දැක්මක ගමනක ජයග්රහණ
හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැමිය නොහැකි උසකින් තැබූ නිසා ය. ඔහුගේ පාලන සමයේ ඔහුට එරෙහිව බටහිර රටවල් හා ඔවුන්ගේ දේශීය ඒජන්තයෝ විසින් වංචාව, දූෂණය වැනි චෝදනා අතොරක් නැතිව එල්ල කළෝය. එහෙත් ජනතාව නොවේ ඒවා පයිසයකට ගණනකට ගත්තේ.