටන්ගමු .සුභ අනාගතයක්...(ස)

:       0       0

අජිත් Thursday, 13 September 2012 12:40 AM

ඵල්ලුම් ගහ ඉක්මනින් පටන්ගන්න. මම පඩි නැතිව ඵනවා. මුන්ටික ඵල්ලන්න. (නි)

:       0       66

මද්දුම Sunday, 09 September 2012 02:49 PM

අන්න හොද වැඩක්

:       0       0

සජීව Monday, 10 September 2012 06:30 AM

ජනාධිපතිතුමනි, මෙය ක්‍රියාත්මක කරන්න. ඔබට පවක් නැත. රටට හොදක් වනු ඇත. (නි)

:       0       0

ජීවා Friday, 14 September 2012 12:26 AM

එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීමට අළුගෝසුවෙකු නැති බව කීම අමූලික බොරුවක්. ඔතන ප්‍රශ්නය තියෙන්නෙ උසාවියේදී නඩුකාර උන්නාන්සෙ තීන්දු කරන මරණ දඬුවම අවසානයට යන්නෙ ඉන්න ජනාධිපති ගාවට. අපේ ජනධිපතිවරු කිසි කෙනෙක් කැමතිවෙන්නෙ නැහැ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න. ඒ නිසා ඕක කවදාවත් සිද්දවෙන්නෙ නැහැ. ඒ නිසා කරන්න තියෙන්නෙ මරණ දඬුවම නියම කරන නඩුකාර උන්නාන්සෙම ඒ මොහොතෙම අවසන් තීන්දුවට අත්සන් කිරීමට හැකිවන ලෙස ව්‍යස්ථාව වෙනස් කිරීමයි. (නි)

:       0       0

වීරේ Sunday, 16 September 2012 04:46 AM

ඉන්නවා එල්ලන්න ඕන කිප දෙනෙක්ම. සැප විද විද ගෙවල්වල තවම..!!(නු)

:       0       0

දයා - සෞදි Sunday, 09 September 2012 04:15 PM

මොකෙක් හරි කමක් නෑ එල්ලලා බලන්න.රටේ අපරාධ අඩුවෙනවා සිකුරුයි. (ස)

:       0       0

දමිත් Tuesday, 11 September 2012 03:48 PM

සිද්ධ වෙන අපරාධ දිහා බලන් ඉන්න දුකයි. ඉක්මනට අපරාධකරුවන් එල්ලන්න..පවක් වෙන්නේ නෑ පිනක් මිසක්.. (ස)

:       0       0

සුමනා මානවඩු Thursday, 13 September 2012 07:18 PM

පළමුවෙන්ම උසාවියෙන් මරණීය දඩුවමකට නියම කරන නෙකෙකුට සමාවදීමට රජ්‍ය නායකයාට තියෙන බලය අහෝසි කළ යුතුයි.. සමාව දීමට බලය දිය යුත්තේ අගතියට පත්වූ අයගේ ළගම ඥාතියෙකුට පමණයි. සෞදි අරාබියේ දි මරණ දඩුවමට නියමවූ රිසානාට නිදහස දීමට සෞදි රජතුමාටවත් බලයක් නොමැත. ඒ අයුරින් මේ රටේද මරණීය දඩුවම ක්‍රියාත්මක කළ යුතුයි..!!(නු)

:       0       0

හර්ෂණ Monday, 10 September 2012 02:51 PM

මම නම් කියන්නේ හා කියන අය ඉස්සෙල්ල එල්ලන්න ඕනේ (දී)

:       0       0

චන්ද්‍රකාන්ති Sunday, 13 January 2013 04:55 PM

ළමා අපයෝජකයන් හා ස්ත්‍රී දූෂකයන් එල්ලා මැරිය යුත්තේ කාන්තා අලුගෝසුවකු විසිනුයි. (නි)

:       0       0

ඉන්දිකා Saturday, 15 September 2012 05:25 PM

මමත් මේ බඩුමිල දැකලා එල්ලෙන්න තමයි හිතාගෙන ඉන්නෙ..!!(නු)

:       0       0

සුගත් Friday, 14 September 2012 08:08 PM

වැඩක් වෙයිද. මම නම් හිතන්නේ නැහැ (දී)

:       0       0

වෙනුර Wednesday, 12 September 2012 12:14 AM

කළ යුතුම දෙයක් වගේම කවදාවත්ම සිද්ධ වෙන දෙයකුත් නෙමෙයි. (නි)

:       0       0

නිරොශාන් Friday, 14 September 2012 02:31 PM

එල්ලුම් ගහ ක්‍රියාත්මක කලයුතුයි,දැනට එල්ලන්න ඉන්න අපරදකාරයෝ එක එක්කෙනා එල්ලෙනකොට රටේ අනිත් වැරදි කරන අය ඉබේම අඩුවේ..ජීවා,ඔයාගේ අදහස හරි.නැතිනම් ප්‍රධාන අපරාදකාරයෝ නීතියෙන් සැහැල්ලුවට පැනයනවා.......(ස)

:       0       0

අසිත Monday, 10 September 2012 03:56 PM

යන්නේ කොහේද මල්ලේ පොල් වගෙයිනේ. (නි)

:       0       0

මාලා Sunday, 13 January 2013 08:58 AM

නඩුකාරයා තීන්දුව දෙන මොහොතෙම දිනෙත් දෙනවා නම් ප්‍රශ්නෙ ඉවරයි. සුමනාගෙ කතාව ඇත්ත. (නි)

:       0       0

ප්‍රභාත් Monday, 10 September 2012 10:56 AM

රටේ සාමය ඇති කිරීමට නම් මෙවැනි දෑ කළයුතුයි (නි)

:       0       0

සහන් දසනායක Saturday, 15 September 2012 07:20 PM

මමත් කැමතියි අලුගෝසු තනතුර භාරගන්න..!(නු)

:       0       0

සුගත් .සෞදි Friday, 14 September 2012 08:55 PM

එල්ලුම් ගහ ක්‍රියාක්මක කල යුතුමයි iiiiiiii (දී)

:       0       0

සේනාධීර Monday, 10 September 2012 04:04 PM

අනේ හර්ෂණ මහත්තයෝ මෝඩ කතා කියන්න එපා. එල්ලුම් ගහට යවන්නේ බරපතල අපරාද කාරයෝනේ..(ස)

:       0       0

බණ්ඩාර Wednesday, 12 September 2012 03:23 AM

එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවා නම් පඩි නැතුව අළුගෝසු වැඩේ කරන්න මම සූදානම්. (නි)

:       0       0

ප්‍රදීප් Friday, 14 September 2012 09:55 AM

අජිත් මහතාණෙනි, මමත් ඔබ සමග එක්වීමට කැමැත්තෙමි. (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 11 September 2012 12:05 AM

රට එක්සේසත් කළ ලෙසම මේ වැඩේටත් බලධාරියෙක් පත් කරලා එය ක්‍රියාත්මක කරන්න. ඔබට චිරං ජයතු! (නි)

:       0       0

සම්පත් Monday, 10 September 2012 05:09 PM

මමනම් කැමතියි. ඔයගොල්ලෝ මොකද හිතන්නේ (දී)

:       0       0

රජ Monday, 10 September 2012 05:07 PM

එල්ලුම් ගහනන් ක්‍රියාත්මක කරන්න ඕනෙ. අපරාද ටිකක්හරි අඩුවෙනව ස්ථිරයි (දී)

:       0       0

ජයසිරි Monday, 10 September 2012 05:30 PM

හොද තීරණයක් (දී)

:       0       0

ලක්ෂ්මන් Monday, 10 September 2012 05:43 PM

මමනම් එකගයි වැඩේට (දී)

:       0       0

සමන් Tuesday, 11 September 2012 06:48 AM

මම හිතන්නේ හර්ෂණගේ කවුරු හරි මරණ දඩුවමට නියම වෙලා ඇති. නැත්නම් එයා මොකද එහෙම කියන්නේ.. (ස)

:       0       0

සමන් Tuesday, 11 September 2012 06:49 AM

එල්ලුම් ගහ ගෙනාවා කියලා අපරාධ අඩු වෙන්නේ නැහැ. මිනිසුන් මානසිකව තැන්පත් වීමයි විය යුත්තේ. (නි)

:       0       0

අනුර ශාන්ත Friday, 14 September 2012 11:18 AM

ජීවා, ඔයාගේ අදහස හරියටම හරි වුණත්, එහෙම වුණත් ගොඩක් කට්ටියට වැඩ වරදිනවා. (නි)

:       0       0

ස්ටැන්ලි Monday, 10 September 2012 12:58 PM

මෙය ඒකමතිකව ක්‍රියාත්මක කළ යුතුයි (අ)

:       0       0

මොහංඅද් Saturday, 15 September 2012 10:14 PM

ගෙන්න කියන කට්ටියම ඉස්සෙල්ල එල්ලිලා බලන්න (දී)

:       0       0

අජිත් Monday, 10 September 2012 06:30 PM

ඕකෙන් පුළුවන් වෙයිද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 287 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 67 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 631 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 300 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 125 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 336 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site