රට අදුරේ තබන්න එපා
රටේ ජාතික සම්පත් විකිණීමට එරෙහි වෙමු බැනරය යටතේ සංවිධානය වෙමින් සිටින ඛනිජ තෙල්, වරාය සහ විදුලිය සේවකයෝ ඊයේ (03) විරෝධතා මාලාවක් පැවැත්වූහ. විරෝධතා මාලාව ඇතුළු සෙසු ඉදිරි වැඩපිළිවෙළ සඳහා පිහිටුවාගෙන ඇති ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, විදුලි, වරාය ඒකාබද්ධ සංවිධානය ප්රකාශ කර තිබුණේ රට පුරා සේවය කරන තෙල්, විදුලි සහ වරාය සේවකයන් විශාල පිරිසක් එම විරෝධතාවලට එක්වන බවය.