
(චමිල් රූපසිංහ)
මෙරට තුළ සිදු කෙරෙන ගව ඝාතනය නතර කළ යුතු බවට මහා සංඝරත්නය ඇතුළු පාර්ශව ගණනාවක් කළක පටන් ඉල්ලීම් කළත් ඒ සම්බන්ධයෙන් කිසිවකුත් ක්‍රියාත්මක නොවූ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධව අවදානය යොමුකර ගව ඝාතනය නතර කිරීමට අවශ්‍ය කටයුතු සළසන බව ප්‍රකාශ කිරීම අගය කරන බව මල්වතු අස්ගිරි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පැවසූහ.
ගව ඝාතනය සම්පූර්ණයෙන්ම මෙරටින් තුරන් කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම සම්බන්ධව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගෙන තිබෙන තීරණයට පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව සියලු දෙනාගේ සහය ලබාදිය යුතු බවද අනුනායක හිමිවරු පැවැසුහ.
පන්සිල් පද පහේ පළමු වැන්න ප්‍රාණ ඝාතනයෙන් වැළකීම යැයිද මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් හා අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි යන අනුනාහිමිවරු දෙනම සඳහන් කළහ.
මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ මේසේ පැවැසුහ.
බෞද්ධ දර්ශනය සුරක්ෂිත රටක අවිහිංසාව පෙරදැරිව පාලකයින් කටයුතු කළ යුතු අතර අගමැතිවරයා එම ප්‍රතිපත්ති සමඟ බද්ධව ක්‍රියාකරමින් ගව ඝාතනය නතර කිරීමට පියවර ගැනීම සම්බන්ධව සතුටු වන බවත් අවිහිංසාව පෙරටු කරගෙන රට පාලනය කිරීම දස රාජ ධර්මයන් ගෙන් එකක් වන බවත් පොළොන්නරු යුගයේ නිර්මිත සඳකඩ පහණේ ගව රූපය දක්වා නොමැත්තේ ගවයා කෙරෙහි අතීතයේ පටන් අප සමාජයේ පවත්නා ගෞරවය ඉස්මතු කිරීම බවද අනුනාහිමියෝ පැවසූහ.
බුදු දහම අවිහංසාව මුල්කරගත් දහමක් බවත් සෑම සත්වයෙකුම මරණයට මෙන්ම හිංසාවටද බය බවත් මෙය අප තේරුම්ගත යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.
මල්වතු අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් අදහස් දක්වමින් රටට එක නීතියක් ගෙන ඒමට ජනාධිපති හා අගමැති කටයුතු කරමින් සිටින බවත් එය අගය කරන බවත් පැවසූහ.
COMMENTS
ගව ඝාතනය අඩුවෙන කොට... වනජීවී ඝාතනය වැඩි වෙනවා නේද? සත්තු, සිවුපාවුන් වගේම පක්ෂීන්... මේ අතරට මාලු මරණ එකත් පවක් නේද?
එතකොට අනික් සතුන් මරණ එක හරිද? අනික් පැත්තෙන් මිනීමරුවන් පාර්ලිමේන්තු යනවා.
දේශපාලන මත කුමක් වුවත් අගමැතිතුමාගේ මෙම යෝජනාව ඉතා අගේකොට සලකමි...
ඇත්තටම ගවයන්ට නම් මාර ජොලියක් ඇති මේ පුවත ඇසෙන විට නේද? ලංකාවේ ගවයින් අභය දානය පිණිස පිටරටට අපනයනය කරලා, පිටරටින් ලංකාවට ආනයනය කරන බීෆ් සුපිරි වෙළඳසල් වලින් මිලදී ගන්නත් පුළුවන්... අපට. හින්දු දේවාල ගානේ රිංගන සිංහල බෞද්ධයින්ව කිල්ලට අහුවෙන එකකුත් නැහැනේ එතකොට? සිංහල බෞද්ධ ජෛන නිගන්ඨයින්ට හරක් මස් තමයි නිවන් මග වළක්වපු එකම කාරණය වී තිබුනේ? දැන් යාන්තම් එකත් හරි? බෙලි කපන කුකුලන්, ඌරන් දියෙන් ගොඩ දාද්දී හුස්ම ගන්න බැරිව දඟලන මාලුන්ව එහෙම මේ උපාසක අප්පුලාට මෙන්නේ නැතිව ඇති? කරවල, හාල්මැස්සෝ. බිත්තර රබර් වලින් හදලා කියලා වෙන්න ඇති හිතාගෙන ඉන්නේ මේ මෝඩයින්? අනේ මෙහෙමත් ජාතියක්?
පළමු සිල්පදය ප්‍රාණ ඝාතයෙන් වැළකීම මිස ගව ඝාතනයෙන් පමණක් වැළකීම නෙවෙයිනේ. ගවයාට විතරක් මොකෝ මේ අතීතෙ ඉඳන් අමුතු සැලකිලියි කියන්නේ. බුදුන් වහන්සේ ප්‍රාණඝාත අකුසලය ගැන දේශනා කලේ ගවයාට මුල්තැනක් දීලා නෙවෙයිනේ. ගවයගෙන් මිනිහට උදව් ගොඩයි... ඒ හින්දා ඌ මරන්න හොඳ නෑ.. කුකුළගෙන්, එලුවාගෙන්, මාලුවාගෙන් එච්චරම උදව් නෑ... ඒ නිසා උන් මරන එක එච්චරම අවුලක් නෑ.. පණත් ගෙනැල්ල උන්ව මරන එක වළක්වන්න උත්සාහ ගන්න ඕනේ නෑ කියන එකනේ මේ කියවෙන්නේ...
එක සතෙකුට හරි අභය දානය ලැබෙන එක අගය කිරීමට බොහෝදෙනෙකුට නොහැකි බවයි පෙනීයන්නේ..
කහ ජාවාරම් වගේ ගවමස් ජාවාරමත් සරුවට කෙරේවි.
පුන්නක්කු කන කකුල් දෙකේ ගවයන්ට සුබ පණිවිඩයක්... එතකොට මිනීමරලා පාර්ලිමේන්තුවට එන එකට අවුලක් නැද්ද?
ඒක හොඳයි. අවුරුදු පහෙන් පැන්සන් එකත් ලැබෙන නිසා මැරෙනකල් උන්නාවේ.
නැති කල යුතුව තිබුනේ අමානුෂික ලෙස කෘර විදියට ගවයන් ඇතුළු සතුන් මැරීමයි. හක්කපටස් තියල සතුන් මරණ එකට, මදු තියල සතුන් මරණ එකට තද දඬුවම් පැමිණවිය යුතුයි. ගවයන් මරණ එක නවතා ගව මස් ආනයන කරන එක හරිද?
එතකොට මරන්න නියම වෙච්ච අය පාර්ලිමේන්තුව එන එක ගැන මොකද අදහස.?
ඉන්දියාව ගව මස් අපනයනයේ් ඉහලින් සිටින රටකි. ගොව්පල වල ඉන්නා වයසක සතුන් පන්සල් වලට දැක්කීමෙන් ගොවිපල හිමියන්ගගේ ගැටලුවට පිලිතුර ලැබේ. රජරට ගව පට්ටටි හිමියන්ට වයසක හා පිරිමි ගවයන් ආසන්න කුඹුරුවලට දැක්කිය හැක. නැත්නම් රජයේ වියදමින් හරක් මහලු මඩම ගමක් ගානේ ස්තාපිත කර රැකියා දිය හැක. බලවතුන්ට පොලීසිය අල්ලාගෙන හොර හරක්පැටවීමෙන් හොද ගානක් හම්බ කරගත හැක. එම හොර හරක් මස් ආනයනික ලේබලයෙන් දේශීය වෙළඳපලට දමා ලාභයක් ගත හැක. හරක්මස් අවශ්‍ය අයට ආනයනික ගවමස් මිලදි ගත හැක.
එම් සි සි අත්සන් කරන්න ඉස්සෙල්ලා පොඩි සිනී බෝලයක්. ගන්න අත් දෙකින්ම.
අනේ මෙහෙමත් රටක්.. ආනයන වියදම දැනටමත් අහස උසට ගිහින් තියෙද්දී තවත් ලොකු බරක් පැටවුණා. හරක් මරණ එක හොඳ නැහැ. හැබැයි මරපු හරක් මාස ගාණක් කුණු කරලා කන එක පව් නැද්ද?
පොළොන්නරුවේ සදකඩ පහනෙන් ගවයා ඉවත් වුයේ එකල් පැවති හින්දු බලපෑම් නිසා මිස ප්‍රාණඝාතය අකුසලයට අසුවන නිසා නොවේ.
හැම දෙනාම දැන් මේ කරන හොඳ වැඩේට උදව් කරන්න, අපි හැමෝම මැරෙනවට කොචිචර බයද ඒ වගේම මේ සතුන්ද තමන්ගේ ජීවිතයට ආදරෙයි.