නිර්මාණ රචකයා සම්මතයේ සිරකරුවකු විය යුතු නැහැ
මෑත යුගයේ ලාංකික කෙටි කතාකලාවට විශිෂ්ට නිර්මාණාවලියක් එක්කළ නිශ්ශංක විජේමාන්න කෙටි කතා රචකයකු මතු නොව නවකතාකරුවකු ලෙස ද ප්රකටය. ඔහුගේ නිර්මාණ බොහොමයක් රාජ්ය සම්මාන, ස්වර්ණ පුස්තක සම්මාන ඇතුළු විවිධ සම්මානාදියට බඳුන් වී තිබේ. හඳ පළුව තනි තරුව, තිත්ත සීනි, කීඩෑවෝ ඇවිල්ලා, වැලන්ටයින් කුමාරයා ආදී කෘති ඔහුගේ නිර්මාණ අතරින් කිහිපයකි. නිශ්ශංකගේ අලුත්ම නවකතාව කඳ අරනී’ විදර්ශන ප්රකාශනයක් ලෙස පසුගියදා නිකුත් විය. මේ සංවාදය ඒ පිළිබඳවය.