IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ශක්තිජනක පාන දියවැඩියාවට අතවනයි?

කැෆේන් හා සීනි වැඩිවශයෙන් අන්තර්ගත ශක්තිජනක පාන වර්ග මගින් තරුණ දරුවන්ගේ ලේ වල ග්ලූකෝස් හා ඉන්සියුලින් මට්ටම වැඩිවන බව කැනඩාවේ කැල්ගරි විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සිදුකළ නවතම පර්යේෂණයක් මගින් අනාවරණය කරයි.

නව යෞවනයන් අතර ජනප්‍රිය පාන වර්ග හේතුවෙන් ඇතිවන ගැටළු අතර ලේ වල සීනි මට්ටම වැඩිකරන බවත් ඒ හේතුවෙන් ජීවිතයේ පසු අවධියේ දියවැඩියා තත්ත්වය ඇතිවීමේ අවදානම ඉහළ යන බවත් එම පර්යේෂණයෙන් සොයාගෙන ඇත.

මෙවැනි ශක්තිජනක පාන වර්ග පසුගිය වසර 10 තුළ පරිබෝජනය කිරීමේ ප්‍රමාණය අධික ලෙස වැඩිවී ඇතැයිද ඔවුහු කියති.

කුඩා දරුවන්ට භාවිතය නුසුදුසු බවට ඒවායේ අවවාදාත්මක ස්ටිකර් අලවා තිබියදීත් ළමයින්, තරුණ තරුණියන් හා තරුණ වැඩිහිටියන් අතර මේවා අලෙවිවන බව පර්යේෂකයෝ අනාවරණය කරගෙන ඇත.

(ඩේලිමේල් ඇසුරිණි)



අදහස් (0)

ශක්තිජනක පාන දියවැඩියාවට අතවනයි?

හේවා සරත් Tuesday, 22 December 2015 12:09 PM

හොඳම පානය වතුර බොන්න. ශක්තිජනක ඕන නම් උණු වතුර බොන්න.(කෞ)

:       0       0

අමල් Thursday, 03 December 2015 12:56 PM

හොඳ නැතිනම් තහනම් කරන්න. (ර)

:       0       0

නිශාන්ත රන්කොත්ගේ Monday, 14 December 2015 04:17 AM

පරිස්සම්වෙන්න (බ)

:       0       0

දිසානායක Thursday, 03 December 2015 03:16 PM

ගිය පෝය දවසේ යක්කල තරුණ ගැටව් තුන් දෙනෙක් උජාරුවට බස් හෝල්ට් එක ළග ඉඳගෙන බොනවා මේවා. අපේ සිංහල කොල්ලන්ගේ ශක්තිය දැන් හීන‍වෙලා. අනේ ජාතියට යන කල! (නි)

:       0       0

ඉමේෂ් Thursday, 03 December 2015 08:44 AM

මොනාද ශක්තිජනක පාන කියන්නේ? (ම)

:       0       0

අහස් Thursday, 03 December 2015 08:47 AM

හොඳම ශක්තිජනක පානයක් තමයි පොල් වතුර කියන්නෙ...අපි කාටවත් අගයක් නැහැ....(ම)

:       0       0

නදුන් Monday, 07 December 2015 12:23 PM

මේක සම්පුර්ණ ඇත්ත කතාවක්. මගේ යාලුවෝ දෙන්නෙක් සිංගප්පුරුවේ හිටියා. එක්කෙනෙක් දිනපතා පිනන කෙනෙක්, අනික් කෙනා ජිම් යන කෙනෙක්. දිනපතාමමේවා බොනවා. අද දියවැඩියා හැදිලා බෙහෙත් බොනවා. (ර)

:       0       0

සොපි Thursday, 03 December 2015 06:59 AM

ක්‍රීඩා කරන ළමයි අධික ලෙස මේවා පානය කරනවා .කාගේ උපදෙස් මතද දන්නේ නැහැ .ඒත් හොඳම උත්තේජක පානය තැඹිලි බව අහල තියෙනවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 67 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 863 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site