IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ගල් යුගයේත් රන් වැඩ කරලා

ලෝකයේ පැරණිතම කේෂාලංකරණ රන් ආභරණය බලගේරියාවෙන් සොයාගත් බව පුරාවිද්‍යාඥයෝ පිරිසක් කියති. යුරෝපයේ පිහිටි වඩාත් පැරණි ප්‍රාග්ඓතිහාසික භූමි ප්‍රදේශය ලෙස සැළකෙන සොල්නිට්සාටා වලින් මෙය සොයා ගෙන ඇත. පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ රන් ආභරණය අදින් වසර 6,600ට පෙර සාදා ඇති බවයි.

කැරට් 24 රන්වලින් නිපදවා ඇති එහි බර ග්‍රෑම් දෙකකි. එය ගැහැනියක විසින් හෝ පිරිමියකු විසින් භාවිතා කරන්නට ඇතැයි පර්යේෂකයෝ සැක කරති. ඇතැම්විට එය මාල පෙත්තක් විය හැකියැයි ද පුරාවිද්‍යාඥයන් පවසයි.

පුරාවිද්‍යාඥයන් පවසන්නේ මෙවන් රන් ආභරණ සෑදිය හැකි සමාජයක් එම ප්‍රදේශයේ ජීවත් වූවානම් ඔවුන් සමකාලීන අන් මානවයන්ට වඩා දියුණු වූ සංස්කෘතියකින් යුතු පිරිසක් වන්නට ඇති බවයි. ඒ අනුව ඔවුන්ගේ මතය වී ඇත්තේ වත්මන් සොල්නිට්සාටා ප්‍රදේශය ප්‍රාග්ඓතිහාසික යුගයේ දී යම් නාගරික ස්වරූපයකින් යුතු වන්නට ඇති බවයි.

මේ ප්‍රදේශයේ ක්‍රිස්තු පූර්ව 4300 දී පමණ ඉදිවූ බළකොටුවක නෂ්ඨාවශේෂ දක්නට ලැබෙන අතර එහි දෙමහල් නිවාස තිබූ බවට ද සාධක ඇතැයි පුරාවිදයාඥයෝ කියති.

සොයාගැනීම සිදුකළ බල්ගේරියා ජාතික පුරාවිද්‍යා ආයතනයේ මහාචාර්ය වැසිල් නිකලොව් පවසන්නේ මේ රන් භාණ්ඩඩය එම කාලයටත් වඩා තවත් වසර 200ක් හෝ 300ක් පමණ පැරණි බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කියයි.

‘‘1972 වර්ෂයේ දී බල්ගේරියාවේ නැගෙනහිර පිහිටි ප්‍රොවඩියා ප්‍රදේශයෙන් රන් ආභරණ කිහිපයක කැබලි 23ක් පමණ සොයාගෙන තිබෙනවා. කෙසේ වෙතත් අපි මෙතෙක් බල්ගේරියාවේ කරන ලද පර්යේෂණ අනුව පැහැදිලියි වත්මන් බල්ගේරියාවේ උතුරු ප්‍රදේශයේ ඉතා සංකීර්ණ හා දියුණු ලක්ෂණ ඇති ප්‍රාග්ඓතිහාසික සමාජයක් තිබූ බව.“

2EA49B8F00000578-3327210-The_delicate_piece_of_gold_pictured_may_have_been_worn_by_either-a-40_1448034314041 2EA49BC100000578-3327210-The_jewel_is_only_the_latest_surprise_emerging_from_the_explorat-a-39_1448034311747 2EA49BC700000578-0-image-a-18_1448031618134 2EA49BCC00000578-3327210-A_gold_pendant_pictured_discovered_on_the_site_of_a_prehistoric_-a-41_1448034319411 2EA2362600000578-3327210-The_Bulgarian_necropolis_of_Solnitsata_pictured_is_thought_to_da-m-32_1448032565480

 

 

 

 

 



අදහස් (0)

ගල් යුගයේත් රන් වැඩ කරලා

ජයන්ත Thursday, 10 December 2015 05:17 PM

අපි ළිඳේ ඉන්න මැඩියෝ වගේ කතා කරන්න හොඳ නැහැ. අනිත් රටවලත් දියුණු ශිෂ්ටාචාර තිබුනා. අපි ලෝකෙම පාලනය කළේ නැහැ (නි)

:       0       0

උපාලි Monday, 07 December 2015 03:12 PM

රොක්සි, මොනවද වෙලා තියෙන්නේ? (නි)

:       0       0

ලක්සිරි Monday, 23 November 2015 08:59 AM

රුචිරගේ කතාවට මාත් එකඟයි.(ම)

:       0       0

දිලාන් Tuesday, 24 November 2015 11:01 AM

මේ වගේ පෞරානික පුවත් වලට ගොඩක් කැමතියි කියවන්න. (ර)

:       0       0

වසන්ත Sunday, 06 December 2015 06:36 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

රුචිර Monday, 23 November 2015 04:20 AM

මටනම් පෙන්නේ පෞරාණික දාගැබක් වගේ (ම)

:       0       0

ඉනෝකා Thursday, 10 December 2015 12:41 PM

බලගිරිය ගැන රොක්සිගේ අනාවරණයත් හොඳයි. බල්ගේරියාවේ කේශාලංකරන රන් ආභරණ ගැන ලියවුණ ලිපියත් අගය කළයුතුයි. (නි)

:       0       0

යසපාල Tuesday, 24 November 2015 02:17 PM

මේවා අහනකොටත් පුදුමයි

:       0       0

රොක්සි Monday, 07 December 2015 02:35 PM

ආදි කාලේ ඔය ප්‍රදේශය ජනාවාස කළ හෙළ මුතුන් මිත්තන් ඕකට නම් තැබුවේ බලගිරිය කියලයි. අපේ හෙළ උරුමය මේ විදිහටවත් අනාවරණය වන එක අපට මොනතරම් ආඩම්බරයක්ද? එදා හෙළයන් පිරිසකුත් අරගෙන ගුවන් යානාවකින් බලගිරියේ ජනාවාස පිහිටවපු හෙළ නායකයෙක් තමයි බුද්ධපුත්‍ර කියන්නේ. හෙළයන්ට මොනතරම් ආඩම්බර විය හැකිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1800 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1472 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 524 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site