IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


හදවත් හා ස්වසන වේගය දුරස්ථව මැනගත හැකි ඩ්‍රෝන යානාවක්

(නිසංකා සන්දීපනී)

තාක්ෂණයේ දියුණුවට සමගාමීව සියලු ක්ෂේත්‍රයන් දියුණු වෙමින් පවතී. තාක්ෂණයේ තොරව පැවතිය නොහැකි සෞඛ්‍ය ක්ෂේත්‍රයේද තාක්ෂණයට සමගාමීව දියුණු වූ අවස්ථාවක් පසුගියදා දකුණු ඕස්ට්‍රේලියාවෙන් වාර්තා විය.

ඒ දකුණු ඕස්ට්‍රේලියාවේ පර්යේක්ෂකයන් පිරිසක් විසින් හදවත් හා ස්වසන වේගය දුරස්ථව මැනගත හැකි ඩ්‍රෝන යානාවක් නිපදවීමත් සමගිනි.

ආරෝග්‍යශාලා,සාත්තු නිවාස සහ යුද කලාප තුළ මෙම ඩ්‍රෝන යානා යොදා ගත හැකි අතර මෙහිදී මිනිසුන්ගේ මුහුණේ සහ බෙල්ලේ හැඟීම් නිරීක්ෂණයෙන් හෘද ස්පන්දනය සහ හුස්ම ගැනීමේ වේගය නිවැරදිව මැනගත හැකිය.

විශේෂයෙන් නිර්මාණය කරන ලද ඇලගරිතම සමඟ ඒකාබද්ධ කරන ලද මෙම රූප සැකසුම් පද්ධතියෙන් එකවරම මිනිසුන් කිහිපදෙනෙකු ගේ හද ගැස්ම සහ හුස්ම ගැනීමේ වේගය මැනීමේ හැකියාව ඇත. 

නව ඩ්‍රෝන යානා මීටර් තුනකින් ඈතක සිට නිරීක්ෂණයට යොදාගත්  නමුත් ඊට වඩා දුරකින් සිටින පුද්ගලයෙකුගේ හෘදයේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණ කළ හැකි වීම මෙහි විශේෂත්වය වේ.

ව්‍යාපෘති අධ්‍යක්ෂක පුවාන් චාල් මහතා පවසන්නේ ඩ්‍රෝනයනාවෙන්  ස්වයංක්‍රීයව එක් පුද්ගලයෙකුගේ නොව කීප දෙනෙකුගේම  හද ගැස්ම සහ ස්වසන වේගය වෙන වෙනම ගණනය කිරීමට හැකි බවයි. මෙම නව සොයා ගැනීම සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් නව පෙරළියක් සිදු වී ඇති බව විශේෂඥයෝ පෙන්වා දෙති.

යම් පුද්ගලයෙකු අනතුරට පත් වූ අවස්ථාවක වෛද්‍යවරයෙකුට ඒ ස්ථානයට ළඟා විය නොහැකි විට මෙය ආරක්ෂක විකල්පයක් ලෙස ද යොදා ගත හැක. සාගර වැනි ස්ථානවල කරදරවලට මුහුණ දුන් අය වෙත ඉක්මනින් හා ආරක්ෂිතව ළඟා විය හැකි නිසා මෙය අවස්ථාවෝචිතව යොදාගත හැක.

ලන්ඩන් ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ රොබෝ තාක්ෂණය සම්බන්ධ කථිකාචාර්ය රවි වෛද්‍යනාතන් මහතා පවසන්නේ  වෛද්‍ය විද්‍යාවේ දියුණුවට තාක්ෂණය යොදා ගත් අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැකි බවයි.

(බී.බී.සී ඇසුරෙනි)



අදහස් (2)

හදවත් හා ස්වසන වේගය දුරස්ථව මැනගත හැකි ඩ්‍රෝන යානාවක්

sam Saturday, 04 November 2017 08:43 AM

මේක ඩ්‍රෝන යානාවකට යෙදවීම අලුත් දෙයක් වුණාට ක්‍රීඩකයන් ක්‍රීඩා කරන විට ඔවුන්ගේ හදවත් වේගය දුරස්ථව මැන එම විස්තර ටී වී එකේ තරඟ විස්තර ප්‍රචාරයත් සමග පෙන්වීම වසර කිහිපයක් පැරණි තාක්ෂණයක් නේද ?

:       28       59

Bamunuarachchi Friday, 24 November 2017 05:35 AM

කඩා කප්පල්කාරි වැඩක් කරලා සෙනඟ ගොඩේ සැඟවෙන කෙනෙකු එහෙම අල්ලා ගන්න පුළුවන් ඇතිනේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site