රිදී ජුබිලිය සමරන ශ්‍රී ලංකාවේ 12 වැනි ජාතික විශ්ව විද්‍යාලය
කොළඹින් කිලෝමීටර් 160ක පමණ දුරකින් පිහිටි සබරගමු සරසවිය, සමනල කඳු පන්තිය සිසාරා හමනා පවනත්, මධ්‍යම කඳුකරයේ හොර්ටන්තැන්න සිඹිමින් ගලනා දිය සිසිලසත්, මුසුකරමින් නිමවූ සෞම්‍ය පරිසරයක හෙඹියේය. කුඩාගම මැදිකර වටව ඇති හාගල, පරෙවියන්ගල ඇතුලු නන්පෙරියල් කඳුවළල්ලත්, සමනල, නියඳගල ඇතුළු අනෙකුත් රක්ෂිත වනාන්තරත් මෙහි ශිල්ප හදාරන්නට එන පිරිසට මානසික පෝෂණය සපයයි.