පාන් (සුදු පාන්) හා බත් ආහාරයට ගැනීමෙන් වැඩිහිටි කාන්තාවන්ට ආතතිය ඇතිවීමේ අවදානම වැඩි බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත.
ධාන්‍ය ආහාර හා එළවළු ආහාරයට ගැනීමෙන් එම තත්ත්වය මඟ හරවා ගත හැකිය.
සීනි ආදේශක ආහාරවලින් රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවන අතර සිරුරේ ඉන්සියුලින් හෝමෝනය සිරුරෙන් ඉවත් කිරීමට මග පාදයි. මේ හරහා සිදුවන ක්‍රියාවලිය නිසා ආතතිය විෂාදය ඇතිවීමේ අවදානම වැඩිවන බව පර්යේෂකයෝ පෙන්වාදෙති. බ්‍රිතාන්‍යයේ සෑම පුද්ගලයන් 100 දෙනකුගෙන් තිදෙනකුම ආතතියෙන් පෙළෙන බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත. කරන ලද මෙම පර්යේෂණයට කාන්තාවන් 70,000කට ආසන්න පිරිසක් යොදාගත් අතර එහිදි අනාවරණය වූයේ කාබෝහයිඩ්‍රේට් (රහිත) ආදේශක ආහාර හා ආතතිය අතර සම්බඳතාවක් පවතින බවයි.
කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ගත්විට රුධිරයේ ඇති සීනි ප්‍රමාණය ඉහළ යයි. ග්ලයිසෙමික් අගය (ජී.අයි අගය) 1ත් 100ත් යනු ආහාර ගැනීමෙන් පසු රුධිරයේ සීනි ප්‍රමාණය මනින ආකාරයයි. පිරිපහදු කාබෝහයිඩ්‍රේට් ආහාර එසේත් නැතිනම් කාබෝහයිඩ්‍රේට් නොමැති ආහාර ගත්විට ජී.අයි අගය ඉහළ යන බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත. ඉන් අදහස් වනුයේ රුධිරයේ ඇති සීනි ප්‍රමාණය ඉහළ ගොස් ඇත යන්නයි.
(ඬේලිමේල් ඇසුරිනි)
2025 දෙසැම්බර් මස 18
253
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩිහිටි කාන්තාවන්ට පාන්/බත් අගුණයි?
හිමාල් Tuesday, 12 April 2016 12:55 AM
ඉතින් අපි නොකා ඉමු! (නි)
සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 20 April 2016 05:58 AM
හැමදාම බත් කද්දි එපාවෙනවනේ. ඉතින් ඉඳලා හිටලා හරි වැඩිහිටි කාන්තාවන්ට පාන් පිට්ටු රොටි වගේ දේවල් කන්න හිතෙන එක සාධාරණයි. (නි)
විද්‍යා Friday, 03 June 2016 12:23 AM
කොත්තු තියන පළාතෙවත් යන්න එපා. ඒවා “හාර්ට් ඇටෑක්“ කැම. (නි)
ගිහාන් Wednesday, 20 April 2016 04:38 PM
සුජිත්ගේ කතාව හරි (නි)
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 11 April 2016 12:21 PM
වැඩිහිටි කාන්තාවන් ආහාරයට වැඩිපුර ගන්නේ ඔවුන්ට අහිතකර දේවල්මයි. මොකද සීනි අගුණ අය සීනි ආහාරයට ගන්නා අතර කාබෝහයිරේට් අගුණ අය කාබෝහයිරේට් ආහාරයට ගනිති. කොතරම් එයාලට කිව්වත් සත පහකට ගණන් ගන්නේ නැහැ. හරිම හිතුවක්තාරයි. දරුවෝ කියන දේවල් තඹ සතේකට මායිම් නොකිරීම එයාලගේ විනෝදාංශයක් වෙලා. කාට කියන්නද මේවා ? (අ)
දුමින්ද Thursday, 07 April 2016 03:18 PM
මේවායේ මිලත් වැඩිකරමුද? (නි)