ගල් යුගයේ නියැන්ඩතාල් මානවයා හා නූතන මානවයාගේ හෙවත් හෝමෝ සේපියන් මානවයාගේ අතීත මුතුන් මිත්තන් අතර තිබූ සබඳතාව පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගත හැකි වූ බව මානව විද්‍යාඥයෝ කියති.
මේ තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ වසර 36,000ක් පමණ පැරණි ඇට සැකිල්ලකින් ගත් ජාන පරික්ෂා කිරීමෙනි. කේම්බ්‍රිජ් හා කෝපන්හේගන් විශ්වවිද්‍යාලවල පර්යේෂකයන් පවසන්නේ දළ වශයෙන් වසර 54,000ට පෙර පටන් මේ මානව විශේෂ දෙක අතර අන්තර් සම්බන්ධතා පවතින්නට ඇති බවයි.
ප්‍රවේණි ද්‍රව්‍ය පරීක්ෂාවෙන් පෙනීගොස් ඇත්තේ ශිලා යුගයේ ජීවත් වූ නියැන්ඩතාල් මානවයාගේ ජානවලින් සුළු කොටසක් අප්‍රිකාවේ සිට යුරෝපය දක්වා පැමිණි පළමු නූතන මානව සැකිළිවලින් ද හමුවන බවයි. ඒ අනුව නියැන්ඩතාල් මානවයා හා හෝමෝසේපියන් මානවයා එකිනෙක අන්තර්අභිජනනයෙන් සම්මිශ්‍රණය වී ඇති බව තහවුරු වී තිබේ. පර්යේෂකයන් පවසන්නේ වර්තමානයේ පවා ආසියා හා යුරෝපීය මිශ්‍ර ජනයාගේ ඩී.එන්.ඒ. වල නියැන්ඩතාල් මානයාගේ තිබූ ඩී.එන්.ඒ. ස්වල්පයක් දක්නට ලැබෙන බවයි.
“ නියැන්ඩතාල් මානවයා වේගයෙන් තුරන් වී ගියා. ඒ වගේ ම නූතන මානවයා කොතරම් ප්‍රමාදව නියැන්ඩතාල් මානවයාට මුණ ගැසුනා ද කියා අපි දන්නේ නැහැ“ යැයි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොබට් ෆොලේ ප්‍රශ්න කරයි. ඔහු වැඩිදුරත් මෙසේ ද කීවේය.
‘‘ඇත්තටම අපි පුදුමයට පත්වූවා. මොවුන් අතර අන්තර්අභිජනනයක් සිදුවූ බව සොයා ගැනීමෙන්. නමුත් දැන් වෙත් ප්‍රශ්නයක් පැන නැගි තිබෙනවා. මේ අභිජනනය සිදුව ඇත්තේ ඉතා සුළු වශයෙන්. එය අපට තවමත් තේරුම්ගත නොහැකි විශේෂිත තත්ත්වයක්. “


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරවින්ද, මගේ හිතේ තිබුන අදහසක් ඔබේ විස්තරයෙන් ප්‍රකාශ වෙලා තියෙනවා. ඔය කියන මැවීම් ගැන උගන්වන්නේ ආගම් දෙකක විතරයි. එම ආගම් මෙලොවට බිහිවුනේ මැද පෙරදිග කලාපයට අයත් රටවල් වල. දැන් වගේ කිසිම පහසු කමක් හෝ අඩුම තරමේ ආහාර සහ ජලය පවා ලබා ගැනීමේ හැකියාව ඉතාම පහත් මට්ටමක තමයි තිබී ඇත්තේ. එම රටවල් වල අතීත චායාරූප දුටු විට එය සනාථ වෙනවා. එහිදී, ස්වභාව ධර්මයේ සිදුවෙන දේවල් පවා අවබෝධ කර ගැනීමේ ශක්තියක් නොතිබූ බැවින් සියල්ල යම්කිසි නොපෙනෙන බලවේගයක් විසින් මෙහෙය වනු ඇති විශ්වාස කිරීමට පෙළඹීම තමයි මැවුම් කරුවෙක් ගැන සිතීමට මුල් වී තියීන්නේ. තර්කානු කුලව සිතීමෙන් එම අන්ධ විශ්වාසය බැහැර කල හැකිවෙනවා. (නදී)
මම මේ කල්පනා කළේ බන්දුල පෙරේරා වගේ කඩේ යන අයගේ පරිණාමය කොහොම සිද්ධ වූ දෙයක්ද කියලයි. (නි)
මේ බුද්ධිමත් මහත්වරු කියන විදියට මේ සොයා ගැනීම මගින් කර්මය කියන සංකල්පය අහෝසි වෙනවා. නමුත් මැවුම්වාදයට කිසිම අදාලත්වයක් මේකේ නෑ (නදී)
කුමාර් කොහෙන්ද ළමයෝ ඔය ඉන්ටලිජන්ට් ඩිසයින් ගැන තොරතුරු ලබාගත්තේ ? දේව වාදය ප්‍රතික්ෂේප වේගන යනකොට ඔන්න ඕකේ එල්ලුනා හොලිවුඩ් තරු ටිකක් එත් දැන් නම් සල්ලි ගරා ගන්න තමයි ඩිසයින් කරන්නේ.(අ)
කුමාර්, ඔබ කියන "ඉන්ටලිජෙන්ස් ඩිසයින්" පස්සේ විද්‍යාව දුවන එක ගැන එක උදාහරණයක් දෙන්න පුලුවන්ද? මෙතෙක් කල් හමුවූ කිසිම විද්‍යාත්මක සාක්ෂියකින් මැවීමේ (ඉන්ටෙලිජන්ට් ඩිසයින්) සංකල්පයට රුකුලක් ලැබෙන්නේ නැහැ. අනෙක මේ තොරතුර සහ කාල වකවානු ඔයා කියන "ඉන්ටලිජෙන්ස් ඩිසයින්" එකට සම්බන්ධ කරගන්නේ කොහොමද කියල මට නම් තේරෙන්නේ නැහැ. (නදී)
අනේ මන්දා! මට නම් පිස්සු වගෙයි (නි)
කුමාර්, පරිනාමවාදයෙන් සියලුම දේ ප්‍රත්‍යක්ෂ ලෙස පහදන්න බැරි අවස්ථා අල්පයක් තිබීම මැවීමේ සංකල්පය සනාථ කරන්නේ නැහැ. මැවීම සනාථ කිරීමට විද්‍යාත්මක සාක්ෂි කිසිවක් නැති වීම මැවීමේ සංකල්පය බොරුවක් බවට සනාථ කරන්නෙත් නැහැ. නමුත් බොහෝ දෙනා විශ්වාස කරන, ආගමික පොත්පත්වල සඳහන් මැවීම නම් විද්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් ප්‍රතික්ෂේප වෙනවා. (බ)
කුමාර්, ඔබ මේ තොරතුරට අදාල කාල වකවානු ඔබේ විශ්වාසය තහවුරු කරන්නක් ලෙස දකීනම්, මේ කාල වකවානු වැරදි යැයි යමෙක් ඔප්පු කලොත් ඔබ ඔබේ විශ්වාසය බිඳ ගන්නේද ?(බ)
මේ කතාවෙන් ඔප්පු වෙන්නේ කුමක්ද? ගණන් හදලා බලන්න අවුරුදු ගැන. (නි)
ඉතා හොඳ සොයාගැනීමක් (නි)
අනේ මන්දා! මේකේ දාලා තියෙන අදහස් දැක්කහම පුදුමත් හිතෙනවා. ඇයි මිනිස්සු උගත්කම විතරක් පාවිච්චි කරන්නේ බුද්ධිය පාවිච්චි නොකර? උගත්කමම බුද්ධිය කියලා හිතාගත් පිරිසක් සමඟ අදහස් හුවමාරු කරගන්න එකත් මහා විහිළුවක් (නි)
මිනිස්සු ඉපදුන දා සිට මියෙන දා දක්වා ප්‍රයෝජනයට ගන්නේ විද්‍යාව විසින් සොයාගත් දේ. එ්ත් සමහර මිනිසුන් ආවඩන්නේ මිත්‍යාව වෙනුවෙන්. එ්කට තමයි කියන්නේ මිනිසා සම්පුර්නව කිසිම දෙයක් තනිව දකින්නේ නෑ. සමුහයක් වශයෙන් සොයාගෙන පරිනත සොයාගැනීමක් වශයෙන් තක්සේරු පිළිගැනීමක් ලැබුන විට එය විද්‍යාත්මක සොයාගැනීමක් බවට පත්වෙනවා. හැම දෙයක් තුලම විද්‍යාත්මක තත්ත්ව විස්තරයක් තියෙනවා. නමුත් සාමුහික නොවන මිනිස් මනසට එය ගෝචර නොවන හෙයින් සාමාන්‍ය මිනිසා එය නොදකිනවා. එ්ක තමයි මිනිස් ස්වබාවය. (නදී)
වහින්නයි අකුණු ගහන්නයි දෙකටත් ජීවයක් තියෙන්න ඕනනේ ..තව ඔය ඕන තරම් ග්‍රහලෝක තියෙන්නේ වැහින්නේත් නැනේ .. අකුණු ගහන්නෙත් නැනේ .. ඒක හින්ද මැවීම ඇත්තක්..(අ)
නිමල්, දැනගන්න කැමතියි, හෝමෝ නියැඩතාල්ලාගේත් හෝමෝ සේපියන්ස්ලාගේත් අන්තර් අභිජනනය කොහොමද පුනර්භවය එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. මට දැනෙන විදිහට පුනර්භවය සම්බන්ධ වෙන්නේ ඇල්බර්ට් අයිනිස්ටයින්ගේ ශක්ති සංස්තිථික නියමය එක්කයි. (නි)
අකුණු සැර වදිමින් වැස්ස පටන්ගන්න වෙලාවක පොළව මතුපිට ඇමයිනෝ අම්ල ඇතිවෙනවා. ඒක තමයි ජීවයේ ආරම්භය. මැවීම කියන්නෙ නොතේරුම්කමට හදාගත්ත කල්පිතයක්. (නදී)
ඉතාමත් වැදගත් සොයාගැනීමක්. ඩාවින්ගේ පරිණාමවාදය ජාන තාක්ෂණය නිසා වඩාත් ශක්තිමත් වන අතර ,ජාන තාක්ෂණය නිසා පුනරුත්පත්තිය සහ පුනර්භවය පිළිබඳව වන්නාවූ මතයන් මිත්‍යාවන් බවට ඉබේම පත්වන්නේය. (නි)
මේ දවස් වල විද්‍යාත්මක පර්යේෂණ වලින් හොයා ගන්නෙම දෙවියන් වහන්සේ කියපු දේවල් වලට විරුද්ධ දේවල්. ලොකු පොත් දෙක තුනම බලවත් අර්බුදයකට ලක්ව ඇති බව පෙනේ. (හේ)
මෙයා මොනවාගෙන්ද දත් මැද්දේ කියල හොයල බැලුවනම් ඊට වඩා වටිනවා. වසර 36000 ක් මෙච්චර ලස්සනට දත් සෙට් එක රැකෙන්න (නදී)
මාධව, දන්නවද දැන් විද්‍යාව අතරමන්වෙලා පරිනාම වාදයත් සමගම අගමුල පටලාගෙන දැන් "ඉන්ටලිජෙන්ස් ඩිසයින්" එක පස්සේ විද්‍යාව දුවනවා. (නදී)
බෞද්ධ ධර්මයේ අභිධර්මය හැදෑරීමෙන් මේ පිළිබඳ මතයක් නිර්මාණය කර ගත හැකියි. (බ)
ඒ කාලෙත් දැන් කාලයේ ඉන්නවා වගේ අය ඉන්න ඇති. (නි)
මානවයාගේ පැතිරෙන්නේ වෙන්නේ මෙහෙමයි (දී)
මිශ්‍ර වෙලා කිව්වේ.(හේ)
බෙනට් මහත්තයෝ,අද වගේ නෙමෙයි, එදා හොඳ දත්බෙහෙත් ජාති තිබුනා. (නි)
ඇත්තටම විශ්වයේ ආරම්භය කොහොම සිදු වෙන්න ඇතිද? කවදාවත් කවුරුත් මේකට උත්තරයක් හොයාගන්නේ නැහැ. අදිසි නිර්මාණකරුවෙක් ඉන්නම ඕනේ. ඒ තමයි දෙවියන්. (ර)
මට පුදුම සතුටක් දැනෙනවා මේ අදහස් දැක්කම. මිථ්‍යාවන්ට හසු නොවෙච්ච ගොඩක් දෙනෙක් අප අතර සිටිනවා. ලංකාදීපය ස්තුති කරන්න ඕන මේ ලිපි පල කිරීම හරහා අපව එකට යා කිරීම ගැන. (අ)
දන්නැති නිසා අහන්නේ. එතකොට ඔය මානව වර්ග ඔක්කොම හිටියේ එකම කාලෙකද? මට නම් හිතෙන්නේ පිට සක්වල විවිද ග්‍රහ ලෝක වලින් ඇවිත්,පෘතුවියේ පැල පැදියම් වෙලා (නදී)
මම පුරාවිද්‍යාව හදාරන සිසුවෙක් හැටියට දන්නෙ නම් ලංකාව තුළ හමුවන මානවයන් ඉතා නොදියුණු පිරිසක් බවයි. නමුත් රට අභ්‍යන්තරයෙන් හමුවන මුහුදු බෙල්ලන් කියාපාන්නෙ ඔවුන් රට පුරා සංචාරය කළ බව හෝ ඔවුන් අතර අභ්‍යන්තර වෙළද භාණ්ඩ හුවමාරුවක් පැවති සරල ජීවන රටාවක් පැවති බව නොවෙද?
මේ සිද්ධවෙන දේවල් ඒ්වගේ ප්‍රතිපල ද දන්නැ