IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


බ්‍රහස්පතිගේ චන්ද්‍රයෙක් මත ජලය

හබල් දුරේක්ෂය උපයෝගි කරගනිමින් විද්‍යාඥයන්  කරණ ලද පර්යේෂනයකින් බ්‍රහස්පති ග්‍රහයාගේ කක්ෂය මත ඇති චන්ද්‍ර උපග්‍රහයා ගේ අයිස් ස්ථරයට යටින් සාගරයක් පවතින බවත් එමගින් එහි අනාගතයේදී ජීවය සොයා ගැනීමට හැකිවේයැයි  ස්ථිර කළ හැකි බව නාසා ආයතනය ප්‍රථම වරට අනාවරණය කර තිබේ.

මෙම අනාවරණය  හේතුවෙන් සෞරග්‍රහ මන්ඩලයේ ඇති විශාලම ග්‍රහ වස්තුව වන බ්‍රහස්පති සම්බන්ධයෙන් පැවති අභිරහස විසඳීමට සමත් ව ඇත. මෙම ග්‍රහයා සම්බන්ධයෙන් 1995 – 2003 දක්වා ගැලිලියෝ අභ්‍යාවකාශ යානය මගින් ද කරණ ලද පර්යේෂණයන්හි දි මෙහි ජීවය පැවතීමට ඉඩ කඩ ඇති බවට ඉඟි ලබා දි තිබිණි.

මෙම කරුණ පිලිබඳව නාසා ආයතනයේ සහකාර පරිපාලක ජිම් ග්‍රීන් මාධ්‍ය හමුවකදි කරුණු දක්වා තිබේ.

පසුගිය බදාදා විද්‍යාඥයින් වාර්තා කළේ සෙනසුරුගේ අයිස් කබොල්ලට යටින් ජල උල්පත් නොමැති බවයි. කෙසේ වෙතත් බ්‍රහස්පති ග්‍රහයා තුල පිහිටි සාගරයේ ඝනකම සැතපුම් 60 ක් එනම් කිලෝ මීටර් 100 ක් වන අතර පෘථිවි සාගරයට වඩා ගැඹුරින් දස ගුණයක් වන බවයි. මෙම සාගරය අයිස් තට්ටුවේ සිට සැතපුම් 95 ක් එනම් කිලෝ මීටර් 150 ක් යටින් වැළලී පවතින බවද විද්‍යාඥයන් විසින් ගණන් බලා ඇත.

මෙම අනාවරණයත් සමගම ජීවින්ගේ වාසයට සුදුසු ජලයෙන් පොහොසත් ස්ථානයක්  අපගේ සෞරග්‍රහමන්ඩලයේ තිබෙන බවට ඇති සාක්ෂිය පියවරකින් ඉදිරියට යන බව වොෂින්ටනයේ පිහිටි අභ්‍යාවකාශ පර්යේෂණ විශ්ව විද්‍යාලීය සම්මේලනයේ  අභ්‍යාවකාශගාමී හෙයිඩි හැමෙල් පවසා තිබේ.

Does Jupitor 1බ්‍රහස්පතීගේ

 


 



අදහස් (0)

බ්‍රහස්පතිගේ චන්ද්‍රයෙක් මත ජලය

ඉන්දික Friday, 13 March 2015 04:41 PM

ග්‍රහලෝක වල දේවල් සොයන්න පුළුවන්. අර නැතිවූ එම්.එච්.370 ගැන අවුරුද්දක් ගිහිල්ලත් හොයන්නේ නැහැ. (නි)

:       1       0

ශිරාන් Monday, 16 March 2015 07:31 AM

තව අවරුදු ලක්ෂයක් ගියත් මිහිහෙකුට ජීවත් වෙන්න වෙන ග්‍රහයක් හොයා ගන්න බැහැ. පෘතුවිය තමයි තියෙන එකම දේ. (හේ)

:       0       0

අමන්දා ඇමෙරිකාව Saturday, 14 March 2015 02:51 PM

නසා ආයතනය මිනිස් වර්ගයා වෙනුවෙන් කරන මේ සොයා ගැනීම් වලට ඇමරිකාව තමන්ගේ බජට් එකෙන් ඩොලර් බිලියන ගණනක් වෙන් කරනවා. ඔවුනට ස්තුති වන්ත විය යුතුයි (නදී)

:       0       1

සුභාෂිනී Friday, 27 March 2015 05:19 AM

අත්තෙන්ම් එවෙනි සොයා ගැනීම් සිදුකල යුතුය. මොකද අපේ පෘතුවිය අද ඉතාමත් අවදානම් තත්වයක පවතින නිසා. අපේ ලෝකෙට ආදරේ නැති මිනිස්සු නිසා මේ පෘතුවිය තව අවුරුදු කිහිපයකින් විනාසවෙලා යාවි. ඒ නිසා අනිවාර්යෙන්ම එවෙනි සොයාගැනීම් කිරීම ගැන ස්තුතිකල යුතුය. (නදී)

:       0       0

දුමින්ද Monday, 16 March 2015 10:20 AM

බදු දහමට අනුව විශ්වය සෙවීම අනුවණ ක්‍රියාවලියක් (දිල්)

:       0       0

පානි Saturday, 14 March 2015 01:35 AM

මේ මිනිස්සුන්ට කිසිම වැඩක් නැති දේවල් හොයනවා. නාසා එක වහන්න ඕනේ (නදී)

:       0       0

ජයන්ත Saturday, 14 March 2015 06:27 PM

තාමත් අපේ රටේ සමහර මිනිස්සු ඉන්නේ කලියුග කාලේ. එ්කයි මෙවැනි දේවල් සමච්චලේට ලක්කරන්නේ. මේක 21 වෙනි සියවස (නදී)

:       0       0

අමර Saturday, 14 March 2015 06:44 PM

පෘථිවිය පොඩ්ඩක් ඇල උනාම එක පැත්තකට හිම. අනෙ පැත්ත උණුවෙනවා. බ්‍රහස්පතිගේ චන්ද්‍රයගේ ජීවය ගැන හිතා ගත හැකියි. (නදී)

:       0       0

තිලක් Sunday, 15 March 2015 08:44 PM

අනුරුද්ධ, හිරුගෙන් බොහෝ දුර පිහිටි බ්‍රහස්පති අසළ ජීවය පවතීනම් එය මෙවැනි කිලෝමීටර් සිය ගණන් ඝන අයිස් තට්ටුවක් යට බිහිවීමට වඩා ගිනි කඳු බහුල උප ග්‍රහයෙකු මත බිහිවීමට ඇති සම්භාවීතාවය ඉහළයි. ජීවීන්ට ජීවත්වීමට ශක්තිය අවශ්‍යයිනේ. අපේ පෘථිවියේත් ගිනි කඳු වලින් පිටවෙන සල්පර් ඩයොක්සයිඩ් වලින් යැපෙන ජීවීන් ඉන්නවා. එම ජීවීන් තමා මුල්ම ජීවීන්. (නි)

:       0       0

මොරිස් Monday, 16 March 2015 12:40 PM

මිනිසා යනු මෙම ග්‍රහ ලෝකය තුල මෙහි ඇති පාරිසරික තත්වයන්ට අනුරුපිව පරිණාමය වූ සත්වයයි. විශ්වයේ වෙනත් තැනක වෙනස් පරිසර තත්වයන්ට අනුරුපියව වෙනස් ආකාරයක ජීවියෙක් බිහිවිය හැකිය. විද්‍යාව යනු තර්ක බුද්දියට, කරුණු වලට අනුව ගොඩනගන දෙයක් ඕනෑම ආගමක් යනු භක්තිය මත පදනම් වූ විස්වාසයක් පමණයි මේ දෙක අතර කිසිදු පැහිමක් නැත (අ)

:       0       0

චානක අලහකූන් Monday, 16 March 2015 01:36 AM

සම්පත්, චන්ද්‍රයාගේ නම ගැනිමීඩ් (නි)

:       0       0

අභය Thursday, 19 March 2015 03:41 AM

වතුර නම් දුප්පත්. අයිස් නම් පොහොසත්. අපේ ලෝකේ නම් එහෙමයි. සමකය ආසන්න රටවල් වතුර එක්ක දුප්පත්. ඊට පහල උඩ රටවල් අපිවත් කාල කාල පොහොසත්. ඒ බ්‍රහස්පතියටත් දුප්පත් කම උරුමවෙයි. (නදී)

:       0       0

පිටබැද්දර - ජයා Sunday, 15 March 2015 08:01 AM

ඇමරිකාවට කියමු එහෙනම් ඇමරිකානු ඩෝලර් වලින් අප්‍රිකානු මහද්වීපයටවත් උදව් කරන්න කියලා දුප්පත්කම නැති කරන්න (ම)

:       0       0

අනුරුද්ද Sunday, 15 March 2015 08:42 AM

සන්වන්නි වැරදියි. ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මැතිතුමා ප්‍රකාශ කලේ යුරෝපා උපග්‍රහයා මත ජීවීන්ගේ පැවැත්මට සුදුසු වායුගෝලයක් පැවතිය හැකි බවයි. දිවංගත ශ්‍රීමතුන් ගැන සඳහන් කිරීමේදී ඉතා නිවැරදි කරුණු දක්වන ලෙස ඉල්ලමි. අායෝ කියන්නේ සෞර ග්‍රහ මණ්ඩලයේ වැඩිම ගිනිකඳු ක්‍රියා කාරීත්වයකින් යුතු උප ග්‍රහයා බැවින් ඒ මත එවැනි සම්භාවිතාවක් ඇත්තේ ඉතා අඩු වශයෙනි.(නදී)

:       0       0

රොහාන් ඩුබායි Saturday, 14 March 2015 07:51 AM

ඔව් ඔව්, ඕව හොයන එක මොන ගොන්කමක්ද? නාසා එක වහලදාන එකමයි හොඳ. බඩකට පිරෙන්න කාල බිල ගල්ගේක හරි පැල්කොටේක හරි ඉන්න තිබ්බ නම් මදිද නේද? ඕව බොරු වියදම්. (නදී)

:       0       0

අකිල Sunday, 22 March 2015 01:28 AM

අලුත් අලුත් දේවල් සොයාගන්න එක හොඳයි. මොනවා වුණත් මේ වැඩේ නම් නියමයි (නි)

:       0       0

දිනේෂ් Friday, 13 March 2015 02:05 PM

අපිට කියලා වැඩක් නෑ.(හේ)

:       0       0

සන්වන්නි Saturday, 14 March 2015 08:58 AM

බ්‍රහස්පති ග්‍රහයාගේ උප ග්‍රහයෙකු වන ආයෝ චන්ද්‍රයා තුල ජීවීන්ගේ පැවැත්මට සුදුසු වායුගෝලයක් පැවතිය හැකි බව මීට වසර බොහෝ ගණනකට පෙර ප්‍රකාශ කළේ ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මැතිතුමායි. ඒ පිළිබඳ කිසිදු සිහිපත් කිරීමක් මාධ්‍ය මගින් සිදු නොකෙරේ (නදී)

:       0       0

සමීර Sunday, 22 March 2015 02:50 PM

තිලක්ගෙ අදහස වැරදි නෑ. නමුත් ඒ දැනට දන්නා වර්ගයේ ජීවී කොට්ටාස. අප තවමත් සොයාගෙන නැති නමුත් වෙනත් ආකාර වල ශක්ති මූලශ්‍ර වලින් යැපෙන ජීවී කොට්ටාස ඉන්න පුලුවන්.(නදී)

:       0       0

නාමල් Thursday, 19 March 2015 05:57 AM

අලුත් අලුත් දේවල් හොයගන්න ඕනෑ, නැත් නම් අපි හැමදාම එකම තැන ආනාගතයට සුදානම් වන එක හොඳයි (නදී)

:       0       0

සම්පත් Saturday, 14 March 2015 11:15 AM

මේ චන්ද්‍රයාගේ නම ලිපියේ කොහේවත් නැත. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2275 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2157 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6061 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3523 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4214 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 800 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2354 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2018 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site