IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


මුල්ම සතා නැති කළේ වර්ගයාමයි

ලෝකයේ ජීවීන් වඳවී යන්නට හේතුවූයේ උල්කාෂ්ම හා ගිනි කඳු පිපිරීම්යැයි විශ්වාසයක් පැවතිනි. එසේ වුව ද අදින් වසර කෝටි 54කට පෙර ලෝකයේ පළමු ජීවී විනාශය හෙවත් පළමු මහා වඳවීම සිදුව ඇත්තේ එවැනි හේතුවකින් නොවේ යැයි විද්‍යාඥයෝ කියති.

ඔවුන් පවසන්නේ පෘථිවියේ සිටි ආදිතම ක්ෂුද්‍ර ජීවීන් වඳකැර දමා ඇත්තේ සංකීර්ණ ජීවී පරිනාමයකින් බවයි.

සාමාන්‍යයෙන් ජීවින්ගේ  විනාශය ගැන දොස් පැවරුණේ උල්කාෂ්මියක බලපෑමක් සහ ගිනිකඳු පිපිරීමක් වැනි සීඝ්‍ර සාධකයකටවේ. ලෝකයේ පළමු ක්ෂුද්‍ර ජීවීන් ලෙස සැළකෙන ඊඩියාකැරන් ලෝකයෙන් වඳවී ඇත්තේ අදින් වසර කෝටි 54ට පෙර බවත් එයට හේතුව වී ඇත්තේ මන්දගාමීව සිදුවූ ජීවී පරිනාමයක් බවත් ඔවුහු කියති.

වැන්බර්ලලට් විශ්වවිද්‍යාලයේ පෘථිවිය සහ පරිසර විද්‍යාව පිළිබඳ මහාචාර්ය සයිමන් ඩැරොච් පවසා ඇත්තේ ජීව විද්‍යාත්මක ප්‍රාණීන් ජීවය තුරන්කිරීමට යොදා ගත හැකි බවයි.

ඔහු පවසන්නේ මෙලෙස වඳවූ ක්ෂුද්‍ර ජීවීන් වසර බිලියන තුනකට වැඩි කාලයක් පෘථිවියේ අණසක පතුරාගෙන ඉන්නට ඇති බවයි. ඒ ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් හිරු එලියේ ශක්තිය ග්‍රහණය කැර ගැනීමේ හැකියාවෙන් ද යුක්තවී ඇත. ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිකය යෙදුණු ඔවුන්ගේ විෂ සහිත බහිස්‍රාවීය ද්‍රව්‍යයක් ලෙස ඔක්සිජන් නිපදවිණි. ඒ වනවිට ඔක්සිජන්වලින් තොර පරිසරයක වර්ධනය වෙමින් සිටි ක්ෂුද්‍ර ජීවී විශේෂවලට ඔක්සිජන් විෂ සහිත වන්නට ඇත. ඔක්සිජන් අලුත් බලසම්පන්න ශක්ති ප්‍රභවයක් ලෙස ප්‍රයෝජනයට ගත හැකි අයුරින් තැන්පත් විය.

ඉඩියාකැරන් ක්ෂුද්‍ර ජීවින් පැලෑටි වලට සමාන කමක් දක්වයි. මේවා නිශ්චල වන අතර සිලින්ඩරාකාර ප්‍රාණියෙකි.

එය ක්‍රමයෙන් වෙනස් වී  මෘද්වංශිකයන්,ආත්‍රපෝඩාවන්, ජෙලි ෆිෂ් වැනි සතුන් විකසනය වි තිබේ. විද්‍යාඥයින් පවසන්නේ මෙම සතුන් බඩගින්න නිවා ගැනීම සඳහා ඊඩියාකැරන්ස් කා දැමීම හේතුවෙන් පළමු සත්ව විනාශය ලෝකයේ සිදුවු බවයි.

ඩැරොච් පවසන්නේ මෙම නව ජීවින් එනම් පරිසර විද්‍යාත්මක ඉංජිනේරුවන් විසින් පරිසරය වෙනස් කම් වලට වැඩි වැඩියෙන් භාජනය කිරීම හේතුවෙන් ඊඩියා කැරන්ස් හට ජීවිත බේරා ගැනීමට නොහැකි වු බවයි.

ඩැරොච් සහ ඔහුගේ කණ්ඩායම විසින් නැමීබියාවේ කඳුකර පෙදෙසකදී එඩිකැරන් ප්‍රජාව සම්බන්ධයෙන් සවිස්තරාත්මක අධ්‍යනයක් කර තිබේ.

එහිදී පර්යේෂකයන් පවසන්නේ ප්‍රමාණාත්මක පුරාභුමික සාක්ෂි මගින් පරිනාමවාදී නවෝත්පාදන, පරිසර පද්ධති ඉංජිනේරු ශිල්පය සහ ජීව විද්‍යාත්මක අන්තර ක්‍රියාව මගින් අවසානයේදී පළමු ජීවි විනාශය සිදුවු බවයි.

Did critters 1 Did critters 2



අදහස් (0)

මුල්ම සතා නැති කළේ වර්ගයාමයි

පෙරේරා Sunday, 06 September 2015 03:36 PM

බුද්ධාගම නෙවෙයි ඉන්දික බුද්ධ දර්ශනය නේද ! (බ)

:       0       0

ඉන්දික Wednesday, 09 September 2015 05:06 AM

ඉමල්ක බුද්ධ දර්ශනය හරියට තේරුම් ගත්තා නම් ඔහොම කියන්නේ නැහැ. ඔය හදන්නේ පුරාතන විද්‍යාවක් ආගමේ නාමයෙන් යටපත් කරන්න. (ම)

:       0       0

දුමින්ද Wednesday, 09 September 2015 05:12 AM

බුදු දහම නිවන් දැකීමට මිස ජීවී පරිණාමය සෙවීමට නොව (බ)

:       0       0

ඉන්දික Wednesday, 09 September 2015 06:23 AM

පර්යේෂණ කරන්නේ සත්‍ය නිරාවරණය කරගැනීම සදහායි. බුදුදහමේ පෙන්වාදෙන්නේ පරම සත්‍ය අවබෝද කරගැනීමට අවශ්‍ය ක්‍රමවේදය හා එමගින් අවබෝද කරගත් ස්වභාවධර්මයේ නිතීනුත්ය. මෙම ක්‍රම වේද සදහා මෙතෙක් ලොව පහලවූ උසස්ම හා සන්කිර්නතම පරිගණකය භවිතා කල අතර දැනටත් එම පරිගණකය හා ක්‍රම වේද බාවිතා කර එම නිතින් සත්‍ය දැයි පරික්ෂ කල හැක. (අ)

:       0       0

චන්දි Saturday, 03 October 2015 07:00 AM

ඔව් ශාන්ත, ඒකත් වැඩි ඈතක නොවේ (නි)

:       0       0

දුමින්ද Tuesday, 15 September 2015 02:09 AM

පරිසරයට අනුවර්තනය නොවීම සහ විනාශය (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 08 September 2015 05:50 AM

බුද්ධ ධර්මයේ සත්‍යතාව තමයි මතුවෙන්නේ කොහොම පර්යේෂණ කළත්. (නි)

:       0       0

ධම්ම Saturday, 05 September 2015 04:53 AM

එදා විෂ සහිත බහිස්‍රාවීය ද්‍රව්‍යයක් වූ ඔක්සිජන් පසුකලෙක ජීවීන්ට අත්‍යවශ්‍යය ද්‍රව්‍යයක් වූ ලෙසම මතු දිනෙක කාබන්ඩයොක්සයිඩ් ඒ තැන ගනීවි.(නදී)

:       0       0

ධනුෂ්ක Friday, 11 September 2015 06:07 AM

මේ පිළිබඳව තවත් කරුණු දැනගන්න කැමති (බ)

:       0       0

රෂින්ත Tuesday, 15 September 2015 03:08 AM

සොයාගැනීම අති විශිෂ්ටයි! (නි)

:       0       0

සංජය Monday, 21 September 2015 09:30 AM

අපේ සිංහලයට වෙන්නෙත් කවද හරි ඕකම තමා (ම)

:       0       0

ඉමල්ක Tuesday, 08 September 2015 02:49 PM

හැමදේටම ආගම පටලන්න යන්න හදන්න එපා. බුද්ධ දර්ශනය හරිහැටි තේරුම් අරගෙන සම්මා දෘෂ්ටියෙන් බලන්න. විද්‍යාවේ මොකක් හරි හොයා ගත්ත ගමන් ආගම ගාවගන්න දගලන එක මෝහය (බ)

:       0       0

සෝමසිරි Tuesday, 08 September 2015 06:33 AM

නිශාන්ත, ඔයා හිත හිතා ඉන්න. එතකොට හරි (නි)

:       0       0

ඉන්දික Wednesday, 09 September 2015 08:45 AM

බුදුදහම පිළිබඳ සත්‍යාවබෝධය පිණිසයි. නිවන කියන්නේ එකේ අතුරු ළුලයක්.(ම)

:       0       0

ගුණසේකර Thursday, 24 September 2015 11:12 AM

ලොව සෑම දර්ශනයටම එකම පදනමක් බලපානවා. ඉහත සොයාගැනීමට පදනම් වී ඇත්තේ නිරීක්ෂණ, පරීක්ෂණ සහ නිගමනයි. මේ සමඟ ආගමික දර්ශන පටලවා ගන්න එපා. (නි)

:       0       0

ඉන්දික Sunday, 06 September 2015 09:47 AM

මේ ඔප්පු වෙන්න යන්නේ අර බුද්ධාගමේ සුත්‍රයක කියවෙන දේම නේද? (බ)

:       0       0

අජිත් Wednesday, 09 September 2015 05:28 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 14 September 2015 12:16 AM

තව කාලයක් ගියාම මිනිසා ගැනත් ඔහොමම කියාවි. (නි)

:       0       0

ඉන්දික Wednesday, 09 September 2015 10:11 AM

බුදුදහම ඇත්තේ සත්‍යාවබෝධය පිණිසයි. නිවන කියන්නේ එකේ අතුරු ළුලයක්. ගෞතම බුදුන් පැවසූ දෙය තේරුම් නොගත් අය එය ආගමක් ලෙස කරේ තියාගෙන, එයින් යහපත් වැඩක් ගන්නේ නැහැ. (ම)

:       0       0

නුවන් Wednesday, 07 October 2015 02:05 PM

හරියටම හරි. අපට වරද්දන්නෙත් අපේම එවුන් නෙව! (අ)

:       0       0

නිශාන්ත Friday, 04 September 2015 07:29 PM

ඉතිහාසයේ තව සැඟවුණ කොපමණ දේවල් ඇද්ද? (නි)

:       0       0

ශාන්ත Wednesday, 09 September 2015 10:51 AM

තම වර්ගයාගේ ක්‍රියාකාරකම් නිසාම වඳවී යන ජාතියක් ඉන්දියන් සාගරයේ කුඩා දූපතක ඉන්නවලු නේද? (අ)

:       0       0

ටෙනිසන් Saturday, 05 September 2015 12:21 AM

හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

ගුණවර්ධන Sunday, 01 November 2015 07:33 PM

නුවන්ගේ කතාව මමත් අනුමත කරනවා. අපි අපේ සහයෝගය වෙනුවට අනවශ්‍ය දෑ තව කෙනකුට බැරකර සතුටු වෙනවා හෝ එයින් ප්‍රයෝජනය ගන්නවා. අයහපත් දෙයට පෙළඹෙනවා. නමුත් සත්‍යය ප්‍රතිඵල සැමදාම පවතිනවා (නි)

:       0       0

එම්. පොන්සේකා Wednesday, 09 September 2015 04:06 AM

වර්තමානයේ සිදුවන හැම දෙයක්ම අනිවාර්යෙන් අවුරුදු දහස් ගානකට කලින් බුදුහාමුදුරුවෝ දේශනා කොට ඇත. එක සත්‍යයකි. (අ)

:       0       0

තිස්ස Monday, 26 October 2015 10:26 AM

දැනුත් එහෙමනේ... (ර)

:       0       0

සන්ජය Monday, 07 September 2015 06:40 AM

ක්ෂුද්‍ර ජීවින් ගැන සඳහන් කළ පළමු විද්‍යාඥයා බුදුන් වහන්සේ (නි)

:       0       0

නිලංග දිනේෂ් Thursday, 24 September 2015 12:45 AM

හිරු සඳු තරු පවතිනතුරා සිංහලයා මිහිපිට ස්ථිරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2275 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2156 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6060 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3522 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 527 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1982 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1756 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site