IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලොව පැරණිම සමූළ ඝාතනය කෙන්යාවෙන්

ඔවුන්ගේ අත් තදින් එකට බැඳ දමා තිබිණි. සිරුරුවල තුවාල රැසක් දක්නට ලැබිණි. ඇතැම් අයගේ සිරුරු කොටස්වලට කැඩී තිබිණි. මේ සියල්ල සොයා ගත්තේ කෙන්යාවේ නාටරුක් ප්‍රදේශයේ කලපුවකිනි. එසේ වුව ද ඒ පුද්ගලයන් මරා දමා ඇත්තේ අද ඊයේ නොවේ. අදින් වසර 10,000ට පමණ පෙරාතුවය. පර්යේෂකයන් පවසන්නේ ඒ කිසිදු සිරුරක් වළ දමා නොතිබූ බවයි. 

මෙය ප්‍රාග් ඓතිහාසික යුගයේ සමූළ ඝාතනයක් පිළිබඳ භයංකාර දර්ශනයකි.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් මේ ගවේෂණය සිදුකර ඇත. අාචාර්ය මාර්තා මිරසොන් ඒ කණ්ඩායමේ නායකත්වය දරයි. මේ සිරුරු අතර මිනිස් සිරුරු 27ක් දක්නට ලැබුණු අතර දරුවන් සහ ගැබ් ගත් කාන්තාවන් ද ඒ අතර සිටීම විශේෂත්වයකි. කාන්තා සිරුරු අටක් හා ළමයින්ගේ සිරුරු හයක් සොයාගෙන ඇති අතර එතැනින් හමුවූ ඇට සැකිළි වලින් 12ක් සම්පූර්ණ සිරුරු වෙයි. මේ සිරුරු 12 අතරින් සිරුරු 10ක දරුණු තුවාල දක්නට ලැබිණි.

අස්ථිවල ඇති තුවාල සළකුණු පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ තියුණු ගල් ආයුධ, ඊතල හා පොලු මුගුරුවලින් පහර දී මේ තුවාල සිදුකර ඇති බවයි. සිරුරු දෙකක ඇනී තිබූ ගල් ආයුධ දෙක්ක ද සොයා ගැනීමට හැකි වීම විශේෂත්වයකි.

එක් කාන්තාවගේ අස්ථි කොටස් අතර තිබී දරු කලලයක අස්ථි කොටස් හමුවී අැත. මවගේ අස්ථි කොටස් සමග කළවම් වී තිබූ මේ නූපන් දරුවා මාස හයත් නමයත් අතර දරු ගැබක් විය හැකියැයි පර්යේෂකයෝ කියති.

මෙය ලෝකයේ මෙතෙක් සොයාගත් පැරණිතම සමූල ඝාතනය බවට විශ්වාස කරයි. මෙය සොයා ගැනීමට පෙර පර්යේෂකයන් විශ්වාස කළේ යුද සංග්‍රාම වර්ධනය වූයේ අදින් වසර 6,000ට පමණ කාලයේ බවයි. මේ සොයා ගැනීමත් සමග එම කාලය තවත් වසර 4,000ක් පමණ අතීතයට ගමන් කර ඇත.

3061B1BD00000578-3408654-Tiny_obsidian_bladelets_found_embedded_in_the_skull_of_one_of_th-a-7_1453314022538 3061B12C00000578-3408654-Some_of_the_women_were_found_in_strange_reclining_or_seated_posi-a-18_1453314022645 3061B16B00000578-3408654-The_remains_of_a_group_of_at_least_27_men_women_and_children_hav-a-12_1453314022582 3061B12300000578-3408654-Researchers_said_the_discovery_which_was_found_in_the_sediment_o-a-6_1453314022537 3061FBA200000578-3408654-Many_of_the_victims_were_found_lying_face_down_probably_where_th-a-15_1453314022597



අදහස් (0)

ලොව පැරණිම සමූළ ඝාතනය කෙන්යාවෙන්

ගොඩගේ Friday, 05 February 2016 08:06 AM

චතුරි. ඔයා නිහාල් නෙල්සන් කියන ගායකයාගේ සින්දුවක් අහන්නකො අනේ. ඔයාට හිතෙයි සින්දුවේ තියෙන්නේ ඔක්කොම අදහස් අංජ බජල් දේවල් කියල. එහෙම හිතුනොත් ඔබහරි (රැ හීනෙන් දවසක් මන් ගුරුවරයෙක් වුනානේ සින්දුව වත් අහන්න) (බ)

:       0       0

ගයාන් Wednesday, 10 February 2016 04:01 PM

ඔව්.. චතුරි කියන්නෙ මෙලෝ රහක් නැති අයෙක් කියලනම් පැහැදිලියි.... පව් ඉතිං (අ)

:       0       0

ඉන්දික Friday, 12 February 2016 03:51 PM

සුපිරි(කෞ)

:       0       0

චතුරි Friday, 05 February 2016 12:33 AM

ගොඩගේ, ඔබ මෙය ලියා තිබෙන්නේ විහිළුවටද? අපේ රටේ තරම් මිනිසුන් මරලා පස්යට වුණේ නැහැ දෙවෙනි ලෝක යුද්ධයේදිවත්. කියන්නත් කණගාටුයි (නි)

:       0       0

අබය Tuesday, 09 February 2016 05:24 AM

අනේ චතුරි, සාහිත්‍ය රසය කියන්නේ වෙන දෙයක්..... (නි)

:       0       0

චතුරි Sunday, 07 February 2016 04:10 PM

මම වගේ කෙලින් කියන්නකෝ. ලියන දෙයක් මේක ප්‍රභූ පැලැන්තියේ කෙනෙක් ක්‍ියපුවම ඒ අයට හරි ආඩම්බරයි මොකද මොලේ කචල් නේ (කෞ)

:       0       0

චතුරි Tuesday, 09 February 2016 01:11 PM

අබය මම වැඩිය රසය හොයන කෙනෙක් නෙමේ. දිරවන්න පහසු ගුණ කෑම තමයි කන්න කැමති. ඒකත් වටේ යන්නේ නැතිව. (ර)

:       0       0

රොෂාන් දිල්රුක් Wednesday, 10 February 2016 01:26 AM

හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

සංජු Friday, 05 February 2016 04:32 AM

ගොඩගේ සහෝදරයා කියනදේ ඉතා පැහැදිලියි. සහතික ඇත්ත (කෞ)

:       0       0

ගොඩගේ Thursday, 04 February 2016 08:13 AM

අපේ රටේ මෙහෙම වෙන්නේ නෑ .. කිසිම රජයක් කෙනෙක්ව මරල පොලවේ යටකරලත් නෑ... හැබැයි මැරෙන්න හිතුනම, තනියම හෝ දෙතුන්දෙනා සමග පොලව යටට ගොස් වල වහගෙන මැරුනට, රජයවල් වලට දොස් කියල වැඩක් නෑ... කිසිම රජයක් එහෙම කරලා පොලවේ යට කරලත් නෑ ...(බ)

:       0       0

අබය Saturday, 06 February 2016 09:30 PM

අනේ චතුරි නංගි, ඔයා පොතක් පතක් කියවලා උපහාස රසය කියන එක විඳින්නකෝ (නි)

:       0       0

වසන්ත Friday, 05 February 2016 06:06 AM

ඒක කියලා පිළිගන්න බෑ.(හේ)

:       0       0

අබය Wednesday, 03 February 2016 09:12 PM

ලංකාවේ හාරලා බැලුවොත් ලෝකයේ පැරණිම සහ අලුත්ම දෙකටම පළමු ස්ථානය ලබාගෙන ලෝක වාර්තාවකුත් තියන්න පුළුවන්. (නි)

:       0       0

රංජනී Friday, 05 February 2016 10:53 AM

තව ඇති පොළොව යට සැඟවිලා.(හේ)

:       0       0

වසන්ත රත්නායක Friday, 05 February 2016 06:13 AM

මම හිතාගෙන හිටියේ පලවෙනි සමුහ ඝාතනය වුනේ විජය රජු විසින් කුවෙනිගේ පරම්පරව්ම ඝාතනය කිරීම කියලා.(හේ)

:       0       0

පරාක්‍රම Thursday, 04 February 2016 08:52 AM

සොයා ගැනීම ගැන සතුටු වෙනවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 67 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 863 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site