IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වික්ටෝරියා මාළු අස්වැන්න අඩුවීමට හේතු හොයයි

වික්ටෝරියා ජලාශයේ ජල විද්‍යා ක‍්‍රියාකාරකම් නිසා මත්ස්‍ය ගහණ වෙනස්වීම හේතුවෙන් ධීවර ජනතාවට ඇතිවන බලපෑම අධ්‍යයනය කිරීමේ පර්යේෂණයක් මේවන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සිදු කරමින් සිටි.

වික්ටෝරියා වැනි විශාල ජලාශවල ජල විද්‍යාත්මක ක‍්‍රියාකාරකම් නිසා මත්ස්‍ය ගහනයේ සිදුවන වෙනස්කම් පිළිබඳව අවබෝධයක් නැතිකම එම ජලාශ වලින් ලබාගත හැකි උපරිම මත්ස්‍ය අස්වැන්න ලබා ගැනීමට බාධාවක් වී තිබේ. එම හේතු සාධක නිසා මෙම පර්යේෂණ කණ්ඩායම ජාතික පර්යේෂණ සභාවේ මූල්‍ය දායකත්වය ඇතිව මෙම පර්යේෂණය ආරම්භ කළේය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ත්ව පාලන අංශයේ මහාචාර්ය සී.එම්.බී. දෙමටවැව මහතාගේ ප‍්‍රධානත්වයෙන්  මහාචාර්ය උදේනි එදිරිසිංහ සහ ඊ.එස්. වික‍්‍රමසිංහ යන පිරිස මෙම පර්යේෂණය සිදු කරති.

‘වික්ටෝරියා ජලාශයේ දැනට කාලානුරූපීව සිදුවන මත්ස්‍ය ගහණයේ උස් පහත්වීම, දේශගුණික සාධක,  ජල මට්ටමේ වෙනස්වීම් සහ ඒවා අතර ඇති සම්බන්ධතාවයන් ආදිය ගැඹුරු ලෙස සංඛ්‍යාන විද්‍යාත්මකව අධ්‍යයනය කෙරෙනවා. එමෙන්ම මෙමගින් දේශීය මසුන් මෙන්ම තිලාපියා, කාෆ් වැනි වැඩිදියුණු කළ මත්ස්‍ය ගහන ස්වාභාවිකව බෝවීම අඩු බැවින් එම ජලාශයට යෙදිය යුතු මත්ස්‍ය පැටවු ප‍්‍රමාණයන් සහ ඒ සඳහා සුදුසු කාලවකවානු පිළිබඳව නිවැරදි තීරණයකට එළැඹිය හැකියි. ඒ අනුව වැසි  කාලවලදී වතුර අඩු නියං කාලවලදී මෙන්ම වාන් දොරටු විවෘත කරන කාලවලදී මාළු ගහන වෙනස් වන්නේ කෙසේද යන්න අපි අධ්‍යයනය කරනවා.‘

තවද වික්ටෝරියා ජලාශය භාවිතා කරන ධීවර ජනතාව සහ අදාල ආයතන පිළිබඳව සමීක්‍ෂණයක් සිදුකර එම ජලාශයේ ජල සම්පත නිවැරදිව කළමනාකරණය කිරීම සඳහා ඇති බාධක සහ ඒවාට සුදුසු විසඳුම් අධ්‍යයනය කිරීමත් මෙම පර්යේෂණයේ එක් අරමුණකි. මෙම අධ්‍යයනය තුළින් මෙවැනි ජලාශවලින් ලැබිය හැකි උපරිම ප‍්‍රතිඵල ලබා ගැනීමටත් තිරසාර පැවැත්ම තහවුරු කිරීමටත් අවශ්‍ය යෝජනාවලි සැකසීමට හැකිවනු ඇතැයි එම පර්යේෂණ කණ්ඩායම පවසති.

Victoria-2 Victoria-3 Victoria-5 Victoria-11



අදහස් (0)

වික්ටෝරියා මාළු අස්වැන්න අඩුවීමට හේතු හොයයි

යසන්ත Wednesday, 20 April 2016 10:29 PM

මෙම කටයුතු සාර්ථක වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 254 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site