IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ලංකාවේ පළමු වරට මිනිස් අතට සමාන අතක්

වැල මිට ඉහළ බාහුව අහිමිවූ ආබාධිත අයවලූන් සඳහා මිනිස් චලනවලට සමානව ක‍්‍රියාකරන රොබෝ අතක් ලංකාවේ ප‍්‍රථම වතාවට නිපදවීමට මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව සමත්වී සිටී.

මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ආර්.ඒ.ආර්.සී. ගෝපුර මහතා සහ යාන්ත‍්‍රික ඉංජිනේරු පශ්චාත් උපාධිය හදාරන ඞී.ජී. කනිෂ්ක මධුශංක යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ අචින්ත අබයසිරි, නිලූප පේදුරුආරච්චි හා තරිඳු සදීප යන අවසන් වසර ඉගැනුම ලබන සිසුහු මෙම රොබෝ අත නිර්මාණය කළහ. මෙම රොබෝ අත හඳුන්වනු ලබන්නේ  “මෝබයෝ“ නමිනි.

කථිකාචාර්ය ගෝපුර මහතා මෙසේ ද කීය,

“වසර ගණනාවක් පැවැති යුද්ධය, සංජානනීය ආබාධ, පිළිකා ගැටිති, නියුරෝමා, හදිසි අනතුරු හා ආසාදන වැනි විවිධ හේතුන් නිසා ශ්‍රී ලංකාව තුළ දැනට බාහු අහිමිව ආබාධිත පුද්ගලයන් විශාල ප‍්‍රමාණයක් සිටිනවා. එවැනි ආබාධිත පුද්ගලයන් සඳහා කෘතීම බාහු නිදවීම සඳහා විවිද පර්යේෂණ සිදුකරන අතර එම පර්යේෂණවල විශාල ඉදිරි පියවරක් ලෙස මෙම රොබෝ අත හඳුන්වන්න පුළුවන්. මෙම කෘතීම රොබෝ බාහුව උරහිස හා වැලමිට අතරින් අත අහිමි වූ අයකුට ඔහුගේ එදිනෙදා දෛනික ජීවිතයේ ක‍්‍රියාකාරකම් පහසුවෙන් සිදුකර ගැනීමට උපකාරී වෙනවා.

උරහිස සහ වැලමිට බාහුව අතර කොටස අහිමි පුද්ගලයන් මුහුණ දෙන ප‍්‍රධානම ගැටලූව නම් පැළැඳිය හැකි ක‍්‍රියාකාරී කෘතීම බාහු දුර්ලභ වීමයි. එමෙන්ම මිල හා සසඳන විට ලබා ගත හැකි කෘතීම බාහුවල ක‍්‍රියාකාරීත්වය ඉතා අඩුවීමයි.  මෙම ව්‍යාපෘතියෙන් ද්වි ශීර්ෂ සහ ත‍්‍රී ශීර්ෂ මාංශ පේශීන්ගෙන් නිකුත් වන විද්‍යුත් සංඥා යොදාගනිමින් චලන අභිප‍්‍රායන්ට අනුව දිශා 5 ක් ඔස්සේ චලනය වන පරිදි මෙම රොබෝ අත නිර්මාණය කර තියෙනවා.

වැලමිට දිගහැරීම, හැකිලීම, බාහුව දෙපසට කරකැවීම, මැණික් කටුව දිගහැරීම සහ හැකිළීම, මැණික් කටුව දෙපසට චලනයහා දබරඟිල්ලේ හා මහපටැඟිල්ලේ සංයුක්ත චලනය යන චලන මෙම කෘතීම බාහුවට සිදුකිරීමට පිළිවනි.  මෙම චලන මාංශ පේශීන්ගේ විද්‍යුත් සංඥා හරහා අනුපිළිවෙලට සක‍්‍රීය කරගත හැකිය. තවද මාංශපේශී සංඥා තෝරාගත් චලිතයට අදාළ චලන ජනනය කිරීම හා එහි පරාස පාලනය සඳහා ද යොදාගත හැකිය.

2012 වර්ෂයේ සිට කෘතීම බාහු නිර්මාණය කිරීමට අප සිදුකළ විද්‍යාගාර පර්යේෂණ වල මල්ඵල ගැන්වීමක් ලෙස මෙම නිර්මාණය හඳුන්වන්න පුළුවන්. දැනටමත් සෞඛ්‍ය සම්පන්න මිනිස් බාහුවක් යොදාගනිමින් අපි මෙහි පර්යේෂණ සිදුකර අවසන්. මෙහි මීළඟ අදියර ලෙස ආබාධිත පුද්ගලයන් යොදාගනිමින් සායනික පර්යේෂණ සිදුකිරීමට අපි බලාපොරොත්තු වෙනවා. නව තාක්‍ෂණයත් සමඟ ඉදිරියට ඇදෙන ශ්‍රී ලංකාවට මෙවැනි ව්‍යාපෘති විශාල ඉදිරි පිමිමක්වනවාට නොඅනුමානය.“

MoBio-3 MoBio-4 Team

 



අදහස් (0)

ලංකාවේ පළමු වරට මිනිස් අතට සමාන අතක්

ලසිත Monday, 20 June 2016 01:28 PM

ඉතා විශිෂ්ඨ සොයාගැනීමක්. (ර)

:       0       0

ගයන් Monday, 20 June 2016 02:31 PM

නියමයි අචින්ත අය්යේ..(බ)

:       0       0

අසෝකා Sunday, 19 June 2016 11:20 AM

ඔබලාගේ උත්සාහය සාර්ථක වේවා! මෙයට වසර ගණනකට පෙර ප්‍රංශයේ වෛද්‍යවරු කණ්ඩායමක් විකලාංග රෝහලක් ලංකාවේ ස්ථාපිතකර මෙවැනි දේ ලංකාවට හදුන්වා දීමට ගත් උත්සාහය අපේ නොසැලකිල්ල නිසා අපට අහිමි විය. (ර)

:       0       0

පුෂ්පා Sunday, 19 June 2016 12:26 PM

මොරටුව විශ්ව විද්‍යාලය බොහොම හොඳ වැඩ කරනවා. ලොව ඉදිරියට යන තාක්ෂණය සමග කරට කර සිටින්නට සැම විටම උත්සාහ කරනවා. මේ ලඟදි මා පත්තර වල දැක්කා මුළු රටටම ආඩම්බර වෙන්න පුළුවන් අලුත් නිමැයුම් මොරටුවෙන්. (ම)

:       0       0

කිරිවැල්ල Tuesday, 21 June 2016 08:09 AM

ලෝකයේ දියුණු රටවල් සමඟ කරටකර හිඳිමින් නව නිර්මාණ බිහි කල හැකි තරුණ පරපුරක් අපට හිටියත් පර්යේෂණ සහ සංවර්ධන සඳහා රජයෙන් වෙන් කරන මුදල් ඉතා අල්පය. (ම)

:       0       0

ආනන්ද Sunday, 19 June 2016 04:24 PM

මේ ළමයි තුන් දෙනාගේ මුණු දැක්කම වැඩකාරයෝ ටිකක් කියල පේනවා.(ම)

:       0       0

ඩේමියන් Sunday, 19 June 2016 05:20 PM

ඔබ ගැන බොහොම ආඩම්බරයි (නි)

:       0       0

ආරියරත්න Monday, 20 June 2016 05:22 AM

මොනතරම් නම් වීර දරුවන්ද මේ? (නි)

:       0       0

හිමාන් පුංචිහේවා Monday, 20 June 2016 05:26 AM

හොඳ වැඩක්. මටත් එකක් ඕනවෙලා තියෙන්නේ. අපේ රටේ හදන්න පුළුවන් නම් ගොඩක් හොදයි (ම)

:       0       0

පාලිත දසනායක Monday, 20 June 2016 05:26 AM

අතක් නැති කෙනෙකුට සම්බන්ධ කරන්න බැරිද? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1979 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site