IMG-LOGO

ලොව පළමු වරට රොබෝවකුට පුරවැසිභාවය

(ගයාන් සූරියආරච්චි)

ඉතිහාසය වෙනස් කරමින් සෞදි අරාබිය ලෝකයේ ප‍්‍රථම වතාවට මිනිස් ශරීරාංග ඇති රොබෝවකුට පුරවැසිභාවය ලබාදී තිබේ. 

සොෆියා නම් රොබෝ කාන්තාවට මෙම පුරවැසිභාවය ලබාදී ඇත. රියාද් හි පැවැති සම්මන්ත‍්‍රණයකදී ඇය ඒ පිළිබඳව සතුට ප‍්‍රකාශ කරමින් පවසා ඇත්තේ ඒ පිළිබඳව ඇය ආඩම්බර වනවා සේම එය ගෞරවයක් ලෙස සලකන බවය. එමෙන්ම එය ඉතිහාස ගතවන සිද්ධියක් බවද ඇය පැවැසුවාය. 

එහෙත් පුරවැසිභාවය පිළිබඳව සියලූ දෙනාම සතුටට පත්නොවූ අතර ඈ පිළිබඳව සමහරෙක් විස්මයට පත්වුවද, තවත් අයෙක් පැවැසූවේ මෙය මිනිසාගේ අවසානයේ ඇරඹුමක් බවය.

සෞදි අරාබිය යනු කාන්තාවන්ට ලෝකයේ වඩාත් පීඩාකාරී රාජ්‍යයන්ගෙන් එකක් වන අතර පසුගිය මාසයේ කාන්තා රියැදුරන් තහනම් කිරීමද සෞදි අරාබියේ සිදුවිය. එවැනි වටපිටාවක සොෆියා කාන්තා රොබෝවාට පුරවැසිකම ලබාදීම පිළිබඳව බොහෝ දෙනෙක් මවිතය පළ කරති.

හොං කොං සමාගමක් වන හැන්සන් රොබට් සමාගම විසින් මෙම රොබෝවා නිර්මාණය කෙරිණි.


(ඩේලිමේල් ඇසුරිනි)



අදහස් (2)

ලොව පළමු වරට රොබෝවකුට පුරවැසිභාවය

de silva Tuesday, 31 October 2017 07:36 AM

ඔය රටේ ඉපදුනු අවරුදු 30-40 ඔයරටේ ජිවත් වුන විදේශීය සම්භවයක් ඇති පුද්ගලයන්ට පුරවැසි කම කෙසේවෙතත් ග්‍රීන් කාර්ඩ් එකවත් නොදෙන මිනිස්සු රෝබෝවෙකුට පුරවැසි භාවය දීල...මේක විහිළුවක්....යන්ත්‍රයක් සහ මනුෂ්‍යයෙකුගේ වෙනස හදුනාගන්න බැරි මෝඩ පාලකයෝ....

:       22       170

anura Saturday, 04 November 2017 03:52 AM

මෙම රොබෝත් අර නීතියට යටත් ද?

:       0       116

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1541 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 622 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site