ලෝකයේ ජීවීන් වඳවී යන්නට හේතුවූයේ උල්කාෂ්ම හා ගිනි කඳු පිපිරීම්යැයි විශ්වාසයක් පැවතිනි. එසේ වුව ද අදින් වසර කෝටි 54කට පෙර ලෝකයේ පළමු ජීවී විනාශය හෙවත් පළමු මහා වඳවීම සිදුව ඇත්තේ එවැනි හේතුවකින් නොවේ යැයි විද්‍යාඥයෝ කියති.
ඔවුන් පවසන්නේ පෘථිවියේ සිටි ආදිතම ක්ෂුද්‍ර ජීවීන් වඳකැර දමා ඇත්තේ සංකීර්ණ ජීවී පරිනාමයකින් බවයි.
සාමාන්‍යයෙන් ජීවින්ගේ විනාශය ගැන දොස් පැවරුණේ උල්කාෂ්මියක බලපෑමක් සහ ගිනිකඳු පිපිරීමක් වැනි සීඝ්‍ර සාධකයකටවේ. ලෝකයේ පළමු ක්ෂුද්‍ර ජීවීන් ලෙස සැළකෙන ඊඩියාකැරන් ලෝකයෙන් වඳවී ඇත්තේ අදින් වසර කෝටි 54ට පෙර බවත් එයට හේතුව වී ඇත්තේ මන්දගාමීව සිදුවූ ජීවී පරිනාමයක් බවත් ඔවුහු කියති.
වැන්බර්ලලට් විශ්වවිද්‍යාලයේ පෘථිවිය සහ පරිසර විද්‍යාව පිළිබඳ මහාචාර්ය සයිමන් ඩැරොච් පවසා ඇත්තේ ජීව විද්‍යාත්මක ප්‍රාණීන් ජීවය තුරන්කිරීමට යොදා ගත හැකි බවයි.
ඔහු පවසන්නේ මෙලෙස වඳවූ ක්ෂුද්‍ර ජීවීන් වසර බිලියන තුනකට වැඩි කාලයක් පෘථිවියේ අණසක පතුරාගෙන ඉන්නට ඇති බවයි. ඒ ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් හිරු එලියේ ශක්තිය ග්‍රහණය කැර ගැනීමේ හැකියාවෙන් ද යුක්තවී ඇත. ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිකය යෙදුණු ඔවුන්ගේ විෂ සහිත බහිස්‍රාවීය ද්‍රව්‍යයක් ලෙස ඔක්සිජන් නිපදවිණි. ඒ වනවිට ඔක්සිජන්වලින් තොර පරිසරයක වර්ධනය වෙමින් සිටි ක්ෂුද්‍ර ජීවී විශේෂවලට ඔක්සිජන් විෂ සහිත වන්නට ඇත. ඔක්සිජන් අලුත් බලසම්පන්න ශක්ති ප්‍රභවයක් ලෙස ප්‍රයෝජනයට ගත හැකි අයුරින් තැන්පත් විය.
ඉඩියාකැරන් ක්ෂුද්‍ර ජීවින් පැලෑටි වලට සමාන කමක් දක්වයි. මේවා නිශ්චල වන අතර සිලින්ඩරාකාර ප්‍රාණියෙකි.
එය ක්‍රමයෙන් වෙනස් වී මෘද්වංශිකයන්,ආත්‍රපෝඩාවන්, ජෙලි ෆිෂ් වැනි සතුන් විකසනය වි තිබේ. විද්‍යාඥයින් පවසන්නේ මෙම සතුන් බඩගින්න නිවා ගැනීම සඳහා ඊඩියාකැරන්ස් කා දැමීම හේතුවෙන් පළමු සත්ව විනාශය ලෝකයේ සිදුවු බවයි.
ඩැරොච් පවසන්නේ මෙම නව ජීවින් එනම් පරිසර විද්‍යාත්මක ඉංජිනේරුවන් විසින් පරිසරය වෙනස් කම් වලට වැඩි වැඩියෙන් භාජනය කිරීම හේතුවෙන් ඊඩියා කැරන්ස් හට ජීවිත බේරා ගැනීමට නොහැකි වු බවයි.
ඩැරොච් සහ ඔහුගේ කණ්ඩායම විසින් නැමීබියාවේ කඳුකර පෙදෙසකදී එඩිකැරන් ප්‍රජාව සම්බන්ධයෙන් සවිස්තරාත්මක අධ්‍යනයක් කර තිබේ.
එහිදී පර්යේෂකයන් පවසන්නේ ප්‍රමාණාත්මක පුරාභුමික සාක්ෂි මගින් පරිනාමවාදී නවෝත්පාදන, පරිසර පද්ධති ඉංජිනේරු ශිල්පය සහ ජීව විද්‍යාත්මක අන්තර ක්‍රියාව මගින් අවසානයේදී පළමු ජීවි විනාශය සිදුවු බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධාගම නෙවෙයි ඉන්දික බුද්ධ දර්ශනය නේද ! (බ)
ඉමල්ක බුද්ධ දර්ශනය හරියට තේරුම් ගත්තා නම් ඔහොම කියන්නේ නැහැ. ඔය හදන්නේ පුරාතන විද්‍යාවක් ආගමේ නාමයෙන් යටපත් කරන්න. (ම)
බුදු දහම නිවන් දැකීමට මිස ජීවී පරිණාමය සෙවීමට නොව (බ)
පර්යේෂණ කරන්නේ සත්‍ය නිරාවරණය කරගැනීම සදහායි. බුදුදහමේ පෙන්වාදෙන්නේ පරම සත්‍ය අවබෝද කරගැනීමට අවශ්‍ය ක්‍රමවේදය හා එමගින් අවබෝද කරගත් ස්වභාවධර්මයේ නිතීනුත්ය. මෙම ක්‍රම වේද සදහා මෙතෙක් ලොව පහලවූ උසස්ම හා සන්කිර්නතම පරිගණකය භවිතා කල අතර දැනටත් එම පරිගණකය හා ක්‍රම වේද බාවිතා කර එම නිතින් සත්‍ය දැයි පරික්ෂ කල හැක. (අ)
ඔව් ශාන්ත, ඒකත් වැඩි ඈතක නොවේ (නි)
පරිසරයට අනුවර්තනය නොවීම සහ විනාශය (නි)
බුද්ධ ධර්මයේ සත්‍යතාව තමයි මතුවෙන්නේ කොහොම පර්යේෂණ කළත්. (නි)
එදා විෂ සහිත බහිස්‍රාවීය ද්‍රව්‍යයක් වූ ඔක්සිජන් පසුකලෙක ජීවීන්ට අත්‍යවශ්‍යය ද්‍රව්‍යයක් වූ ලෙසම මතු දිනෙක කාබන්ඩයොක්සයිඩ් ඒ තැන ගනීවි.(නදී)
මේ පිළිබඳව තවත් කරුණු දැනගන්න කැමති (බ)
සොයාගැනීම අති විශිෂ්ටයි! (නි)
අපේ සිංහලයට වෙන්නෙත් කවද හරි ඕකම තමා (ම)
හැමදේටම ආගම පටලන්න යන්න හදන්න එපා. බුද්ධ දර්ශනය හරිහැටි තේරුම් අරගෙන සම්මා දෘෂ්ටියෙන් බලන්න. විද්‍යාවේ මොකක් හරි හොයා ගත්ත ගමන් ආගම ගාවගන්න දගලන එක මෝහය (බ)
නිශාන්ත, ඔයා හිත හිතා ඉන්න. එතකොට හරි (නි)
බුදුදහම පිළිබඳ සත්‍යාවබෝධය පිණිසයි. නිවන කියන්නේ එකේ අතුරු ළුලයක්.(ම)
ලොව සෑම දර්ශනයටම එකම පදනමක් බලපානවා. ඉහත සොයාගැනීමට පදනම් වී ඇත්තේ නිරීක්ෂණ, පරීක්ෂණ සහ නිගමනයි. මේ සමඟ ආගමික දර්ශන පටලවා ගන්න එපා. (නි)
මේ ඔප්පු වෙන්න යන්නේ අර බුද්ධාගමේ සුත්‍රයක කියවෙන දේම නේද? (බ)
හොඳ ලිපියක් (නි)
තව කාලයක් ගියාම මිනිසා ගැනත් ඔහොමම කියාවි. (නි)
බුදුදහම ඇත්තේ සත්‍යාවබෝධය පිණිසයි. නිවන කියන්නේ එකේ අතුරු ළුලයක්. ගෞතම බුදුන් පැවසූ දෙය තේරුම් නොගත් අය එය ආගමක් ලෙස කරේ තියාගෙන, එයින් යහපත් වැඩක් ගන්නේ නැහැ. (ම)
හරියටම හරි. අපට වරද්දන්නෙත් අපේම එවුන් නෙව! (අ)
ඉතිහාසයේ තව සැඟවුණ කොපමණ දේවල් ඇද්ද? (නි)
තම වර්ගයාගේ ක්‍රියාකාරකම් නිසාම වඳවී යන ජාතියක් ඉන්දියන් සාගරයේ කුඩා දූපතක ඉන්නවලු නේද? (අ)
හොඳ සොයාගැනීමක් (නි)
නුවන්ගේ කතාව මමත් අනුමත කරනවා. අපි අපේ සහයෝගය වෙනුවට අනවශ්‍ය දෑ තව කෙනකුට බැරකර සතුටු වෙනවා හෝ එයින් ප්‍රයෝජනය ගන්නවා. අයහපත් දෙයට පෙළඹෙනවා. නමුත් සත්‍යය ප්‍රතිඵල සැමදාම පවතිනවා (නි)
වර්තමානයේ සිදුවන හැම දෙයක්ම අනිවාර්යෙන් අවුරුදු දහස් ගානකට කලින් බුදුහාමුදුරුවෝ දේශනා කොට ඇත. එක සත්‍යයකි. (අ)
දැනුත් එහෙමනේ... (ර)
ක්ෂුද්‍ර ජීවින් ගැන සඳහන් කළ පළමු විද්‍යාඥයා බුදුන් වහන්සේ (නි)
හිරු සඳු තරු පවතිනතුරා සිංහලයා මිහිපිට ස්ථිරයි (නි)