ලෝකයේ පැරණිතම කේෂාලංකරණ රන් ආභරණය බලගේරියාවෙන් සොයාගත් බව පුරාවිද්‍යාඥයෝ පිරිසක් කියති. යුරෝපයේ පිහිටි වඩාත් පැරණි ප්‍රාග්ඓතිහාසික භූමි ප්‍රදේශය ලෙස සැළකෙන සොල්නිට්සාටා වලින් මෙය සොයා ගෙන ඇත. පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ රන් ආභරණය අදින් වසර 6,600ට පෙර සාදා ඇති බවයි.
කැරට් 24 රන්වලින් නිපදවා ඇති එහි බර ග්‍රෑම් දෙකකි. එය ගැහැනියක විසින් හෝ පිරිමියකු විසින් භාවිතා කරන්නට ඇතැයි පර්යේෂකයෝ සැක කරති. ඇතැම්විට එය මාල පෙත්තක් විය හැකියැයි ද පුරාවිද්‍යාඥයන් පවසයි.
පුරාවිද්‍යාඥයන් පවසන්නේ මෙවන් රන් ආභරණ සෑදිය හැකි සමාජයක් එම ප්‍රදේශයේ ජීවත් වූවානම් ඔවුන් සමකාලීන අන් මානවයන්ට වඩා දියුණු වූ සංස්කෘතියකින් යුතු පිරිසක් වන්නට ඇති බවයි. ඒ අනුව ඔවුන්ගේ මතය වී ඇත්තේ වත්මන් සොල්නිට්සාටා ප්‍රදේශය ප්‍රාග්ඓතිහාසික යුගයේ දී යම් නාගරික ස්වරූපයකින් යුතු වන්නට ඇති බවයි.
මේ ප්‍රදේශයේ ක්‍රිස්තු පූර්ව 4300 දී පමණ ඉදිවූ බළකොටුවක නෂ්ඨාවශේෂ දක්නට ලැබෙන අතර එහි දෙමහල් නිවාස තිබූ බවට ද සාධක ඇතැයි පුරාවිදයාඥයෝ කියති.
සොයාගැනීම සිදුකළ බල්ගේරියා ජාතික පුරාවිද්‍යා ආයතනයේ මහාචාර්ය වැසිල් නිකලොව් පවසන්නේ මේ රන් භාණ්ඩඩය එම කාලයටත් වඩා තවත් වසර 200ක් හෝ 300ක් පමණ පැරණි බවයි.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කියයි.
‘‘1972 වර්ෂයේ දී බල්ගේරියාවේ නැගෙනහිර පිහිටි ප්‍රොවඩියා ප්‍රදේශයෙන් රන් ආභරණ කිහිපයක කැබලි 23ක් පමණ සොයාගෙන තිබෙනවා. කෙසේ වෙතත් අපි මෙතෙක් බල්ගේරියාවේ කරන ලද පර්යේෂණ අනුව පැහැදිලියි වත්මන් බල්ගේරියාවේ උතුරු ප්‍රදේශයේ ඉතා සංකීර්ණ හා දියුණු ලක්ෂණ ඇති ප්‍රාග්ඓතිහාසික සමාජයක් තිබූ බව.“





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ළිඳේ ඉන්න මැඩියෝ වගේ කතා කරන්න හොඳ නැහැ. අනිත් රටවලත් දියුණු ශිෂ්ටාචාර තිබුනා. අපි ලෝකෙම පාලනය කළේ නැහැ (නි)
රොක්සි, මොනවද වෙලා තියෙන්නේ? (නි)
රුචිරගේ කතාවට මාත් එකඟයි.(ම)
මේ වගේ පෞරානික පුවත් වලට ගොඩක් කැමතියි කියවන්න. (ර)
හොඳ ලිපියක් (නි)
මටනම් පෙන්නේ පෞරාණික දාගැබක් වගේ (ම)
බලගිරිය ගැන රොක්සිගේ අනාවරණයත් හොඳයි. බල්ගේරියාවේ කේශාලංකරන රන් ආභරණ ගැන ලියවුණ ලිපියත් අගය කළයුතුයි. (නි)
මේවා අහනකොටත් පුදුමයි
ආදි කාලේ ඔය ප්‍රදේශය ජනාවාස කළ හෙළ මුතුන් මිත්තන් ඕකට නම් තැබුවේ බලගිරිය කියලයි. අපේ හෙළ උරුමය මේ විදිහටවත් අනාවරණය වන එක අපට මොනතරම් ආඩම්බරයක්ද? එදා හෙළයන් පිරිසකුත් අරගෙන ගුවන් යානාවකින් බලගිරියේ ජනාවාස පිහිටවපු හෙළ නායකයෙක් තමයි බුද්ධපුත්‍ර කියන්නේ. හෙළයන්ට මොනතරම් ආඩම්බර විය හැකිද? (නි)