ශ්‍රී ලාංකේය අභිමානය ලොවට කියාපාන සිංහ කොඩිය
ශ්‍රී ලංකික ජනතාව වසර 443ක පමණ පැවැති අධිරාජ්‍යවාදී වහල් පාලනයෙන් මිදී නිවහල් දේශයක අභිමානවත් වැසියන් කොටසක් බවට පත්වුයේ 1948 පෙබරවාරි 04 දින බැව් ඔබ අප කවුරුත් දන්නා කරුණකි. එනම් 1505 සිට පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යන ජාතීන්ගේ පාලනයට නතුව පැවති කාලය නිමවී අදට වසර 73 ක් පිරේ. ඕනෑම රටක, ජාතියක මෙවන් වූ අභිමානවත් දිනයක් සැමරීමේදී නිරායාසයෙන්ම සිහියට නැගෙන්නේ ඒ රටේ අනන්‍යතාව හුවා දක්වන වැදගත් සාධකය. ඒ අතර ජාතික ගීය, ජාතික ධජය පමණක් නොව එරටේ වැසි