සංස්කෘතික ජීවිතය අහිමි කාන්තාව
නව පරපුරකට ජීවය ලබා දෙමින් මිනිස් පරපුරේ පැවත්ම තීරණය කරනු ලබන්නේ කාන්තාව විසිනි. තවත් විටෙකදී කාන්තාව යනු වච නයේ පරිසමාප්ත අර්ථයෙන්ම දරා ගැනීමේ සංතෙක්තයයි. සමාජයේ භූමිකා රැසකටම පණ පොවමින් සංස්කෘතියට අනුගතව වගකීම් කන්දරාවක්ම කර පින්නා ගනිමින් ඇය තම කුටුම්භය මෙහෙය වන්නීය. දිනෙන් දින විඩාබර වන ඇයට, ඇය ගැන සිතීමට, ඇය සතුටු කිරීමට, ඇයට ආදරය කිරීමට එක් මොහොතක් අවශ්‍යය. ඒ මොහොත අද අපි ජාත්‍යන්තර කාන්තා දිනය නමින් සමරන්නෙමු.