මිහිමත කාලගුණය දැඩි වෙනසකට ලක්කිරීමට සමත්වූ වනාන්තරයක ෆොසිල සාධක නෝර්වේ රාජ්‍යයෙන් සොයාගැනීමට හැකිවූ බව පුරාවිද්‍යාඥයෝ කියති.
නෝර්වේ සැල්බාර්ඩ් දිවයිනෙන් සොයාගත් මෙම ෆොසිල වනාන්තරයේ තිබී හොදින් ආරක්ෂා වූ ගස්වල කදන් හා මුල් පද්ධති හමුවී ඇත.
විද්‍යාඥයන් පවසන්නේ මේ ගස් තාලවර්ගයට අයත් විය හැකි බවයි. ඒ අතර මීවන පැලෑටි ද ඇතැයි ඔවුහු කියති. මෙය අතීත නිවර්තන වනාන්තරයක් බව ද පර්යේෂකය්ගේ අදහසයි.
ලොව මුල් කාලින වානාන්තරයකට අයත් වූ මේ හාක වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය විශාල ලෙස පහත දැමීමට කටයුතු කරන්නට ඇත. ගොඩබිම සත්ත්ව සන්තතිය ඇතිවීමට මේ ශාක ඉවහල් වන්නට ඇත. ඩෙවෝනීය යුගයේ අවසන් කාලයේ දී මේ වනාන්තරය තිබූ ප්‍රදේශය සමකයට ආසන්නව පැවති බව දැන් තහවුරු කරගෙන ඇත.
මීටර හතරක් පමණ උසට වැඩී තිබූ මේ ශාක රොන් මඩේ ගිලී මියගොස් තිබිණි.
කාර්ඩිෆ් විශ්වවිද්‍යාලයේ පුරා උද්භිද විද්‍යාව පිලිබඳ ආචාර්ය ක්‍රිස් බෙරි පවසන්නේ මේ නිවර්තන වනාන්තරය පෘථිවියේ වායුගෝලීය සංයුතිය විශාල ලෙස වෙනස් කිරීමට සමත්වන්නට ඇති බවයි.
ඔහු පවසන්නේ මේ ෆොසිල වනාන්තරය අදින් වසර ලක්ෂ 3800ට පෙර සමකය ආසන්නයේ ගස්වැල් සහ භූදර්ශන ඉතිහාසය මනාව පෙන්වාදෙන බවයි. මේ පර්යේෂණයේ ප්‍රතිඵල භූගර්භ විද්‍යාව නැමැති ජාත්‍යන්තර සගරාවේ ප්‍රසිද්ධ කර ඇත.
2025 දෙසැම්බර් මස 16
67
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
863
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වායුගෝලය වෙනස් කළ ගස් වැල් සොයා ගනී