IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ලංකාවේ සිතැසියන්ගේ ජානමය අනුවර්තන සොයයි

ලංකාවේ ඉතා උස් කඳුකර දේශගුණයට ආවේණික පක්‍ෂීන්ගේ ජානමය අනුවර්ථනය හඳුනාගැනීමේ පර්යේෂණයක් කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාපීඨයේ සත්ව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරේ.

භූ විෂමතාව, දේශගුණය සහ මුහුදු මට්ටමේ සිට ඇති උන්නතාංශය කඳුකරට ආවේණික සත්ව විශේෂ ඇතිවීම කෙරෙහි බලපායි. ඒ අනුව උස් කඳුපන්ති ආශ‍්‍රිතව ජිවත්වන කුරුළු විශේෂයක් වන සිතැසියන් උපයෝගී කරගෙන මෙම අධ්‍යයන සිදුකරන අතර දකුණු ආසියාතික පහත් බිම් ආශ‍්‍රිතව වෙසෙන පෙරදිග සිතැසියන් සහ ලංකාවේ උස් කඳුකරයේ ජීවත්වන ලංකාවට ආවේණික ලංකා සිතැසියන්ගේ ජානමය වෙනස මෙහිදී සංසන්ඳනය කෙරේ. මේ වෙනුවෙන් ජාතික පර්යේෂණ සභාව මූල්‍ය දායකත්වය සපයයි.

“මේවන විටත් අපි පර්යේෂණ ආරම්භ කර අවසන්. අවිස්සාවේල්ල, හැටන් හරහා අපි ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල දක්වා ජීවත්වන සිතැසියන්ගේ ලේ සාම්පල් ඔවුනට අනතුරක් නොකර ලබාගෙන එමගින් ජානමය තත්ත්වය නිරීක්‍ෂණය කරනවා. එහිදී ජාන සංසරණය, ජාන කිටුව, දේහ ලක්‍ෂණවල විහිදීම ඇතුළු ඉතා පුළුල් පරාසයක දත්ත අපි ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. එමගින් ඔවුන්ගේ ජානමය විවිධත්වය සොයාගන්න පුළුවන්. එමෙන්ම ඔවුන්ගේ පරිණාමය පිළිබඳව වැදගත් තොරතුරු අනාවරණය කරගැනීමටත් හැකිවෙනවා. අලූත් සත්ව විශේෂ ඇතිවීමට බලපාන ජාන විශේෂ හඳුනාගැනීමටත් එමගින් ජෛව විද්‍යාත්මක යාන්ත‍්‍රණයක් නිර්මාණය කිරීමටත් අපි අදහස් කරනවා.

ලංකාවේ මධ්‍යම කඳුකරය පාදක කරගෙන දියත් කරන මෙම පර්යේෂණය ඉන් ඔබ්බට ගෙන ගෙන ගොස් ඉන්දියාවේ බටහිර ගාට්ස් කඳුකරයේදී පර්යේෂණ පවත්වනවා. මේ සඳහා පශ්චාත් උපාධි අපේක්‍ෂක නෙලූම් වික‍්‍රමසිංහ, ඉන්දියාවේ විද්‍යාඥ රොබින් විජයාන් සහ උමා රාමක‍්‍රිෂ්ණන් සහයෝගය දක්වනවා. මෙහි ප‍්‍රතිඵල උපයෝගී කරගෙන අනාගත ජෛව විවිධත්ව කළමනාකරණ ක‍්‍රමෝපායන් සැකසීමට පසුබිම නිර්මාණය කිරීමත් මෙම පර්යේෂණය පවත්වන භූගෝලීය ප‍්‍රදේශවලට ආවේණික විශේෂ හඳුනාගැනීම තුළින් භූමි පරිහරණ ක‍්‍රියාවලියට විද්‍යාත්මක පදනමක් සැපයීමටත් හැකියාව ලැබේ. එමෙන්ම ලංකාවට ආවේණික විශේෂ හඳුන්වාදීම තුළින් පර්යේෂණ සංචාරක කර්මාන්තයට සෘජු ධනාත්මක බලපෑමක්ද ඇති කිරීමටද හැකිවෙනවා.”

යනුවෙන් සෙනෙවිරත්න මහතා පැවැසීය.

Ceylon-White-eye Dr-Sampath---Namunukula-Mt-3 Fieldwork-at-Sinharaja-Forest



අදහස් (0)

ලංකාවේ සිතැසියන්ගේ ජානමය අනුවර්තන සොයයි

නාවුද Monday, 28 March 2016 11:57 PM

ඉස්සෙල්ලම බැරිද ඔය පරික්ෂණේ මිනිස්සු ගැන කරලා බලන්න.දැන් දැන් මිනිස්සු කරන වැඩ දිහා බැලුවම කොහෙන් ආ ජානද කියල සැකයක් මතු වෙනවා.(අ)

:       0       0

කෞෂල්‍ය Thursday, 24 March 2016 05:55 AM

සුබ පැතුම් සර් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 436 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16863 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 661 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site