IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අතරමං නොවී දඹදිව සංචාරය කරන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාවෙන් දඹදිව වන්දනාවේ ගිය නඩ තුනක පුද්ගලයන් තිදෙනකු පසුගිය මාසයේ ඉංදියාවේදී අතුරුදහන් වී ඇති බවට මේ සතියේ මාධ්‍ය වාර්තා කර තිබිණි.ඇල්පිටිය, දෙනියාය, යටියන්තොට යන ප‍්‍රදේශවලින් ඉන්දියාව බලා ගිය වන්දනා නඩවලට අයත්වූ බැතිමතුන් මෙසේ අතුරුදහන් වී ඇති බව වැඩිදුරටත් වාර්තා විය. කෙසේ වූවද ඇල්පිටිය ප‍්‍රදේශයෙන් ගිය වන්දනා කරුවා දින පහකට පමණ පසුව නවදිල්ලියේදී හමුවී ඇති බවද පසුව වාර්තා විය. දඹදිව වන්දනාවේ ගොස් අතුරුදන් වූ බැතිමතකු යළි හමුවීමේ දුර්ලභ සිද්ධියක් ලෙස මෙය සැලකිය හැකිය. දඹදිව වන්දනාවේ බැතිමතුන් රැගෙන යන නඩවලින් පුද්ගලයන් අතුරුදහන්වූ ප‍්‍රථම වතාවද මෙය නොවේ. එසේම මේ අවසන් අවස්ථාවද නොවිය හැකිය. දඹදිව වන්දනා නඩ රැගෙන යන සංවිධායක වරුද අති විශාල පිරිසකි. සමහරු බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි වී නිත්‍යානුකූලව වන්දනා නඩ රැගෙන යති. එසේම බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි නොවූ අයද වන්දනා නඩ රැගෙන යති. දඹදිව වන්දනා කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දඹදිව වන්දනා සංවිධායකවරුන් ලියාපදිංචි කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත.ගිහි සංවිධායකවරු මෙන්ම පැවිදි සංවිධායකවරුද වන්දනා නඩ රැුගෙන ඉංදියාවට යති.මේ වසරේ දෙවැනි දඹදිව වන්දනා සමය දැන් ඇරඹී ඇත. එය අගෝස්තු මාසයේ සිට දෙසැම්බර් මාසයේ මුල් සතිය දක්වා වෙයි. මෙම කාලයේ බැතිමතුන් අති විශාල පිරිසක් දඹදිව බුද්ධ භූමි වැඳ පුදා ගැනීමට පෙළඹී සිටිති. මේ වසරේ පිරිස තවත් වැඩිවීමට හේතුවී ඇත්තේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය යෙදී තිබීම නිසයි.දඹදිව වන්දනා ගමන ඉතාමත් දුෂ්කර සංචාරයක් බව වන්දනාවේ ගිය බැතිමතුන්ට අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. විශේෂයෙන් පළපුරුදු සංවිධායකවරයකුගේ මග පෙන්වීම මේ ගමන සඳහා ඉතා අවශ්‍යය.ඉන්දියාවේ ප‍්‍රාන්ත ගණනාවක පැතිරී ඇති බෞද්ධ සිද්ධස්ථාන සංඛ්‍යාව අති විශාලය. මේවා දැක බලා වැඳ පුදා ගැනීමට සාමාණ්‍යයෙන් ඉංදියාවේ හා නේපාලයේ කිලෝ මීටර් 8000ක් 10000ක් අතර දුර ප‍්‍රමාණයක් ගමන් කිරීමට සිදුවේ. අඩුම වශයෙන් සතියකට වැඩිකාලයක් ද සියලූම සිද්ධස්ථාන වන්දනා කිරීමට උපරිම වශයෙන් මාසයකට ආසන්න කාලයක්ද ගතවේ.කෙළින්ම ගුවන් මගින් මදුරාසියට පැයක පමණ කාලයකින්ද, දිල්ලියට පැය තුනහමාරක පමණ කාලයකින්ද, බරණැසට හෝ බුද්ධගයාවට පැය තුනක පමණ කාලයකින්ද ගමන් කළ හැක. මදුරාසියට ගුවනින් යන අයට එතැන් සිට බරණැසට හෝ දිල්ලියට දුම්රියෙන් යාමට සිදුවේ. ඒ සඳහා පැය 40 ක පමණ කාලයක් ගතවේ. එතැන් සිට බස්රථ වලින් හෝ වෑන් රථ වලින් ගමන ආරම්භ කළයුතුය.මිහින් ලංකා ගුවන් සේවය නිසා සෑම බදාදා සහ ඉරිදාවකම වන්දනා කරුවන්ට බරණැසට හෝ ගයාවට කෙළින්ම ගමන් කිරීමට අවස්ථාව සැලසී ඇත.දඹදිව වන්දනා ගමනට සූදානම් වනුයේ විශේෂයෙන්ම වැඩිහිටියෝය. ජීවිතයේ එකම බලාපොරොත්තුව වූ දඹදිව බුද්ධ භූමි වැඳපුදා ගැනීමට සම්බන්ධවන බොහෝ බැතිමත්හු වයස 60 ඉක්මවූ අයවෙති.මේ තත්ත්වය හොඳින් වටහා ගන්නා ඇතැම් සංවිධායකවරු බැතිමතුන්ට ලංකාවේදී මවා පෙන්වූ සුඛෝපභෝගී චාරිකාව ඉංදියාවේදී අමතක කරති. ඇතැම් සංවිධායකවරුන්ගේ හෝ ඔවුන්ගේ නියෝජිතයන්ගේ මවා පෑම් වලට මුලාවී වයස්ගත බැතිමත්හු ඉංදියාවේදී අනේකවිධ දුෂ්කරතාවලට මුහුණ පෑම සුලභ දසුනකි.දැකබලා වැඳපුදා ගත යුතු ස්ථාන හතරක් ගැන බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත‍්‍රයේ දේශනා කර ඇත. ඒ සිදුහත් කුමරු උපත ලැබූ ලූම්බිණි සල් උයන, සිදුහත් බෝසතානෝ බුද්ධත්වය ලැබූ බුද්ධගයාව හා ජයශ්‍රී මහා බෝධිය, බුදුන් වහන්සේ මංගල ධර්ම දේශනය පැවැත්වූ බරණැස ඉසිපතන මිගදාය සහ උන්වහන්සේ පිරිනිවන් පෑ වදාළ කුසිනාරා නුවර උපවත්තන සල් උයන යන සතර ස්ථානයෝ වෙති.බැතිමතුන් දඹදිවට රැගෙන ගොස් ප‍්‍රධාන ස්ථාන හතරවත් නොවන්දවන ඇතැම් සංවිධායකවරුන් ගැනද පසුගිය කාලයේ අසන්නට ලැබුණි. පසුගිය වකවානුවේදී නේපාලයේ පැවැති දේශපාලන අස්ථාවර තත්ත්වය ප‍්‍රයෝජනයට ගත් ඇතැම් සංවිධායකරු ලූම්බිණියේ සිදුහත් උපන් ස්ථානය වන්දනා කිරීමට බැතිමතුන් රැගෙන යාමෙන් වැළකී සිටි බවද වාර්තා විය.වන්දනාකරුවන්ට ඉංදියාවේදී ලබාදෙන ආහාර ගැනද සඳහන් නොකරම බැරිය. ශ්‍රී ලංකාවේ ක‍්‍රමයට ආහාර දෙන බවට ප‍්‍රචාරය කරති. බොහෝ සංවිධායකවරුන්ගෙන් මුලූ වන්දනා කාලය තුළම වන්දනාකරුවන්ට ලැබෙනුයේ එකම වර්ගයේ ආහාරය. වන්දනාවේදී බත් සමග එළවළු පමණක් ආහාරයට දෙන සංවිධායකවරුද නැත්තේ නොවේ. අර්තාපල් පරිප්පු, බතල, ගෝවා, වම්බටු, මුරුංගා, තක්කාලි, බංඩක්කා, ලබු, පුහුල්, රාබු නෝකෝල්, වට්ටක්කා වැනි එළවළු වර්ග නිතර ආහාර වේලට එකතු කෙරේ. මේවා ඉංදියාවේදී ඉතාම අඩු මිලට ගතහැකි එළවලූ වර්ගයි.තවත් සමහර සංවිධායකවරු බැතිමතුන් සැමදා සිල් ගන්වති. එය ඔවුන්ගේ රාත‍්‍රී කෑම වේලට වැයවන මුදල ඉතිරිකර ගැනීමේ මාර්ගයකි.ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන බොහොමයක් ජාතික උරුමයන් ලෙස යුනෙස්කෝව මගින් ප‍්‍රකාශයට පත් කර ඇත. එම ස්ථාන ආරක්ෂා කිරීම, නඩත්තු කිරීම ඉංදියා පුරාවිද්‍යාව මගින් සිදු කෙරේ. ඒ සිද්ධස්ථානවලට ඇතුල්වීමට ගාස්තුවක් අය කරයි. පසුගිය කාලයේ මෙම සිද්ධස්ථානවලට ඇතුල්වීමට විදේශකයන්ගෙන් අධික මුදලක් අය කළේය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාර්ක් සමුළු සභාපති වීමෙන් පසු ඉංදීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතා සමග සාකච්ඡා කර සාර්ක් රටවල බෞද්ධයන්ට දඹදිව සිද්ධස්ථානවලට ඇතුළුවීමට සහන ගාස්තුවක් ඇති කළේය. ඒ අනුව ඉංදියා ජාතිකයන්ට අය කරන ගාස්තුවම සාර්ක් රටවල සාමාජිකයන් සඳහාද ක‍්‍රියාත්මක විය. දැනට පුරාවිද්‍යා රක්ෂිත ස්ථානයකට ඇතුළුවීම සඳහා ඉන්දීය රුපියල් 5.00ක මුදලක් අයකෙරේ. නමුත් සමහර ප‍්‍රාන්ත මගින් නියම කර ඇති බදු මුදල් අනුව මෙම මුදල සුළුවශයෙන් වැඩිවෙයි. ඇතැම් සංවිධායකවරු සිය නඩය මෙම සිද්ධස්ථාන අසලට කැඳවාගෙන විත් ඇතුළුවීමට නඩයේ අයගෙන් මුදල් එකතු කරති. මුදල් දුන් අයට ඇතුළට ගොස් බැලීමටත් නුදුන් අයට පිටත සිට ස්ථානය නැරඹීමටත් සිදුවේ. තවත් සමහරු සිද්ධස්ථානයේ ආරක්ෂිත වැටෙන් පිටත සිට ඇතුළත පෙන්වති. එසේ කිරීමෙන් එම සිද්ධස්ථානයට ඇතුළුවීමට අයකරන මුදල සමහර සංවිධායකවරු ඉතිරි කර ගනිති. විශේෂයෙන් මෙවැනි අවස්ථාවන් දක්නට ලැබෙන්නේ කෙටිකාලීන සුඛෝපභෝගී සංචාරයන් සඳහා යන බැතිමතුන්ටය. කාලය ඉතිරි කර ගැනීම මෙහි අරමුණ වේ.බුද්ධගයාවේ බෝධි මංඩලය පිහිටි ප‍්‍රදේශයට ඇතුළුවීමට කිසිදු මුදලක් අය නොකරයි. ඉතා දුකසේ අසීරුවෙන් මුදල් සොයාගෙන දඹදිව වන්දනාවේ පැමිණෙන අසරණ බැතිමතුන් සුරාකෑමේ විවිධ ක‍්‍රම ඇතැම් සංවිධයකවරු අනුගමනය කරති. ලංකාවේ භික්ෂුන් වහන්සේ වැඩ සිටින සමහර සිද්ධස්ථාන වලට ආධාර කරන ලෙස ඇතැම් සංවිධායකවරු බැතිමතුන්ට දන්වති. එසේ බැතිමතුන් කරන ආධාර වලින් කොටසක් ඉල්ලා සිටින සමහර සංවිධාකවරුද සිටින බවක් සඳහන් කළ හොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමානය.දඹදිව වන්දනාවේදී ඉහළම පහසුකම් සහිතව නවාතැන් දෙන බව සමහර සංවිධායකවරු ලංකාවේදී පවසති. නමුත් ඉංදියාවට ගිය පසු එම සැළකිලි වචනයට පමණක් සීමාවේ.වයස්ගත වැඩිහිටියන්ට බිම වාඩිවීම හෝ නිදාගැනීම අපහසුය. නමුත් සමහර නවාතැන් ගන්නා ස්ථානවලදී බිම නිදා නොගෙන කළ හැකි දෙයක් ද නැත. මේ නිසා වැඩිහිටියන් ශාරීරික මෙන්ම මානසික පීඩාවලටද ගොදුරුවේ.ඇතැම් සංවිධායකවරු ඉංදියාවේ ඉතාම පහළ මට්ටමේ හෝටල්වල පවා බැතිමතුන්ට නවාතැන් ගැනීමට සලස්වති. එම ස්ථාන වගුරු බිම් හා සමානවේ. සමහර කාමරවල නැවතීමට ජලයේ බැසයාමට පවා සිදුවේ. නිදා ගැනීමට තබා තමාගේ ඇදුම් බෑගයවත් තබා ගැනීමට තැනක් නැති කාමරද සමහරුන්ට නැවතීමට ලැබේ. දෙදෙනකුට හෝ තිදෙනකුට වෙන්වූ කාමරවලට පස්හය දෙනා බැගින් ගාල් කරන අවස්ථාද නැත්තේ නොවේ. මේ මගින් කාමර සඳහා වැය කරන මුදල ඉතිරි කර ගැනීමට හැකිවෙයි. ඇතැම් සංවිධායකවරු බැතිමතුන් පන්සියයකට අධික නඩද රැගෙන යති. මෙම නඩවල අසීමිත විශාලත්වය අනුව වන්දනාකරුවන් ගැන සොයා බැලීම පාලනය කිරීම ඉතාම අසීරු කරුණක් වනු ඇත. මේ නිසා වන්දනා කරුවන් රෝගාබාධයන්ටත් විවිධ දුෂ්කරතාවයන්ට ගොදුරු වීම නිතර සිදුවන්නකි. මෙවැනි සංවිධායකවරු ගැන බුද්ධ ශාසන අමාත්‍යාංශයට සමහරු දැනුම් දී ඇති බවද දැනගන්නට තිබේ. නමුත් කිසිදු ප‍්‍රතිඵලයක් නැත.දඹදිව බුද්ධ භූමි වන්දනාව සමග බැඳුන තවත් වන්දනාවක්ද තිබේ. ඒ සාරි වන්දනාවයි. වන්දනාවේ යන බැතිමතුන්ට සාප්පු සවාරියක්ද පිළියෙල කිරීමට සංවිධායකවරුන්ට අනිවාර්යයෙන්ම සිදුවෙයි. එම නිසා බොහෝ සංවිධායකරුවන්ට සාප්පු සවාරි සඳහා මුල්තැනක් දීමටද සිදුවේ. මේ නිසා ඇතැම්හු වන්දනා කළ යුතු ස්ථාන කපා හැර එම කාලය සාප්පු සවාරියට එකතු කරති. ඇතැම් සංවිධායකවරු එයද තම වාසියට හරවා ගන්නා අවස්ථා නැත්තේ නොවේ. සංවිධායක හඳුන්වාදෙන සාප්පුවලින් බඩු මිලදී ගැනීමට බැතිමතුන් යොමුකෙරේ. එම සාප්පුවලින් කොමිස් මුදල් එකතු කරගන්නා සමහර සංවිධායකවරුද අපට හමුවී ඇත. සමහර සංවිධායකවරු ලංකාවේ විවිධ ව්‍යාපාරිකයෝ වෙති. ඔවුනට අවශ්‍ය විවිධ භාණ්ඩ රේගු ගාස්තුවලින් බේරී ගෙන ඒමට තම නඩයේ වන්දනාකරුවන් යොදා ගන්නා අවස්ථා ඇති බව රේගු නිලධාරීහු පවසති.දඹදිව වන්දනාකරුවන් රැගෙන යන සියලූම සංවිධාන හෝ සංවිධායකවරු ඉහත සඳහන් සිද්ධීන්වලට සම්බන්ධ බවක් මෙයින් අදහස් නොකෙරේ. ඕනෑම මට්ටමක ජීවත්වන බැතිමතුන් හට ගැලපෙන පරිදි අඩු මුදලකින් වැඩි පහසුකම් සහිතව සමහර සංවිධායකවරු වන්දනා චාරිකා නිර්මාණය කර ඇත.දඹදිව බුද්ධභූමි වැඳපුදා ගැනීමට යාමට අදහස් කරන බැතිමතුන් ඒ සඳහා සුදුසු සංවිධායනයක් බුද්ධිමත්ව සිතා බලා තෝරා ගත යුතුය. විශේෂයෙන් පළපුරුදු සංවිධායකවරයකුගේ මග පෙන්වීම යටතේ ඒ සඳහා සූදානම් විය යුතුය. සාධාරණ ලෙස මුදල් අයකරමින් පොරොන්දුවන පහසුකම් ඒ අයුරින්ම ලබා දෙමින් ඉතාම උසස් අන්දමින් බැතිමතුන්ගේ බුද්ධාලම්බන ප‍්‍රීතිය උද්දීපනය වන ලෙසින් වන්දනා නඩ රැගෙන යන සංවිධායකවරු හා සංවිධාන සැලකියයුතු ප‍්‍රමාණයක් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිටිති. ව්‍යාපාරික පරමාර්ථයන්ට වඩා වන්දනාකරුවන්ගේ ශුභ සාධනය වෙනුවෙන් කැපවූ සංවිධානද, සංවිධායකවරුද සිටිති. ඉතාමත් විමසිල්ලෙන් එවැනි අය තෝරාගත යුතුය. වංචනික පුද්ගලයන්ට රැවටී පසුතැවිලිවීමට එවිට සිදුනොවේ.දෙනබව කියන පහසුකම් මගින් ඔබට දඹදිව වන්දනා චාරිකාව සාර්ථකව ඉටුකරගත හැකි බව තහවුරු වන්නේ නම් පමණක් එවැනි සංවිධානයක් තෝරාගෙන ආරක්ෂාකාරීව පහසුවෙන් වන්දනා ගමනට සහභාගිවන්න.දඹදිවදී ඇසු හා දුටු දේ හා අත්දැකීම් ඇසුරින් මෙම ලිපිය සකස් කර ඇත. පුද්ගලයකු හෝ සංවිධානයකට පහර ගැසීමට හෝ අපහසුතාවකට පත්කිරීම මෙයින් අදහස්  නොකරන බව කරුණාවෙන් සලකන්න.



අදහස් (0)

අතරමං නොවී දඹදිව සංචාරය කරන්නේ මෙහෙමයි

නිත්‍යා Saturday, 12 January 2013 03:18 PM

ජනතාව දැනුවත් කරන එක වැදගත්. ස්තූතියි (ස)

:       0       2

ශාන්ති Saturday, 17 September 2011 11:25 AM

ඔබ ඉදිරිපත් කළ විස්තර බොහෝ වැදගත්. විශ්වාසවන්තව දඹදිව වන්දනා කිරීමට එය ප්‍රයොජනවත් වේවි

:       0       0

ජයතිස්ස Sunday, 11 September 2011 12:46 PM

මේ ආටිකල් එකනම් පාඨකයා අන්දවීමයි. දඹදිව "හොර" නඩයකට දවෙනි නෑ. හෙඩ්ලයින් එකේ කියන්නේ.. දඹදිව වන්දනාකරන්න යන පිලිවෙල කියනවා කියලා. ඒත් විස්තරේ තියෙන්නේ, විවිධ ගැටලු ගන කියලා. කො කොහොම ද යන්නේ කියලා නැනේ? සමහර සංවිධායකවරුයි, සමහර ලේඛකයොයි දෙකම එකයි. පුලුවන්නම්, යන විදිය, රෙකමදාරු කළ හැකි ආයතන වගේ ඒවායි මිනිස්සුන්ට වැදගත්. මේවා ඕපදූපනෙ?

:       0       4

දේවප්‍රිය Sunday, 11 September 2011 03:12 PM

ඉතා අපූරුයි ඔබ කළේ අවශ්‍ය කටයුත්තක් .

:       0       0

මල්ලිකා Sunday, 11 September 2011 04:11 PM

හරියටම හොඳ අය හඳුනාගන්නේ කොහොමද?

:       0       0

සුමිත් ගම්ලත් Monday, 12 September 2011 11:15 AM

මේ විස්තර ටික හරිම වටිනවා ඒත් විශ්වාසවන්තව ගමන ගිහින් එන්න හැකි මොන සංවිධායකයින් එක්කද

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 279 2

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


කපටි දේශපාලකයන්ගේ පොරොන්දුවලට නොරැවටෙමු
2024 අප්‍රේල් මස 26 67 0

“වළක වැටීම මොළයට ලාභයක්” යැයි කියවුණ ද අපේ බොහෝ දේශපාලනඥයන්ට එය වලංගු නොවන සෙයකි. හැට නව ලක්ෂයක ජනතාවකගේ වරමින් අනුහස් සහිත විධායක ජනාධිපති පුටුවේ වා


පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 624 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 299 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 122 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 336 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site