IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අපට අද මාධ්‍ය නෑ: අපි මිනිස් එෆ් එම් බළකායක් හැදුවා

ඔහු නමින් මංගල සමරවීරය. එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර වරයකුව සිටින ඔහු එකල හැඳින්වුනේ රජුන් තනන්නා ලෙසය. සන්නිවේදන බළකායක්ද ගොඩනගමින් ඔහු අද සැලසුම් කරමින් සිටින්නේ ඒ හැකියාව එජාපය තුළ කි‍්‍රයාත්මක කිරීමය. මේ ඒ සම්බන්ධයෙන් ඔහු සමග කළ සාකච්ඡාවකි. 


ප‍්‍රශ්නය - දේශපාලනයේ රජුන් තනන්නකු ලෙස විරුදාවලි ලත් ඔබට ඔබව දැනෙන්නේ කොහොමද?
පිළිතුර  - රජුන් තනන්නෙකු විදියට මම මාව දකින්නේ නෑ. විශේෂයෙන්ම මම විශ්වාස කරන යම් දේශපාලන මූල ධර්මයන් අනුව 1989 න් පසුව මේ රටේ දේශපාලන ගමන් මාර්ගයට යම් බලපෑමක් කරන්න මට පුළුවන් වුණා කියලා මම හිතනවා. හැබැයි ඒ හැම බලපෑමක්ම හරි ගියෙත් නෑ. ඇත්ත වශයෙන්ම 2009 දි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධාන සම්බන්ධීකාරක හැටියට පට්ටමකුත් දීලා එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් රාජපක්ෂ භූමිකාව රඟපාන බහුතරයක් මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට වැඩ නොකරන එරෙහිව වැඩ කරන අවස්ථාවක පක්ෂය ගැන හිතලා මම එදා නැවත වතාවක් එතුමාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. නමුත් අද ඒ කාර්ය භාරය දිහා මම බලන්නේ බොහොම කනගාටුවෙන් හා කලකිරීමෙන්. විශේෂයෙන්ම අද මේ රට තියෙන තත්ත්වය යටතේ මම මේ රටත් මේ රටේ දේශපාලන ගමන් මාර්ගයටත් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයටත් කළේ විශාල හානියක් කියලා මම මගේ හදවතට එකඟව කියනවා. අද මේ රට වැටී තිබෙන මාර්ගයට මේ අගාධයට මාත් වගකිව යුතුයි කියලා මම හිතනවා. අපේ දෙමාපියෝ ගුරුවරු අපට කියලා දීලා තියෙන්නේ වැරැද්දක් වුණොත් ඒක පිළි අරගෙන නිවැරැදි වෙන්න කියලා. ඒ නිසා මමත් 2005 දී කරගත්ත ඒ මහා පාප කර්මය නිවැරැදි කරන්න මට කරන්න පුළුවන් හැම දෙයක්ම කරමින් මේ රාජපක්ෂ පාලනය හැකිතාක් ඉක්මනට අවසන් කරන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න සූදානම්.

 


ප‍්‍රශ්නය - එදා මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට ජනාධිපති අපේක්ෂකත්වය දුන්නේ නොදී බැරි තැනයි. උග‍්‍ර චන්ද්‍රිකාවාදියෙක් වුණු ඔබ කොහොමද ඒ මොහොතේදී මහින්ද රාජපක්ෂ අගමැතිවරයා වෙනුවෙන් පෙනී හිටියේ. ඒ වෙනුවෙන් බලපාපු හේතු?
පිළිතුර - චන්ද්‍රිකා මැතිනිය මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජනාධිපති අපේක්ෂකත්වය දුන්නේ අකමැත්තෙන් කියන එක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඇත්ත වශයෙන්ම මට තාම මතකයි එදා මධ්‍යම කාරක සභාවේදී ඒ තීන්දුව ගැන සාකච්ඡුාවක් අරගෙන ඒ යෝජනාව ලක්ෂ්මන් කදිර්ගාමර් මැතිතුමා ඉතාමත්ම සංවේදී කතාවක් කරමින් ස්ථිර කරලා මුළු පක්ෂයම ඒකමතිකව තීන්දුව ගත්තේ. මට තාම මතකයි එදා ? චන්ද්‍රිකා මැතිනිය දුරකතනයෙන් කතා කරලා කිව්වා මට ලොකු සැහැල්ලූවක් දැනෙනවා. මම හිතුවේ නෑ මේ කටයුත්ත මේ තරම් සුහදශීලීව කරගන්න පුළුවන් වෙයි කියලා මට හිතුනා මගෙ අම්මත් තාත්තත් එතැනට වෙලා මොනවද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා ඇති කියලා කිව්වා. අන්න ඒ වගේ හැම දෙනාම විශේෂයෙන්ම ජනාධිපතිතුමිය බොහොම කැමැත්තෙන් ඒක දුන්නේ. 

 


ප‍්‍රශ්නය - ජනාධිපතිවරණයේදී ඔබ මහින්ද රාජපක්ෂ ජයග‍්‍රහණය වෙනුවෙන් වැඩ කළත් 2004 දී ඔහුට අගමැතිධුරය දෙද්දි ඔබ විරුද්ධ වුණා?
පිළිතුර - ඔව්! ඒක ඇත්ත! මම අදත් හිතනවා. එදා මම හිතපු විදිය හරියි කියලා. එදා මම හිටියේ ලක්ෂ්මන් කදිර්ගාමර් මැතිතුමා අගමැතිවරයා කළ යුතුයි කියන ස්ථාවරයේ. අවසාන මොහොත දක්වාම ලක්ෂ්මන් කදිර්ගාමර් මැතිතුමා වෙනුවෙන් මට මතකයි. එදා ? 11-12 වෙනකම් අනිත් අය කිසි පැත්තක් ගත්තේ නැතිව බයේ ඉන්දැද්දි මම කථා කළා. නමුත් අවසානයේදී තීන්දුව ගත්තේ විපක්ෂ නායකවරයා අගමැතිවරයා කරන්න  ඕනෑ කියලයි. ඊට පස්සේ මම නිහඬ වුණා. මේ විදියට පක්ෂයක් විදියට එකඟත්වයෙන් ගත්ත තීන්දුව එහෙම ගත්තේ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන. තවත් අලූත් ගමනක් යන්න පුළුවන් වේවි කියන බලාපොරොත්තුව තියාගෙන අවුරුදු 10 ක් 11 ක් අපි නැවත වතාවක් අපි මේ රටේ මානව හිමිකම් සුරක්ෂිත කරලා නැවත වතාවක් මේ රටේ මාධ්‍ය නිදහස ඇති කරලා විනිවිද පෙනෙන ආර්ථිකයක් හදලා තිබුණේ. එහෙම කරලා තිබුණ නිසා අපි හිතුවේ මහින්ද රාජපක්ෂට අපි අවස්ථාව දුන්නේ ඒ ගමන ඉදිරියට යන්න මිසක් පස්සට යන්න නෙවෙයි. නමුත් අද වෙලා තියෙන්නේ මොකද්ද මේ රට යන්නේ පස්සට. නැවතත් අමුම අමු ජාතිවාදය කරා මේ රට ඇදගෙන යනවා. මේ රටේ මානව හිමිකම් විනාශ කරපු දේශයක් හැටියට මේ රට මුළු ජාත්‍යන්තරයම දැන් හඳුන්වනවා. දුෂණය අහසටත් ඉහළින් තියෙන රටක් විදියටයි මුළු ලෝකයම හඳුනාගෙන තියෙන්නේ. ලෝකයේ පිළිගත්ම ආර්ථික සඟරාවක් වන ”ද ඉකිනොමික් සඟරාව” ජනවාරි මාසයේ 2013 වසරේදී දරුවෙක් ඉපදෙනවා නම් වාසනාවන්තම රට හා අවාසනාවන්තම රටවල් තෝරලා තිබුණා. අවාසනාවන්තම රටවල් අතරට අපේ මේ පුංචි ලංකාව පත් කරලා තිබුණා. ආශ්චර්යමත් දේශය අද පත් කරලා තියෙන්නේ එහෙමයි. අද උපදින දරුවකුට අනාගතයක් නැහැයි කියන තැනට රට පත් කරලා ඉවරයි. ණය අරගෙන ණය ගෙවන්න තවත් ණය අරගෙන හෙට දවසේ පඩි ගෙවා ගන්න බැරි තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙනවා. දුප්පත් වුණත් මුළු ලෝකයම ශිෂ්ට සම්පන්න යැයි මුළු ලෝකයම සලකපු ලංකාව දැන් මුගාබේගේ සිම්බාබ්වේටත් වඩා ලෝකයේ කොන්වෙච්ච දේශයක් බවට අද පත්වෙලා තියෙනවා. අද මේ රටට විදේශ ආයෝජකයන් එන්නේ නැති රටක් බවට පත්වෙලා තියෙනවා. නීතියේ ආධිපත්‍ය මුළුමනින්ම බිඳ වැටිච්ච දේශයක් බව අගවිනිසුරුතුමිය ඉවත් කිරීමේ කි‍්‍රයාවලිය හරහා ඔප්පු වෙලා තියෙනවා. කෙටියෙන් කියතොත් අද ලංකාව නිල වශයෙන්ම ඒකාධිපති රාජ්‍යයක් බවට පත්වෙලා තියෙනවා කියන එක කවුරුත් පිළිගන්නවා. මෙබඳු පරිසරයක් ඇතුළේ අපේ හෘද සාක්ෂිය අහන ප‍්‍රශ්නයක් තමයි අපි මෙච්චර මහන්සි වුණේ මේ රට මේ තත්ත්වයට පත් කරන්නද කියලා. ඇත්ත කතාව තමයි රාජපක්ෂ පවුලේ ඒකාධිපති කි‍්‍රයාපිළිවෙත හෙළිවීමත් සමග මේ රජයේ බැරිකම, නොහැකියාව වංචාව දුෂණය කියන එක මේ රටේ ජනතාවටත් ලෝකයටත් හෙළිදරව් වෙමින් පවතිනවා. ඇත්තම කියනවා නම් මම මේ ලොකු කමට කියනවා නොවෙයි මේ පාලනය ඇති කරන්න බොක්කෙන්ම වැඩ කරපු පුද්ගලයෙක් හැටියට මේ ජරා ආණ්ඩුව ගෙදර යවන්න එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් වෙලා පක්ෂ නායකතුමා සමග එකතුවෙලා අවශ්‍ය සටන කරන්න සූදානම්.

 


ප‍්‍රශ්නය - මම ඔබෙන් ඍජු පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඔබ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් බිඳෙන්නේ ඔබ අගමැතිකම බලාපොරොත්තුවෙන් හිටියා. ඒක නොලැබුණ නිසා නේද?
පිළිතුර - පට්ටපල් බොරුවක් අගමැතිකම මම බලාපොරොත්තුවෙන් හිටියෙත් නෑ. ඉල්ලූවෙත් නෑ. ඇත්ත වශයෙන්ම කියනවා නම් මට අගමැති ධුරය ඉල්ලන්න චන්ද්‍රිකා මැතිනියගේ යුගයේදීත් අයිතියක් තිබුණා. මම පක්ෂය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරපු කෙනෙක්. නමුත් මම දන්නවා මගේ තරම. මම දන්නවා මේ හැමදේටම වෙලාවක් තියෙනවා කියලා. ඒ නිසා මම ඔබට මේ කතාව කියන්නම්. මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලැබුණට පස්සෙ කදිර්ගාමර් මැතිතුමා සමග මගේ ගෙදරට ඇවිත් මහින්ද රාජපක්ෂ මැතිතුමා මාව හමුවුණා. කදිර්ගාමර් මැතිතුමා අන්තිමවරට මට හමුවුණෙත් එදා. අපේ ගෙදරදි අපි දෙන්නව හමුවෙන්න මහින්දට  ඕනෑ කිව්වා. මහින්ද ආවා. ඇවිත් අපේ සහාය ඉල්ලූවා. මම කිව්වා පක්ෂ්‍ය පිළිගත්ත අපේක්ෂකයා හැටියට කොන්දේසි විරහිතව සහාය දෙනවා කියලා. මම කිව්වා. එතැනදි මහින්ද රාජපක්ෂ, ලක්ෂ්මන් කදිර්ගාමර්ට කිව්වා ”ලක්ෂ්මන් ඔයාට ලැබෙන්න තිබුණ අගමැතිකම තමයි මම ගත්තේ. ඒත් මම ජනාධිපති වුණාම ඔයා තමයි අගමැති කරන්නේ කියලා. මහින්ද රාජපක්ෂට අතීතය මතකනම්  කියයි ”ඔව්” කියලා. එතැනදි ලක්ෂ්මන් කදිර්ගාමර් මැතිතුමා කිව්වා ”මහින්ද මට දැන් අවුරුදු 72යි. මේ පාර්ලිමේන්තු වාරයෙන් පසුව විශ‍්‍රාම ගන්නයි හිතාගෙන ඉන්නේ. මට තනතුරු  ඕනැ නෑ. මැතිවරණයේදී මම ඔයාට සහාය දෙන්නම්” එහෙම කියලා මගේ දිහා බලලා හිනාවෙලා කිව්වා ”හැබැයි මංගලව ඔයා බලා ගන්න  ඕනෑ” කියලා. එතකොට මහින්ද රාජපක්ෂ කිව්වා ඔව් ඔව් මංගල තමයි මගේ ඊළඟ තෝරා ගැනීම කියලා. දැන් අපි දන්නවා මහින්ද ඒ විදියේ පොරොන්දු හැමෝටම දීලා කියලා කොහොම වුණත් ඒ වෙලාවේ මහින්ද කිව්වා ලක්ෂ්මන් නැත්නම් ඊළඟට අගමැති කරන්නේ මංගල කියලා. ඒ වෙලාවේ මම පැහැදිලිවම කිව්වා මහින්ද මට නම් අගමැතිකමක්  ඕනැ නෑ. මට වඩා සුදුසු අය පක්ෂයේ ඉන්නවා. ඒ නිසා ලක්ෂ්මන් කදිර්ගාමර්  මැතිතුමා අගමැති ධුරය භාරගත්තේ නැත්නම් එතැනදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගෙනියන්න නම් බණ්ඩාරනායකලා මේකේ ඉන්න  ඕනෑ. ඒ නිසා අනුර බණ්ඩාරනායක අගමැති කරන්න  ඕනෑ කියලා. එතැනදි අපි තමයි යෝජනා කළේ නාම යෝජනා භාරදීපු ගමන් අගමැති අනුර බණ්ඩාරනායක කියලා නිවේදනය කරන්න  ඕනෑ කියලා. අනුර කවදාවත් අගමැති වෙන්න ඉල්ලූවෙත් නෑ. නමුත් ඒ කැමැත්ත තිබුණා. ඒ එකඟත්වයෙන් තමයි අපි ගියේ. එතැනදි අගමැති දුරයට මං ගැන කතා වුණේ නෑ.

 


ප‍්‍රශ්නය - හැබැයි එතැනදි අනුරට අගමැති ධුරය ලැබුණෙත් නෑ.
පිළිතුර - අන්තිමේදී  වැඬේ කෙරුණායින් පස්සේ කරපිංචා වගේ අයින් කරනවනේ. ඒ කාලේ අපි ඒ ගැන දැනගෙන හිටියේ නෑ. ජනාධිපති අපේක්ෂකත්වය ගන්න ”ඉයර්ස් මැඩම්, නෝ මැඩම්” කිය කියා හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිනිය ඉස්සරහ පස්සෙන් පස්සට ගිය මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණ හැටියෙම කළේ එතුමියගේ උපන් දිනය දවසෙම එතුමියව පක්ෂ නායකත්වයෙන් එළෙව්වා. ඒ විදියට තමයි අනුරට අගමැතිකම දෙනවා කියලා මුලින්ම කිව්වා. අන්තිමට වුණේ මොකද්ද? මහින්ද යන රැුස්වීම්වල කාල සටහන අනුරට යවන්නේ නෑ. රැුස්වීම්වලට අනුර ආවේ නැති වුණාම කියන්න පටන් ගත්තා මම කොහොමද මෙයාට අගමැතිකම දෙන්නේ මෙයා මගේ රැස්වීම්වලට එන්නෙත් නෑ කියලා. අනුරගෙන් ඇහුවම කියනවා මහින්දව දේශපාලනයට ගෙනාවේ මම මගේ හොඳම මිත‍්‍රයා එයාට බැරිද මට කෝල් කරලා රැුස්වීම් ගැන කියන්න. මම දන්නෙත් නෑ කියලා. මේ වගේ තත්ත්වයක් තමයි තිබුණේ.

 


ප‍්‍රශ්නය - ඔබ මහින්ද රාජපක්ෂගෙන් ඇත්තටම බිඳුණේ ඇයි?
පිළිතුර - මම ඒ ගැන කියන්නම් 2006 වසරේ දෙසැම්බර් 13 වැනිදා මම විදේශ ඇමැතිවරයා හැටියට පිටු 17ක ලිපියක් ලිව්වා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට. මොකද අපි 2005 දී ආණ්ඩුව පටන් ගත්තේ බලාපොරොත්තු රාශියක් ඇතිවයි. අපි පටන් ගත්තේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටපු වීරයා එක්කයි. ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී හිටපු වීරයා එක්කයි. වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප‍්‍රබුද්ධම නායකයෙක් එක්කයි. ප‍්‍රගතිශීලී අදහස් සහිත නායකයෙක් කියන බලාපොරොත්තු ඇතිවයි. අපි එතුමා සමග ගමන පටන් ගත්තේ. 2006 වසරේ මැද වෙනකොට අපිට දැනුණ වෙන පාරක යන්නේ කියලා. ඒවට උදාහරණ තියෙනවා. මම මේවා වෙනම දවසක කියන්නම්. ඒ තරම් බරපතළ දේවල් ඒවා. එහෙම බරපතළ දේවල් මට ඇහුණා. 2006 වසරේදී මම කිව්වා ජී. එස්. පී. සහනය මේ රටට අහිමිවීමේ අවදානමක් තියෙනවා කියලා මුලින්ම කිව්වා. ලෝකයේ සෑම රටක්ම අපිව කොන් කරන තත්ත්වයක් ඇති වුණා. අද වෙමින් තිබෙන දේවල් 2006 වසරේදී මම කිව්වා මේ රටට වෙන්න පුළුවන් කියලා. ඒකට පිළිතුරක් මට ලැබුණේ නෑ. ඒ වෙනුවට මාව විදේශ අමාත්‍ය ධුරයෙන් ඉවත්කළා. 2006 දෙසැම්බර් 13 වැනිදා මම ලියුම යැව්වේ ජනවාරි 27 වැනිදා වෙනකොට විදේශ අමාත්‍ය ධුරය මගෙන් ගත්තා. ඒ වෙනකොට මට පෙනුණ දේ පක්ෂයෙ කීප දෙනෙකුටත් ජවිපෙ සමග මම කිට්ටුවෙන් හිටපු නිසා ඒ අය කීප දෙනෙකුත් ගෙන්වලා මම කිව්වා. මට තව දුරටත් මේ ආණ්ඩුවේ ඉන්න බෑ කියලා. මම විමල් වීරවංශට කියපු දේ මහින්ද රාජපක්ෂට කියපු නිසා මම ඉල්ලා අස්වෙන්න කලින් ඒ අය මාව අස් කළා. බොරු චෝදනා වගයක් මට වැරැදි එල්ල කරලයි මාව අයින් කළේ. ඒකයි. ඇත්ත කතාව

 


ප‍්‍රශ්නය - නමුත් අරලියගහ මන්දිරයට ගිහින් ආප්ප කකා ප‍්‍රශ්නය බේරා ගත්තා නේද?
පිළිතුර - එක එක ඉල්ලීම් ආවා. මට මතකයි අලෙවි මවුලානා ආණ්ඩුකාරතුමා ඇවිත් මාව එක්කරගෙන ගියා. කි‍්‍රකට් මැච් එකක් තිබුණ දවසක. මට දවස මතක නෑ. අරලියගහ මන්දිරයට ගිහින් ආප්ප කකා මැච් එකක් බල බලා. අර සුපුරුදු පරිදි ඉඹලා මම මෙහෙම කරන්නම් අරහෙම කරන්නම් කියලා කිව්වා. ඊට පස්සෙ මම ආවා. දවසක් උදේ වරුවක දිවුරුම් දෙන්න යමු කියලා මවුලානා ආවා. මම කිව්වා මම එහෙම පොරොන්දුවක් වුණේ නෑ. අනික ශ්‍රීපති සූරියාරච්චි ඒ වෙනකොටත් හිරේ. ඒ නිසා මම කිව්වා මට එන්න බෑ කියලා. ඊට පස්සේ තව වතාවක් මගේ මෑණියන් හරහා ඉල්ලීම් කළා. ඒ වෙලාවේ මට මතකයි අපේ මෑණියන් අසනීපයෙන් හිටියේ. මේ ප‍්‍රශ්න නිසා එතුමිය තවත් රෝගී වෙයි කියලා හිතලා එතුමිය කිව්වොත් මම යනවා කියලා හිතුවා. නමුත් ”අම්මා කිව්වේ නෑ, පුතා මට පුතා ගැන හරිම ආඩම්බරයි” කියලා. මට ඒ වචනය ඇති අදටත්. මම දන්නවා මට තනතුරු නැතිවුණාට වාහන නැති වුණාට සියලූම වරප‍්‍රසාද නැතිවුණාට බෝඞ් ලෑලි ඇමැතිකම් නැති වුණාට මම අද හෘදය සාක්ෂියට අනුව බොහොම සතුටෙන් ජීවත් වෙනවා. මටත් ජනතාවටත් දිනෙන් දින තේරෙනවා මම එදා ගත්ත තීරණය හරි කියලා. එදා මට හුඟාක් දොස් කියපු ස්වාමින් වහන්සේ නමක් ඊයේ පෙරේදා හමුවුණා. ආණ්ඩුව දාලා ගියා කියලා ඒ කාලේ මට උන්වහන්සේ හුඟාක් දොස් කිව්වා. උන්වහන්සේ මට කියනවා ”මහත්තයෝ මටත් දැන් තේරෙනවා මහත්තයා ගත්ත තීරණය හරි” කියලා. මේක තමයි පසුබිම.

 


ප‍්‍රශ්නය - නමුත් තියන තියන ඡන්දවලින් ආණ්ඩුව දිනනවනේ. ඔය ඔබ කියන තරම් ප‍්‍රශ්නයක් රටේ ජනතාවට දැනෙන්නේ නෑ.?
පිළිතුර - යුද්ධය දිනලා මේ ආණ්ඩුව තව අවුරුදු පනහකට හැටකට පරාජය කරන්න බෑ කියලා සමහරු කියන කොට ඔයා ආණ්ඩුවේ ඉන්න  ඕනෑ ඔයා ආණ්ඩුවට  ඕනෑ කියලා කියද්දිත් මම එළියට ආවේ මේ ඇත්ත ජනතාවට කියන්න තමයි. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුදුම විදියට ආදරෙයි. නමුත් රාජපක්ෂ පාලනය තියෙන තුරු ඔය පක්ෂයට මම යන්නේ නෑ කියලා මම එදත් කිව්වා. අදත් කිව්වා. හිඟා කෑවත් මම යන්නේ නෑ. මේ වගේ දුර්දාන්ත පාලනයක් ලංකා ඉතිහාසයේම තිබිලා නෑ. කාරණා සහිතව සාක්ෂි ඇතිව මට ඔප්පු කරන්න පුළුවන්.

 


ප‍්‍රශ්නය - ඔබ ආණ්ඩුවෙන් එළියට ඇවිත් යූඑන්පියට බැඳිලා ලොකු වගකීමකුත් අද දරනවා. මේ තුළ පාරම්පරික යූඑන්පී නායකයන් ඔබට එරෙහිව කැරැලි ගැහුවා. ඔබ නිසා යූඑන්පිය ඇතුළේ අර්බුදයක් ඇති වුණා කියලා ඔබ හිතන්නේ නැද්ද?
පිළිතුර -  මම නම් හිතන්නේ නෑ, මම ආව නිසා මේ පක්ෂය තුළ අර්බුදයක් ඇතිවුණා කියලා. විශේෂයෙන්ම ආණ්ඩුවට විවිධ වරප‍්‍රසාද වෙනුවෙන් තනතුරු වෙනුවෙන් මුදලට නැත්නම් තමන්ගේ හොරකම් වංචා දුෂණ වහ ගන්න බලාගෙන යන්න හිටපු සමහර අයනම් මම ආපු එක හේතුවක් විදියට බොරුවට පෙන්වන්න හැදුවා. මම එක්සත් ජාතික පක්ෂයට ආවේ තනතුරු ඉල්ලාගෙන නොවෙයි. පක්ෂයකට එන්න හදනකොට  ඕනෑම කෙනෙක් වැඩිපුර සාකච්ඡා කරන්නේ තමන්ට ලැබෙන පට්ටම් ගැනයි. විපක්ෂයේ ඉඳලා ආණ්ඩුවට යන අයත් ආණ්ඩුවේ ඉඳලා විපක්ෂයට යන අයත් එහෙමයි. එස්.බී. ලා එහෙම ආවේ යූඑන්පියෙන් ජාතික සංවිධායක ධුරය ඉල්ලාගෙන. අන්තිමට එහෙම තනතුරක් හදන්නත් වුණා. ඒත් මම නායකතුමාට කිව්වේ ඔබතුමාට තියෙන ප‍්‍රශ්නවලට මාත් ඇවිත් තව ප‍්‍රශ්න එකතු කරන්න කැමැති නෑ. ඒ නිසා මට නම් කිසිම තනතුරක්  ඕනෙ නෑ. මට පක්ෂය තුළ වැඩ කිරීමේ අයිතිය දෙන්න කියලා. හැබැයි මාතර ආසනයේ සංවිධායක ධුරය නම්  ඕනෑ. වෙන තනතුරු එපා කියලයි මම කිව්වේ. ඒ නිසා මට අද වෙනකම් කිසිම තනතුරක් නෑ. නමුත් මාධ්‍ය ඒකකයේ ප‍්‍රධානියා හැටියට කටයුතු භාරගන්න කියලා මට කිව්වා. ඒක මම බාර ගත්තා. අද ඒක බොහොම සාර්ථක වෙලා තියෙනවා. මම අද සන්නිවේදන බළකායක් හදලා තියෙනවා. ආණ්ඩුවත් පුදුම විදියට බයවෙලා ඉන්නේ ඒ සන්නිවේදන බළකායට.

 


ප‍්‍රශ්නය - එජාප නායකයාට එරෙහිව ප‍්‍රබල මතයක් ගොඩ නගන්න මූලික වූවන් අතර ඔබ ප‍්‍රමුඛයෙක්. ”රනිල්ට බෑ” පෝස්ටරයේ නිර්මාතෘ ඔබයි.  රනිල් වික‍්‍රමසිංහ ‘මිස්ටර් බීන්’ බවට පත් කළේ ඔබයි. ඒ රනිල් අද ඔබේ නායකයා. මොකක්ද මේ වෙස් පෙරැළිය?
පිළිතුර  - කිසිම වෙස් පෙරැළියක් නෑ. මම යූ එන් පියට එනකොට පොඩි බයක් තිබුණා. ඒකයි මම කියන්නේ එජාප නායකතුමාට එරෙහිව ප‍්‍රචාරක කටයුතු මට බාරවෙලා තිබුණ එක  ඇත්ත. අන්තිමට එජාප පාක්‍ෂිකය තේරුම් ගත්තා.  මම මේ යන්න එන්න තැනක් නැතිව එනවා නොවෙයි කියලා. ඒවගේම  පක්‍ෂයේ ඉඳගෙන ආණ්ඩුවක් හදන්න පුළුවන් කෙනෙක් කියලා එජාප පාක්‍ෂිකයා මාව තේරුම් ගත්තා.  ඒ නිසා තමයි මාව ඡන්දයෙන් පවා උඩට එසෙව්වේ.

 

 


 ප‍්‍රශ්නය - මගේ ප‍්‍රශ්නය වුණේ ඔබ රනිල් වික‍්‍රමසිංහට එරෙහිව එල්ල කළේ ඇත්ත නොවෙයි මඩ ප‍්‍රහාරයක්ද කියලයි. 
පිළිතුර -  මම කවදාවත් බොරු කියලා නෑ. කියන්නෙත් නෑ. නමුත් තමන්ගේ දේශපාලන න්‍යාය පත‍්‍රය වෙනුවෙන් යම් යම් මත ඇති කරලා තියෙනවා. අර ඔබ කිව්ව ”රනිල්ට බෑ” කියන පෝස්ටරය ගන්න. රනිල්ට බෑ කියලා එදා ගැහුවේ 1999 දී චන්ද්‍රිකා මැතිනියගේ දෙවැනි ජනාධිපතිවරණයට යන්න සූදානම් වෙච්ච වෙලාවේ. ඒ වෙලාවේ අපි දැක්කා චන්ද්‍රිකා මැතිනියට ප‍්‍රධානම අභියෝගය තමයි රනිල් වික‍්‍රමසිංහ කියලා. අපේ  සමීක්‍ෂණවලින් පෙනෙනවා එතනදී අපි අපේ ශක්තිමත්ම ප‍්‍රතිවාදියාගේ ප‍්‍රතිරූපය බිඳින්න  ඕනෑ එහෙම නැත්නම් ජයග‍්‍රහණය කරා යන්න අමාරුයි. ඒ නිසා තමයි රුපියල් ලක්‍ෂ 50-60ක් වියදම් කරලා ඒ පෝස්ටරය රට පුරා ඇලෙව්වේ. ඇත්තටම රනිල්ට බැරිනම්, එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නෑනේ. නමුත් අපි එයාගේ ඇත්ත ශක්තිය දන්න නිසා තමයි එහෙම කළේ. ඒක මිනිසුන්ට වැදුණා. අවාසනාවකට ඒක පිළිගත්ත අය අතර එතුමන් එක්ක හිටපු සමහර අයත් හිටියා. අදත් පාවිච්චි කරන්නේ  එදා ඒ මගේ පෝස්ටරයයි. ඒ අයට තේරෙන්නේ නෑ. අපි එහෙම කළේ ඇයි කියලා ඒ කාලෙත් මම දන්නවා. එතුමාගේ දක්‍ෂතාවය මොකක්ද කියලා. නමුත් ඒ වෙලාවේ චන්ද්‍රිකා දිනවන්න රනිල්ව පරද්දන්න  ඕනෑ. චන්ද්‍රිකාව පරද්දන්න පුළුවන් එකම පුද්ගලයා රනිල් විතරයි. ඒනිසා අපි එහෙම කළා. 1994  දී අපිට ආණ්ඩුවක් ගන්න තිබුණ ලොකු බාධාව  තමයි රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා මුළු ආණ්ඩුවටම මිනිස්සු බනිද්දිත් පේ‍්‍රමදාස ජනාධිපතිවරයාට මිනිස්සු හොඳ කියනවා. එහෙනම් අපි බලයට එනවානම් එතුමාගේ ප‍්‍රතිරූපය බිඳින්න  ඕනා. ඒ නිසා තමයි කන්‍යාවියන් ලවා කිරි කල වලින් නෑව්ව කතා ආවේ. ප‍්‍රතිවාදියාගේ ප‍්‍රතිරූපය බිඳින්න අවශ්‍ය යයි නේ. එහෙම නැතිව දිනන්න බෑ. 

 


ප‍්‍රශ්නය - එහෙමනම් ඒත් අද සන්නිවේදන බළකායක් හදාගෙන මේ ආණ්ඩුවට එරෙහිව අරගෙන යන්නෙත් ඒ  වගේ මඩ ව්‍යාපාරයක් නොවෙයිද?
පිළිතුර  - එහෙමයි කියන්නේ. මෙතැන දැන් බලන්න මේ සන්නිවේදන බළකායට පුදුම විදියට ආණ්ඩුව බයවෙලා. ඒ නිසා රාජපක්‍ෂලාට කඬේ යන තුප්පහි ජනමාධ්‍යවේදීන් ලවා රූපවාහිනියෙන් ආණ්ඩුවේ පත්තර කඩමාලූවලින් අපට ගහනවා. නමුත් මම බොහොම පැහැදිලිව  කියනවා මේක පච බළකායක් නොවෙයි. අපට අද මාධ්‍යයක් නෑ. ඒ නිසා මිනිස් එෆ්.එම්. බළකායක් අපි හැදුවා. ඒ හරහා අපි මේ රටේ මාධ්‍යයෙන් හංගන ඇත්ත රටට කියනවා. අද කවුරුත් දන්නේ  නෑ කොටස් වෙළඳ පොළේ ප‍්‍රධාන ආයෝජකයන් වෙලා තියෙන්නේ රාජපක්‍ෂ පුත‍්‍රයන්. මම මේක පාර්ලිමේන්තුවේදීත් කිව්වා. ඒක බොරුවක් නොවෙයි. මේවා ජනතාව දැනගත යුතුයි. අපි සංනිවේදන බළකාය හදලා ඒවා ජනතාව අතරට අරගෙන යනවා. ආණ්ඩුවේ වංචා දුෂණ  ඔක්කොම අපි රටට අනාවරණය කරනවා. වෙබ් අඩවි හරහාත් අපි මේ කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙනවා. එමගින් මේ රජය පරාජය කිරීමේ මෙහෙයුමට වේගවත් ආරම්භයක් ගන්නවා.

 

සාකච්ඡා කළේ - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්

 



අදහස් (0)

අපට අද මාධ්‍ය නෑ: අපි මිනිස් එෆ් එම් බළකායක් හැදුවා

නාරද Sunday, 03 February 2013 07:29 PM

මෙයා එකපාරක් එස්.එප් බලකායක් හදලා අර රටක් වටින යුධ වීරයාව නැති කළා.(නදී)

:       0       0

සුනිල් Monday, 04 February 2013 09:29 AM

විශිෂ්ටයි (දී)

:       0       0

දිලාන් Tuesday, 05 February 2013 05:13 PM

මාතර ජනතාව වන අප ඔබ සැමදා පාර්ලිමේන්තු යවනවා..!(නු)

:       0       0

දිනේෂ්-සෞදි Sunday, 10 February 2013 03:19 PM

ආන්ඩු පක්ෂයේ තියෙන තැන රැකගෙන හිටියානම් ඉවරයිනේ. දැන් ඉතින් මෙයාට මැරෙනකම්ම ජනතා එප්. එම් එක හදන්න වෙයි.(නදී)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 05 February 2013 05:52 PM

ඔහුගේ හැකියාවන් කිසිදා අමතක කළ නොහැකියි. (නි)

:       0       0

නාමල් Sunday, 03 February 2013 02:15 PM

එක එක කාලෙට ඔබේ හෘද සාක්ෂිය එක එක විදිහයිද?(නදී)

:       0       0

අනුර Monday, 04 February 2013 11:22 PM

ආසියාවේ ඉන්න හොදම විහිළුකාරයා. මෙයා කියන ඒවා ගනන් ගන්න එපා.(නදී)

:       0       0

සෙනරත් Wednesday, 06 February 2013 07:41 PM

අම්මෝ! මොනවා කරන්නද දන්නෙ නැහැ ලැහැස්තිය? (නි)

:       0       0

ජයන්ත Sunday, 03 February 2013 03:00 PM

කරන කියන වැඩ නම් අජූතයි. ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි කියනවනේ. දකුණෙද කියල මට පොඩි සැකයකුත් තියෙනවා . මේ වගේ දෙකේ පන්තියේ වැඩ කරන්නේ රට හදන්නද,රට කන්නද,? ආණ්ඩුවට අසික්කිත ක්‍රමවේද අනුගමනය කරන මන්ත්‍රීවරු ඕන කරන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවේ පුරප්පාඩු ඔබ වෙනුවෙන් තියෙන්න විදියක් නැහැ මට තේරෙන විදියට මන්ත්‍රී තුමෝ. ඔබ හිතන් ඉනනේ මාතර ජනතාව ඔබට චන්දෙ දුන්නේ ඔබ වෙනුවෙන් කියාද ? ලබන මැතිවරනෙට එහෙනම් දෙමල ටි.එන් .ඒ .පක්ෂෙන් ඉල්ලන්න මොකද වෙන්නෙ බලන්න.එවිට මංගලගේ නියම තත්වේ හරියටම තේරුම් ගන්න පුළුවන් වේවි.(නදී)

:       0       0

ජයා Sunday, 03 February 2013 03:26 PM

මටත් ඔය ගැන දුකයි. (නි)

:       0       0

නිල් Sunday, 03 February 2013 03:34 PM

අපි සැමදා ඔබ සමගයි (දී)

:       0       0

සුගත් Sunday, 03 February 2013 03:38 PM

ඇට නැති දිවෙන් හරියටම වැඩ ගන්නවා.(නදී)

:       0       0

අජිත් Sunday, 10 February 2013 10:00 AM

කටද? කට හින්දා එස්.බී මහත්තයා ජමිපර ඇදගෙන හිරේ ලැග්ගා මතකනේ.(නදී)

:       0       0

ලංකා Tuesday, 05 February 2013 03:16 AM

මිනිසුන් සමග ජිවත් වෙනවානම් අමුතුවෙන් මහන්සි වෙන්න දෙයක් නැහැ (දී)

:       0       0

ඩයස් Tuesday, 05 February 2013 03:31 AM

එදාට වඩා අද මාධ්‍ය දියුණුයි. කටකතා ප්‍රචාරයට මිනිස්සු රැවටෙන්නෙ නැහැ. (නි)

:       0       0

හේරත් Monday, 04 February 2013 01:33 PM

වැඩ කරනවා නම් දිනනවා. ඒක කටත් පොදුයි (දී)

:       0       0

නීල් කොස්තා Friday, 08 February 2013 10:59 PM

මෙයාගැන අපේ පිළිගැනීමක් නැත.(නු)

:       0       0

සුමුදු Monday, 04 February 2013 08:47 AM

විශිෂ්ට දේශපාලන චරිතයක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 349 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 81 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 675 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 314 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 134 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 344 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site