ජපානයේ ටෝකියෝ නුවර 2020 වසරේ දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ ප්‍රවාහන කටයුතු තවදුරටත් පහසු කිරීමට ජපානය විසින් නවතම අධිවේගී දුම්රියක් හඳුන්වා දී තිබේ.
ෂින්කන්සන් N700S හෙවත් ෂින්කන්සන් සු ලෙස නම්කර තිබෙන මෙම දුම්රිය ෂින්කන්සන් අධිවේගී දුම්රිය මාදිලියේ නවතම නිෂ්පාදනයකි.
මෙම දුම්රිය 2020 වර්ෂයේ දී ටෝකියෝව සහ ෂින්-ඔසාකා අතර ධාවනයේ යෙදවීමට සැලසුම් කර තිබේ.
මෙහි පර්යේෂණ මෙහෙයුම් මේ වසරේ මාර්තු මස සිට ආරම්භ කරන බව ජපාන දුම්රිය බලධාරින් පවසයි.
වඩාත් ආකර්ෂණීයව මෙන්ම දුම්රිය මගීන්ගේ පහසුව පිළිබඳව ද සුවිශේෂී අවධානයක් යොමු කරමින් හඳුන්වා දී ඇති මෙම දුම්රියේ මගී ආසන වඩා වැඩි පරතරයක් සහිතව සකස් කර ඇත.
තව ද එම සෑම මගී ආසනයක්ම විද්‍යුත් උපාංග ආරෝපණය කිරීම සඳහා අවශ්‍ය විදුලිය ලබා ගැනීමට හැකි පහසුකම්වලින්ද සමන්විතවේ.
මෙම නවතම දුම්රිය ටොකයිඩෝ ෂින්කන්සන් අධිවේගී දුම්රිය මාර්ගයේ නව යුගයක් සංකේතවත් කරන බව ජපාන දුම්රිය බලධාරිහු කියති.
ඩේලි මේල් ඇසුරෙනි
(නිසංකා සංදීපනී)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
2020 ඔලිම්පික් උළෙලට ෂින්කාන්සන් දුම්රිය අලුත්වෙයි